The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
විශේෂාංග

IMF ණය වැඩසටහනේ අන්තර්ගතය ඉගෙන ගනිමු - ආර්ථිකය ගොඩ ගනිමු - (පි සමරසිරි)

T

The Leader Desk

November 22, 2024 • 11:15 AM

IMF ණය වැඩසටහනේ අන්තර්ගතය ඉගෙන ගනිමු - ආර්ථිකය ගොඩ ගනිමු - (පි සමරසිරි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සඳහා පූර්ව කොන්දේසි රැසක් ශ්‍රී ලංකා රජය විසින් ඉටු කරන ලද අතර පශ්චාත් කොන්දේසි සහ ඉලක්කයන් රාශියක් ඉදිරියේ දී ඉටු කිරීමට සිදු වනු ඇත.
  • රාජ්‍ය අධිකාරීන් විසින් පවසන්නේ වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ එකම විකල්පය මෙම IMF ණය වැඩසටහන බවත්, කොතරම් දුෂ්කරතාවන් පැමිණියත් එය ක්‍රියාත්මක කරන බවත් ය.
  • IMF විසින් මාධ්‍යයට නිකුත් කරන ලද වාර්තාව පිටු 150 කින් යුක්ත අතර එහි ඉදිරිපත් කෙරෙන සංඛ්‍යා දත්ත සහ කරුනුවල පවතින සංකීර්ණත්වය හේතු කොට බොහෝ දෙනෙකුට එහි අන්තර්ගතය අවබෝධ කර ගැනීමට නොහැකි අතර විශේෂ අවශ්‍යතාවයක් නොමැති නම් එම වාර්තාව මුල සිට අගට කියවීමේ ද රුචියක් ද ඇති නොවනු ඇත.
  • එහෙත්, එම වාර්තාව අනුව ශ්‍රී ලංකා පාලන ස්වෛරීත්වය කෙරෙහි දැඩි මැදිහත් වීමක් IMF විසින් සිදු කිරීමට අවසර දී ඇති බැවින් මෙම IMF ණය වැඩසටහන පිළිබඳ ව යම් දැනුමක් ලබා ගැනීම සියළු පුරවැසියන්ට ප්‍රයෝජනවත් වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ සඳහා පූර්ව කොන්දේසි රැසක් ශ්‍රී ලංකා රජය විසින් ඉටු කරන ලද අතර පශ්චාත් කොන්දේසි සහ ඉලක්කයන් රාශියක් ඉදිරියේ දී ඉටු කිරීමට සිදු වනු ඇත. රාජ්‍ය අධිකාරීන් විසින් පවසන්නේ වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ එකම විකල්පය මෙම IMF ණය වැඩසටහන බවත්, කොතරම් දුෂ්කරතාවන් පැමිණියත් එය ක්‍රියාත්මක කරන බවත් ය.

IMF විසින් මාධ්‍යයට නිකුත් කරන ලද වාර්තාව පිටු 150 කින් යුක්ත අතර එහි ඉදිරිපත් කෙරෙන සංඛ්‍යා දත්ත සහ කරුනුවල පවතින සංකීර්ණත්වය හේතු කොට බොහෝ දෙනෙකුට එහි අන්තර්ගතය අවබෝධ කර ගැනීමට නොහැකි අතර විශේෂ අවශ්‍යතාවයක් නොමැති නම් එම වාර්තාව මුල සිට අගට කියවීමේ ද රුචියක් ද ඇති නොවනු ඇත.

 

විශේෂාංග - Results from #1416
එහෙත්, එම වාර්තාව අනුව ශ්‍රී ලංකා පාලන ස්වෛරීත්වය කෙරෙහි දැඩි මැදිහත් වීමක් IMF විසින් සිදු කිරීමට අවසර දී ඇති බැවින් මෙම IMF ණය වැඩසටහන පිළිබඳ ව යම් දැනුමක් ලබා ගැනීම සියළු පුරවැසියන්ට ප්‍රයෝජනවත් වනු ඇත.

එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ මෙම IMF ණය වැඩසටහනෙහි අන්තර්ගතය පිළිබඳ ව කෙටි සටහනක් IMF වාර්තාව ඇසුරින් ඉදිරිපත් කිරීම යි. 

IMF ණය ගිවිසුමේ පසුබිම 

 

IMF ණය අපගේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට සමත් ද ? - (ජයශ්‍රී ප්‍රියලාල්)
IMF ණය ගිවිසුම අනුව මෙම වැඩසටහන හුදෙක් ණය මුදලක් නොව, මාස 48 ක පමණ කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සහ ආර්ථික ප්‍රතිසංස්කරණයන්ට ආධාරක වන ඩොලර් බිලියන 3 ක (එස්.ඩී.ආර්. බිලියන 2.286) පමණ වූ IMF දිගු අරමුදල් පහසුකමකි.

එහි මූලික අරමුණු ලෙස දැක්වෙන්නේ, ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික සහ ණය තිරසරභාවය නැවත ගොඩ නැගීම, මූල්‍ය ස්ථායිතාවය ආරක්ෂා කිරීම සහ ශ්‍රී ලංකාවේ වර්ධන ශක්‍යතාවයන් විවෘත කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයන් ඉහළ නැංවීම යනාදිය යි. වැඩසටහනේ සියළු ප්‍රතිපත්ති මෙවලම් ආර්ථික වශයෙන් දුප්පත් සහ වඩාත් අවදානමට ලක් විය හැකි ජනයා ආරක්ෂා කිරීමේ සහ රාජ්‍ය පාලනය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ හොඳ අවධානයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

ඒ අනුව, IMF ණය මුදල හුදෙක් ණය ලබා ගැනීමක් නොව, අර්බුදයට ලක් වී ඇති ආර්ථිකය ඉදිරි මාස 48 ක කාලය තුළ ස්ථායිකරණය කිරීම සඳහා රජයේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව කොන්දේසි සහ ඉලක්ක ඇතුළත් රාජ්‍ය ආර්ථික කළමනාකරණ වැඩසටහනක් ලෙස සැලකෙයි. එනම්, රාජ්‍ය අයවැය හෙවත් රාජ්‍ය මූල්‍ය කටයුතු සහ මහ බැංකුවේ මුදල් සහ නියාමන කටයුතු පිළිබඳ ප්‍රතිපත්ති ය.

 

මුදල් මුද්‍රණ පාඩුත් ස්වාධීන ද? මහ බැංකුවට ඉහළ වැටුප් - පාඩු රජයට - (පි  සමරසිරි)


එහි ප්‍රගතිය ඇගයීම මත ණය මුදල මාස 6 කට වරක් වාරික වශයෙන් නිකුත් කෙරේ. ඒ අනුව, 2023 දී ඩොලර් මිලියන 663 ක් ද, 2024 දී ඩොලර් මිලියන 665 ක් ද, 2025 දී ඩොලර් මිලියන 663 ක් ද, 2026 දී ඩොලර් මිලියන 662 ක් ද, ඉතිරි වාරිකය ඩොලර් මිලියන 329 ක මුදල 2027 පළමු කාර්තුවේ දී ලැබෙනු ඇත.

ගෙවීමට ඇති ණය මුදල සඳහා පොලිය 4% ක් පමණ වන අතර ණය වාරික ලබා ගන්නා තෙක් 0.30% ක ආපසු ගෙවන කැපවීමේ ගාස්තුවක් ද, ලබා ගන්නා ලද ණය වාරිකයන් සඳහා 0.50% ක සේවා ගාස්තුවක් ද අය කරනු ලැබේ.

සාමාන්‍යයෙන් IMF ණය මුදල් සැපයෙනුයේ ගෙවුම් ශේෂ දුෂ්කරතාවන් පියවා ගැනීම පිණිස මහ බැංකු විදේශ සංචිතය තර කර ගැනීම සඳහා ය. එහෙත්, මෙවර ණය මුදල විදේශ සංචිතය ගොඩ නැගීමට අමතරව රාජ්‍ය මූල්‍ය කටයුතු ශක්තිමත් කිරීම, මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාවය සහ තිරසාර ආර්ථික වර්ධන ක්‍රියාකාරකම් සඳහා භාවිතා කළ හැකිය.

