The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

IMF පාර වහන්න පුළුවන් කාට ද? - (රජිත් කීර්ති තෙන්නකෝන්)

T

The Leader Desk

March 21, 2023 • 5:12 AM

IMF පාර වහන්න පුළුවන් කාට ද? - (රජිත් කීර්ති තෙන්නකෝන්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බොහෝ දෙනා මේ ණය කොන්දේසි හෝ ඉදිරි ක්‍රියා මාර්ග ගැන නොදනී.
  • එය ඉතිහාසයේ මෙයට පෙර අවස්ථා හය(6) ක දී සිදු වූ ලෙස කඩාකප්පල් කර ගත හැක්කේ කාට ද?
  • මේ මාස 48 ක ණය ව්‍යාපෘතියේ මුළු වටිනාකම ඩොලර් බි.
  • සාර්ව ආර්ථික ස්ථාවරත්වය, 2.
අකුරු ප්‍රමාණය (Font Size):

බොහෝ දෙනා මේ ණය කොන්දේසි හෝ ඉදිරි ක්‍රියා මාර්ග ගැන නොදනී. බොහෝ දෙනා ‘ඩොලර් ණය‘ යැයි කියන extended Fund Facility (EFF) ය කුමක් ද? එය ඉතිහාසයේ මෙයට පෙර අවස්ථා හය(6) ක දී සිදු වූ ලෙස කඩාකප්පල් කර ගත හැක්කේ කාට ද? යන්න විමසා බැලිය යුතුය.

මේ මාස 48 ක ණය ව්‍යාපෘතියේ මුළු වටිනාකම ඩොලර් බි. 3 කි. එය ඇසුරේ මුළු වටිනාකම ඩොලර් බි. 7 කි.


1. සාර්ව ආර්ථික ස්ථාවරත්වය,

2. ණය ස්ථාවරත්වය ඇති කිරීම

3. මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම

4. ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම,

යන මුලික කරුණු 4 කින් එය සමන්විතය.

ණය මුදල හෝ ඒ ඇසුරේ පවතින ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු, ද්වි පාර්ශවික හෝ බහු පාර්ශවික සහනයන් ලබා ගැනීමට ලංකා රාජ්‍යය විශාල කැපවීමක්/වැඩ කොටසක් සිදු කළ යුතුය. ඒවා මෙසේය.

# පළමුවැන්න, ප්‍රතිසංස්කරණ සිදුකිරීම ය.  මුදල් ලේකම් සහ මහ බැංකු අධිපතිවරයාට ඉවක් බවක් නැතිව සල්ලි අච්චු ගැසීමට ඇති හැකියාව නැති කිරීම (2019 මංගල සමරවීර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ, එදා සම්මත කර ගත නොහැකි වූ ‘නව මුදල් පනත‘ සම්මත කර ගැනීමේ සිට තවත් මුලිකාංග කිහිපයකි.  (දැනටමත් විමල්, ගම්මන්පිල කණ්ඩායම මෙයට විරෝධය පළ කර ඇත)  

# දෙවැන්න, ලංකාවේ අය වැය ඉලක්කවලින් යථාර්ථවාදී ආදායම් කිසිදා ලැබුණේ නැත.  ඇත්තටම ලැබෙන ආදායම් (බදු) මත වියදම පාලනය කිරීම හෙවත් (අභිලාෂකාමී ආදායම් මත පදනම් වූ මූල්‍ය ඒකාග්‍රතාව) ඇති කර ගැනීම අවශ්‍ය ය.

