The Leader News
BREAKING
Top Ad
පුවත්

iPhone පරිශීලකයින්ට හදිසි ආරක්ෂක අනතුරු ඇඟවීමක් !

T

The Leader Desk

December 30, 2025 • 3:08 PM

 iPhone පරිශීලකයින්ට හදිසි ආරක්ෂක අනතුරු ඇඟවීමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Apple සමාගම විසින් iPhone භාවිතාකරුවන්ට සිය උපාංග වහාම යාවත්කාලීන කරන ලෙස
  • Apple සමාගම පවසන්නේ, “ඉතා සංකීර්ණ” ලෙස විස්තර කළ සයිබර් ප්‍රහාරයන්හිදී සිදුවිය හැකි බරපතළ මෘදුකාංග දුර්වලතා දෙකක් හඳුනාගෙන ඇති බවයි.
  • මෙම සතියේ නිකුත් කළ ආරක්ෂක නිවේදනයකට අනුව, මෙම දෝෂය Safari විසින් භාවිතා කරන බ්‍රව්සර් එන්ජිම වන WebKit බ්‍රව්සර් එන්ජිම සහ iOS හි සියලුම තෙවන පාර්ශවීය බ්‍රව්සර් වලට මෙය බලපා ඇත.
  • මෙම දුර්වලතා හේතුවෙන්, පරිශීලකයෙකු අනිෂ්ට වෙබ් අඩවියක් නැරඹීමෙන් පමණක්, උපාංගයට හානිදායක code ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බව Apple සමාගම පෙන්වා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

හදිසි ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

Apple සමාගම පවසන්නේ, “ඉතා සංකීර්ණ” ලෙස විස්තර කළ සයිබර් ප්‍රහාරයන්හිදී සිදුවිය හැකි බරපතළ මෘදුකාංග දුර්වලතා දෙකක් හඳුනාගෙන ඇති බවයි.

මෙම සතියේ නිකුත් කළ ආරක්ෂක නිවේදනයකට අනුව, මෙම දෝෂය Safari විසින් භාවිතා කරන බ්‍රව්සර් එන්ජිම වන WebKit බ්‍රව්සර් එන්ජිම සහ iOS හි සියලුම තෙවන පාර්ශවීය බ්‍රව්සර් වලට මෙය බලපා ඇත.

මෙම දුර්වලතා හේතුවෙන්, පරිශීලකයෙකු අනිෂ්ට වෙබ් අඩවියක් නැරඹීමෙන් පමණක්, උපාංගයට හානිදායක code ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බව Apple සමාගම පෙන්වා දෙයි.

මෙම ගැටලු නිරාකරණය කිරීම සඳහා Apple විසින් iPhone, iPad සහ අනෙකුත් Apple උපාංග සඳහා හදිසි යාවාත්කාලීන (emergency software update) කිරීමක් නිකුත් කර ඇති අතර, ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා එම යාවත්කාලීනය වහාම ස්ථාපනය කරන ලෙස පරිශීලකයින්ට දැඩි ලෙස උපදෙස් ලබා දී ඇති බව සඳහන්වේ.

Apple සමාගමේ iPhone පරිශීලකයින් ගණන බිලියන 1.8කට ආසන්න වුවද, මෙම අනතුරු ඇඟවීම මගින් ඒ සියලුම උපාංග විශාල බිඳ වැටීමකට ලක්ව ඇති බවක් අර්ථ නොකෙරෙන බව සහ මෙම updates ස්ථාපනය නොකළහොත් ඇතිවිය හැකි අවදානම පිළිබඳ අවධානය යොමුකළ යුතු බව විශේෂඥයන් පෙන්වා දෙයි.

මෙම ප්‍රහාරයන් පිටුපස සිටින පාර්ශවය හෝ ඉලක්ක වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු Apple විසින් ආරක්ෂක හේතු මත අනාවරණය කර නොමැති අතර Apple සමාගම පවසන්නේ, මෙම සිදුවීම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතින අතර, සියලුම පරිශීලකයින් තම උපාංග නවතම ආරක්ෂක updates සමඟ නිතරම යාවත්කාලීන කර තබා ගැනීම අත්‍යවශ්‍ය බවයි.

(hirunews)

Apple issues warning to all 1.8bn iPhone users over 'extremely sophisticated attack'

MAC TONIGHT Apple issues dire warning to 1 billion iPhone users over ‘critical threat’ to phones — one click could save your privacy


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...