The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

Jurgen Habermas (1929-2026) : හබර්මාස්ගේ දාර්ශනික මැදිහත්වීම

T

The Leader Desk

March 16, 2026 • 6:10 AM

Jurgen Habermas (1929-2026) : හබර්මාස්ගේ දාර්ශනික මැදිහත්වීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (ජර්මානු දාර්ශනික ජර්ගන් හබර්මාස් ඊයේ අභාවයට පත් වු බව ජ්‍යාත්තර මාධ්‍ය වාර්තා කළේය. ඔහුගේ දාර්ශනික මැදිහත්වීම පිළිබදව මහාචාර්ය චරිත හේරත් ස්වකීය FB පිටුවේ තබා ඇති සටහන මතු පළවේ)
  • ඔහු ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ දෙවන පරම්පරාවේ ප්‍රමුඛ චින්තකයෙකු ලෙස සමාජ විචාර න්‍යාය (Critical Theory) නව එකතු කිරිම්මක්  හරහා සමාජගත කළේය.
  • ඔහුගේ අදහස අනුව නුතනත්වයේ අවකාශය උපකරණමය සබුද්ධිකත්වයකට (basic needs) සීමා නොවී, මිනිසුන් අතර අර්ථවත් සංවාදයක් හරහා ගොඩ නගන 'සංනිවේදනමය වූ සබුද්ධිකත්වයක්' දක්වා වර්ධනය විය හැකි අවකාශයක් බවට වරනැගිය හැකි බව ඉදිරිපත් විය.
  •  මෙහි තාර්කික අන්තය සටහන් වූයේ  සියලු පාර්ශවයන්ට නිදහසේ අදහස් පළ කළ හැකි “පරිපූර්ණ කථන තත්ත්වය” (Ideal Speech Situation) තුළ සමාජ නීති සහ ආචාර ධර්මීය තත්වයන්  පිළිබඳ සාධාරණ එකඟතාවයකට පැමිණිය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):



ජර්මන් දාර්ශනිකයෙකු වන ජර්ගන් හබර්මාස්ගේ අභාවය සමඟ සමකාලීන දාර්ශනික හා සමාජ විද්‍යාත්මක චින්තනයේ විශාල යුගයක අවසානයක් සිදු වී ඇත.

විසිවන සහ විසිඑකවන සියවසේ ප්‍රමුඛතම චින්තකයෙකු වූ හබර්මාස්, ප්‍රජාතාන්ත්‍රික  සමාජය, මහජන සංවාදය සහ නවීන සමාජයේ නීතිමය-ආචාරමය පදනම් පිළිබඳ විවාදයන් ගැඹුරින් බලපෑ දාර්ශනිකයෙකි.

ඔහු ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ දෙවන පරම්පරාවේ ප්‍රමුඛ චින්තකයෙකු ලෙස සමාජ විචාර න්‍යාය (Critical Theory) නව එකතු කිරිම්මක්  හරහා සමාජගත කළේය.  

4725c9fc 7eb5 48db 91d5 d0a619b665f3 w960 r1.5 fpx44 fpy87

නූතනවාදයේ ප්‍රධාන ගැටළුවක් ලෙසින් ඔහු දැක්කේ එහි  ආර්ථික තාර්කිකත්වය (Instrumental Reason)  පමණක් නොව, සාකච්ඡා සහ සංවාදය මගින් තර්කානුකූල එකඟතාවයට පැමිණීමේ හැකියාව පිළිබදව වූ සංනිවේදන තාර්කිකත්වය (Communicative Rationality) නූතනවාදයේ ඉදිරි තත්වයක් ලෙසින් තේරුම් ගත හැකි  බවට ඔහු තර්ක කළේය.

මේ පිළිබදව වූ සංවාදය හරහා නූතනවාදයට එරෙහිව පශ්චාත් නූතන චින්තකයින් මතු කළ තර්කයට මදක් වෙනස් ස්ථාවරකින් නූතනවාදයේ 'නොනිමි කලාපයක්' (unfinshed end of modernity) පිළිබදව සංවාදය නව තත්වයකට ගෙන යාමට හබර්මාස් ගේ මැදිහත්වීම විශාල බුද්ධිමය බලපෑමක් සිදු කළේය.

