The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
විශේෂාංග

කපුටාස් ඉංග්‍රීසි...- මහේෂ් හපුගොඩ

T

The Leader Desk

February 18, 2022 • 10:37 AM

කපුටාස් ඉංග්‍රීසි...- මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉංග්‍රීසි වැරදුනාට කමක් නැහැ.
  • ඉංග්‍රීසි කෙසේ වෙතත් ඇත්තටම බැලුවොත් මම ලියන සිංහලත් වැරදියි.
  • ලියන දේ ව්‍යාකරණ සහ ස්ටෑන්ඩර්ඩ් වලට හරියන්නේ නැත්නම් ඇත්තටම කරන්න ඕනි සිංහල/ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක් දන්න කෙනෙකුට දීල එඩිට් කරගන්න එක.
  • ඒ නිසාම අදහස දුර්වල ලෙස එළියට එන්නත් පුළුවන්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉංග්‍රීසි වැරදුනාට කමක් නැහැ.

ඉංග්‍රීසි කෙසේ වෙතත් ඇත්තටම බැලුවොත් මම ලියන සිංහලත් වැරදියි. ඒ වැරදි ගැන ම හිත හිත ඉන්න ගියොත් හිතේ තියන දේ කියාගන්න බැරි වෙනවා. මට අනුව ගොඩක් වටින්නේ අදහස.

හැම පුද්ගලයෙක්ම සුවිශේෂී පුද්ගල විශ්වයක් නිසා හැම පුද්ගලයෙක්ගේම අදහස සුවිශේෂී එකක්. ලියන දේ ව්‍යාකරණ සහ ස්ටෑන්ඩර්ඩ් වලට හරියන්නේ නැත්නම් ඇත්තටම කරන්න ඕනි සිංහල/ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක් දන්න කෙනෙකුට දීල එඩිට් කරගන්න එක.

එහෙම නැතුව භාෂා නිරවද්‍යභාවය පාදක කරගෙන අතිශයින් සුවිශේෂ අදහසක් පුද්ගලයෙක්ගේ ආත්මයෙන් එළියට එන්න තියන දුර්ලභ අවස්ථාව මරා දමන එක නෙවෙයි. ඒක අපරාධයක්.

ඒ අදහසේ ව්‍යාකරණමය වැරදි තියෙන්න පුළුවන්. ඒ නිසාම අදහස දුර්වල ලෙස එළියට එන්නත් පුළුවන්. ඒක වෙනම දෙයක්.


Getting a Grip on Slavoj Žižek (with Slavoj Žižek) - JSTOR Daily

ස්ලාවෝ ජිජැක් කියනවා එයා එයාගේ ඉංග්‍රීසි එඩිටර් එක්ක ගහ මරා ගන්නවා කියල සංස්කරණයේදී සිදුවෙන අදහස් විකෘති වීම් එක්ක. ඉතාම ගැඹුරු දාර්ශනික කරුණු ප්‍රකාශ කරන තැනදී දෙවැනි භාෂාවක් විදියට ඉංග්‍රීසි හැසිරවීම සම්බන්දයෙන් ජිජැක් හොඳ ගෝලීය උදාහරණයක්.  
 


නමුත් කතා කරන්න ගියාම එඩිට් කරන්න බැහැ. ගියොත් ගියාමයි. ඒ නිසා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ආයතන වල ඉංග්‍රීසි කතා කිරීම ගැන විශේෂ බියක් පේන්න තියනවා.

කොහොම වුණත් ලංකාව වගේ පසු යටත් විජිත රටක උසස් අධ්‍යාපනය ඇතුලේ (සහ ඉන් පිටත) අදහස් ප්‍රකාශ කිරීම විශාල ලෙස පස්සට යන්න ඉංග්‍රීසි වරදියි කියන බිය බලපෑවා. ඕකට ඊ. එල්. ටී. කාරයෝ කියන්නේ language anxiety/language phobia කියල. එක්කෙනෙක් දෙන්නෙක් හැරෙන්න ඒ බය නැති කරන්න කවුරුත් මුකුත් කරන්නෙත් නැහැ.

අද අපි බැසිල් කතා කරපු වචනයක් අල්ලගෙන ඉංග්‍රීසි ගැන විනිශ්චයන් දෙනවා. ඒක අළුත් ස්ටෑන්ඩර්ඩ් (භාෂා හැසිරවීමේ ප්‍රමිතියක්) ලෙස පිලිගම්මු කියලත් කියනවා.
 
 
 
හැබැයි විශ්ව විද්‍යාල වල, පාසැල් වල, වෙනත් ආයතන වල 'කපුටාස් ඉංග්‍රීසි' නිසා නැති වෙච්ච ජිවිත වලට, උපාධි වලට, ළමයින්ගේ අඳුරු වෙච්ච අනාගතයට අපි වන්දි දෙන්නේ කොහොමද? අපි කොච්චර 'කපුටාස්', 'දෙමලිච්චාස්', 'පොල්කිච්චාස්' වලට වැරදි දාල ඇත් ද? මේ මොහොතෙත් දානවා ඇත් ද?
 
 
 
අනික් අතට එංගලන්තේ ඇමෙරිකාවේ යන්න IELTS/TOEFL  කරන කොට 'කපුටාස් ඉංග්‍රීසි' එයාල පිළිගනී ද? ලෝකේ අනික් අය අපේ ප්‍රමිතිය පිළිගනී ද? අපේ ගෑස් වල, පෙට්‍රල් වල ප්‍රමිතිය වගේ එකක් ලෝකෙටම හරි යයි ද?  

මේක තමයි පැරඩොක්ස් එක.  

කොහොමත් මේ සාකච්චාව ආයෙත් ඉස්මතු වෙලා ආපු එක නම් හොඳයි. හැම විකෘතියක් පිටිපස්සෙම යම් විප්ලවයක් තියනවා.


Mahesh Hapugoda 1 1

(මහේෂ් හපුගොඩ )
සමාජ හා දේශපාලන විශ්ලේෂක

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 
 
 

 
 

Leader Whats app

 

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...