The Leader News
BREAKING
Top Ad
පුවත්

'අපි ඉගෙන නොගත්ත පාඩම IMF ඇවිත් ඉගැන්නුවා' - හිටපු මුදල් ඇමති කියයි

T

The Leader Desk

September 2, 2022 • 4:36 AM

'අපි ඉගෙන නොගත්ත පාඩම IMF ඇවිත් ඉගැන්නුවා' - හිටපු මුදල් ඇමති කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපි ඉගෙන නොගත්ත පාඩම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පෙන්වාදී ඇතැයි හිටපු මුදල් අමාත්‍යවරයකු වන රවී කරුණානායක පවසයි.
  • මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ අයවැය යෝජනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එහිදී පැවසුයේ, මෙම අයවැය යෝජනා අංගසම්පූර්ණ අය-වැයක් ලෙස නොපෙනුනත්, එහි හොඳ දේවල් රාශියක් අන්තර්ගත ව ඇති බවයි.
  • මෙම මාධ්‍ය හමුවේදී ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය.
  • මට තියෙන දුක අවුරුදු 5කට පස්සේ නැවත 2017 වෙනකන් මේක ගිහිල්ලා, නැවත ඒ තත්ත්වයම උද්ගතවී නැවත එතැනටම ඇවිල්ල තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):



හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (01 ) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ අයවැය යෝජනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එහිදී පැවසුයේ,
මෙම අයවැය යෝජනා අංගසම්පූර්ණ අය-වැයක් ලෙස නොපෙනුනත්, එහි හොඳ දේවල් රාශියක් අන්තර්ගත ව ඇති බවයි.

''අඩුපාඩුත් තියෙනවා. අපිට මෙතැන වන්දිභට්ටයෝ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේකෙ ඉදිරිපත් කරලා තියෙන දුර්වලතාවයන් සහ මේකේ තිබෙන ශක්තිය ගැන කතා කළ යුතුයි'' හිටපු මුදල් අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.


මෙම මාධ්‍ය හමුවේදී ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය.


''ජනතාවට දෙන්න ඕන අවශ්‍ය දේ මිස ජනප්‍රිය දේ නෙවෙයි : දැන්වත් ඉස්සරහට යන්න පටන් ගමු !'

"අපි දොස්තර කෙනෙක් ගාවට ගිහිල්ලා සිනි කකා කියනවා නම්, දියවැඩියාව තියෙනවා කියලා දොස්තර කියාවි, ඔබතුමාට මැරෙන්න ඕන නම් ඔහොමම ගත කරන්න. නමුත් ජීවත් වෙන්න ඕනේ නම් ඇඟිල්ලක්, අතක්, කකුලක් කපන්න වෙයි. සමහරක් විට හැබැයි ඒකෙන් තමයි ජීවත් වෙන්න පුළුවන් වන්නේ කියලා. දැන් කෝකද අපි තෝරාගන්නේ.  මේක තමයි අද ලංකාවට වෙලා තියෙන්නේ. මට තියෙන දුක අවුරුදු 5කට පස්සේ නැවත 2017 වෙනකන් මේක ගිහිල්ලා, නැවත ඒ තත්ත්වයම උද්ගතවී නැවත එතැනටම ඇවිල්ල තියෙනවා. මේක තමයි අපේ රටේ හැම විටම සිද්ධවෙන්නේ....

 "2015 ත් ආර්ථිකය කඩා වැටිලා ආදායමෙන් දළ දේශීය නිෂ්පාදනය 8.2% තුනට වගේ තිබුණ වකවානුවක තමයි අපිට පුළුවන් වුණේ මාස 33 කින් ඒක 15% කට වැඩි කරන්න.

