The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

IMF ණය අනුමතයි - (ජයසිරි අලවත්ත)

T

The Leader Desk

March 22, 2023 • 4:49 AM

IMF ණය අනුමතයි - (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ගමේ (නුගේගොඩට ආසන්න ගං ගොඩක් එක්ක විලක් තිබුණු පැත්තක) හිටිය සල්ලි තිබුණ, දේපළ තියෙන ‘‘ප්‍රභූ’’ යැයි සැලකෙන පවුලක්.
  • මෙන්න මෙහෙම කාලෙ ගෙවද්දි අර බාල පුතාගෙ පවුලට (බිරිඳට) අනාගතේ ගැන බියක් ඇතිවුණා.
  • නියම කතාව තියෙන්නෙ මෙතන ඉඳල.
  • එයාගෙ බිරිඳත් එයාට ම ගැළපෙන නිසා දෙන්න අතර ප්‍රශ්න ඇතිවුණෙත් නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):



කතාව මෙහෙමයි.

මේ ගමේ (නුගේගොඩට ආසන්න ගං ගොඩක් එක්ක විලක් තිබුණු පැත්තක) හිටිය සල්ලි තිබුණ, දේපළ තියෙන ‘‘ප්‍රභූ’’ යැයි සැලකෙන පවුලක්. මං මේ කියන කාලවකවානුවෙදි හිටියෙ ඒ පරම් පරාවෙ පස්වෙනි හෝ හයවෙනි කාණ්ඩයේ අම්මයි තාත්තයි හයවෙනි හෝ හත්වෙනි කාණ්ඩයේ දරුවොයි. මේ අම්මයි තාත්තයි දන්න කාලෙක ඉඳල කිසිම රැකියාවක නිරත වෙලා නෑ. පවුලෙ හිටියෙ දූලා දෙන්නයි පුතාලා දෙන්නයි. මේ සිද්ධිය වෙන කාලෙ දුලා දෙන්න කසාද බන්දලා, ඒ අයට අයිතියි කියන්න පුළුවන් යම් යම් දේපළ ප්‍රමාණයකුත් පවරල අවසන් කරලයි තිබුණෙ. ඒ නිසා ඒ බරෙන් වැඩිහිටි දෙන්නා නිදහස්. හැබැයි මේ වැඩිහිටියො දෙන්න මේ හැම දෙයක් ම කරේ එයාලට තිබුණ දේපළ විකුණල ගත්තු සල්ලිවලින්. එයාල කෑවෙ බිව්වෙ, විනෝද වුණේ, සුරා සූදුවට යෙදව්වෙත් මේ දේපළ විකුණලා ගන්න මුදල්.

කාලයක් යද්දි මේ අයගෙ දේපළ බොහොමයක් අන්සතු වෙමින් පැවතුණා. මොකද පවුලේ අම්මයි තාත්තයි දෙන්න ම සුරාවට වගේ ම සුදුවටත් ඇබ්බැහි වෙලා හිටියා. ආයෙත් කියනවා... අම්මයි තාත්යි දෙන්න ම සුරාවටයි සූදුවටයි දෙකට ම ඇබ්බැහි වෙලා හිටියා. කොල්ලො දෙන්නා හරියකට ඉගෙන ගත්තෙත් නෑ. මම මේ කියන්නෙ අසුව දශකයේ අවසාන අදියර. නිකං හිතන්නකො... 87-90 වගේ කාලෙ. දැන් අක්කල දෙන්නත් කසාද බැඳපු නිසා මේ අයිය මලෝ දෙන්නත් කසාද බැන්දා. ඒ ප්‍රිය සම්භාෂණවලට වියදම් කරෙත් හම්බ කරපු සල්ලි නෙවෙයි. තවත් දේපළ විකුණපු සල්ලි. දැන් මේ පුතාල දෙන්න බැන්දට පස්සෙ හිටියෙත් මහ ගෙදර. එයාල හරි ජොලියෙ ඉන්නවා. මොකද හැම දෙයක් ම ණයට ගන්නවා. ඒ කියන්නෙ සිල්ලර බඩු කඩෙන් කැම බීම, මාළු විකුණන කෙනාගෙන් මාළු, කිරි විකුණන කෙනාගෙන් කිරි, එළවළු පලා විකුණන කෙනාගෙන් එළවළු පළා, පත්තර විකුණන මිනිහගෙන් පත්තර යනාදි හැම දෙයක් ම ණයට අරගෙන මාස කිහිපෙකට පස්සෙ ඉඩං කැල්ලක් විකුණල ඒ ණය ගෙවනවා. ඒ විතරක් නෙවෙයි ලොතරැයි විකුණන කෙනාගෙන් ලොතරැයි ගත්තෙත් ණයට.

මෙන්න මෙහෙම කාලෙ ගෙවද්දි අර බාල පුතාගෙ පවුලට (බිරිඳට) අනාගතේ ගැන බියක් ඇතිවුණා. ඒ බිය සාධාරණයි. එයා එයාගෙ සැමියට යෝජනාවක් ගෙනාවා ඒ පවුලට අයිති වටිනා ම ඉඩමක් විකුණන්න යෝජනා කරන්න කියල. හැබැයි ඒ ඉඩම විකුණන සල්ලිවලින් කොටසක් එයාලට ඕන කියල. ඒ සල්ලි යොදවල ටිකක් දුරකට වෙන්න ඉඩම් කැල්ලක් හරි ගෙයක් හරි ගමු කියල. බාල පුතා මේ යෝජනාව අම්මටයි තාත්තටයි කිව්ව ම ඒ අය කැමති වුණා. මොකද එයාල ඉඩම් විකුණන්න හරිම දක්ෂයො. ඒ අතරෙ ලොකු පුතා කිව්ව එහෙම නම් ඒ සල්ලිවලින් කොටසක් එයාලටත් දෙන්න. එතකොට එයාලත් වෙනම ම ගෙයක් අරගෙන යන්නම් කියල. කොහොම හරි වැඩි දවසක් නොගිහින් ඉඩම සෑහෙන මිලකට විකුණල පුතාල දෙන්නටත් සල්ලි දීල මේ ජෝඩුවත් එයාලගෙ සුඛ විහරණයට සල්ලි ටිකක් වෙන් කරගත්තා.

