The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඉතාලිය වසා දැමීමට තීරණය කරයි. -සුමුදු මද්දුමආරච්චි මිලානෝ සිට.

T

The Leader Desk

December 19, 2020 • 3:12 AM

 ඉතාලිය වසා දැමීමට තීරණය කරයි. -සුමුදු මද්දුමආරච්චි මිලානෝ සිට.

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉතාලිය දෙසැම්බර් 24 සිට 27 දක්වාත්, දෙසැම්බර් 31 සිට ජනවාරි 03 දක්වාත් වසා දැමීමට තීරණය කර ඇත.
  •   මේ මොහොත වන විටත් ජර්මනිය පවා ජනවාරි 10 වන තෙක් රට වසා දැමීමේ තීරණයකට එළඹ ඇත.
  •   සැබවින්ම නිශ්චිත මොහොතේ තැනට සුදුසු නුවණින් යුතු ගත් මෙම තීරණය නිසාවෙන් ඇතිවීමට නියමිත විශාල හානියක් වලක්වා ගැනීමට විශාල පිටු වහලක් වනු ඇති බව බහුතරයක් දේශපාලන විචාරකයන්,වෛද්‍යවරුන් හා ඒ ඒ ක්ෂේත්‍ර ප්‍රවීනය පෙන්වාදී ඇත.
  •   කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් මේ වනවිට ඉතාලියේ වෛද්‍යවරු 260කට අධික ප්‍රමාණයක් ඉතාලි රජයට අහිමිව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
 
අගමැති කොන්තේ ප්‍රමුඛ ආණ්ඩුව විසින් අත්‍යාවශ්‍යම මොහොතේ ගත් නිවැරැදි ඉතා අසීරු තීරණයක්.....
 
 සතර අතින්ම කුමන බාදා පැමිණියද නිර්භීත, දූරදර්ශි හා ජනතාවාදී නායකයකු ලෙස නිරන්තරයෙන් අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා කොන්තේ ( Conte ) තම පෞද්ගලික දේශපාලණික අනාගතය පසෙකලා ජාතික ආරක්ෂාව වෙනුවෙන් ජනප්‍රිය නොවන නිවැරදි අසීරු තීරණ ගන්නා සැබෑ නායකයකු ලෙස ඉතාලි ජාතිකයන් මෙන්ම ඉතාලියේ වෙසෙන විදේශිකයන් අතරද ඉමහත් ප්‍රසාදයටත් ගෞරවයටත් පත් නායකයෙකි... 
 
Conte
ලෝක දේශලාපනයේ කලාතුරකින් බිහිවන සැබෑ නායකයෙක්
 
එමෙන්ම සමානාත්මතාව, ප්‍රජාතන්ත්‍රවාදය ඉතාලිය තුල ජීවත් වන සියලුම ජාතීන්ට එකලෙස ලභාදීමට වෙහෙසෙන ලෝක දේශලාපනයේ කලාතුරකින් බිහිවන සැබෑ නායකයෙකි.
 
කෝවිඩ් පළමු රැල්ලෙන් උගත් පාඩම් තුලින් ඔහු විසින් පළමු හා දෙවන කොවිඩ් රැළි තුලදී ජන ජීවිතයට සෞඛ්‍ය මෙන්ම ආර්ථික හානියද වලකා ලභාදිය හැකි උපරිම සහන ලබා දෙන්නට උපරිමයෙන් කැප වූ දේශපාලන චරිතයකි..
 
මේ මොහොත වන විටත් ජර්මනිය පවා ජනවාරි 10 වන තෙක් රට වසා දැමීමේ තීරණයකට එළඹ ඇත.
 
සැබවින්ම නිශ්චිත මොහොතේ තැනට සුදුසු නුවණින් යුතු ගත් මෙම තීරණය නිසාවෙන් ඇතිවීමට නියමිත විශාල හානියක් වලක්වා ගැනීමට විශාල පිටු වහලක් වනු ඇති බව බහුතරයක් දේශපාලන විචාරකයන්,වෛද්‍යවරුන් හා ඒ ඒ ක්ෂේත්‍ර ප්‍රවීනය පෙන්වාදී ඇත.
 
කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් මේ වනවිට ඉතාලියේ වෛද්‍යවරු 260කට අධික ප්‍රමාණයක් ඉතාලි රජයට අහිමිව ඇත.
 
සැබවින්ම රටක් ලෙස ශ්‍රී ලංකාවට ද දේශපාලණික මෙන්ම සමාජීය ලෙසත් ගතහැකි උදාහරණ නම් බොහෝය.
 
 
(සුමුදු මද්දුමආරච්චි) 
මිලානෝ 
ඉතාලිය.
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...