 

මතක් කරන්න අවශ්‍යයි එදා හිටියෙත් අද ඉන්න ජනාධිපති, අගමැති වශයෙන් බව. එතුමා අපට හුඟක් උපදෙස් දුන්නා.  හිටපු ලේකම් අද ජනාධිපති කාර්යාලය ආර්ථික දැක්මක් සහිත වැඩකරන සමරතුංග මැතිතුමා සහ එදා හිටපු නියෝජ්‍ය මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මැතිතුමා තමයි අද මහ බැංකු අධිපති ලෙස ඉන්නේ. ඉතින් එදා හිටිය ඒ කණ්ඩායම වශයෙන්ම අද ඒකට උත්තර දෙන්න තත්වයක් නැවත ඇති වෙලා තියෙනවා කියන එක ගැන මම හිතන්නේ දෛවය විසින් දුන්න අවස්ථාවක් ලෙසයි.

 

අවුරුදු ගණනාවක් රටක් සංවර්ධනය වෙන්න මම හිතන විදිහට, මීට පෙර කියලා තියනවා වගේ, වනාන්තරයක් වගා කරන්න අවුරුදු ගණනාවක් යනවා. නමුත් එක ගිනිකූරකින් මුළු වනාන්තරයම නැති කරන්න පුළුවන් ඒ වගේ තත්වයක් තමයි ලංකාවට වෙලා තියෙන්නෙ.

ඉතින් අපි සියලු දෙනාම ඒකරාශී වෙලා අපි අනුන්ට බැනලා වැඩක් නැහැ. වෙලා තියෙන දේ ගැන අඬලා වැඩක් නෑ. නමුත් අපිට පුළුවන් නම්  කොරියාව වගේ වෙන්න.  බලන්න ලංකාවේ කිහිප තැනක්ම තියෙනවා, කොරියාව වගේ කියලා කියන, නමුත් බලන්න දැන් කොරියාව කොතරම් උදාහරණ අරගෙන, වැඩ කරලා තියෙනවද?

ඒ නිසා මේ වුන දේවල් පැත්තකට දාලා හැම කොනකම මේකේ විරෝධතා එල්ලගෙන  කරන බෝඩ් ලෑලි අල්ලගෙන කරන ඒවා කරන්නෙ නැතුව, තරුණ තරුණියන්ගේ කොච්චර හොඳ අදහස් තියෙනවද? ඒ අදහස් එකතු කරගෙන ඒ ඔක්කොම රටක් විදිහට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලකට එන්න ඕන. අපි ඔය බෝඩ් ලෑලි අල්ලන්න අවශ්‍යවන්නේ ප්‍රශ්නට පැය 24 කින් උත්තර නොදුන්නොත් විතරයි. මෙහෙම උනාම කොහොමද විදේශිකයන් මේ රටට ගෙන්න ගන්නේ.

හොඳම උදාහරණය රටේ ඉතිරිකිරීම් තියෙනවා නම් ඒක ආයෝජනයකට දාන්න පුළුවන්. ආයෝජනය නැත්නම් අපි අපේම ධෛර්යමත් භාවයෙන්, බැංකු තුළින් ඒ ව්‍යවසායකයන් ඇති කරන්න ඕන. මේ දෙකම නැත්නම්, අපි උඩ බල බල ඉන්නෙ නැතුව ආයෝජකයෝ ගෙන්නගෙන රටට සෙතක් වෙන වැඩක්  කරන්න ඕන.

රටේ හැම නගරෙකම හැම කොනකම බෝඩ් ලෑලි අල්ලගෙන ඉන්නකොට කොයි ආයෝජකයාට ද මේ රටට එන්න පුළුවන්. සුද්දෝ එන්නම අවශ්‍ය නෑ, අපේ ව්‍යවසායකයන් ඒ දේ කරේ නැත්නම් තමයි, ඒ අවස්ථාව විදේශිකයන්ට විවෘත කර දෙන්නේ.


''අඩුපාඩු තිබුනත් අනාගතය දෙස බලා ඉදිරිපත් කළ අයවැයක්''


මේක අංගසම්පූර්ණ අය-වැයක් ලෙස මට පෙනෙන්නේ නැති වුණාට හොඳ දේවල් තියෙනවා. නමුත් අඩුපාඩුත් ඒ ආකාරයෙන්ම තියෙනවා. අපිට මෙතැන වන්දිභට්ටයෝ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේකෙ ඉදිරිපත් කරලා තියෙන දුර්වලතාවයන් සහ මේකේ තිබෙන ශක්තිය ගැන කතා කළ යුතුයි.

