The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අරාජිකත්වයට ඉඩ තියන්න එපා - කුම්බියෝ ටෙලියේ ප්‍රියන්ත මහඋල්පතගමට ලිපියක්

T

The Leader Desk

April 1, 2022 • 10:12 AM

අරාජිකත්වයට ඉඩ තියන්න එපා - කුම්බියෝ ටෙලියේ ප්‍රියන්ත මහඋල්පතගමට ලිපියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මම අනතුරු අඟවපු විදියටම උද්ඝෝෂණ රැල්ල ටික වේලාවකින් ප්‍රචණ්ඩත්වයට පෙරලුනා.
  • ඒ නිසා ඔබ කැමති නායකත්වයක් යටතේ, විනයක්, වැඩපිළිවෙලක් ඇතිව ප්‍රජාතන්ත්‍රවාදීව උද්ඝෝෂණ දියත් කරන්න.
  • මේ කතා කරන්නේ ප්‍රියන්‍තට පාරට බහින්න බලාගෙන මේ වෙලාවේ ලේ කකිය කකිය දාඩිය පෙරාගෙන හාමතේ ඉන්න ප්‍රියන්තට බය වෙන්න එපා කියන්න යන්නේ අප්‍රේල් 03 පාරට බහින්න එපා කියලා නෙවෙයි.
  • ඉතින් මේ කියන්න යන්නේ ප්ලෑන් එක ජෙහාන්ගේ නිසා පැත්තකට වෙලා ඉන්න හැටි නෙවෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):



මම අනතුරු අඟවපු විදියටම උද්ඝෝෂණ රැල්ල ටික වේලාවකින් ප්‍රචණ්ඩත්වයට පෙරලුනා. සමහරු වාහන ගිනි තියන්න ගත්ත.

ඇත්ත. ඔබ කියන්නේ වාහන ගිනි තිබ්බේ උද්ඝෝෂකයෝ නෙවෙයි කියල. ඒ ගැන අවිෂ්ක ඉඳුවර ෆේස්බුක් එකේ තියපු සටහනත් දැක්ක.

කොහොම වුනත් පුරවැසි නායකත්වයක්, වැඩපිළිවෙලක් සහ විනයක් නැතිව මතුවෙන උද්ඝෝෂණ භයානකයි.

උද්ඝෝෂකයින් ප්‍රචණ්ඩත්වයට අකමැති වුනත් මේ අවස්තාව exploit කරන්න බලාගෙන ඉන්න තවත් බොහෝ කණ්ඩායම් ඉන්න පුළුවන්. පාලකයිනුත් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්.

ඇත්ත. අපි හැමෝටම දැන් දේශපාලකයෝ එපා වෙලා. නමුත් අපිට දේශපාලකයින් නැතිව ප්‍රජාතන්ත්‍රවාදයක් පවත්වාගන්න බැහැ.

ඒ නිසා ඔබ කැමති නායකත්වයක් යටතේ, විනයක්, වැඩපිළිවෙලක් ඇතිව ප්‍රජාතන්ත්‍රවාදීව උද්ඝෝෂණ දියත් කරන්න. අරාජිකතත්වයට තුඩු දෙන ක්‍රියාකාරකම්වල යෙදෙන්න එපා.


(සරෝජ් පතිරණ)
BBC හිටපු මාධ්‍යවේදී
(ලන්ඩනයේ සිට..)





කුම්බියෝ ටෙලියේ සද්භාවී ප්‍රියන්ත මහඋල්පතගම වෙත,

 

best sinhala teledramas of recent time 1

මේ සටහන ලියන්නේ මල්දෙණියටවත්
ජෙහාන්ටවත් නෙවෙයි

ඒ නිසා එවුන් ට්‍රිගර් වෙන්න අවශ්‍ය නෑ..

මේ කතා කරන්නේ
ප්‍රියන්‍තට

පාරට බහින්න බලාගෙන
මේ වෙලාවේ ලේ කකිය කකිය දාඩිය පෙරාගෙන
හාමතේ ඉන්න ප්‍රියන්තට

බය වෙන්න එපා
කියන්න යන්නේ අප්‍රේල් 03 පාරට බහින්න එපා කියලා නෙවෙයි..

ඒ නිසා පැත්තකින් වාඩිවෙලා පොඩ්ඩක් කියවපං..