 

00habermas 01 mediumSquareAt3X
හබර්මාස්ගේ ප්‍රධාන දාර්ශනික සංකල්ප අතර සන්නිවේදන තාර්කිකත්වය (Communicative Rationality) සහ කථිකා ආචාරධර්ම (Discourse Ethics) ඉතාමත් වැදගත් වේ.

ඔහුගේ අදහස අනුව නුතනත්වයේ අවකාශය උපකරණමය සබුද්ධිකත්වයකට (basic needs) සීමා නොවී, මිනිසුන් අතර අර්ථවත් සංවාදයක් හරහා ගොඩ නගන 'සංනිවේදනමය වූ සබුද්ධිකත්වයක්' දක්වා වර්ධනය විය හැකි අවකාශයක් බවට වරනැගිය හැකි බව ඉදිරිපත් විය.  මෙහි තාර්කික අන්තය සටහන් වූයේ  සියලු පාර්ශවයන්ට නිදහසේ අදහස් පළ කළ හැකි “පරිපූර්ණ කථන තත්ත්වය” (Ideal Speech Situation) තුළ සමාජ නීති සහ ආචාර ධර්මීය තත්වයන්  පිළිබඳ සාධාරණ එකඟතාවයකට පැමිණිය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

තවද ඔහුගේ “මහජන පරිමණ්ඩලය” (Public Sphere) පිළිබඳ සංකල්පය ප්‍රජාතාන්ත්‍රික දේශපාලන සිද්ධාන්තය ගැඹුරින් වෙනස් කළ එකක් ලෙසින් තේරුම් ගත හැකිය. රාජ්‍යය හා සමාජය අතර, ඝෘජු බල දේශපාලනයකින්  තොර විචාරාත්මක  සංවාදයක් සිදුවන මහජන පරිමණ්ඩලයක් ප්‍රජාතන්ත්‍රවාදය සදහා අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය.

හබර්මාස්ගේ ප්‍රසිද්ධ කෘති අතර පහත පොත් විශේෂයෙන් සඳහන් කළ හැකිය:

 

jef
* The Structural Transformation of the Public Sphere (1962)
* Knowledge and Human Interests (1968)
* The Theory of Communicative Action (1981)
* Moral Consciousness and Communicative Action (1983)
* Between Facts and Norms (1992)
* The Future of Human Nature (2003)

මෙම කෘති හරහා නූතනත්වයේ අභ්‍යයන්තරික තත්වයන්, නූතනන්ත්වයේ කොන්දේසි, එහි සීමාවන් හා එම සීමාවන් පළල් කිරීමේ න්‍යායික ඉඩ වැනි දාර්ශනික සංකල්ප ((1)Modernity, (2)The Internal Contradictions of Modernity (sometimes also framed as internal tensions of modernity), (3) Limitations of Mainstream Interpretations of Modernity (especially Habermas’ critique of postmodernist interpretations),(4) Modernity as an Unfinished Project) ඉදිරිපත් වූ අතර ඒ මගින්  ප්‍රජාතන්ත්‍රවාදයේ න්‍යායික අවකාශය පළල් කිරීමට ඔහු දායක විය.  

අද ලෝකය පුරා මහජන සංවාදය බොහෝවිට ධ්‍රැවීකරණය වෙමින් පවතින කාලයක, තර්කානුකූල සංවාදය, කතිකාමය ආචාර ධර්ම සහ ප්‍රජාතන්ත්‍රවාදී විමර්ෂන පිළිබඳ හබර්මාස්ගේ අවධාරණය තවදුරටත් ඉතා වැදගත් වේ.

ඔහුගේ චින්තන උරුමය ඉදිරි පරම්පරාවන්හි දාර්ශනික, සමාජ විද්‍යාත්මක සහ දේශපාලන චින්තනය හැඩගස්වමින් දිගටම පවතිනු ඇත.

WhatsApp Image 2025 12 28 at 7.53.05 AM(සටහන | මහාචාර්ය චරිත හේරත්)
charith9@yahoo.com

(ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ලෙසත් කටයුතු කළේය.)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...