The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විනයගරුක රට මේකද? -කිං බානට් ජනාධිපතිතුමාට ලියයි

T

The Leader Desk

December 12, 2020 • 4:08 AM

විනයගරුක රට මේකද? -කිං බානට් ජනාධිපතිතුමාට ලියයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කිංබානට්තුමා ඉඳලා ඉඳලා බැරිම තැන ජනාධිපතිතුමාට ලියන්න හිතුවා.
  •   ගරු ජනාධිපතිතුමනි,   මේ ලියුම් කඩදාසිය ලියන්නේ 69 ලක්ෂයක් වෙනුවෙන්.
  •   කිංබානට්තුමාත් බයියෙක් නිසා මෙහෙම ලියන එකේ වැරැද්දක් ඇතැයි කියලා හිතන්නේ නෑ.
  •   බලන්න පහුගියදාක ඇමැත්තෙක් බීලා රෑ 10 න් පස්සේ රුවන්වැලිසෑය වඳින්න හදපු පුවත.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ලියුම පටන් ගත්තේ මෙන්න මෙහෙම.
 
ගරු ජනාධිපතිතුමනි,
 
මේ ලියුම් කඩදාසිය ලියන්නේ 69 ලක්ෂයක් වෙනුවෙන්.
 
ඒ කියන්නේ බයියන් වෙනුවෙන්.
 
කිංබානට්තුමාත් බයියෙක් නිසා මෙහෙම ලියන එකේ වැරැද්දක් ඇතැයි කියලා හිතන්නේ නෑ.
 
ඔබතුමාට කතිරය ගහපු අපි බලාපොරොත්තු වුණේ අලුත් රටක්.
 
විනයගරුක රටක්.
 
ඒත් විනය හදන්න ඉන්න කවුන්සලයේ ඉන්න සෙට් එකම විනය කඩනකොට බයියන් බලාපොරොත්තු වුණු විනයගරුක රට තව ගොඩක් ඈතයි කියලා හිතෙනවා.
 
බලන්න පහුගියදාක ඇමැත්තෙක් බීලා රෑ 10 න් පස්සේ රුවන්වැලිසෑය වඳින්න හදපු පුවත.
 
කොච්චර කැතයි ද වැඩේ.
 
රුවන්වැලිසෑය කියන්නේ ඔබතුමා දිවුරුම් දීපු ස්ථානය.
 
ඒ වගේම රුවන්වැලිසෑය බාරව ඉන්නේ ඔබතුමාලට ඉතාමත් ලැදි පල්ලෙගම හේමරතන හාමුදුරුවෝ .
 
මේ කෙළෙසුවේ ඒ ස්ථානය නේද?
 
ප්‍රශ්නය ඒක නෙවෙයි මේ ඇමැත්තට අවවාදයක් වත් දුන්නද?
 
මේ විදියට ඇමැත්තන් දඩාවතේ යන බල්ලන් වගෙ හැසිරෙන්න ගත්තොත් විනයගරුක රටක් හැදීමේ ඔබතුමාගේ ප්‍රතිඥාවට මොකද වෙන්නෙ ?
 
සමහර විට මේ ඇමැතිතුමා බෞද්ධයෙක් වෙන්නැති.
 
සමහර විට අබෞද්ධ වෙන්නත් ඇති.
 
එතුමාගේ නෝනා අබෞද්ධ වෙන්නැති.
 
සමහර විට දරුවන් අබෞද්ධ වෙන්න පුළුවන්.
 
ඒ හින්දා මහ රෑ ජාමේ රුවන්වැලිසෑය පෙන්වන්න ආවා වෙන්න ඇති.
 
ගරු ජනාධිපතිතුමනි,
 
ඔබතුමාට බලය දුන්නේ එක රටක එක නීතියක් ක්‍රියාත්මක කරන්න.
 
දුප්පත් බෞද්ධයන්ට එක නීතියකුත් බලවතුන්ට තව නීතියකුත් ක්‍රියාත්මක කරන්න නම් නෙවෙයි 69 ලක්ෂයක් වූ බයියන් ඔබතුමා සමග එකතු වුණේ.
 
පොඩ්ඩක් හිතන්න.
 
අර මල්වත්තේ හාමුදුරුවෝ කොහොමත් ඔබතුමාලා එක්ක නොරොක්.
 
මේ හාමුදුරුවෝ ඔබතුමාව අමාරුවේ දාන්න අර ඇමැතිතුමා ගෙන්නලා " බුද්ධාලම්බන ප්‍රීති , සුරාමේරය මජ්ජපමා, සාසන හිතකාමී, නිශාචර වන්දනා ප්‍රිය " වගෙ සම්මානයක් දුන්නොත් ඔබතුමා අමාරුවේ වැටෙනවා නේද?
 
මේවා ගැන පොඩ්ඩක් හිතන්න.
 
ඔබතුමාට ඇත්තටම ආදරේ මිනිස්සු ඉන්නේ ඔබතුමා වට කරගෙන " යර්ස් සර්" කියන ඉදිරි ආරක්ෂක වළල්ලෙන් පිට බව අමතක කරන්න එපා.
 
ස්තූතියි
 
මීට,
 
කිංබානට්තුමා
 
ප:ලි:
ජනාධිපතිතුමනි, ඔබතුමාට රාජකාරි අධික නිසා අර බීලා පිස්සු නටපු ඇමැතිතුමා ගැන හොයන වැඩේ බන්ධනාගාර පුනරුත්ථාපන ඇමැති ලොහාන් රත්වත්ත ඇමැතිතුමාට පවරන්න.
එතුමා දන්නවා මේකේ බරපතලකම.
මට හොඳටම විශ්වාසයි එතුමා ඔය බීලා රුවන්වැලිසෑය ළඟ ඩෙඟා නටපු ඇමැතිව කුදලගෙන ඇවිත් කූඩුවේ දාන බවට.
 
(King Barnet) 
 
 
සබැඳි පුවත:
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...