 

'' අයවැය යෝජනා තුලින් ආදායම් බොහොමයක් වැඩිකර තිබෙනවා. එය බොහොම හොඳයි අපි එදා 15% ක බද්දක් ගහනකොට කොතරම් අපි බැනුම් ඇහුවද. ඒ බැනුම් ඇහුවට අද කීදෙනෙක් කියනවද එදා ක්‍රමය ගෙනිච්චා නම්, මේ ප්‍රශ්නය ඇති වන්නේ නැහැ කියලා. අපි එදා කරේ 2019 වෙනකොට සියයට දහනමයක් විස්සක් වෙන තත්ත්වයකට ඇති කරන්න තමයි. ''

 

ඒත්  2019 ජනතාවට වෙනසක් ඕන කියල, අපට රටක් ඕනේ බඩක් ඕනෙ නැහැ කියලා, අන්තිමට ඇවිල්ලා ආදායම මිලියන හයසීයක් විතර විසිකරලා, නිකරුනේ අපි ආර්ථික ප්‍රපාතයකට තල්ලු කරා.

ජාත්‍යන්තර අරමුදලෙන් මේ ගමන කිව්වේ ඔබලා, අපෙන් අහන්න ඕනෙ නැහැ. දෙදහස් පහළොවේ දාසයේ දාහතේ කරපු වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගියා නම්, මෙවන් තත්ත්වයක් උද්ගත වෙන්නේ නැහැ කියලා. මොනදේ උනත් අපිට මේකෙන් ගොඩ එන්න විදිහක් තියෙනවා. වියදම අඩු කරන්න ඕන කියන එක, අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. වියදම අඩු කරන එක අමාරුයි තමයි. මොකද ආදායම අඩු වෙලා ආර්ථිකය කඩා වැටිලා නිසා.

 

සමෘද්ධිය ගෙනාවා. කෝටි 8500 ක් සහ පරිපාලන වියදම කෝටි 2300ක් වියදම් කරලා කොහෙටද මේ ගිහින් තියෙන්නේ. මේක අද නැති අයට ලැබෙන්නේ නැහැ.  තියන අයටයි ලැබෙන්නේ.  මේක හංගන්න දෙයක් නැහැ. මේවට තමයි අපි ඉලක්ක ගත කරලා වැඩ කරන්න ඕන.

 

මෙන්න මේවට තමයි බෝඩ් ලෑලි අල්ලන්න තියෙන්නෙ. මම මෙවැනි දේවල් කියන්න හදන්නෙ රටට තියෙන ආදරයට. මොකද හැම කෙනාම බනින්නෙ වැරදි තැනට මිසක් හරි තැනට නෙමෙයි. නෙමෙයි මේක අපි එකතුවෙලා ඒකරාශී කරගෙන අත්වැල් බැඳගෙන කරුණාකරලා අවුරුදු එකහමාරකින් දෙකකින් අපේ රට යථා තත්ත්වයට පත් කරන්න බැරි වෙන්නේ නැහැ ඕන කමක් තියෙනවනම්. ඉතින් වියදම ඒ ආකාරයෙන්ම කරන්න අවශ්‍යයි. අපි දෙදහස් පහළොවේ අවට පස්සෙ අපි පෙන්ෂන් එක ගැන කතා කරා.

දැන් මෙතන ලක්ෂ 17 ක් ඉන්නවා හැම එක්කෙනාම කියනවා, හැම පක්ෂයකින් ම කියනවා, අද බෝඩ් ලෑලි අල්ලන අයත් කියනවා, මේක අවශ්‍ය ප්‍රමාණයට වඩා තියෙනවා කියලා. හැබැයි  ඒගොල්ලෝ ලැජ්ජා වෙනවා, බයයි යමක් කියන්න ඇත්ත තත්ත්වය ගැන.  බය නැතුව හරි කොන්දක් තියාගෙන කතා කරන්න මේ තියෙන රජය සේවකයන් මෙතනින් ඉදිරියට එන අයට, දැන් වැඩ කරන අයට, කිසිම හානියක් නැහැ.

