The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

IMF ණය, සජිත්ගේ කටකැඩිච්ච කතා හා අනුරගේ මුනිවත - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

February 13, 2023 • 10:39 AM

IMF ණය, සජිත්ගේ කටකැඩිච්ච කතා හා අනුරගේ මුනිවත - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එමගින් සිදුවන්නේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා මහෝපකාරී වන ඇප වීමකි.
  • දේශපාලනඥයන් නොදන්නවා වුණාට ලංකාවේ ඉන්න සියලුම ආනයනකරුවන් දන්නවා බඩු පිටරටින් ගෙන්වන්න ණයවර ලිපියක් අවශ්‍ය බව.
  • මේ ණයවර ලිපි ලෝකයේ අනෙක් රටවල් පිළිගන්නෙ නැතිනම් ජාත්‍යන්තරව අපේ රට විශ්වාස කරන්නේ නැත්නම් ඔවුන් කිසිම භාණ්ඩයක් මෙරටට නැව්ගත කරන්නේ නෑ.” ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9ක ණය අනුමත කිරීම සඳහා ද්වි පාර්ශ්වික ණය හිමියන්ගෙන් ණය සුරක්ෂිතභාවය පිළිබඳ සහතික අපේක්ෂා කරනු ලැබේ.
  • ඉන්දියාව එම සහතිකය ලබාදුන්නේ පසුගිය ජනවාරි 16දාය.
අකුරු ප්‍රමාණය (Font Size):

එමගින් සිදුවන්නේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා මහෝපකාරී වන ඇප වීමකි. පිළිගැනීමකි. එය පළමුව ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම සඳහා අත්‍යවශ්‍යය. ණය ප්‍රතිව්‍යූහගත කර නොගෙන ශ්‍රී ලංකාවට කිසිවක් කළ නොහැකිය.

 

bgd s


මේ පිළිබඳ ඇමති බන්දුල ගුණවර්ධන සරලව පැහැදිලි කරන්නේ මෙසේය: “කවුරු කැමති වුණත් නැතත් අපි ලෝකයේ වෙනත් රටවලින් ඛනිජ තෙල්, ගෑස්, පොහොර, රසායනික ද්‍රව්‍ය, ආහාර පාන, අමුද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර යනාදිය විදේශයන්ගෙන් ආනයනය කළ යුතුමයි. දේශපාලනඥයන් නොදන්නවා වුණාට ලංකාවේ ඉන්න සියලුම ආනයනකරුවන් දන්නවා බඩු පිටරටින් ගෙන්වන්න ණයවර ලිපියක් අවශ්‍ය බව. මේ ණයවර ලිපි ලෝකයේ අනෙක් රටවල් පිළිගන්නෙ නැතිනම් ජාත්‍යන්තරව අපේ රට විශ්වාස කරන්නේ නැත්නම් ඔවුන් කිසිම භාණ්ඩයක් මෙරටට නැව්ගත කරන්නේ නෑ.”
 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9ක ණය අනුමත කිරීම සඳහා ද්වි පාර්ශ්වික ණය හිමියන්ගෙන් ණය සුරක්ෂිතභාවය පිළිබඳ සහතික අපේක්ෂා කරනු ලැබේ. මේ වන විට ඉන්දියාව සහ පැරිස් සමාජය එම සහතික ලබාදී තිබේ. ඉන්දියාව එම සහතිකය ලබාදුන්නේ පසුගිය ජනවාරි 16දාය.

1956දී පිහිටුවන ලද පැරිස් සමාජය එය නිල ණය හිමියන්ගේ අවිධිමත් කණ්ඩායමක් වන අතර එහි කාර්යභාරය වන්නේ ණය ගැති රටවල් අත්විඳින ගෙවීම් දුෂ්කරතා සඳහා සම්බන්ධීකරණය කරන ලද සහ තිරසාර විසඳුම් සෙවීමයි.

පැරිස් සමාජයේ සාමාජිකයින් වන්නේ ජපානය, ප්‍රංශය, කොරියාව, ජර්මනිය, ඇමරිකා එක්සත් ජනපදය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, රුසියාව, ස්වීඩනය, ඔස්ට්‍රියාව, කැනඩාව, එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය, බෙල්ජියම සහ ඕස්ට්‍රේලියාවයි.

 



පැරිස් සමාජයේ නොවන ණය දුන් රටවල් අතර චීනය හා ඉන්දියාව ප්‍රධාන වේ. සෞදි අරාබිය, කුවේට්, හංගේරියාව, ඉරානය, පකිස්ථානය සහ බංග්ලාදේශය ද එයට ඇතුළත් වේ. හංගේරියාව ද ශ්‍රී ලංකාවට යහපත් ප්‍රතිචාර දක්වා හමාරය.

