The Leader News
BREAKING
Top Ad
Opinion

අපි සංස්කෘතික සත්තු | Janath C Perera

T

The Leader Desk

April 22, 2025 • 3:29 PM

අපි සංස්කෘතික සත්තු | Janath C Perera

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මොකද අපි ආගමික් රැහැන්වලින් අපේ සංස්කෘතියට බැඳිලා ඉන්නවා ඉතා සාමාන්‍ය අවස්ථාවක දි අපිට මේ බැදීම් maintain කරන එක වටිනවා අපි හරිම සංස්කෘතික සත්තු .
  • හැබැයි ඔය දරාගන්න බැරි අවස්ථාව ඇවිත් ගියාට පස්සේ අර මිනිහා තමන්ගේ සංස්කෘතික රැහැන්වලින් නිදහස් වෙනවා; එතන මහා හිඩැසක් ඇතිවෙනවා.
  • සල්ලි, තනතුරු, ඔන්න ඕවත් එක්ක ඇති බැදීම අර සංකෘතික හිඩස පුරවනවා.
  • ඊට පස්සෙ ආතක් පාතක් ඉවක් බවක් නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):


මොකද අපි ආගමික් රැහැන්වලින් අපේ සංස්කෘතියට බැඳිලා ඉන්නවා ඉතා සාමාන්‍ය අවස්ථාවක දි අපිට මේ බැදීම් maintain කරන එක වටිනවා අපි හරිම සංස්කෘතික සත්තු .

හැබැයි ඔය දරාගන්න බැරි අවස්ථාව ඇවිත් ගියාට පස්සේ අර මිනිහා තමන්ගේ සංස්කෘතික රැහැන්වලින් නිදහස් වෙනවා; එතන මහා හිඩැසක් ඇතිවෙනවා. නහයට උඩින් ගියපු එක මට උන්නත් දාහයි මලහත් දාහයි කියන මානසිකත්වයට වැටෙනවා. එතකොට පොර බැඳිලා ඉන්නේ ඌ ළඟාකරගත් ඒවා ආරක්ෂාකරගන්න. සල්ලි, තනතුරු, ඔන්න ඕවත් එක්ක ඇති බැදීම අර සංකෘතික හිඩස පුරවනවා. ඌට පව ද පින ද අදාලා නෑ; ස්වර්ගය ද අපාය ද අදාළ නෑ ඌට ඔනේ බලය; ඌ හදාගත්ත, රැස් කරපු දේවල් ආරක්ෂාකරන්න හොද ශක්තිමත් දෙයක්. ඒකට පොරට තව මිනිස්සු දහස් ගානක් උනත් මරණ එක සීනි කනවා වගේ සීන් එකක් .

ඔතනින් එහාට තියෙන්නේ මිනීමරන එක මින්ස්සුන්ගේ වේදනාව පොරගේ විනෝදෙ වන තැනකට එන එක . ලෝකය පුරාම ආපු ඒකාධිපතියෝ මේ පාරේ තමා ආවේ. උන්ගේ අර සංස්කෘතින හිඩස කොහෙදෝ ඌ විසින් මවාගත්ත වෛරයකින් පුරෝගන්නවා. ඊට පස්සෙ ආතක් පාතක් ඉවක් බවක් නෑ. ඒ වගේම ගානක්වත් හෝ පසුතැවීමක් වත් නෑ. මිනීමැරුණට උගේ අර ඊනියා සමාජ වෛරය පිරිමහන්න ලෝකෙ ම මිනිස්සු සදහට ම ලෝකෙන් අතුගාලා දාන්න මේ වගේ උන්ට පුළුවන්.

