The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

Juche Ideology : ඒකාධිපතිවාදය සහ ජුචේ සංකල්පය - (රසාංග හරිශ්චන්ද්‍ර)

T

The Leader Desk

July 18, 2023 • 5:49 PM

Juche Ideology : ඒකාධිපතිවාදය සහ ජුචේ සංකල්පය - (රසාංග හරිශ්චන්ද්‍ර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාක්ස් ලෙනින්වාදය තමාට ම ගැළපෙන ආකාරයට සකසාගෙන ක්‍රියාත්මක කිරීමක් උතුරු කොරියාවේ සිදු වූයේ 1972 සිට ය.
  • කිම් ඉල් සුන් ගේ මතවාදය ලෙසත් මෙය හඳුන්වනු ලබන අතර මේ වන විට තුන්වන පරම්පරාවේ කිම් ජොන් අන් රට පාලනය කරයි.
  • පසුගිය දශක ගණනාවක කාලය පුරාම මාධ්‍ය නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වැනි සංකල්ප උතුරු කොරියාවේ ක්‍රියාත්මක නොවේ.
  • රට තුළ කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත බිඳ වැටීමක් සිදු වී ඇතත් දැඩි පාලනය නිසා සිදුවන්නේ කුමක්දැයි බටහිර මාධ්‍ය වලට දැනගැනීමට අවස්ථාවක් නැත.
අකුරු ප්‍රමාණය (Font Size):



මාක්ස් ලෙනින්වාදය තමාට ම ගැළපෙන ආකාරයට සකසාගෙන  ක්‍රියාත්මක කිරීමක් උතුරු කොරියාවේ සිදු වූයේ 1972 සිට ය. කිම් ඉල් සුන් විසින් පවත්වන ලද දේශන සහ ලියන ලද ලේඛන පදනම්ව මෙම මතවාදය ගොඩනගා තිබේ.

Joseph Stalin and Nikita Khrushchev

සෝවියට් සමූහාණ්ඩුව පාලක ජෝසප් ස්ටාලින් ගේ අභාවයෙන් පසුව නිකිතා කෘෂ්ෆ් විසින් ආරම්භ කරන ලද ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ සෝවියට් ආධාර උතුරු කොරියාවට ලැබීම අඩු වූ අතර ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැඟීම ද මෙම මතවාදය මූලික අරමුණක් විය.

එම අරමුනු ඉටු වුයේ නැතත් පරම්පරා තුනක් පාලන බලය රැක ගෙන සිටීමට කිම් ඉල් සුං ගෙ පරම්පරාවට හැකිව තිබේ.  කිම් ඉල් සුන් ගේ මතවාදය ලෙසත් මෙය හඳුන්වනු ලබන අතර මේ වන විට තුන්වන පරම්පරාවේ කිම් ජොන් අන් රට පාලනය කරයි.



1989 බර්ලින් තාප්පය බිඳවැටීමෙන් නැගෙනහිර යුරෝපයේ සහ සෝවියට් සමූහාණ්ඩුවේ සමාජවාදී පාලනයන් අවසන් වූවද ඉන් කිසිදු බලපෑමක්  උතුරු කොරියාවට සිදු නොවිය. එවකට පාලකයා වූ කිම් ජොන් ඉල් 1990 දෙසැම්බර් 27 ප්‍රකාශ කර සිටියේ ‘’උතුරු කොරියාවේ සමාජවාදය, රටේ අනන්‍යතාවය මත හා ජුචේ මතවාදය මත පදනම් ව ඉදිරියට යන බවයි’’ ( පියොන්යෑං හි ජුචේ කුලුන )

The Tower of Juche

2011 වසරේ සිදු වූ කිම් ජොන් ගේ අභාවයෙන් පසු උතුරු කොරියාවේ පාලක පක්ෂය වන කම්කරු පක්ෂය 2012 අප්‍රේල් මස පැවැති සම්මේලනයේදී තමන්ගේ මතවාදය ලෙස කිම් ඉල් සුන් -කිම් ජෝන් ඉල් (Kimilsungisum-kimjongillsum) බවට පත්විය.