ඉදිරියට එන අයට අලුත් ආකාරයකින් මේක සකසන්න ඕනේ. අද ආදායම බිලියන 1500ක් ලැබෙන එකට ආදායමෙන් බිලියන 1300ක් ගෙවලා කොයි ආකාරයටද මෙතනින් ඉදිරියට යන්නේ. මේක තව  වැඩිවෙන්න වැඩිවෙන්න රටේ බංකොලොත් භාවය වැඩි වෙනවා. අපි ඒක බලාගෙන ඉන්නවද?

අන්න ඒ නිසා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිල්ල කියන්නේ උඹලට හිතන්න බැරිනම් හරියාකාරව අපි කොහොමද මේක තල්ලු කරලා දෙන්නම් හරියට හිතන්න කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ අපට හිතන්න බැරි නිසා එයාල බයයි ක්‍රියාත්මක කරන්න. නමුත් ක්‍රියාත්මක කරානම් අද සතුටුදායක තත්ත්වයක් තමයි ඇතිවෙලා තියෙන්නේ.

 

''මෙන්න මේක තමයි මම කියන්නේ අපි යම් විදියකින් දේශපාලනය කරන්න අවශ්‍ය වන්නේ, හරි දේ ජනතාවට දෙන්න මිසක් ජනප්‍රිය දෙයක් දෙන්න නොවෙයි. මෙන්න මේක තමයි, අපි මේ අවස්ථාවේදී ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙන්නේ. මම දැක්කා පොහොර වලට කෝටි 3650 ක් වෙන් කරලා තිබෙනවා. නමුත් මම හිතන විදියට මේක එහෙම දෙන්නෙ නැතිව, එදා වගේ සාර්ථක මට්ටමකින් වවුචර් ක්‍රමය ගෙනිච්චා නම්, මම අනිවාර්යෙන් හිතෙනවා ගොවිතැනේ ඵලදායිතාවයත් වැඩි වෙනවා. මම මේ කියන්නේ  ප්‍රායෝගික අත්දැකීමක් තුලින්.

 

''විදෙස් සිසුන් වෙනුවෙන් විශ්වවිද්‍යාල ඇති කිරීම බොහොම හොඳ දෙයක්''


ඒ වගේම තමයි අධ්‍යාපනය. මම හිතන විදිහට හරි මාර්ගයට ඇවිල්ල තියෙනව. විදේශ සිසුන් වෙනුවෙන් විශ්වවිද්‍යාල ඇති කිරීම බොහොම හොඳ දෙයක් කියල හැමෝම කතා කරලා තියනවා. ඩොලර් මිලියන 2500 ක් අපේ සිසු පරම්පරාවට රටින් පිට යන්න වියදම් කරනවා නම් ඇයි මේ වගේ ලස්සන රටක, විශ්ව විද්‍යාල හය හත අටක් ඉදි කරන්න බැරි.

මට මේ මෑතක දැනගන්න ලැබුණ තොරතුරක් තමයි, අපේ  පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ලෝකේ තියෙන ලස්සනම විශ්වවිද්‍යාල වලින් එකක්. ඒක හෙක්ටයාර්1200ක් විතර තියෙනවා. ඒ කියන්නේ අක්කර 2000 ක් විතර තියන තැනක්. මේකේ US ඩොලර් මිලියයක විතර ආදායමක් තිබෙනවා. ඒ වගේ වත්කමක් යටපත් වෙලා තියෙන තැනක් තමයි මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

ඉතිං මේ වගේ මුදල් ප්‍රමාණයක් යටපත් කරගෙන ඉදීමෙන්, ඒකෙ ඵලදායි තත්ත්වයක් ඇති වෙන්නේ නෑ. ඒකෙ ඵලදායීතාවය හරි වටිනාකමට ලැබිලා නැහැ.''





කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...