The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ශ්‍රී ලංකාවේ දියුණුවට ඉන්දියාව ඉරිසියයි - ශ්‍රී ලංකා ගාර්ඩියන්

T

The Leader Desk

January 8, 2021 • 3:03 PM

 ශ්‍රී ලංකාවේ දියුණුවට ඉන්දියාව ඉරිසියයි - ශ්‍රී ලංකා ගාර්ඩියන් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ආර්ථිකයේ දියුණුව දැකීමටත්, දකුණු ආසියාවේ ප්‍රමුඛතම බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්වනු දැකීම ඉන්දියාවට අවශ්‍ය දැයි නිරන්තරයෙන් සැලකිලිමත් විය යුතු කරුණක්
  • ශ්‍රී ලංකාවේ භූදේශපාලනික පිහිටීම අනුව ලැබිය යුතු ප්‍රතිලාභ බොහොමයක් ලබා ගැනීමට ඉන්දියාව අවංකවම සහාය දැක්වූයේ ද යන්න සැක සහිත ය', ශ්‍රී ලංකා ගාර්ඩියන් සිය කතුවැකියෙන් පෙන්වාදී ඇත.
  •   කතුවරයාට අනුව, " දකුණු ආසියානු කලාපයේ කලාපීය බලය ලෙස ඉන්දියාව හඳුන්වා දෙන්නේ නම්, ඉන්දියාවට ඒ සමඟ එන වගකීම් රාශියක් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
යයි 'ශ්‍රී ලංකා ගාර්ඩියන්' අවධාරණය කර සිටියි.
 
'අපේ අසල්වැසියා සැබෑ පෙම්වතියක්ද? නැත්නම් වෙස්වළාගෙන සිටින කුහකයෙක්ද? ශ්‍රී ලංකාවේ භූදේශපාලනික පිහිටීම අනුව ලැබිය යුතු ප්‍රතිලාභ බොහොමයක් ලබා ගැනීමට ඉන්දියාව අවංකවම සහාය දැක්වූයේ ද යන්න සැක සහිත ය', ශ්‍රී ලංකා ගාර්ඩියන් සිය කතුවැකියෙන් පෙන්වාදී ඇත.
 
කතුවරයාට අනුව, " දකුණු ආසියානු කලාපයේ කලාපීය බලය ලෙස ඉන්දියාව හඳුන්වා දෙන්නේ නම්, ඉන්දියාවට ඒ සමඟ එන වගකීම් රාශියක් ඇත. එම සියලු වගකීම්වලට වඩා, මූලික වගකීම වන්නේ කලාපයේ අනෙකුත් රටවල ස්වෛරීභාවය පිළිගැනීම හා ගරු කිරීම සහ එක් එක් ජාතික රාජ්‍යය තුළ අනුමත කර ඇති මූලික නීතිමය රාමුව අනුගමනය කරමින් ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීමයි. 
 
ඒ වෙනුවට අසල්වැසි රටවල ස්වෛරීභාවයට බලපෑම් කිරීම හා ඉන්දියානු ආශාවන්ට අනුව පාලනය සඳහා වන නියමයන් නියම කිරීම අප්‍රසන්න ය."
 
ඉන්දීය විදේශ ඇමතිවරයා පසුගියදා මෙරට සිදුකළ සංචාරයේදී ඉදිරිපත් කළ අදහස් 'ශ්‍රී ලංකා ගාර්ඩියන්' කතුවරයා විසින් දැඩිව විවේචනය කොට ඇත. 
 
ඉන්දියාව විසින් ක්‍රියාත්මක කිරීම සඳහා බල කරන 13 වැනි ව්‍යවස්ථා  සංශෝධනය විසඳුමක් නොව පවතින තත්වය ව්‍යාකූල කිරීමට උත්සහ දැරීමක් බව කතුවැකිය පෙන්වා දී ඇත. 
 
 
 
 
 
################
 
 
'ද ලීඩර්' පුවත් විශේෂාංගය 
 
වීඩියෝ ආණ්ඩුවේ පහක් 'ස අන්න ලා ? සජිත්ගේ පහක් චම්පිකට අන්නයි ද ?
 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...