පසුගිය දශක ගණනාවක කාලය පුරාම මාධ්‍ය නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වැනි සංකල්ප උතුරු කොරියාවේ ක්‍රියාත්මක නොවේ. රට තුළ කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත බිඳ වැටීමක් සිදු වී ඇතත් දැඩි පාලනය නිසා සිදුවන්නේ කුමක්දැයි බටහිර මාධ්‍ය වලට දැනගැනීමට අවස්ථාවක් නැත.

මේ වන විට විදේශිකයන්ට සංචාරය කිරීමට අවස්ථාව සලසා ඇතත් ඔවුන්ට නිදහසේ ගමනාගමනය කළ නොහැක. පෙන්වන්නේ රජය කැමති දේ පමණි.

අන්තර්ජාලය, ඩෙනිම් මෙන්ම බටහිර චිත්‍රපට නැරඹීම උතුරු කොරියාවේ තහනම්ය. හොලිවුඩ් චිත්‍රපට නැරඹූ පුද්ගලයන්ට මරණ දඬුවම පවා නියම කර ඇත.

Kimilsungisum kimjongillsum



පියොන්යෑං නගරයේ කිම් ඉල් සුන් ගේ සහ කිම් ජොන් ඉල් ගේ දැවැන්ත ප්‍රතිමා සහ කටවුට්  ප්‍රදර්ශනයට තබා ඇත.


පවුල තුළම බලය හුවමාරුවීම මෙම සංකල්පයේ සාර්ථකත්වයද ?

ජෝසප් ස්ටාලින් බලයේ සිටි අවධියේ සෝවියට් සංගමය තුල ද තනි පක්ෂයක බලය රැකගැනීම සඳහා ප්‍රතිරූප වර්ධනය කිරීම මෙන්ම විරුද්ධවාදීන් ඝාතනය කිරීම ද සිදුවිය. ඝාතනයට ලක්වූ බොහෝ දෙනා බොල්ෂෙවික් විප්ලවයේ ඉදිරි පෙළ සාමාජිකයෝ වූහ.

ලැවැන්ති බේරියා ගේ නායකත්වය මත මෙහෙයුම් ඝාතන කණ්ඩායම් මෙක්සිකෝවේදී ලියොන් ට්‍රොට්ස්කි 1940 අගෝස්තු 21 දින පොරොවකින් පහර දී ඝාතනය කළේය.  වී අයි ලෙනින් සමග කොමියුනිස්ට් පක්ෂය ගොඩ නැගීමට දායක වූ නිකොලොයි බුකාරින්, ලෙව් කෙමනොව් ද ඝාතනය කරන ලදී. 1923 සිට 1953 දක්වා මිලියන 1.6 කට අධික පිරිස විරුද්ධවාදීන් ලෙස සලකා ඝාතනය කරන ලද අතර තවත් දස දහස් ගණනක් සයිබීරියාවේ කඳවුරට ගෙන යන ලදී.  



ජෝසප් ස්ටාලින් බලයේ සිටින තුරු තමාගේ ප්‍රතිරූපය පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්විය. නමුත් ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ තමාගේම කැබිනට් මණ්ඩලයේ සේවය කළ නිකිතා කෘෂෙෆ් ප්‍රතිසංස්කරණ ගෙනා ස්ටාලින්ගේ විවේචකයකු බවට පත්විය.

'ජුචේ' සංකල්පය තුළ දේශපාලන පූර්වගාමීන් ඇදහීම මිසක් විවේචනය කිරීමක් සිදු නොවේ. උතුරු කොරියාවේ ජීවත්වන ජනතාවට බාහිර ලෝකය ගැන දැන ගැනීමට කිසිදු අවකාශයක් නැති වීම මෙම ක්‍රමයේ සාර්ථකත්වයට මහඟු පිටුවහලක් වී ඇත.



උතුරු කොරියාවේ ආගම ඇදහීම තහනම්ය. ඉතා මෑත දී ඇමරිකානු එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ 2022 වාර්තාවේ සඳහන් වූයේ බයිබලය ළඟ තබාගත් පවුලක් වසර දෙකක කුඩා දරුවෙකු ද සමග 2009 වසරේ සිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී සිටින බවයි.

Rasanga(නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)
නිදහස් ලේඛක
prasadrharischandra@gmail.com

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

Juche Ideology : ඒකාධිපතිවාදය සහ ජුචේ සංකල්පය - (රසාංග හරිශ්චන්ද්‍ර) | The Leader