The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වේරහැර KDU රෝහලේ මානුෂීය සුනඛ මෙහෙයුමක්

T

The Leader Desk

May 19, 2025 • 9:39 AM

වේරහැර KDU රෝහලේ මානුෂීය සුනඛ මෙහෙයුමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉහත සඳහන් වැඩසටහන සඳහා මූල්‍ය දායකත්වය Adopt a dog in Sri Lanka සංවිධානය විසින් දරා තිබේ.
  • එතකොට අපි යෝජනා කරන්නේ තමන්ගේ ආයතනය ඇතුලේ ඉන්න සත්තුන්ට වඳ සැත්කම් කරලා එන්නත් කරලා ඒ වාර්තා තියා ගන්න කියලා.
  • රටේ තියෙන ප්‍රශ්නය විසඳුන දවසට ඇත්තටම මේ ආයතනයේ තියෙන ගැටලුවත් විසඳෙනවා.
  • එක සතාට එක පොත ගාණේ මේ හැම සතෙකුගෙම තනි ඡායාරූපයක් එක්කම සතාගෙ එන්නත් පිළිබඳ විස්තරත් ඇතුළුව.
අකුරු ප්‍රමාණය (Font Size):


එම රෝහලේ අධ්‍යක්ෂ (පරිපාලන ) බ්‍රිගේඩියර් සී.එස් තිබ්බොටුගේ ගේ ඉල්ලීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලද්දේ මානුෂීය ක්‍රම මඟින් සත්ව ගහන කළමණාකරණය පිළිබඳ පශු වෛද්‍ය සංසදයේ (Association of Veterinarians for Humane Management of Animal Population ) නිර්මාතෘ පශූ වෛද්‍ය චමිත් නානායක්කාර ප්‍රමුඛ vets for future පශූ වෛද්‍ය කණ්ඩායමක් විසිනි.

ඉහත සඳහන් වැඩසටහන සඳහා මූල්‍ය දායකත්වය Adopt a dog in Sri Lanka සංවිධානය විසින් දරා තිබේ. එම වැඩ සටහන නිමාවේ දී පශූ වෛද්‍ය චමිත් නානායක්කාර මෙසේ කීය.

පශුවෛද් ය චමිත් නානායක්කාර මහතාපශු වෛද්‍ය චමිත් නානායක්කාර

“ආරක්ෂක අමාත්‍යංශය මඟින් පාලනය වන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල් පරිශ්‍රයේ ඉන්න සුනඛ ගහණය මානුෂීය ක්‍රම මඟින් කළමණාකරණයට ලක් කිරීමක අවශ්‍යතාව මේ රෝහලේ පරිපාලන අධ්‍යක්ෂ තුමා අපට ලිඛිතව දන්වා තිබුණා. ඒ අනුව තමයි අපි මේ වැඩ සටහන ක්‍රියාත්මක කළේ. අපි දන්නවා; රාජ්‍ය ආයතනවල යම් කිසි ගැටලුවක් තියෙනවා; සුනඛයන් සම්බන්ධයෙන්. හැබැයි සුනඛ ගහනය කියන සමස්ත ප්‍රශ්නයම විසඳන්නෙ නැතුව අපිට හුදකලාව බැහැ එක තැනක විතරක් තියෙන ප්‍රශ්නයක් විසඳන්න. එතකොට අපි යෝජනා කරන්නේ තමන්ගේ ආයතනය ඇතුලේ ඉන්න සත්තුන්ට වඳ සැත්කම් කරලා එන්නත් කරලා ඒ වාර්තා තියා ගන්න කියලා. එතකොට ඉදිරියට එන ගැටලුවලට උත්තර හොයා ගන්න පුළුවන්.

kdu sunaka meheuma3
රටේ තියෙන ප්‍රශ්නය විසඳුන දවසට ඇත්තටම මේ ආයතනයේ තියෙන ගැටලුවත් විසඳෙනවා. එතකොට අපිට අද මේ ආයතනයේ ඉන්න සුනඛයන්ට වඳ සැත්කම් කළා. ජලභීතිකා එන්නත් කළා. කුෂ්ට රෝගවලට ප්‍රතිකාර කළා. ඔක්කොම සත්තු තිස් හයක්. මේ වැඩසටහනට මූල්‍ය ආධාර Adopt a dog in Sri Lanka සංවිධානයෙන්. ඒ වගේම අපි මේ සම්බන්ධ පොත් නිර්මාණය කළා. එක සතාට එක පොත ගාණේ මේ හැම සතෙකුගෙම තනි ඡායාරූපයක් එක්කම සතාගෙ එන්නත් පිළිබඳ විස්තරත් ඇතුළුව. සුනඛයාට දුන් බෙහෙත් පිළිබඳ එන්නත් පිළිබඳ සියලු විස්තර මේවයේ තියනවා.

