The Leader News
BREAKING
Top Ad
පුවත්

IMF ණය දීමේදී මානව හිමිකම් කොන්දේසි දැමීමට බලපෑම්

T

The Leader Desk

June 17, 2022 • 6:48 PM

 IMF ණය දීමේදී මානව හිමිකම් කොන්දේසි දැමීමට බලපෑම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මානව හිමිකම් ආරක්ෂා කිරීම තහවුරු කරන ලෙස ඉහලම ජගත් මානව හිමිකම් සංවිධානයක් බලකර සිටී.
  • ශ්‍රී ලංකාවේ අලුත් ආණ්ඩුව සමග මැයි මාසයේ පවත්වන ලද තාක්ෂණික සාකච්ඡා පෙරට ගෙන යෑමේ අරමුණින් දූත මණ්ඩලයක් ළඟදීම දිවයිනට පැමිණෙන අරමුණ බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) පසුගියදා දැනුම් දී තිබුණි.
  • අදුරදර්ශී ආර්ථික පිළිවෙත් නිසා ගෙවාගත නොහැකිව සිටින ශ්‍රී ලංකාවේ විදේශීය ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා IMF ආධාරයෙන් අලුතින් ණය ගැනීම ගෝඨාභය-රනිල් හවුල් ආණ්ඩුවේ අපේක්ෂාවයි.
  • දුන් ණය ආපසු ගැනීමට සැලසුම් සකස් කිරීමේදී අසරණ සහ දුගී ජනතාව පීඩාවට පත් වන්නට නොදී ආරක්ෂා කරගත යුතු බවට IMF විසින් මීට ඉහතදී කර ඇති ප්‍රකාශ සිහිපත් කරන ඇම්නස්ටි මානව හිමිකම් සංවිධානය ඒ කියමන් සැබෑ කරගැනීමට කටයුතු කිරීමේ වගකීම IMF කොළඹ නේවාසික නියෝජිතයාට අවධාරණය කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මානව හිමිකම් ආරක්ෂා කිරීම තහවුරු කරන ලෙස ඉහලම ජගත් මානව හිමිකම් සංවිධානයක් බලකර සිටී.

නීතියේ ආධිපත්‍යයද, ආර්ථික, සමාජීය සහ සංස්කෘතික මෙන්ම සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ද සියලු ගනුදෙනුවලදී ප්‍රමුඛස්ථානයෙහි ලා සලකන මෙන් ඇම්නස්ටි ජාත්‍යන්තරය ලිපියක් මගින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ඉල්ලා තිබේ.  

ශ්‍රී ලංකාවේ අලුත් ආණ්ඩුව සමග මැයි මාසයේ පවත්වන ලද තාක්ෂණික සාකච්ඡා පෙරට ගෙන යෑමේ අරමුණින් දූත මණ්ඩලයක් ළඟදීම දිවයිනට පැමිණෙන  අරමුණ බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) පසුගියදා දැනුම් දී තිබුණි.



අදුරදර්ශී ආර්ථික පිළිවෙත් නිසා ගෙවාගත නොහැකිව සිටින ශ්‍රී ලංකාවේ විදේශීය ණය  ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා IMF ආධාරයෙන් අලුතින් ණය ගැනීම ගෝඨාභය-රනිල් හවුල් ආණ්ඩුවේ අපේක්ෂාවයි.



දුන් ණය ආපසු ගැනීමට සැලසුම් සකස් කිරීමේදී අසරණ සහ දුගී ජනතාව පීඩාවට පත් වන්නට නොදී ආරක්ෂා කරගත යුතු බවට IMF විසින් මීට ඉහතදී කර ඇති ප්‍රකාශ සිහිපත් කරන ඇම්නස්ටි මානව හිමිකම් සංවිධානය ඒ කියමන් සැබෑ කරගැනීමට කටයුතු කිරීමේ වගකීම IMF කොළඹ නේවාසික නියෝජිතයාට අවධාරණය කර තිබේ.

"වාචිකව දී ඇති ඉහත පොරොන්දු මේ දුෂ්කර කාල පරිච්ඡේදයේදී සැබෑ සහ පලදායී ආරක්ෂාවක් බවට පෙරලෙන්නට නම්, IMF සහ ශ්‍රී ලංකාව අතර  කතිකා කරගන්නාවූ ඕනෑම අනාගත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් මානව හිමිකම් කේන්ද්‍ර කරගත්තක් විය යුතුය," යි ඇම්නස්ටි දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා යාමිනි මිශ්රා විසින් යවන ලද ලිපියේ සඳහන් වේ.

එක්සත් ජාතීන්ට අනුබද්ධ ආයතනයක් වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විදේශ ණය සහ මානව හිමිකම් පිළිබඳ මූලධර්ම පිළිපදිමින් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ප්‍රකාර  මානව හිමිකම් සහ ජාත්‍යන්තර නීතිය රැකීමේ වගකීමකින් බැඳී ඉන්නා බවද ඇම්නස්ටිය සිහිපත් කර දෙයි. ඒ අනුව මානව අයිතිවාසිකම් භුක්ති  විඳීමට හතුරුව යන කිසිම ප්‍රතිපත්තියකට හෝ වැඩසටහනකට මුදල් යෙදවීමෙන් වැළකී සිටිය යුතු බව ලිපියෙන් පෙන්වා දී තිබේ.



"...ණය ගන්නා රාජ්‍යය තුල මානව හිමිකම් උල්ලංඝනය කෙරෙන හෝ අනාගතයේ උල්ලංඝනය විය හැකි හෝ ක්‍රියාකාරකම් හෝ ව්‍යාපෘතිවලට ණය දෙන්නන් මුදල් නොයෙදවිය යුතුය; එමෙන්ම, මානව හිමිකම් අරබයා වූ ස්වකීය වගකීම් ඉෂ්ට කිරීමේ හැකියාවට හානි පමුණුවා ගැනීමෙන් තොරවම  විදේශීය ණය ආපසු ගෙවීමට හැකියාවක් ණය ගන්නා රටවලට ඇති බවට ණය දෙන්නන් තෘප්තිමත් විය යුතුය."



ශ්‍රී ලංකාව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 500ක් වටිනා සුළං බලශක්ති ව්‍යාපෘතියක් සඳහා උතුරේ දූපත් සමූහයක් මතබේදයට ලක්ව සිටින ඉන්දීය අදානි ව්‍යාපාර සමූහයට පාරදෘශ්‍ය ටෙන්ඩර් කැඳවීමකින් තොරව පැවරීමට එරෙහිව කොළඹ අරගලකරුවන් මේ වනවිට විරෝධතා පවත්වමින් සිටිති.

ඊට ආරම්භයේම විරෝධය පෑ මන්නාරම ධීවර සමිති නායකයන් එමගින් මත්ස්‍ය භුමි වලට ඇතිකෙරෙන බලපෑමෙන් තම ජීවිකාවත් පරිසරයත් අවදානමේ හෙලනු ලබන බවට අතතුරු අඟවා  තිබුණි.

ශ්‍රී ලංකාව සමග ඇතිකරගන්නා ආර්ථික, සමාජීය සහ මුල්‍යමය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය හා බැඳුනු සියලුම ගිවිසුම් සහ ඒවායේ කොන්දේසි හා නියමයන්වල පාරදෘශ්‍ය භාවය මෙන්ම මහජන සුපරීක්ෂාවට ලක් කිරීමට ලබාදෙන බවටද සහතික කරගන්නා මෙන් ඇම්නස්ටි දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂිකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොළඹ නේවාසික නියෝජිතයාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණි. 

 

 


Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...