The Leader News
BREAKING
වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●
Top Ad
පුවත්

IMF අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් පසු හිටපු අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් !

T

The Leader Desk

February 15, 2022 • 9:09 AM

IMF අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් පසු හිටපු අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගොඩඒමට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ගතහැකි මුලික ක්‍රියාමාර්ග පිළිබඳවත් තමා රට හමුවේ විශේෂ ප්‍රකාශයක් කරන බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.
  • ආර්ථික ක්ෂේත්‍රය පිලිබඳ ජාතික හා ජාත්‍යන්තර විද්වතුන් රැසක් සමග පසුගිය දින කිහිපයේ තමා සාකච්ජා පැවැත්වූ බවත්, රට මුහුණදී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගත් බවත් රනිල් වික්‍රමසිංහ පවසයි.
  • හිටපු අගමැතිවරයා එම කාරණා සඳහන් කර ඇත්තේ, සිවිල් සමාජ ක්‍රියාකාරී තරුණ තරුණියන් පිරිසක් ඊයේ (14) දහවල් ඔහුගේ නිවසේදී හමුවූ අවස්ථාවේදීය.
  • මේ සම්බන්ධයෙන් සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ මැදිහත්වීම බෙහෙවින් අගයකර ඇති රනිල් වික්‍රමසිංහ, රටේ ආර්ථික හා මුල්‍ය අර්බුදයට ආණ්ඩුව හා විපක්ෂය එක්වී පාර්ලිමේන්තුව තුලින්ම විසඳුමක් සොයා ගැනීමේ අවශ්‍යතාවය මෙහිදී දැඩි ලෙස අවධාරණය කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ගොඩඒමට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ගතහැකි මුලික ක්‍රියාමාර්ග පිළිබඳවත් තමා රට හමුවේ විශේෂ ප්‍රකාශයක් කරන බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ආර්ථික ක්ෂේත්‍රය පිලිබඳ ජාතික හා ජාත්‍යන්තර විද්වතුන් රැසක් සමග පසුගිය දින කිහිපයේ තමා සාකච්ජා පැවැත්වූ බවත්, රට මුහුණදී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගත් බවත් රනිල් වික්‍රමසිංහ පවසයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් පසු තමා ආණ්ඩුවේ හා විපක්ෂයේ ප්‍රධානින් කිහිප දෙනෙකු මෙන්ම මෙරට ප්‍රකට ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු හමුවී රට ගොඩනැගීමට අවශ්‍ය මුලික රාමුවක් ඇතිකර ගැනීමට අදාල සාකච්ජා වට කිහිපයක් පැවැත්වීමට අදහස් කර සිටින බවද හිටපු අගමැතිවරයා කියා සිටියි.

හිටපු අගමැතිවරයා එම කාරණා සඳහන් කර ඇත්තේ, සිවිල් සමාජ ක්‍රියාකාරී තරුණ තරුණියන් පිරිසක් ඊයේ (14) දහවල් ඔහුගේ නිවසේදී හමුවූ අවස්ථාවේදීය.

මේ වන විට රට මුහුණපා ඇති දැවැන්ත ආර්ථික අර්බුදයට තිරසාර විසදුමක් ලබා දීම සඳහා රජය වහාම කටයුතු කළ යුතු බව දක්වමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් විසින් නිකුත්කර ඇති ඒකාබද්ධ නිවේදනයට අත්සන් නොකළේ ඇයිදැයි එම සාකච්ජාවට සහභාගී වී සිටි තරුණියක් කල විමසීමේදී රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා පවසා ඇත්තේ, IMF වර්තාව මෙන්ම රාජ්‍ය ණය සහ ණය සේවා පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුව ට ලැබිමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂය හා විපක්ෂයේ සියලු ම කාණ්ඩයම් සමග සාකච්ඡා කර පොදු  ස්ථාවරයක් ඇතිකර ගැනීම වඩාත් පලදායක වියහැකි බවයි.

මේ සම්බන්ධයෙන් සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ මැදිහත්වීම බෙහෙවින් අගයකර ඇති රනිල් වික්‍රමසිංහ, රටේ ආර්ථික හා මුල්‍ය අර්බුදයට ආණ්ඩුව හා විපක්ෂය එක්වී පාර්ලිමේන්තුව තුලින්ම විසඳුමක් සොයා ගැනීමේ අවශ්‍යතාවය මෙහිදී දැඩි ලෙස අවධාරණය කර ඇත.


''ජාතික ආණ්ඩු හදලා වැඩක් නෑ''


කෙසේවුවද රට මුහුණදී සිටින අර්බුදයට ජාතික ආණ්ඩු හැදීමෙන් පලක් නොවන බව හිටපු අගමැතිවරයා පවසයි. ඔහු එබව කියා සිටියේ, දිවංගත අමාත්‍ය මංගල සමරවීර මහතා පිළිබඳ පසුගිය සිකුරාදා (පෙබ.11) පාර්ලිමේන්තුවේ පැවති ශෝක යෝජනා විවාදයේදීය.

ඔහු එහිදී මෙසේ පැවසිය.  

''අද විශේෂයෙන්ම මේ විශාල ආර්ථික අර්බුදයක ඉන්න ලංකාවේ අපිට පුළුවන් වෙන්න ඕනේ අඩුගානේ මුලික පියවර ගැන එකගත්වයකට එන්න. අපි කියන්නෑ ජාතික ආණ්ඩු හදන්න කියල.. ඒවා කරලා වැඩක් නෑ.

 එත් අපිට පුළුවන් ද මේ අවස්ථාවේදී රට ගොඩනගන මුලික එකඟතාවය කුමක්ද කියලා හිතල බලන්න.


''මමනම් යෝජනා කරන්නේ අපිට මංගල සමරවීර මැතිතුමා වෙනුවෙන් කරන්න පුළුවන් හොදම ගෞරවය තමයි, අපි ඔක්කොම එකතුවෙලා ප්‍රශ්නවලට තියෙන විසදුම් මොකද්ද ? කොතෙන්නද එකඟවෙන්නේ කියල සොයා බැලීම .'' හිටපු අගමැතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.





සබැඳි පුවත් :


සුමන්තිරන් කැඳවූ සාකච්ඡාවකින් පසු ඒකාබද්ධ නිවේදනයක් - තිස්ස විතාරණත් අත්සන් කරයි



Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...