The Leader News
BREAKING
Top Ad
Opinion

විදුලි බිල වැඩි කළ යුතුයි...! | Janath C Perera

T

The Leader Desk

June 15, 2025 • 5:20 AM

විදුලි බිල වැඩි කළ යුතුයි...! | Janath C Perera

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිල අඩු කරද්දි අප්පුඩි ගහන කවුරුවත් මිල වැඩිකරද්දී හිනා වෙන්නෙවත් නෑ.
  • මේ ප්‍රශ්නේ ඇතුළට ගියාම අපිට පේන දෙයක් තමා අපි විදුලිය නිශ්පාදනය කරන්නේ වඩා වැඩි මිලක් යටතේ කියලා, ඒ වගේම අපේ විදුලි සංකලනය හා මිශ්‍රණය වඩා ඵලදායී නොවන මිල අධික මෙන් ස්ථාවර නොවන මිශ්‍රණයක්.
  • මැදපෙරදිග කලාපයේ ඇතිවෙලා තියන යුද උණුසුමත් එක්ක බොරතෙල්වල මිල ඉදිරියේ දී ඉහළ යෑමට නියමිතයි.
  • නමුත් අපි ඇයි සූර්යය බලය ප්‍රවර්ධනේ නොකරන්නේ කියන ප්‍රශ්නය නිතර ඇතිවෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


මිල අඩු කරද්දි අප්පුඩි ගහන කවුරුවත් මිල වැඩිකරද්දී හිනා වෙන්නෙවත් නෑ. ඒක නිසා තමා අපි විදුලි මිල අඩුකරන වෙලාවට අහන්නේ මේ මිල අඩුකිරීම විද්‍යාත්මකද කියලා; මිල සූත්‍රයට අනුකූල ද කියලා.

ජලවිදුලිය අස්ථාවර යි; තෙල් මිල ඉහළ යෑමට නියමිතයි

 

මහා රෑ ඉන්ධන මිළ වැඩි කරයි - ඉන්ධනහල් 70%කට වඩා වැසෙයි !

විදුලි මිලේ ප්‍රශ්නය තියෙන්නේ මිල උච්චාවචනය නෙමේ. මේ ප්‍රශ්නේ ඇතුළට ගියාම අපිට පේන දෙයක් තමා අපි විදුලිය නිශ්පාදනය කරන්නේ වඩා වැඩි මිලක් යටතේ කියලා, ඒ වගේම අපේ විදුලි සංකලනය හා මිශ්‍රණය වඩා ඵලදායී නොවන මිල අධික මෙන් ස්ථාවර නොවන මිශ්‍රණයක්. අපි තවමත් වඩා වැඩි බරක් තියලා තියෙන්නේ ගල් අගුරු හා ජල විදුලිය මතයි. ලෝකයම දැන් ගල් අගුරුවලින් ඈත්වෙමින් යද්දි අපි තවමත් ඒ මත අපේ බලශක්තිය යැපෙන තැනක ඉන්නවා.

ජල විදුලිය උත්පාදනය 50%කින් වැඩි වෙලා

අනිත් පැත්තෙන් ජලවිදුලිය අස්ථාවරයි. එය රඳා පවතින්නේ වැසි තත්ත්වය මතයි. ඉදිරියේ දී ලෝකයේ විශාල අන්දමේ කාලගූණ විපර්යාසවලට ලක් වීමට නියමිතයි. ඉතින් අපට තවදුරටත් ජල විදුලියමත යැපීම නුවනට හුරු වෙන්නෑ .

ඩීසල් බලාගාර කියන්නේ මිල අධික ජනනයක් එය රදා පවතින්නේ ලෝක තෙල් සැපයුම මත. මැදපෙරදිග කලාපයේ ඇතිවෙලා තියන යුද උණුසුමත් එක්ක බොරතෙල්වල මිල ඉදිරියේ දී ඉහළ යෑමට නියමිතයි. ඒ එක්කම ඩීසල් මිලත් ඉහළ යාවී. ඉතින් ඩීසල් බලාගාර මගින් ජනනය වඩා වැඩි මිලක් වේවි.

නමුත් අපි ඇයි සූර්යය බලය ප්‍රවර්ධනේ නොකරන්නේ කියන ප්‍රශ්නය නිතර ඇතිවෙනවා. නව රජය පත්වීමත් සමග ඇතුවූ විදුලිය බිදවැටීම සමග වඩා වැඩි චෝදනාවක් එල්ල කරේ සූරිය පැනල ජනනයට. 'එය විදුලි බල මණ්ඩලයේ පද්ධතිය අස්ථාවර කරනවා ඒක නිසා ඒවා ගලවන්න,' ඔවුන් කැබිනට් තීරණයක් පවා ගත්තා සූර්ය පැනල ජනනයට ලබාදෙන මිල අඩු කරලා එය අධෛර්යමත් කරන්න.

වැඩි වාසි ගන්නෙ කොහොම ද?

