The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආනන්දේ සෙට් එක ෆුල් චූන් වෙලා. - King Barnet

T

The Leader Desk

April 30, 2021 • 3:35 AM

ආනන්දේ සෙට් එක ෆුල් චූන් වෙලා. - King Barnet

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආනන්දේ සෙට් එක ෆුල් චූන් වෙලා.
  • මාධ්‍ය ප්‍රකාශක ..."   ආපහු රබන් පාර වදින්න ගත්තා.
  •     චීන පටස් පත්තු කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
චීන පටස් පත්තු කරනවා.
 
රබන් ගහනවා.
 
කිරිබත්, කැවුම් කනවා.
 
කිංබානට්තුමා මේ සීන් එක මොකක්ද කියලා බලන්න ගියා.
 
ඔන්න පොරක් මයික් එකක් අතේ තියන් එනවුන්ස් කරනවා.
 
" ආදී ආනන්දීය සුදේව ... මාධ්‍ය අධ්‍යක්ෂ ..."
 
ආනන්දේ සෙට් එක චීන පටස් පත්තු කරන්න ගත්තා.
 
කට්ටිය රබන් ගහන්න ගත්තා.
 
තව කට්ටියක් කැවුම්, කිරිබත් අල්ලනවා.
 
ටික වෙලාවකට පස්සේ තවත් පොරක් ස්ටේජ් එකට නැග්ගා.
 
" ආදී ආනන්දීය කිංස්ලි ... මාධ්‍ය ප්‍රකාශක ..."
 
ආපහු රබන් පාර වදින්න ගත්තා.
 
චීන පටස්, කැවුම් , කිරිබත් රවුමක් වටේට ගියා.
 
කිංබානට්තුමා මේ මෝඩ චූන් එක දිහා බල බල ඉන්න අතරෙ තවත් පොරක් කලබලයෙන් වගෙ ස්ටේජ් එකට නැග්ගා.
 
" ආදී ආනන්දීය මහින්ද බාල...."
 
එච්චරයි කියන්න ලැබුනේ.
 
" හුරේ...! ජයවේවා ...! "
 
ආනන්දේ සෙට් එක පාරට පැනලා චියර් කරන්න පටන් ගත්තා.
 
" හෝව්...හෝව්.... නවත්තපල්ලා...."
කිංබානට්තුමා කෑගැහුවා.
 
" මොන යකාටවත් අපිව නවත්තන්න බෑ යකෝ...."
 
" අපේ එකෙකුට පෝස්ට් එකක් හම්බ වුණාම අපි ගන්න ආතල් කඩන්න කාටත් බෑ ඩෝ...! "
ආනන්දේ පොරවල් සෙට් එකට මළ පැනලා.
 
" නෑ... නැ... මං ඔයගොල්ලන්ගේ ආතල් කඩනවා නෙවෙයි ..."
 
" නිකං මොර්තේ දාන්න එපා...එහෙනං මේ මොකක්ද කරන්නේ ඩෝ .....? "
පොරක් චීන පටස් එක පත්තු කරන ගමන් ඇහුවා. 
 
" කලබල වෙන්නෙපා....මහින්ද බාලසූරියට පෝස්ට් එකක් හම්බු වෙලා නෑ..."
 
" එහෙනම් ...? "
" එතුමා දිවංගත වෙලා...! "
 
 
(කිංබානට් )

 

 

 


 

THE LEADER TV 
 
සුදු වෙන්න ගිහින් තියෙන පාටත් නැති වෙන ප්‍රමිතියෙන් තොර රූපලාවණ්‍ය ආලේපන වෙළඳපොලේ 
 

 
සුදේවට ආශ්චර්යක් කරන්න පුළුවන් වෙයිද ?
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...