The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

එජාපයක් නැති යුග අභියෝගයට සජබ විපක්ෂය සුදානම් ද? -රජිත් කිර්ති තෙන්නකෝන්

T

The Leader Desk

August 19, 2020 • 3:10 PM

එජාපයක් නැති යුග අභියෝගයට සජබ විපක්ෂය සුදානම් ද?  -රජිත් කිර්ති තෙන්නකෝන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2020 අගෝස්තු 20 හෙටින් ඇරඹෙන්නේ ලංකා ඉතිහාසයේ සුවිශේෂි පාර්ලිමේන්තු යුගයකි. 1947 න් පසුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු නැතිව
  •  ඒ දවස උදාවන්නේ 1946 සැප්තෑම්බර් 6 වෙනිදා ගෙන් වසර 74 කට පසුවය.
  • 1947 ජූනි 18 දින රැස්වූ රාජ්‍ය මන්ත්‍රණ සභා රැස්වීමෙන් වසර 73 මාස 2 යි දින 2 කට පසුවය.
  •  එජාපයේ හත්වන නායකයා, රාජ්‍ය නායකයෙකු බවට පත්වීමට බැරි වූ එකම එජාප නායකයා නායකත්වයට පත්වී වසර 25 මාස 9 කට පසුවය.
අකුරු ප්‍රමාණය (Font Size):

පාර්ලිමේන්තුව රැස්වන්නේ පළමු වරටය.  ඒ දවස උදාවන්නේ 1946 සැප්තෑම්බර් 6 වෙනිදා ගෙන් වසර 74 කට පසුවය.

1947 ජූනි 18 දින රැස්වූ රාජ්‍ය මන්ත්‍රණ සභා රැස්වීමෙන් වසර 73 මාස 2 යි දින 2 කට පසුවය.  එජාපයේ හත්වන නායකයා, රාජ්‍ය නායකයෙකු බවට පත්වීමට බැරි වූ එකම එජාප නායකයා නායකත්වයට පත්වී වසර 25 මාස 9 කට පසුවය.

පංච විධ නිදහස පතා බිහිවූ එජාපය ට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කෙනෙකු නම් කර ගත නොහැකි අර්බුදයක ගිලී සිටින මොහොතකය.  

කෙටියෙන්ම කියතොත්, පක්ෂයක් ලෙස 3% ක ඡන්දයක් පමණක් හිමිවී අන්ත පරාජයකට පත්වූ පසුවත් පක්ෂ නායකයා වෙනස් කර ගත නොහැකි පරිසරයකය.  

 

'එජාපය ඉතිහාසයේ කොටසක් පමණී'

එජාපය ඉතිහාසයේ කොටසක් පමණී. එහි අනුප්‍රාප්තිකයා ලෙස සමගි ජන බලවේගය මෙවර මැතිවරණයෙන් ප්‍රමුඛ විපක්ෂය බවට පත්ව ඇත. එජාපය වල දමා සජබ ට, විකල්ප ආණ්ඩුවක් ලෙස--විපක්ෂය ලෙස නැගී සිටිය හැකි ද?  

එජාපය මෙරට දේශපාලනයේ මහා සම්ප්‍රදාය නියෝජනය කළේය.  රනිල් වික්‍රමසිංහ සමයේ දී මේ මහා සම්ප්‍රදාය, මුළුමනින්ම විනාශ වි ඡන්දදායකයින්ගෙන් 24% කට සමගි ජන බලවේගය සීමා වී ඇත.  

විපක්ෂය ලෙස, දැවැන්ත සමාජ වගකීමක් මාස 6 ක් වයසැති සජබ මත පැවරී ඇත.  එම අභියෝගයට මුහුණදීමට එම පක්ෂයට ඇති හැකියාව මත ලංකාවේ දේශපාලන ගමන්මග තීරණය වනු ඇත්තේය.  

වත්මන් සජබ මෙවර මැතිවරණයේ දී ඡන්දදායකයින් දැක ඇත්තේ රනිල්ගේ එජාපයේ ‘පොඩි එකෙකු ලෙස‘ (බීඩී බෝතලයක් ලෙස) ය.  දේශපාලනයේ ළදරුවෙකු ලෙසය. ලක්ෂ 20 ක් ඡන්ද දායකයින් ඡන්දපොළට පැමිණ නැත.  

''වත්මන් සජබ මෙවර මැතිවරණයේ දී ඡන්දදායකයින් දැක ඇත්තේ රනිල්ගේ එජාපයේ ‘පොඩි එකෙකු ලෙස‘ (බීඩී බෝතලයක් ලෙස) ය.  දේශපාලනයේ ළදරුවෙකු ලෙසය. ලක්ෂ 20 ක් ඡන්ද දායකයින් ඡන්දපොළට පැමිණ නැත.''

සීරියස් දේශපාලනයක් නැති, ඩී.එස්., ඩබ්ලි, සර් ජෝන්, ජේ.ආර්., ප්‍රේමදාස යුගවල ස්ථිර තැම්පතුවේ පොළියෙන් ජීවත්වන පිරිසක් ලෙස එජාපය රනිල්ගේ නායකත්වයේ අවසන් වසර 12 ම ගෙවා දැමීය.