ඩොලර් මිලියන 333 ක් පමණ වූ පළමු වාරිකය ණය වැඩසටහන අනුමත වූ විගස නිකුත් කරන ලදි. එම මුදලින් කොටසක් දින කිහිපයක් ගත වීමට පෙර ඉන්දියානු ණයක් බේරීම සඳහා භාවිතා කළ බව වාර්තා විය.

IMF ණය වැඩසටහනට ආවරණය වන අංශයන්

 

2022 දී බංකොලොත් වූයේ මහ බැංකුව ද? රජය ද? රට ද? පරීක්ෂා කරමු - (පි සමරසිරි)
IMF ණය වැඩසටහන තුළ IMF විසින් පනවන ලද කොන්දේසි සහ ඉලක්ක රාශියක් පවතින අතර ඒවා පහත දැක්වෙන ප්‍රතිපත්ති අංශයන් පහ යටතේ ඇතුළත් වෙයි.

* රාජ්‍ය ආදායම මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කිරීම. මෙය, වඩා ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් ගොඩ නැගීම, රාජ්‍ය මූල්‍ය ආයතන ප්‍රතිසංස්කරණය සහ පිරිවැය පියවෙන බලශක්ති මිල ගණන් පවත්වා ගැනීම ද සමඟ ඉටු විය යුතුය.

* ණය නැවත සැකසීම/ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු ණය තිරසරභාවය ගොඩ නැගීම.

* මිල ස්ථායිතාවය ඇති කිරීම සහ වඩාත් නම්‍යශීලී විනිමය අනුපාත ක්‍රමයක් තුළ විදේශ සංචිතය ගොඩ නැගීම සඳහා බහුවිධ උපාය මාර්ගයක් අනුගමනය කිරීම.

* මූල්‍ය අංශයේ ස්ථායිතාවය ආරක්ෂා කිරීමට ප්‍රතිපත්ති ගැනීම.

* දුෂණ අවදානම් නිරාකරණය සහ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයන් කිරීම.

ආර්ථික අර්බුදයේ යතාර්ථය - (අජිත් රාජපක්ෂ)

 

ආරම්භක ස්ථායිකරණ අවධිය තුළ ආර්ථික අර්බුදයෙහි මූල සාධකයන් නිරාකරණයට සහ ආර්ථිකය පිළිබඳ විශ්වාසය ගොඩ නැගීමට අවශ්‍ය රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම සහ මහ බැංකුව රජයෙන් ස්වාධීන කිරීම වැනි සමහර කොන්දේසි සහ ඉලක්කයන් IMF ණය වැඩසටහන අනුමත වීමට පෙර ක්‍රියාත්මක කරන ලදි.

වඩාත් ප්‍රසිද්ධියට පත් වූ ප්‍රධාන කොන්දේසි සහ ඉලක්කයන්

* අයවැයේ ප්‍රාථමික ශේෂය අතිරික්තයක් බවට පත් කිරීම -

ආර්ථික අර්බුදය ගැන ආචාර්ය ලයනල් බෝපගේ විග්‍රහයක් - (පළමුවන කොටස)

 

ප්‍රාථමික හිඟය 2023 දී ද.දේ.නි. යෙන් 0.7% දක්වා පහළ දැමීම, 2024 දී 0.8% ක අතිරික්තයක් ද, 2025 දී 2.3% ක අතිරික්තයක් ද බවට පත් කිරීමේ ඉලක්කයන් ලබා දී ඇත. ප්‍රාථමික ශේෂය යනු ණය සඳහා පොලී ගෙවීමට පෙර රාජ්‍ය ආදායම සහ පුනරාවර්තන වියදම අතර පරතරය යි. එය ශ්‍රී ලංකාවේ පසුගිය කාලය පුරා හිඟයක් වී ඇත. එනම්, රජයේ ආදායම එහි පුනරාවර්ත වියදම පියවා ගැනීමටවත් ප්‍රමාණවත් නොවන බව යි.