ලංකාව කියන්න මිනිස්සුන්ගෙ මහා ලේ ගොඩක් උඩින් අපේ ඉතිහාසය ලියපු රටක්. අපිට මේ මිනිමරුවන් ගැන ඕනාවටත් වැඩිය උදාහරන තියනවා. හැබැයි රටක් සමාජයක් විදියට අපිට හිතෙනවා අප්පට අරූ මරු පොරක් උගේ ඇස් දෙකේ බය කියන එක ගෑවිලාවත් නෑ. ඌට සෙට් උනොත් අපිටත් ආරක්ෂාව තියනවා. ඒ, අපි තාමත් අපේ ගෝත්‍රික ලක්ෂණ අතඇරලා නැති නිසා, ගෝත්‍රිකයන් වෙච්ච අපි අපේ නායකයා තෝරගත්තේ ඇගපත ශක්තිමත් මිලේච්චතම දරුණු ම එකාව.

අපේ ජාන පරම්පාරාවත් ගොඩනැගෙන්නේ ඒ යක්කුන්ගෙම තමා. හිටපු ගමන් අපි කෑගහන්නේ 'අපි යක්කු බොලව්’ කියලා අන්න ඒ ගැට්ට තමා. යටපත් වෙලා එළියට නොයන අපේ සංස්කෘතික කෑල්ලෙන් අල්ලං ඉන්න අපේ මිනිමරු මිලේච්ච ස්වාභාවය අපිට කොච්චර ආතල් එකක් ද කියනවනං අපේ නායකයා හිට්ලර් වගේ එකෙක් උනත් කමක්නෑ කියන මට්ටමට තියනවා. මේක ලෝකයේ කොහෙ බැලුවත් එකයි. ඒක අඩු වැඩි වශයෙන් තියනවා. ඉතින් මිනී මරණ එක මැරෙන එක අපිට මාර වාව් එකක් නෙමෙයි.

අපි පට්ට අසංවේදී උන්. අපි සංවේදී අපේ රැහේ එකාට; අපි වගේ හිතන අපි වගේ එකාට. ඒක තමා මනුස්ස ස්වභාවය. ඕක වෙනසක් වෙන්නෑ ලෝකෙ කොහෙවත්. ඉතුරුවා තියෙන්නෙ එතනින් එහා පොඩි මායිමක.

කවුරු හරි එකෙක් මරාගෙන මැරුනත් නැත්තං වෙන සෙට් එකක් මැරුවත් ඌට අප්පුඩිගහන ඕඩියන්ස් එකක් ඉන්නවා කියලා ඌ දන්නවා. සමහර විට ඌ එහෙම ඕඩියන්ස් එකක් හදාගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. නමුත් මට කියන්න ඔනේ අපි සමාජයක් විදියට මේ දේට වගකියන්න ඔනේ කියන එකයි. අපේ සමාජ මනෝභා, සිතුම් පැතුම්, අපි සමාජක් විදියට ඉල්ලපු අවශ්‍ය වෙච්ච දේ අපිට පෙරළා ලැබුණා. මේ ම්ලේච්ඡත්වයට අපි දායක උණා. ඒක කාටවත් ම බැහැර කරන්න බෑ.

අපි අපිට රජෙක් හෙව්වා, හිට්ලර් කෙනෙක් ඔනෙ කිව්වා, සිංහලේ කිව්වා, අපි ජාතිකවාදීන් රට වෙනුවෙන් ආගම වෙනුවෙන් මාරගෙන මැරෙන්න උනත් ලෑස්තියි කිව්වා. අපි මතුරපු, හිතයට පැළ කරපුවා, සැබෑලෙස ඇස් ඉස්සරහා පත්‍තුවෙන කොට හායි හූයි ගාන එක මේක උන් තමා කරේ කියලා අත පිහදගෙන සුදොනො වෙන්න හැදුවට අදටත් හෙටටත් අපි අර අමරණීය ගැට්ට එක්ක ජීවත් වෙනවා.

“කුහුඹුවනේ උබලට රජෙක් ඇතේ අපිට රජෙක් නැතේ’’

Janath c Perera(සටහන | ජනත් සී පෙරේරා)
Assistant Manager (Communication) - Advocata Institute
janath@advocata.org


Janath C Perera ගේ ෆේස්බුක් පිටුවෙන්...

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...