The Leader News
BREAKING
Top Ad
පුවත්

මුදල් ඇමති IMF සහාය අපේක්ෂාවෙන් !

T

The Leader Desk

January 28, 2022 • 3:36 PM

මුදල් ඇමති IMF සහාය අපේක්ෂාවෙන් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙලකට යාමට රජය සාකච්ඡා කරමින් සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.
  • ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ලන්ඩන්හි 'ෆයිනෑන්ෂල් ටයිම්ස්' සඟරාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.
  • ශ්‍රී ලංකාවට මේ වසරේ ඩොලර් බිලියන 6.9ක ණය ගෙවීම ඉතා දුෂ්කර බවත් ඖෂධ, අමුද්‍රව්‍ය, ඉන්ධන ඇතුළු සියල්ල සඳහා මුදල් සොයාගැනීමට සිදුවන බවත් මුදල් අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබුණි.
  • එහිදී අමාත්‍යවරයා පෙන්වාදී ඇත්තේ ශ්‍රී ලංකාව මේ වසරේ ගෙවීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලට අදාළ ණය සම්බන්ධයෙන් සහනයක් ලබාගැනීම සඳහා එම බැඳුම්කරහිමියන් සමග සාකච්ඡා කරමින් සිටින බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙලකට යාමට රජය සාකච්ඡා කරමින් සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ලන්ඩන්හි 'ෆයිනෑන්ෂල් ටයිම්ස්' සඟරාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් 'ෆයිනෑන්ෂල් ටයිම්ස්' පුවත්පත මුදල් අමාත්‍ය බැසිල් රාපපක්ෂ සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබුණි.

ශ්‍රී ලංකාවට මේ වසරේ ඩොලර් බිලියන 6.9ක ණය ගෙවීම ඉතා දුෂ්කර බවත් ඖෂධ, අමුද්‍රව්‍ය, ඉන්ධන ඇතුළු සියල්ල සඳහා මුදල් සොයාගැනීමට සිදුවන බවත් මුදල් අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබුණි.

එහිදී අමාත්‍යවරයා පෙන්වාදී ඇත්තේ ශ්‍රී ලංකාව මේ වසරේ ගෙවීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලට අදාළ ණය සම්බන්ධයෙන් සහනයක් ලබාගැනීම සඳහා එම බැඳුම්කරහිමියන් සමග සාකච්ඡා කරමින් සිටින බවය.

සියලු පාර්ශ්ව සමඟ සියලු විකල්ප සඳහා උත්සාහ දරන බව සඳහන් කර ඇති මුදල් අමාත්‍යවරයා, ණය පැහැර හැරීමෙන් වැළකී ආර්ථික අර්බුදය සමනය කිරීමට වෑයම් කරන බවද පෙන්වා දී තිබේ.
 
 
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙලකට යාමට ද රජය අදහස් කරන බවත් එම සාකච්ඡා ඉදිරියට යමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබූ තවත් විශේෂ කරුණකි.
 
 
බැඳුම්කර හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ගැන සාකච්ඡා කරන්නේදැයි නැඟූ පැනයට බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇත්තේ, එවැනි දෙයක් සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවන බවය.

'ෆයිනෑන්ෂල් ටයිම්ස්' පුවත්පත සඳහන් කරන්නේ බෙලීස්, සැම්බියාව සහ ඉක්වදෝරය වැනි රටවලට පසු ශ්‍රී ලංකාව ද වසංගත තත්ත්වයෙන් පසු සිය ස්වෛරී බැඳුම්කර ණය පැහැර හරින රටක් බවට පත්වනු ඇතැයි බොහෝ ආයෝජකයින් මත පළ කරන බවය.

චීනයෙන් සහ ඉන්දියාවෙන් අමතර ආධාර ලබාගෙන සංචාරක හා අපනයන ක්ෂේත්‍ර හරහා විදේශ මුදල් සංචිත ඉහළ නැංවීමෙන් රටට මෙම ඉරණම වළක්වා ගත හැකි යැයි ශ්‍රී ලංකා බලධාරීන් ද අවධාරණය කරන බව එම පුවත්පත පවසයි.

ශ්‍රී ලංකාවට මේ වසරේ අමෙරිකානු ඩොලර් බිලියන 6.9ක ණය ගෙවීම ඉතා දුෂ්කර තත්ත්වයක් බව තමන් දන්නේ යැයි සඳහන් කරන මුදල් අමාත්‍යවරයා ඖෂධ, අමුද්‍රව්‍ය, ඉන්ධන ඇතුළු සියල්ල සඳහා මුදල් සොයා ගැනීමට සිදුවන බවත් සඳහන් කර තිබුණි.


(adaderana.lk)


මුලාශ්‍ර පුවත :

Sri Lanka ‘trying all options’ to avoid default, says finance ministerr




Leader Whats app


 
 

තෙල් ඉතිරියට වල් තියරියක් ! |මොණරවිලගේ ලියමන


 
අගමැතිට ප්‍රතිකාර කළ සැග වූ දොස්තර ? | අද ගොසිප් එක
 


வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...