එබැවින්, මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා රජය විසින් බදු ඉහළ දැමීමත්, පුනරාවර්තන වියදම් පාලනය කර ගැනීමත්, සමාජ ආරක්ෂණ වියදම් ද.දේ.නි. යෙන් 0.6%-0.7% මට්ටමක පවත්වා ගැනීමත් අවශ්‍ය වෙයි. මේ සඳහා ණය වැඩසටහන අනුමත වීමට පෙර වැට්, ආදායම් බදු සහ බලශක්ති මිල ගණන් ඉහළ දැමූ අතර 2023-24 කාලයේ දී ද.දේ.නි. යෙන් 2.7% ක අතිරේක ආදායමක් ජනිත කර ගත යුතුය. එසේම, ධන බද්ධක් සහ තෑගි සහ බූදල් බද්දක් 2025 ට පෙර ක්‍රියාත්මක කළ යුතුය.


රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සහ කළමනාකරණය ඉහළ දැමීම -

 

තෙල් සංස්ථාවේ කෝටි 3500කට විදින්න කුරුමානමක්
මීට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ගුවන් සේවය යනාදියේ ශේෂ පත්‍රයන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා 2023 ජුනි මසට පෙර කැබිනට් අනුමැතිය ලබා ගැනීම සහ රාජ්‍ය ව්‍යවසායන් 52 ක විගණනය කරන ලද මූල්‍ය වාර්තාවන් ප්‍රසිද්ධ කිරීම ද ඇතුළත් වෙයි. ශේෂ පත්‍රයන් ප්‍රතිව්‍යුහගත කිරීම යනු එම ආයතනයන්හි බංකොලොත් භාවය ඉවත් කොට ලාභ ලබන ආයතනයන් බවට පත් කිරීම යි.

 රාජ්‍ය ණය තිරසාරභාවය ගොඩ නැගීම සඳහා ද.දේ.නි. හි අනුපාතයක් වශයෙන් රාජ්‍ය ණය 2022 වර්ෂයේ දී 128% සිට 2032 වර්ෂය වන විට 95% ට වඩා පහළ මට්ටමට ගෙන ඒම

මේ සඳහා 2027-32 කාලය තුළ සාමාන්‍ය දළ රාජ්‍ය මූල්‍යකරන අවශ්‍යතාවය ද.දේ.නි. යෙන් 13% ට පහළ මට්ටමකට ගෙන ඒම, විදේශ ණය සේවාකරණය ද.දේ.නි. යෙන් 4.5% ට පහළ මට්ටමකට ගෙන ඒම, ණය ඉලක්කයන් සැපිරෙන පරිදි ණය ප්‍රතිව්‍යුහගත කරණය කඩනමින් අවසන් කිරීම සහ 2023 අප්‍රේල් මස අවසානයට පෙර දේශීය සහ විදේශීය ණය ක්‍රියාකාරකම්වල සංයුතිය සහ සංගුණකයන් ප්‍රසිද්ධ කිරීම යනා දී ඉලක්කයන් දැක්වෙයි.

2025 වර්ෂය ආරම්භයේ දී 4%-6% ඉලක්කය දක්වා උද්ධමන අනුපාතය පහළ දැමීම

 

ණයට ඇපැල් කන තැපෑලක්....- (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
මේ සඳහා කොන්දේසි ලෙස දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් අඛණ්ඩව පවත්වා ගෙන යාම, 2.5% ක මට්ටමේ ස්වාභාවික මූර්ත ප්‍රතිපත්ති පොලී අනුපාතයක් දක්වා ප්‍රතිපත්ති පොලී අනුපාතයන් ඉදිරියේ දී පවත්වා ගෙන යාම සහ මුදල් මුද්‍රණය හරහා අයවැය මූල්‍යකරණය පළමු මාස 6 ට පමණක් සිමා කිරීම අයත් වෙයි.