 



මෙතන වෛද්‍ය හා අනිකුත් කාර්ය මණ්ඩල, විශ්ව විද්‍යාල ළමයි, ආරක්ෂක නිලධාරීන් ප්‍රතිකාර සඳහා එන රෝගීන් බැලුවොත් ඔක්කොම දහස් ගණනක් අපි ඊළඟ අවුරුද්දෙත් මෙහෙම ඇවිත් මේ විදිහට සියලුම එන්නත් ලබා දෙන බව කිව්වා. මේකෙන් මෙතන සේවය කරන ඉගෙන ගන්න වගේම යන එන අයගේ ආරක්ෂාවත් සත්තුන්ගේ ආරක්ෂාවත් තහවුරු වෙනවා. මේ විදිහට හැම ආයතනයක සත්තුන්ට වඳ සැත්කම් කරලා එන්නත් කරලා වාර්තා තියා ගන්න පුළුවන් නම් එතන තියෙන අනතුරු අපිට වලක්වා ගන්න පුළුවන්.

kdu sunaka meheuma4

ලංකාවේ සුනඛයන් සඳහා වඳ සැත්කම් කරන්න සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට මිලියන 200ක් වෙන් වෙලා තියෙනවා. ඇත්තටම අපිත් එක්ක වැඩ කරන්නෙත් රාජ්‍ය සේවයේ පශූ වෛද්‍යවරු. නමුත් මේ කටයුතු වෙන්නේ ඒ මුදල් වලින් නෙවෙයි. ඒ ලැබුන මුදල සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබලා දීලා ඒ පශූ වෛද්‍ය කාර්යාල හරහා මේ විදිහට සැත්කම් කරන්න. එතකොට රාජ්‍ය ආයතනවල තියෙන ගැටලු ගොඩක්ම අපිට විසඳගන්න පුළුවන්.

මෙතන පාලනාධිකාරියට අපි මේ විස්තර තියන පොත් බාර දුන්නා. එතකොට අපිට දැනුම් දුන්නම අපි හැම අවුරුද්දේම මෙහෙම ඇවිල්ලා මේ සත්තුන්ට ජලභීතිකා එන්නත් ලබා දීලා ඒ වගේම වඳ සැත්කම් කරනවා. එතකොට ඇත්තටම මෙතන හොඳට සත්ත්ව ගහණ පාලනයක් තියෙන ආයතනයක්. මේ ආයතනයේ කාර්ය මණ්ඩලය ළමයි හැමෝම එක්ක මේ සත්තුත් හොඳින් ඉන්න බව දැනටත් අපිට පේනවා ඒ බැඳීම අද ඉඳන් ඉතා සවිමත් ආරක්ෂාකාරී බැඳීමක් වේවි”.

kdu sunaka meheuma7සුනඛයන් ගේ ඡායාරූප සහිත පොත්
ඉහත සඳහන් වැඩසටහන නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ නියෝජිතයකු ද එක්ව සිටි අතර ඉනුදු මෙම වැඩ සටහන් දාමය සඳහා සාධනීය පිටිවහලක් ලැබෙන බවට පශූ වෛද්‍ය චමිත් නානායක්කාර විශ්වාසය පළ කළේ ය.

මෙම වැඩසටහනේ සාර්ථකතවය සඳහා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පරිපාලන හා මානව සම්පත්) කර්නල් එල්.සී.එස් මුතුකුමාරන, ලුතිනන් කර්නල් කේ.කේ,.පී පුස්සෙවෙල, කපිතාන් ඩබ්ලියු.එම් කේ බණ්ඩාර යන නිලධාරීන් ගෙන් සහ ටී.එම් කේ.ජී බණ්ඩාර, එස්.ඒ එන් සමීර, කේ එස් මහේෂිකා, ඩී.එම්.ඩී.කේ බණ්ඩාර සහ ඩී.එම් ටී මධුමාලක ගෙන් ද විශිෂ්ට සහයෝගයක් ලැබුණි.

499066210 1093896759442086 2285021920556889365 n

එමෙන්ම මෙම වැඩ සටහනේ සම්බන්ධීකරණ කටයුතු කොතලාවල ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ විසින් සිදු කරන ලද අතර ඔහු අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුබසාධක සංවිධානයේ ව්‍යාපෘති හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ද වේ.

kdu sunaka meheuma5මහාචාර්ය නාමල් විජයසිංහ මහතා සහ පශු වෛද්‍ය කණ්ඩායම
kdu sunaka meheuma8සායනයට සම්බන්ධ කර ගත් සියළුම සුනඛයන් සඳහා පොත් සැකසීම

renuka damayanthi psd
(සටහන | රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...