 

විදුලිබලය: එදා, අද සහ හෙට | දිල්මිණී අබේරත්න
ලෝකයම මේවගේ පුනනනීය බලශක්තිය පස්සෙ යද්දි අපි යන්නේ ගල් අගුරු පස්සේ.  එය නම් හාස්‍යට කරුණක්.

තවත් කාරණයක් වෙන්නෙ විවිධ සහනාධාර විවිධ පාර්ශවයන්ට ලබා දීම. ඒ සහනාධාර මිල ගෙවන්නත් වෙන්නේ සාමාන්‍ය පාරිභෝගිකයට. මොකද මණ්ඩලය පාඩු ලබන්න නෑ. එයාලා කරන්නේ මිල වැඩිකරන එක. ඉතින් මේ ලබා දෙන සහනාධර නිසාම මිල නිරන්තරයෙන් ඉහළ යනවා.

ඒවගේ ම මේ විදුලිය මිලදී ගැනීමේ ක්‍රියාවලිය වඩා තරගකාරීත්වය යටතේ විනිවිදභාවයෙන් වෙන්න ඔනේ. මේවා ඇතුළෙ තමා ගේම් ගහන්නේ. මේවා වෙළදපළට සහ ජනතාවට විවෘත නොකරන්නෙත් මේවාවලින් හම්බකරගන්න කට්ටිය ඉන්න නිසා වෙන්න පුළුවන්. ඉතින් Spot market pricesවලට විදුලිය ගන්න පුළුවන්නම් වැඩි වාසියක් ගත හැකියි.

මේක රටේ සමස්ත බලශක්තිය පිළිබඳ අර්බුදයක්

 

බෝනස් නොදෙනවාට විදුලි වෘත්තිය සමිති විරෝධය

තවත් කාරණයක් තමා සමස්ත විදුලි බලමණ්ඩලේම විශාල ප්‍රතිවූහගතකිරීමකට යා යුතුයි. අපි කියනවා unbundled කරන්න ඔනේ කියලා. මොකද පවතින ක්‍රියාවලි සංකීර්ණයක්; පරිපාලනය අවිධිමත්. මූල්‍ය පිළිබඳව වගවීමක් නෑ. බිදවැටිම්වල වගකීම යන්නේ කොහෙවත් ඉන්න රිලව්ට වදුරන්ට. ඉතින් මේ ආයතන අනිවාර්යෙන්ම ප්‍රතිව්‍යුහ ගතකල යුතුයි. එහෙම නැතුව කවදාවත් රටේ මිනිස්සුන්ට බර නොවී තියන එකක් නම් නෑ.

භාවිතා කරන වෙලාව අනුව ගාස්තු අය කිරීමට (TOU) හැකියාවක් තියනවනං බොහෝ දුරට වඩා වැඩි ඵලදායීතාවයක් ලබාගන්නත්, විදුලිය තිරසාර අන්දමින් පරිහරණය කරන්නත් ජනතාව පෙලඹෙනවා. ඉතින් ඒකට Smart meter system එක්ක අවශ්‍යයි. මාසෙන් මාසෙට ලාබු පාඩු වෙන තමන්ගේ system එක upgrade කරගන්න බැරි CEB එකට ඔය වගේ දේයකට තව අවුරුදු දහයකින්වත් හරි හමන් ආයෝජනයක් කරන්න නම් බෑ. ඒක තමා පෞද්ගලික අංශයේ ප්‍රාග්ධනය කැඳවිය යුතුවෙන්නේ.

 

විදුලි ගාස්තු අඩු කිරීමේ පැණි වරකාව රස විඳීමට පෙර..
නිසි ක්‍රමවේදයක් හා නියාමන ක්‍රියාවලිවක් යටතේ පෞද්ගලික අංශය හා සහසම්බන්ධව මේ වැඩේ කරන්න ඔනේ. නැත්තං මාසෙ ගානේ 10% , 15%  බිල වැඩි කර කර යන එක කරන්න බැරි වැඩක්. මේක හුදු CEB එකේ අර්බුදයක් විදියට ගන්න එපා. රටේ සමස්ත බලශක්තිය පිළිබඳ අර්බුදයක්. මෙය සෘජු ලෙස වෙළදපළට බලපානවා; බඩු මිලට බලපානවා; අපේ අපනයනවලට බලපානවා. ඒ වගේම ආයෝජනවලටත් බලපානවා.

ස්ථාවර, සැමට එක හා සමාන වෙනස් ලෙස නොසලකන දැරිය හැකි මිලකට අඛණ්ව විදුලිය ලැබිය යුතුයි. එක මානව අයිතියක්. එමගින් රටේ ආර්ථිකයට වඩා ඉරිදි පිම්මක් ගැනීමය හැකි වේවි.

janath(වචන | Janath C Perera)
Assistant Manager (Communication) - Advocata Institute
janath@advocata.org

උපුටා ගැනීම - Janath C Perera ගේ ෆේස්බුක් පිටුවෙන්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...