1- වඩාත් නම්‍යශීලී විනිමය අනුපාතයක් අනුගමනය කිරීම, 2023 වර්ෂයේ දී මහ බැංකුව විසින් ඩොලර් බිලියන 1.4 ක පමණ ශුද්ධ විදේශ විනිමය ප්‍රමාණයක් මිල දී ගැනීම සහ අර්බුද සමයේ පැනවූ විදේශ විනිමය සිමාවන් ඉවත් කිරීම

2- නම්‍ය උද්ධමන ඉලක්කකරණය සහ වඩාත් නම්‍යශීලී විනිමය අනුපාතයක් ප්‍රවර්ධනය කිරීම සඳහා මහ බැංකුව ස්වාධීන කිරීමේ නව පනත අප්‍රේල් මස අවසානයේ දී සම්මත කිරීම

3- මූල්‍ය ස්ථායිතාවය තහවුරු කිරීම සඳහා බැංකුවල ප්‍රාග්ධනය ඉහළ දැමීම සහ බැංකු නිරාකරණ ක්‍රමවේදය ඇතුළත් නව බැංකු පනතක් 2023 දෙසැම්බර් මස දී අනුමත කිරීම

4- 2023 ජුනි මසට පෙර දුෂණ වැලැක්වීමේ නීති අනුමත කිරීම සහ නීති විරෝධීව උපාය ගෙන ඇති වත්කම් පවරා ගැනීමේ නීති කෙටුම්පත් 2024 මාර්තු මස වන විට නිම කිරීම

5- 2023-27 කාලය තුළ විදේශ මුල්‍යකරණ හිඟය පියවීම සඳහා IMF ණය මුදල ඩොලර් මිලියන 2,982 ට අමතරව ඩොලර් මිලියන 22,319 ක් සපයා ගැනීම


මැතිවරණ පොරොන්දු: මුදල් කොහෙන් ද? - (මහාචාර්ය රොහාන් සමරජීව)

 

එය විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් ඩොලර් මිලියන 14,087 ක මූල්‍ය සහනයක් ද, ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන බැංකු ණය ඩොලර් මිලියන 3,750 ක් ද, 2026 දී ඩොලර් මිලියන 1,500 ක ස්වෛරිත්ව බැඳුම්කර නිකුතුවක් ද මගින් සපයා ගැනීමට ඉලක්ක කොට ඇත.

ඒ අනුව, රජය විසින් ක්‍රියාත්මක කරන සෑම ප්‍රතිපත්තියක්ම IMF ණය වැඩසටහනේ කොන්දේසි බවට රාජ්‍ය අධිකාරීන් විසින් ප්‍රකාශ කිරීම දැකිය හැකිය.

සමාප්ත සටහන:

IMF: දූත මණ්ඩලයේ පළමු සමාලෝචනයේ ප්‍රධාන කරුණු 5ක්
IMF කාර්ය මණ්ඩලය යනු රටවල ආර්ථික අර්බුදයන්ට නිවැරදිම විසඳුම් දිය හැකි දේවතාවන් පිරිසක් නොවේ. එබැවින්, යෝජිත IMF ණය වැඩසටහන ශ්‍රී ලංකා ආර්ථිකය වත්මන් අර්බුදයෙන් ගොඩ ගෙන ස්ථායිකරණය කිරීමටත්, ඊට පසු  ආර්ථිකයේ පවතින ව්‍යුහාත්මක අවදානම් නිරාකරණය කිරීම හරහා දිගු කාලීන අඛණ්ඩ සංවර්ධන මාවතක ගමන් කර වීමටත් යෝග්‍ය වේ ද? යන්න ශ්‍රී ලංකා රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් තීරණය කළ යුතුය.

ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයට විවිධාකාර හේතු සාධකයන් ඉදිරිපත් කළ හැකි වුව ද, එය මූලික වශයෙන් ආර්ථිකයේ සැපයුම් හෝ මූර්ත අංශයේ අර්බුදයකි. එහෙත්, IMF ණය වැඩසටහන් හුදෙක් සම්ප්‍රදයික ඉල්ලුම් කළමනාකරණ සංකල්පය මත පදනම් වන ආර්ථික ස්ථායිකරණ ආකෘතින් ය. එසේම, ගෝලීය කොරෝනා වසංගතය වැනි සෞඛ්‍ය වසංගතයන් තුළින් හට ගන්නා ආර්ථික අර්බුදයන් නිරාකරණය පිළිබඳ ව IMF කාර්යමණ්ඩලවලට හෝ ආර්ථික විද්‍යාඥයන්ට පළ පුරුද්දක් නොමැත.

එබැවින්, ඔවුන්ගේ කෝකටත් තෛලය වන්නේ ආර්ථිකයේ සමස්ත ඉල්ලුම පාලනය යි.

 

IMF අනුමත වූ පසු කැබිනට් සංශෝධනයක් !
මැයි 17 දින IMF විසින් ඩොලර් බිලියන 3 ක පමණ තුන් අවුරුදු දිගු අරමුදල් පහසුකම් ණය වැඩසටහනක් ඝානාව සඳහා ද අනුමත කොට ඇත. ඝානාව ද ශ්‍රී ලංකාවට බොහෝ සමාන වූ ආර්ථික අර්බුදයකට මුහුණ දුන්න ද, එයට ශ්‍රී ලංකාවේ මෙන් ඓතිහාසික දේශපාලනික අස්ථායිතාවයක් හේතු වී නොමැත. ඝානාවේ IMF ණය වැඩසටහන පිටු 125 කින් යුක්ත අතර එහි අන්තර්ගතය තාක්ෂණික වදන් කිහිපයක් හැර සංකල්පීය සහ මෙවලම් අතින් ශ්‍රී ලංකා ණය වැඩසටහනට බොහෝ සමාන වෙයි. එහෙත්, ඝානා රජය විසින් ප්‍රකාශ කොට ඇත්තේ IMF ණය වැඩසටහන යනු වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා එක් මෙවලමක් පමණක් බවත්, ඊට සමගාමීව දේශීය ප්‍රතිපත්ති මෙවලම් රැසක් ක්‍රියාත්මක කළ යුතු බවත් ය.

එබැවින්, අදාළ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයට එකම විසඳුම IMF ණය වැඩසටහන බව පවසමින්, එහි බර මහජනතාව වෙත පටවමින්, තම පුටුවල අධිකාරිය භුක්ති විඳීම නවතා, වහාම දිගු කාලීන සැපයුම් අංශයේ තිරසාර සංවර්ධනයට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා තම පැරණි කාර්යාල ලිපි ගොනු, ආර්ථික ඉලක්කම් සහ පුරෝකථනයන් පසෙක තබා ක්ෂේත්‍රයට බැසිය යුතුය. ඒ සඳහා අවම වශයෙන් දශකයක් පමණ ගත වනු ඇත. එසේ නොවුව හොත්, ශ්‍රී ලංකාවේ පවතින දේශපාලනික සංස්කෘතිය විසින් වැඩි කලක් යාමට පෙර ආර්ථිකය තවත් විනාශ කරනු ඇත.

නොනගතය ඉවරයි, දැන් වැඩ අල්ලන කාලයයි - ගාමිණි වියන්ගොඩ

 

එසේම, එකම විසඳුම IMF ය කියා බලා සිටින්නේ නැතුව, IMF ණය වැඩසටහන කෙසේ හෝ අධ්‍යයනය කොට ඉන් කළ හැකි සහ නොහැකි දේවල් පිළිබඳ ව අදහස් දැක්වීම මහජනයා සතු වගකීමකි. ඊට හේතුව, නිශ්ශබ්දව සිට පසුව IMF එකට දොස් පැවරීමෙන් ප්‍රයෝජනයක් නැති බැවිනි.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)


P Samarasiri(සටහන -පි සමරසිරි)

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව(කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ.(කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 
(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

(economydiscovery)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...