# තෙවැන්න, දැනට ක්‍රියාත්මක ප්‍රගතිශීලී බදු ප්‍රතිසංස්කරණ (උපයන විට ගෙවීමේ බද්ද, ආදායම් බද්ද, වැට් ආදී) 2019 දී අතහැර දමන ලද බදු නැවත පැනවීම හා ඉදිරියට ගෙන යාම අත්‍යවශ්‍ය ය. (දැනටම, උපයන විට බදු නොගෙවන ගුරුවරු, සංවර්ධන ආදී කේෂ්ත්‍ර පවා මෙරට වැඩිම වැටුප් ලබන 2.7% ක පිරිසට බදු සහන ලබාදෙන ලෙස එක් දින වැඩ වර්නයක් පවත්වා ඇත)

# සිව්වෙනුව, මේ වන විට සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින්  ක්‍රියාත්මක කරමින් සිටින සමීක්ෂණය වැනි විද්‍යාත්මක ක්‍රමයකට සැබෑ දුප්පතුන්ට සහන සැලසිය යුතු අතර, ව්‍යාජ ලෙස සහන ලබන පිරිස එයින් ඉවත් කළ යුතුය. (සමාජ ආරක්ෂණ දැල් ශක්තිමත් කළ යුතුය)  (දැනටම ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති මේ සමීක්ෂණයෙන් ඉවත්වී එය කඩාකප්පල් කිරීමට උත්සහ දරයි)

# පස්වනුව,  බදු පරිපාලනය, රාජ්‍ය මූල්‍ය සහ වියදම් කළමනාකරණය සහ බලශක්ති මිලකරණය පිළිබඳ තිරසාර මූල්‍ය ආයතනික ප්‍රතිසංස්කරණ සිදු විය යුතුය.  වැඩිමිලට විදුලිය නිශ්පාදනය කර අඩු මිලට බෙදා හැරීම, සංස්ථා සේවකයින්ට අතිකාල ගෙවීම, නාස්තිය, දුෂණය වැලැක්වීමට පියවර ගත යුතුව ඇත. (තෙල් සංස්ථාව, විදුලිය, ප්‍රවාහන සේවා ප්‍රතිසංස්කරණ කිරීමට එරෙහිව වැටුපට වඩා තුන් ගුණයක් අතිකාල ලබන වරාය, විදුලිබල, ඛනිජ තෙල් වැනි ආයතන වැඩවර්ජන සිදු කරයි)

# හයවනුව, ලංකාව ලෝකයට බිලියන 56 ක් ණය ජාතියකි. අපගේ ණය විසින් ලංකාවට අනුග්‍රහයක් ලෙස අපේ ණය බර (සාධාරණ ආකාරයකට) බෙදා ගැනීමට යොමු විය යුතුය. ණය හෝ පොළිය කැපීම, ණය ගෙවිමේ කාලය දිගු කිරීම එහි දී සිදුවේ. ලංකාවේ ප්‍රමුඛ ණය හිමියන් සියළු දෙනා දැන් එයට එකඟවී ඇත. ආණ්ඩුව ණය ලබාගෙන ඇති දේශීය ආයතනය ද එම එකඟතාවට අනුව කටයුතු කිරීමට සිදු විය හැකිය.

# හත්වනුව, උද්ධමන පාලන උපාය මාර්ගයට කැපවීම.  මාස 7 කට පෙර ලෝකයේ දෙවන වැඩිම උද්ධමනය (130%) ලංකාව අද එම ලැයිස්තුවේ 18 වන ස්ථානයට පැමිණ ඇත. රටේ බඩු මිල පාලනය වී ඇති බව හැමෝටම දැනෙන දෙයකි. එය දිගටම පවත්වාගෙන ගොස් වසර අවසානය වන විට තනි ඉලක්කමක් බවට පත් කිරීම මෙහි දී අතිශයින් වැදගත්ය.

# අටවනුව,  වැඩි විනිමය අනුපාත නම්‍යශීලීභාවය ලබා ගැනීම සඳහා ඩොලර් සංචිතය වැඩි කර ගැනීමට ලංකාවට සිදුවේ.  ඩොලර් මිලියන  5 ක් නොතිබූ සංචිතය මේ මාස 6 තුල ඩොලර් බිලියන 3 දක්වා වර්ධනය කර ගැනීමට රජය/මහ බැංකුව සමත් වී ඇත. අත්‍යවශ්‍ය නොවන දෑ සඳහා ඩොලර් වැය නොකිරීම, අපනයන හා ඩොලර් ආදායම් ලබන සේවා වැඩි කිරීමට රජයට අනිවාර්යයෙන්ම සිදු වනු ඇත. (රුපියල ශක්තිමත්වන විට එයට විරෝධය පළ කරන, ඩොලර් එවන්න එපා කියන පිරිසක් රටේ ඇත)

