The Leader News
BREAKING
Top Ad
පුවත්

'IMF වෙත යා යුතුව තිබුණේ මීට පෙර' - මහ බැංකු අධිපති

T

The Leader Desk

June 17, 2022 • 2:55 PM

'IMF වෙත යා යුතුව තිබුණේ මීට පෙර' - මහ බැංකු අධිපති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නම් ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අවුලෙන් මිදිය හැකිව තිබූ බව මහ බැංකු අධිපතිවරයා පවසයි.
  • නන්දලාල් වීරසිංහ බීබීසී නිවුස්නයිට් වෙත පැවසුවේ ශ්‍රී ලංකාව බාහිර උපකාර ලබාගැනීමට ප්‍රමාද වීම වරදක් බවයි.
  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය යටතේ මේ වසරේ ඩොලර් බිලියන 5 ක් අවශ්‍ය බව රජය පවසා තිබේ.
  • ඉතිහාසයේ ප්‍රථම වරට පසුගිය මාසයේ දී ශ්‍රී ලංකාව තම විදේශ ණය ගෙවීම් පැහැර හැර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

නම් ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අවුලෙන් මිදිය හැකිව තිබූ බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

පී. නන්දලාල් වීරසිංහ බීබීසී නිවුස්නයිට් වෙත පැවසුවේ ශ්‍රී ලංකාව බාහිර උපකාර ලබාගැනීමට ප්‍රමාද වීම වරදක් බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය යටතේ මේ වසරේ ඩොලර් බිලියන 5 ක් අවශ්‍ය බව රජය පවසා තිබේ.

ඉතිහාසයේ ප්‍රථම වරට පසුගිය මාසයේ දී ශ්‍රී ලංකාව තම විදේශ ණය ගෙවීම් පැහැර හැර ඇත.

"IMF එකට යන්න ගත්තු තීරණය කලින්ම ගත්තා නම්, ණය පියවීමේ ක්‍රියාවලිය අවුරුද්දකට කලින් ආරම්භ කළා නම්, මේ වගේ දුක් කරදරවලින් තොරව තත්ත්වය කළමනාකරණය කරගන්න තිබුණා," ඔහු පැවසීය.

ඔහු මෙසේ තම අදහස් ප්‍රකාශකරන්නේ උග්‍ර ඉන්ධන හිඟය, ඉහළ යන ආහාර ද්‍රව්‍ය මිල සහ ඖෂධ හිඟයෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ උත්සාහ කරන අතරතුරයි.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන විසින් මෑතකදී කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ ශ්‍රී ලංකාවේ පවුල් වලින් තුනෙන් දෙකකට පමණ දිනකට ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරීමට සිදු ව ඇති බවයි.

 

වීරසිංහ අධිපතිවරයා පවසන්නේ 1948 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව එහි දරුණුතම ආර්ථික අර්බුදය අත්විඳිමින් සිටින බව යි.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් සඳුදා සාකච්ඡා සඳහා කොළඹට පැමිණීමට නියමිත අතර වීරසිංහ අධිපතිවරයා එම රැස්වීම්වල ප්‍රධාන අසුනක් හොබවනු ඇත.


"දිගටම වැඩ කරන්න මම මගේ කැමැත්ත ප්‍රකාශ කළා,"


එහෙත් පසුගිය අප්‍රේල් මාසයේදී මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වෙනුවට පත් කළ වීරසිංහ වසර හයක පූර්ණ ධුර කාලයක් සඳහා නැවත පත් කරනු ඇති ද යන්න පිළිබඳව අවිනිශ්චිතතාවයක් පවතී.

"දිගටම වැඩ කරන්න මම මගේ කැමැත්ත ප්‍රකාශ කළා," ඔහු පැවසීය.



"මම වැඩ භාරගන්නකොට මාස දෙකක් විතරක් සේවය කරලා ආපහු යන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. එහෙම තත්ත්වයක් තිබුණා නම් මම මේක භාරගන්නෙත් නැහැ... මේක මාස දෙකකින් විසඳගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මෙය හොඳ අතට හැරෙන්නට පෙර ඉක්මනටම මේ දේවල් තවත් නරක අත‍ට හැරේවි."



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවල දී ශ්‍රී ලංකාව චීනයෙන් සැලකිය යුතු ලෙස ණය ගැනීම පිළිබඳව කතාබහට ලක් විය. ආචාර්ය වීරසිංහ පවසන්නේ රටේ සමස්ත විදේශ ණයවලින් 15%ක් චීනයට ගෙවිය යුතු ඒවා වන බව යි.

ණය හිමියන් බොල් ණය ලෙස සැලකීමට එකඟවී නොමැති නම් ගෙවීම් පැහැර හැරිය නොයුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තියක් ඇත.

"ශ්‍රී ලංකාවේ හොඳ මිතුරෙකු වන චීනය වෙනත් ණයහිමියන් වගේම සහනයක් ලබා දේවි කියලා මට විශ්වාසයි," ආචාර්ය වීරසිංහ පැවසීය.

ආචාර්ය වීරසිංහ තවදුරටත් එම තනතුරේ තබා ගන්නා ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු කාර්ය මණ්ඩලය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත විවෘත ලිපියක් ලියා තිබේ.

"යමෙක් ඔහුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයෙන් ඉවත් කිරීමට අදහස් කරන්නේ නම්, එය සම්පූර්ණයෙන්ම යටි අරමුණු සහිත අතිශයින්ම දේශද්‍රෝහී පියවරක් ලෙස අපි දකින්නෙමු," ඔවුන් ලියා තිබේ.

ඉදිරි වසර තුළ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් 12 ක් පමණ ණය පැහැර හැරීමේ අවදානමකට ලක්ව ඇති බවට ලෝක බැංකුව අනතුරු අඟවා තිබේ.

විශ්ලේෂකයින් පවසන්නේ මාලදිවයින, රුවන්ඩාව, ඉතියෝපියාව, සෙනගාලය වැනි රාජ්‍යයන් ද මූල්‍ය අර්බුදයක් පෙනෙන මානයේ සිටින බවයි.

ඊජිප්තුව, ඝානාව සහ පාකිස්තානය ද දැඩි ලෙස අවදානමට ලක්විය හැකි යැයි සැලකේ.

(BBC සිංහල සේවය)


  

Leader Whats app 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...