නියම කතාව තියෙන්නෙ මෙතන ඉඳල.

පොඩි පුතා සල්ලි ලැබුණ ගමන් ම ටිකක් දුරකින්, ඒ ගමට යන එන ප්‍රධාන පාරෙ පිහිටපු (උම්ත්තක අය සුව කරන පන්සලක් තියෙන ගමක) පරණ ගෙයක් එක්ක ඉඩමක් ගත්ත. ඒ ගේ හදාගන්නකන් ඉඩම ගත්තු පැත්තෙන් ම පොඩි ගෙයක් කුලියට ගත්ත. ඒ වෙනුවට ලොකු පුතා කරේ කොළඹ හතේ කුරුදුවත්තෙන් ඒ කාලෙ හැටියට මාසෙකට රුපියල් ලක්ෂයක මාසෙ කුලියකට ගෙවල ගෙයක් ගත්ත. එහෙම අරගෙන නිකං හිටියෙ නෑ. අඩුම වශයෙන් සතියට දවස් දෙක තුනක්වත් ප්‍රිසම්භාෂණ පැවැත්තුවා. කාල බීල ජොලි කරා. එයාගෙ බිරිඳත් එයාට ම ගැළපෙන නිසා දෙන්න අතර ප්‍රශ්න ඇතිවුණෙත් නෑ. පොඩි පුතා ගත්තු ඉඩමෙ තිබුණ පරණ ගේ කඩල කඩකාමර දෙකක් සහිත මහල් ගොඩනැගිල්ලක් හැදුව.

අවුරුද්දක් විතර ගෙවෙද්දි ලොකු පුතාගෙ සල්ලි ඉවර වුණා. ඒ අවුරුද්ද පුරා ප්‍රිය සම්භෂණවලට ආ ගිය මිතුරොත් නැති වුණා. ලක්ෂයක කුලියට ගත්තු ගෙදරින් යන්නත් වුණා. හැබැයි ඒ වෙද්දි එයාලට වෙන ගෙයක් වෙනුවෙන් ගෙවන්න අත්තිකාරම් මුදලක්වත් ඉතුරු වෙලා තිබුණෙ නෑ. මල්ලි නම් කඩ කාමර දෙක සහිත මහල් නිවාසෙ පහළ මාලෙ සිල්ලර කඩයක් පටන්ගත්ත. අනිත් කඩ කාමරෙත් කුලියට දුන්න. ඉහළ මාලෙත් කුලියට දුන්න. එයාල පදිංචි වුණේ ඒ ගොඩනැගිල්ලෙම කඩ කාමර දෙකට පිටුපස්සෙන් හදපු කාමර කැලි දෙක්ක සහිත පුංචි ගෙදර.

මෙන්න මේ අතර ලොකු පුතා ආයෙත් මහගෙදර එන්න ට්‍රයි කරද්දි එයාගෙ පවුල ඒකට බැහැ ම කියල කිව්ව. අන්තිමේදි මොකද දන්නවද වුණේ...? මෙයාලගෙ සීය ජීවතුන් අතර ඉන්න කාලෙ ගමේ මරණාධාර සමිතියට පවරලා තිබුණ (මේ වෙද්දි ඒ ඉඩමෙ සමිති ශාලාවකුත් හදල තිබුණ) ඉඩමෙ පදිංචි වුණා. ගමේ අයත් මේ පවුල ගැන හොදට ම දන්න නිසා මරණාධාර සමිති ගොඩනැගිල්ල ගැන අදහස අතහැරල දැම්මා. එදා ඉඳන් ලොකු පුතයි එයාගෙ පවුලයි අර මරණධාර සමිති ගොඩනැගිල්ල එයාලගෙ ගෙදර බවට පත් කරගත්තා. මේ වෙද්දිත් එයාල ඉන්නෙ ඒ ගොඩනැගිල්ලෙ. හැබැයි එයාලගෙ දරුවො දෙන්න නම් දැන් ලොකු මහත් වෙලා, කසාද බැඳල, ජීවත් වෙන්න පුළුවන් ප්‍රමාණයෙ රැකියාවල නිරත වෙලා ඉන්නවා. එයාලටත් දරුවො ඉන්නවා. අර ජෝඩුව වයසට ගිහිල්ලත් තවම මරණාධාර සමිති ගොනැගිල්ලෙමයි. එයාලගෙ පුතයි දුවයි නම් කියල තියෙන්නෙ අම්මයි තාත්තයි මැරුණට පස්සෙ ආයෙත් ඒ ගොඩනැගිල්ල පුන්‍ය කටයුත්තකට ම පරිත්‍යාග කරනවා කියල.

ආ... දැන් මල්ලි ගැන කියන්න බැරි වුණා නෙ... ඇත්තට එයා දැන් එයා පදිංචියට ගියපු ප්‍රදේශයේ වැදගත්, සල්ලිකාරයෙක්. ඒ දෙන්නගෙ දරුවොත් ඉහළ ආදායම් ලබන ආයතන දෙකක ඉහළ නිලධාරියො. මගේ කතාව එච්චරයි. ඒ කියන්නෙ ඉවරයි.

ආයෙත් මතතක් කරන්නම්...

IMF ණය අනුමතයි...


jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com

2023/03/22


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...