The Leader News
BREAKING
හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●
Top Ad
පුවත්

IMF නියෝජිතයෙක් ජනපති හමුවීමට එයි

T

The Leader Desk

March 14, 2022 • 5:11 AM

IMF නියෝජිතයෙක් ජනපති හමුවීමට එයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම නියෝජිතයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමු වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
  • ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තක්සේරුව පිළිබඳ එම නියෝජිතයා ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා දැනුවත් කිරීමට නියමිත බවද එම මාධ්‍යවල සඳහන් වේ.
  • මේ අතර රට තුළ පවතින ඩොලර් අර්බුදයට සහ ඊට ගතයුතු ආර්ථික උපදෙස් ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉදිරියේදී අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.
  • එහිදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ කළමණාකරණය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමග මුදල් අමාත්‍යවරයා සාකච්ඡා කිරීමට නියමිත බව මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):



එම නියෝජිතයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමු වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තක්සේරුව පිළිබඳ එම නියෝජිතයා ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා දැනුවත් කිරීමට නියමිත බවද එම මාධ්‍යවල සඳහන් වේ.

මේ අතර රට තුළ පවතින ඩොලර් අර්බුදයට සහ ඊට ගතයුතු ආර්ථික උපදෙස් ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉදිරියේදී අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.

 එහිදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ කළමණාකරණය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමග මුදල් අමාත්‍යවරයා සාකච්ඡා කිරීමට නියමිත බව මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.


Responsive image

බදු අනුපාත ඉහළ නංවන්නැයි IMF නිර්දේශ කරයි



මේ අතර ලංකාදීප වාර්තා කර ඇත්තේ, ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු අනුපාත ඉහළ නංවන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව රජයට නිර්දේශ කර ඇති බවයි.

ශ්‍රී ලංකාවට පැමිණි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු සාමාජිකයන් ඉකුත් මාස දෙකේ කළ සාකච්ඡාවල වර්තාවක් රජයට ලබා දී ඇති අතර ,එමගින් නිර්දේශ මාලාවක්ද රජයට යෝජනා කර ඇත.

# බදු නිදහස් කිරීම් අවම කිරීමටත් ආදායම් පරිපාලනය ප්‍රතිසංස්කරණය කිරීමටත් එම නිර්දේශ මගින් යෝජනා කර තිබේ.

# සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය ස්ථාවරත්වය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා උපායමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි ද යෝජනා කර ඇත.

# රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිසංස්කරණය කරන ලෙසත්, පිරිවැය ආවරණය වන පරිදි බලශක්ති මිල ගණන් වැඩි කරන ලෙසත් එම කමිටුව රජයට නිර්දේශ කර තිබේ.

# ඉහළ යන උද්ධමනය පාලනය කිරීම සඳහා දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන කරන්නැයි ද යෝජනා කර ඇත .

# ජාත්‍යන්තර සංචිත නැවත ගොඩනැංවීම සඳහා වෙළඳපොළ විසින් තීරණය කරනු ලබන නම්‍යශීලී විනිමය අනුපාතිකයකට නැවත යොමුවන ලෙස ද කමිටුව යෝජනා කර ඇත .

# කොළඹ වරාය නගර ව්‍යාපෘතිය විචක්ෂණශීලී ලෙස කළමනාකරණය කිරීම සහ පාලනය ශක්තිමත් කිරීමටත් , දූෂණයට එරෙහිව සටන් කිරීමට අඛණ්ඩ උත්සාහයක් දරන ලෙසත් කමිටුව යෝජනා කර ඇත .


IMF වාර්තාව හංගල !


මේ අතර ඊයේ (13) කොළඹ පැවති ජනහමුවකදී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුයේ, ලංකාව සම්බන්ධයෙන් IMF ආයතනය විසින් ලබාදී ඇති නිර්දේශාත්මක වාර්තාව රජයේ බලධාරීන් විසින් සඟවාගෙන සිටින බවයි.

''IMF වාර්තාව ආණ්ඩුවට දීලා තියෙනවා. එත්, IMF  වාර්තාව පාර්ලිමේන්තුවට තාම දිලා නැ. ඇත්ත වශයෙන්ම එන සතියේදී රටේ ආර්ථික තත්ත්වය ගැන තියෙන සර්වපාක්ෂික සාකච්ඡාවට පෙර මේ සතියේ අපිට ඒවා ලබා දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. '' හිටපු අගමැතිවරයා පැවසිය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...