 

මේ අතරින් චීනයේ සහතිකය ඉතා වැදගත් වන අතර, මේ වන චීනය විසින් ලබාදී තිබෙන සහතිකය වන දෙවසරක් සඳහා වන ණය ආපසු ගෙවීම කල්දැමීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තෘප්තිමත් නොමැති බවක් දක්නට ලැබේ.

 

ශ්‍රී ලංකා රජය මේ හා සම්බන්ධ සාකච්ඡා දිගටම සිදුකරමින් සිටියි. එය අතිශය දුෂ්කර කාර්යයකි. ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කරන්නැයි ඉල්ලූ සැණින් දෝත බදාගෙන දෙන්නට කවුරුවත් බලාගෙන ඉන්නේ නැත. සියලු දෙනා සම තැනකට රැගෙන ආ යුතුය.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇපය මත ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම දැනට ශ්‍රී ලංකාවට තිබෙන තරමක් හෝ පහසු විසඳුමයි. වෙනත් විසඳුම් තිබේ නම්, ඒවා මීට වඩා බෙහෙවින් සංකීර්ණය. දැනට රජය සාර්ථක අන්දමින් කටයුතු කර තිබේ. ඒ සඳහා විදේශීය වශයෙන් කකුල් මාට්ටු දානවාට වඩා සිදුවන්නේ දේශීය කකුල් මාට්ටුය.

 

ශ්‍රී ලංකා රජයත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් අතර ගිවිසුමකට එළැඹීම කඩාකප්පල් කිරීම සජිත් ප්‍රේමදාසගේ දේශපාලන අරමුණ බව පෙනෙන ප්‍රකාශයක් පසුගියදා ඔහු මතුගමදී කළේය. සජිත් ප්‍රේමදාස පසුගියදා මතුගමදී කළ ප්‍රකාශය මෙසේය:

“IMF එකට මේ ආණ්ඩු ව ගහන කිසිම ගිවිසුමක් ක්‍රියාත්මක කරන්න සමගි ජන බලවේගයේ ආණ්ඩුව බැඳිල නෑ. IMF එකත් එක්ක ගනුදෙනු කරන්න ඕනෑ දෙකට තුනට හතරට නැමිලා නෙවෙයි. කොන්ද කෙළින් තියාගෙන කේසර සිංහයා වගේ. එහෙම IMF එකත් එක්ක ගනුදෙනු කළොත් ඔබට වාසි වෙන ආකාරයේ සහන ලබා ගන්නට පුළුවන්. නමුත් අද වන විට පොහොට්ටුවයි, අලියයි දෙගොල්ලම දීග කාගෙන IMF එක ළඟට ගිහින් වැඳ වැටිලා කියනවා IMF ස්වාමීනි, ඔබ කියන කරන හැමදේම අපි කොරඤ්ඤං කියලා. අපි එකක් කියනවා IMF එකට. ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට ජනවරමක් නැති ජනාධිපතිවරයෙක් ඉන්න මේ ආණ්ඩුව ගහන කිසිම ගිවිසුමක් කිසිම පොරොන්දුවක් ක්‍රියාත්මක කරන්නට සමගි ජන බලවේග ආණ්ඩුව බැඳිල නෑ කියන එක මං මේ අවස්ථාවේ කියනවා.”

 



ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කේසර සිංහයන් සේ ගනුදෙනු කළ හැක්කේ මනා ලෙස කළමනාකරණය කරන ලද ආර්ථිකයකට පමණි. ආර්ථිකයක් එසෛ් කළමනාකරණය කළා නම්, ඇත්තෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආර්ථිකය ගොඩගැනීම සඳහා ඇපකර ඉල්ලා යදින්නට අවශ්‍ය නැත.

මේ අතර, බලය සඳහා බලවත් ව්‍යාපාරයක යෙදී සිටින චීන හිතවාදී බවක් පෙන්වන දේශපාලන බලවේගයක් වන ජාතික ජන බලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම සම්බන්ධයෙන් මුළුමනින්ම නිහඬය.

සජිත් ප්‍රේමදාස මෙන් තමන්ගේ ආණ්ඩුවක් යටතේ කරන දේ ගැන වහසි බස් නොදෙඩීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පරිස්සම් වී තිබේ. එය හොඳ තත්වයකි. එහෙත්, චීනයේ මන්දගාමීත්වය ගැටලුවකි.



Ajith parakum J(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...