The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
පුවත්

ශ්‍රී ලංකාව අස්ථාවර වීමේ බරපතල අවදානමක - IMF කියයි

T

The Leader Desk

March 4, 2022 • 12:26 AM

ශ්‍රී ලංකාව අස්ථාවර වීමේ බරපතල අවදානමක - IMF කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුල්‍යායතනයක් රට අස්ථාවර වීම වැලැක්වීම සඳහා බදු සහන අත් හිටුවා, මුදල් අච්චු ගැසීම නවත්වා, ඩොලරයේ අනුපාතය වෙළෙඳපොලට තීරණය කිරීමට ඉඩ සලසන ලෙසට අවවාද කරයි.
  • “දරාගත නොහැකි මට්ටමකට ඉහල ගොස් ඇති රාජ්‍ය ණය, පහල වැටී ඇති ජාත්‍යන්තර සංචිත සහ ඉදිරි වර්ෂවල දිගටම සම්පාදනය කළ යුතු සුවිශාල මුල්‍ය අවශ්‍යතා ඇතුළු ගොඩගැසෙන අභියෝගවලට රට මුහුණ පා සිටී,” යි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය පවසා තිබේ.
  • දිවයිනට පැමිණි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දූත මංඩලය සමග ආණ්ඩුවේ සාකච්ඡා හමාර වී ඇත්තේ පෙබරවාරි 25 දාය.
  • ණය බරින් ගැලවීම සඳහා විසඳුම් සෙවීමේදී අඩු හැකියාවන් සහිත පුද්ගලයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද සැලකිලිමත් වන ලෙස මුල්‍ය අරමුදල ඉල්ලා සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):

මුල්‍යායතනයක් රට අස්ථාවර වීම වැලැක්වීම සඳහා බදු සහන අත් හිටුවා, මුදල් අච්චු ගැසීම නවත්වා, ඩොලරයේ අනුපාතය වෙළෙඳපොලට තීරණය කිරීමට ඉඩ සලසන ලෙසට අවවාද කරයි.  

ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග පවත්වනු ලබන වාර්ෂික ද්විපාර්ශවික හමුවෙන් පසුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) විසින් වොෂින්ටන් නුවරින් ප්‍රසිද්ධියට පත් කරන ලද විග්‍රහය අනුව රටේ අනාගතය එතරම් සුබපලදායී නොවේ.

“දරාගත නොහැකි මට්ටමකට ඉහල ගොස් ඇති රාජ්‍ය ණය, පහල වැටී ඇති ජාත්‍යන්තර සංචිත සහ ඉදිරි වර්ෂවල දිගටම සම්පාදනය කළ යුතු සුවිශාල මුල්‍ය අවශ්‍යතා ඇතුළු ගොඩගැසෙන අභියෝගවලට රට මුහුණ පා සිටී,” යි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය පවසා තිබේ.

දිවයිනට පැමිණි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දූත මංඩලය සමග ආණ්ඩුවේ සාකච්ඡා හමාර වී ඇත්තේ පෙබරවාරි 25 දාය.

ණය බරින් ගැලවීම සඳහා විසඳුම් සෙවීමේදී අඩු හැකියාවන් සහිත පුද්ගලයන්ගේ ආරක්ෂාව  සම්බන්ධයෙන්ද සැලකිලිමත් වන ලෙස මුල්‍ය අරමුදල ඉල්ලා සිටී.

“මේ පසුබිම සැලකිල්ලට ගත්කල, ශක්තිමත්, මනා සේ ඉලක්කගත සමාජ ආරක්ෂණ ජාල යොදාගෙන අවදානමට මුහුණපා සිටින කණ්ඩායම් ආරක්ෂා කරමින්,  සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය දරාගත හැකිවීම සඳහා විශ්වසනීය සහ සංගත උපාය මාර්ගයක් ක්‍රියාවේ යෙදවීමේ හදිසි අවශ්‍යතාව,” IMF අධ්‍යක්ෂ මණ්ඩලය අවධාරණය කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූ අලුත 2019 අගදී දෙන ලද සුවිශාල බදු සහන, ඉන් අනතුරුව පැමිණි වසංගතය සමග ආදායම් බිඳ වැටීම සහ වසංගතයට මුහුණ දීමට දරන ලද වියදම් නිසා පසුගිය දෙවසර තුල ආණ්ඩුවේ ආදායම දළ ජාතික නිශ්පාදිතයෙන් සියයට 10ක හිඟයක් දක්වා බිඳ වැටුණු  බව ඔවුහු පෙන්වා දෙති. බදු සහන දීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය දිගටම පවත්වාගෙන ගියොත් එය අවුරුදු හතරක්වත් අහිතකර ලෙස බලපානු ඇති බවට ඔවුහු අනතුරු අඟවති.


