The Leader News
BREAKING
Top Ad
පුවත්

'විරෝධය ජනපතිට මිස IMF කෙරෙහි නොවේ'

T

The Leader Desk

June 20, 2022 • 6:28 PM

 'විරෝධය ජනපතිට මිස IMF කෙරෙහි නොවේ'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිලධාරීන්ට බාධා කිරීමට නොවන බව සර්වපාක්ෂික අරගලකරුවන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
  • ජනතා හිතවාදී කොන්දේසි මත ශ්‍රී ලංකාවට අවංකව සහාය වන්නේ නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජය සමග සිදු කරන කිසිදු සාකච්ඡාවකට බාධා කිරීමට අරගලකරුවන් හෝ පුරවැසියන් වශයෙන් කිසිවෙකුටත් කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද ඔවුන් පවසයි.
  • එමනිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි වෙනත් කිසිදු ජාත්‍යන්තර ආයතනයක හෝ රටක නියෝජිත කණ්ඩායමකට කිසිදු අවහිරයක් හෝ බාධාවක් සිදු කිරීමට ක්‍රියා නොකරන බව අරගලකරුවන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
  • අරගලකරුවන්ගේ විරෝධය අසාර්ථක ජනපති නන්දසේනට මිස ජාත්‍යන්තර ආයතන කෙරෙහි නොවන බවද එහි දැක්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

නිලධාරීන්ට බාධා කිරීමට නොවන බව සර්වපාක්ෂික අරගලකරුවන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජනතා හිතවාදී කොන්දේසි මත ශ්‍රී ලංකාවට අවංකව සහාය වන්නේ නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජය සමග සිදු කරන කිසිදු සාකච්ඡාවකට බාධා කිරීමට අරගලකරුවන් හෝ පුරවැසියන් වශයෙන් කිසිවෙකුටත් කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද ඔවුන් පවසයි.


එමනිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි වෙනත් කිසිදු ජාත්‍යන්තර ආයතනයක හෝ රටක නියෝජිත කණ්ඩායමකට කිසිදු අවහිරයක් හෝ බාධාවක් සිදු කිරීමට ක්‍රියා නොකරන බව අරගලකරුවන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.


ගෝඨාභය රාජපක්ෂ නම් අසාර්ථක පාලකයා රට බංකො⁣⁣ළොත් කර, ජනතාව ආර්ථික අහේනියකට පත්කර ඇති බවත්, මෙවන් මොහොතක වර්තමාන ගෝඨා - රනිල් පාලනයට නිසියාකාරව ජාත්‍යන්තර සහයෝගය ලැබේ යැයි තමන් කිසිසේත් විශ්වාස නොකරන නමුත් මූල්‍ය අරමුදලේ සාමාජිකයන් කණ්ඩායමක් මෙරටට පැමිණීම 'සර්වපාක්ෂික අරගලකරුවෝ' වශයෙන් ධනාත්මකව සැලකිල්ලට ගන්නා බව ද ඔවුන් පවසයි.

අරගලකරුවන්ගේ විරෝධය අසාර්ථක ජනපති නන්දසේනට මිස ජාත්‍යන්තර ආයතන කෙරෙහි නොවන බවද එහි දැක්වේ.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් 21 දෙනෙකු අනීතකව හා අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද එහි සඳහන්‍ ය.

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම චේතනාන්විතවම ප්‍රමාද කළ පාලකයන් ඒ පිළිබඳ වගකීම අරගලකරුවන් වෙත පැටවීමට උත්සාහ දැරීම ද නිර්දය ලෙස හෙළා දකින බව ඔවුන් දක්වා ඇත.

 WhatsApp Image 2022 06 20 at 11.10.54 PM

 

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...