# නමවනුව, මේ ලෝකයේම බැංකු කඩා වැටෙන යුගයකි.  ප්‍රමාණවත් ලෙස ප්‍රාග්ධනීකරණය වූ බැංකු පද්ධතියක් පවත්වා ගැනීම ලංකාවට වැදගත් වේ. රාජ්‍ය ගිණුම් නොමැතිව ලංකා, මහජන බැංකු දෙකට පැවතිය නොහැකිය. වර්ජන තර්ජන වැනි දේශපාලනික උපක්‍රම වෙනුවට වෙළඳපල සාධක මත කටයුතු කිරීමට රාජ්‍ය - පුද්ගලික දෙඅංශයටම සිදු වනු ඇත. (මහජන බැංකුවේ පැවැත්වම වඩා දේශපාලන අරමුණ ඉදිරියෙන් තැබූ මහජන බැංකු සේවකයින් ඇත)

# දසවනුව, මහ බැංකුව විසින් බැංකු ප්‍රාග්ධනීකරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සහ මූල්‍ය අධීක්ෂණය සහ අර්බුද කළමනාකරණ රාමුව ශක්තිමත් කිරීමට පියවර ගැනීම අනිවාර්ය වේ.  නීති විරෝධී කටයුතු පාලනය, ඒ අතර මුලික වේ.

# එකොලොස්වනුව,  විස්තීරණ දූෂණ-විරෝධී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය මෙහෙයවීම IMF හා වෙනත් ජාත්‍යන්තර ආයතන විසින් ලබාදෙන ජාත්‍යන්තර නිර්ණායක අනුව සිදු කළ යුතුය.

ලංකාවට තවදුරටත් රාජ්‍ය සේවයට තොග වශයෙන් බඳවා ගැනීම් සිදු කළ නොහැකි වනු ඇත. පාඩු ලබමින් බදු මුදලින් යැපෙන ආයතන වසා දැමීමට සිදුවනු ඇත. (දැනටමත් එවැනි ආයතන, කොමිෂන් 100 ක් හදුණාගෙන ඇත)

දස දහස් ගණන් වන වැඩක් නොකර පඩි ලබන පිරිස ඉවත් කළ ඒ වෙනුවට ඔවුන් එලදායි වෙනත් රැකියාවන්හි නිරත කළ යුතු වනු ඇත. නැතිනම්, පූර්ණ ප්‍රතිසංස්කරණයකට (පුද්ගලික අංශය සමඟ එක්වී) යා යුතුය.

අදායම් ඇතත් සමෘද්ධි බලන පිරිස වෙනුවට ඇත්තටම සහන අවශ්‍ය පිරිසකට කන්නට හා ජීවත්වන්නට ආධාර බෙදිය යුතුය. (දේශපාලන බලයෙන් සමෘද්ධි ලබන පිරිස එයට එරෙහි වනු ඇත)

මේ සියල්ල සරළ හෝ පහසු හෝ නැත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලංකාවට දුන් ණය සහන 6 ක් අතරමඟ ඉවත් කර ගත්තේය. කඩකප්පල් විය.

අද අප සිටින්නේ ඒ සියල්ලට වඩා දුෂ්කර අවස්ථාවක ය. දැන් අපට යන්නට IMF මාවත තිබේ. එයට අකමැති නම් නැවත, මාස 6 කට පෙර පෝලීමේ මැරී වැටුණු යුගයට නැවත යා හැකිය.  ඉන්ධන ගෑස් නැති යුගයට යා හැකිය.



Rajith Keerthi(රජිත් කීර්ති තෙන්නකෝන්)
ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු)

rajith_tennakoon@yahoo.com


  JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...