“වර්තමාන ප්‍රතිපත්ති සහ බදු කප්පාදු එලෙසම පවත්වාගෙන යාමට බලධාරීන්ගේ ඇති කැපවීම යටතේ රාජ්‍ය මුදල් හිඟය 2022-26 විශාල ලෙසම පවතිමින්, මධ්‍යම කාලීන වශයෙන් රාජ්‍ය ණය තවත් ඉහල යනු ඇතැයි ප්‍රක්ෂේපනය කෙරේ.”

අගය එකතු කළ (වැට්) බද්ද  සහ ආදායම් බද්ද යොදාගෙන බදු එකතු කරන ලෙස IMF ඉල්ලා සිටී.

2019 බදු කප්පාදුවේ ප්‍රතිපලයක් ලෙස ආදායම් බිඳ වැටීම හමුවේ “රාජ්‍ය ආදායමේ හිඟය පියවා ගැනීමට මහබැංකුව මුදල් යෙදවීමට” සල්ලි අච්චු ගැසීම අත් හිටුවන ලෙසට  යෝජනා කරන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල,  එසේ නොකරන්නේ නම්, ආර්ථික වශයෙන් රට අස්ථාවර වනු ඇති බව අවධාරණය කරයි.  

“රාජ්‍ය වියදම් සහ ගෙවුම් ශේෂ සඳහා මුදල් සැපයීම සාක්ෂාත් කර නොගන්නේ නම්, ආනයනයේ සහ පෞද්ගලික අය වර්ධනයේ සැලකිය යුතු හිරවීමක් හෝ  රාජ්‍ය ආදායමේ හිඟය පියවා ගැනීමට මහබැංකුව තවදුරටත් මුදල් යෙදවුවහොත් ආර්ථික අස්ථාවර භාවයක් හෝ අත් විඳීමට රටට සිදුවනු ඇත.”

ශ්‍රී ලංකාවේ විදේශ මුදල් සංචිත ඩොලර් බිලියන 2.36ක් දක්වා පහත වැටීම ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය ඇනහිටීමට දැනටත් බලපා ඇත. එහි ප්‍රතිපලයක් වශයෙන් මේ වනවිට දිනකට පැය හතහමාරක විදුලි කප්පාදුවක් බලපැවැත්වේ.



මේ අවුරුද්දේ පමණක් ගෙවිය යුතු ණය වාරිකය ඩොලර් බිලියන 4ක් වෙතැයි ගණන් බලා තිබේ.

රටේ පවතින ඩොලර් හිඟය ලිහිල් කිරීම සඳහා ජාත්‍යන්තර සංචිත නැවත ගොඩ නැගීමට නම් මහ බැංකුව විසින් පවත්වාගෙන යන විනිමය අනුපාතිකය වෙනුවට වෙළෙඳපොල විසින් තීරණය කෙරෙන පාවෙන විනිමය අනුපාතිකයක් කරා නැවත යා යුතු බව IMF නිර්දේශයයි.

ආර්ථිකයේ ප්‍රසාරණයක් ඇති කරගැනීම සඳහා කෙරෙන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් ලෙසින් ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රම  බලකාය වැඩි කිරීමේත්, තරුණ විරැකියාව අඩු කිරීමේත් අවශ්‍යතාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අවධාරණය කර තිබේ.

IMF 22 03 02

 

Leader Whats app

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලංකාව අස්ථාවර වීමේ බරපතල අවදානමක - IMF කියයි | The Leader