The Leader News
BREAKING
Top Ad
පුවත්

IMF කොන්දේසි රාශියක් ! - ණය මුදලින් ඉන්ධන, ගෑස්, ආහාර තහනම් ! -

T

The Leader Desk

September 2, 2022 • 5:40 AM

IMF කොන්දේසි රාශියක් ! - ණය මුදලින් ඉන්ධන, ගෑස්, ආහාර තහනම් ! -

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිමිවන්නේ විදේශ විනිමය සංචිත අර්බුදයට සහනයක් ලෙස
  •  ඒ අනුව එම මුදලින් ඉන්ධන, ගෑස් හෝ ආහාර පාන ආනයනය කළ නොහැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න 'නෙත් නිවුස්' කළ විමසීමකදී පැවසිය.
  • managevoice cuts · PROF SRIMAL 01 ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල එකඟතාවක් ඇති කර ගැනීමෙන් රටට ඇතිවන වාසි මොනවාද?
  • ඒ සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දැක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මෙසේ සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

බව ආර්ථික විශ්ලේෂකයින් පවසති.

 ඒ අනුව එම මුදලින් ඉන්ධන, ගෑස් හෝ ආහාර පාන ආනයනය කළ නොහැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න 'නෙත් නිවුස්' කළ විමසීමකදී පැවසිය.



ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල එකඟතාවක් ඇති කර ගැනීමෙන් රටට ඇතිවන වාසි මොනවාද? ඔහු මෙසේ පැහැදිලි කළේය.



කෙසේවෙතත් ආර්ථික අර්බුදය විසදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබෙන එම මුදල ප්‍රමාණවත් නොමැති බවත්, ඒ සඳහා විදේශ විනිමය ඉපැයීමේ ක්‍රමෝපායන් සකස් කර ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවන බවත් මහාචාර්ය සිරිමල් අබේරත්න පැවසිය.



ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වන විට එකඟතාවකට පැමිණ ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 2 යි දශම 9 ක විස්තීරණ ණය පහසුකමක් ශ්‍රී ලංකාවට ලබාදීමටයි.

විස්තීරණ ණය පහසුකමක් යනු කුමක්ද ? එය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ කෙසේද? ඒ සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දැක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මෙසේ සඳහන් කළේය.



කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම ණය පහසුකම ලබාගත හැක්කේ ශ්‍රී ලංකාව ණය හිමියන් සමඟ එකඟතාවකට පැමිණියහොත් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසිය.



ඊයේ පැවති තවත් මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුයේ, මුල්‍ය අරමුදලේ එකකට අපිව නොගතහොත් මොකද කරන්නේ කියන කාරණය ගැනත් අපිට විසඳුමක් තිබිය යුතු බවයි.

නැතහොත්, නැවත වතාවක් අරගල වටයක් ලංකාවට ඇතිවීමේ අනතුර අප ඉදිරියේ තිබෙනබවට ඔහු අනතුරු ඇඟවීය.



පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ අතර ඔහු  පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබා ගැනීමෙන් රටේ තිබෙන ප්‍රශ්ණවලට විසදුම් ලබාදිය නොහැකි බවයි.



අඛණ්ඩව සහය දෙන බව චීනය කියයි


මේ අතරතුර මෙරට චීන තානාපති කාර්යාලය නිළ වශයෙන් නිවේදනය කර ඇත්තේ චීනය, සැමවිටම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අනෙකුත් ජාත්‍යන්තර මුල්‍ය ආයතන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දිරිමත් කර ඇති බවයි.

එම තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ ශ්‍රී ලංකාවේ සමීප මිත්‍රයෙකු, අසල්වැසියෙකු සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධාන කොටස් හිමියෙකු ලෙස චීනය එලෙස කටයුතු කර ඇති බවයි.

ශ්‍රී ලංකාව මේවනවිට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මිදීමට ගන්නා උත්සහයට ජාත්‍යන්තර අරමුදලේ සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතනවල සහය අත්‍යාවශ්‍ය බව චීන තානාපති කාර්යාලය පවසයි.

ඒ අනුව, ශ්‍රී ලංකාවට සහය දැක්වීම සඳහා ජාත්‍යන්තර අරමුදල සහ අනෙකුත් මුල්‍ය ආයතන තවදුරටත් ධෛර්යමත් කරන බවද චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සදහන් කර සිටියි. 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...