රටවැසියන් එජාපය දුටුවේ  අතීතයට අයත් පිරිසක් ලෙසය.  එලෙස දැකීමේ වරදක් බැලූ බැල්මට ඇත්තේ ද නැත. පොදුජන පෙරමුණ නවීකරණය වූ ලෙසින් එජාපය/සජබ තවමත් නවීකරණය වූයේ නැත. හැම තැනම ඇත්තේ පරණ මුහුණුමය.

 

මෙතැනින් එහාට, සජබ ට අනාගතයක් තිබේද ?

මෙතැනින් එහාට, සජබ ට අනාගතයක් ඇත්තේ තම පැවැත්ම මගින්, වචනයෙන් නොව ක්‍රියාවෙන් විපක්ෂයක් ලෙස, විකල්ප ආණ්ඩුව ලෙස අනාගත රාජ්‍ය නායකත්වයට ආයෝජනයක් සිදු කිරිම තුළින්ම පමණී.

අනෙක් අතට, තුනෙන් දෙකක බලයක් සහිත පාර්ලිමේන්තුවක් තුල, විපක්ෂයේ භුමිකාව සරළ හා පහසු නැත. 1989 – 1994 පාර්ලිමේන්තුවේ දැවැන්ත එජාපයට එරෙහිව මහින්ද, ජෙයරාජ්, වාසුදේව, මෛත්‍රීපාල, කිරිඇල්ල, රිච්ඩ් පතිරණ, දොඩංගොඩ, දිනේෂ් වැනි එකිනෙකට වෙනස් තරුණ ජවය පිරුණු දේශපාලනඥයින් විය.  

සජබ යෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන 54 දෙනා තුලින් එවැන්නන් බිහිවිය යුතුව ඇත.  නමුත් ඡන්දදායකයින්, සජබ යෙන් නවකයින් පාර්ලිමේන්තු එවා ඇත්තේම නැති තරම්ය.    

 

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ?

Harin Champika harsha marikkar

150 කට වැඩි පාර්ලිමේන්තුවක් මෙල්ලකර ගත හැකි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයෙක්, යටතේ සජබ රටට විකල්ප ආණ්ඩුවක් විය යුතුය..

අනාගතයක් ඇතැයි පෙනෙන්නට තිබු සුජීව සේනසිංහ, අජිත් පී.පෙරේරා, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, තිලිණ බණ්ඩාර තෙන්නකෝන්, මෛත්‍රි ගුණරත්න  වැන්නවුන්ට ඡන්දදායකයින් ඡන්දය දී නැ.  සජබ ට ඇති අභියෝගය ජාතික දේශපාලන නායකත්වයක් බවට පත්වීමය.  විපක්ෂය ලෙස ජාතික ජාතික දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය ලබාදීමය.  

''සජබයේ පමණක් නොව රටේම අනාගතය රැදී ඇත්තේ රනිල් ගේ අසමත් ක්‍රමය පරදා, රට ජයගත හැකි දේශපාලන වැඩපිළිවෙලකට යොමුවන සමගි ජන බලවේගයක් මතය.''

අනෙක් අතට, ජනාධිපතිවරණයේ සජබ ට සහාය දැක්වූ කණ්ඩායම් රැසක් මේ වන විට ඔවුන්ගෙන් ඉවත්වී ඇත. ආධාර කළ කණ්ඩායම් ද එසේමය.  පාර්ලිමේන්තු මැතිවරණයට එක්ව තරඟ කළ පිරිසක් ද එලෙසම එක්කෝ උකටලීව පැත්තකට වී ඇත. නැතිනම්, පළාත් සභා ඡන්ද විමසීමේ දී වෙන්ව තරඟ කිරීම පිළිබඳ සලකා බලමින් සිටී.

2015 යහපාලන ආණ්ඩුව ගොඩ නැගු පාර්ශව අද සිටින්නේ සී සී කඩය.  ඔවුන් නැවත එක් කර ගැනීමේ දේශපාලන අභියෝගය සජබ සතුව ඇත.  

ඉතිහාසය උගන්වා ඇති පාඩම කුමක් ද? රනිල් වික්‍රමසිංහ ක්‍රමයට රාජ්‍ය බලය ලබා ගැනීම තබා මන්ත්‍රීවරයෙකු පත් කර ගත නොහැකි බවයි. (19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමේ යෝජනාවට දින කිහිපයකට පෙර එජාපය සිය මන්ත්‍රී ධූරය නම් කරනු ඇත)

රනිල් වික්‍රමසිංහ යනු අසමත් නායකයෙකු පමණක් නොව අසමත් ක්‍රමයක් ද වන්නේය.  ඒ අසමත් ක්‍රමය ජය ගැනීම මත සජබ යේ අනාගතය රැදී පවතිනු ඇත.  

සජබ යේ පමණක් නොව රටේම අනාගතය රැදී ඇත්තේ රනිල් ගේ අසමත් ක්‍රමය පරදා, රට ජයගත හැකි දේශපාලන වැඩපිළිවෙලකට යොමුවන සමගි ජන බලවේගයක් මතය.

(රජිත් කිර්ති තෙන්නකෝන්)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...