පැහැදිලිවම මේක මල්දෙණිය කෙනෙක් විසින් දුන්න කොන්ත්‍රාත්තුවකට ජෙහාන් විසින් ප්ලෑන් කරපු පාරට බැහිල්ලක්...

දැනට පේන දේවල් වල හැටියට
ඒ මල්දෙණිය සජිත් නෙවෙයි
ඒ මල්දෙණිය අනුරත් නෙවෙයි

මේ වගේ වෙලාවක මේ වගේ ප්ලෑනක් ගස්සවන්න සජිත්ට මොළයක් නෑ

ජන බලය කොහොමත් තමන්ට කැරකිලා තියන වෙලාවක මේ වගේ ප්ලෑනක් ගස්සවන්න අනුරට හදිසියකුත් නෑ

මේක පිටිපස්සේ ඉන්න මල්දෙණිය
මොළයකුත් තියන
හදිසියකුත් තියන
එකෙක්..

හොඳට කල්පනා කරල බැලුවොත් ඔලුවට ඒවි කවුද කියලා..

ඉතින්
මේ කියන්න යන්නේ

ප්ලෑන් එක ජෙහාන්ගේ නිසා  පැත්තකට වෙලා ඉන්න හැටි නෙවෙයි..

ජේහාන්ගේ ප්ලෑන් එකෙන්
ප්‍රියන්තගේ අරමුණ වෙච්ච
පවතින ම්ලේච්ඡ ආණ්ඩුවට විරෝධය,අප්‍රසාදය දැක්වීම කියන එක විතරක් කරගන්නේ කොහොමද කියලා..

මුලින්ම

කවදද පාරට බහින්නේ
කීයටද පාරට බහින්නේ
කියන එක විතරක් නෙවෙයි

පාරට බැහැල මොනවද කරන්න ඕන මොනවද නොකර ඉන්න ඕන කියලා
පැහැදිලි චිත්‍රයක් ඇඳගනි‍ං...

පාරට බැස්සා මදි
ගහපං
මරපං
කොටපං
කියලා ජෙහාන් කිව්වත්

පොදු දේපළ පෙන්නලා
කඩපං
ගිනි තියපං කියලා ජෙහාන් කිව්වත්..

ඒක උගේ අරමුණට යන්න වාසියක් මිසක්

ඒක අපේ අරමුණට යන්න වාසියක් නෙවෙයි...

සාමකාමීව රැස් වෙන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උබට මූලික අයිතිවාසිකමක් දීලා තියනවා..

ඒකට එරෙහි වෙන්න ආණ්ඩුවට බෑ..

හැබැයි
ඒ රැස්වීම නීති විරෝධි රැස්වීමක් වුණ ගමන් උබට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නේ
දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය..

මතක තියාගනිං මෙහේ නීතිය මහ එවුන්ට ක්‍රියාත්මක නොවුණට
පොඩි එවුන්ට ක්‍රියාත්මක වෙන්නේ විදුලි වේගයෙන්..

ජෙහාන්ට වාසි වෙන්නේ උබ හිරේ විලංගුවේ වැටෙන තරමට

ඒත් උබට මට වාසි වෙන්නේ
පුළුවන් තරම් සාමකාමීව හැසිරෙන තරමට

ඊළ‍ඟට
ජෙහාන්ගේ ප්ලෑන් එක සාර්ථක වෙන්න නම්
ජාත්‍යන්තර අවධානය අවශ්‍යයි

ජාත්‍යන්තර අවධානය ලබාගන්න නම් ලේ අවශ්‍යයි..

ඒ නිසා ජෙහාන්ගේ තුවක්කුවෙන් වදින වෙඩි වලට පපුව දික් කරලා
හතරවෙනිදා සිට උබේ පවුලේ උන් පාරට ඇදල දාන ජාතික වීර මානසිකත්වය ඇති කරගන්න එපා..

ආරූඪෙන් වගේ
ආවේග පිට කර කර නොඉඳ

හොඳ මීටරෙන් හිටපං..

ඉතින්
මේ කිව්වේ
ගේම් එක මල්දෙණියගේ වුණත්
ප්ලෑන් එක ජෙහාන්ගේ වුණත්
ප්‍රියන්තගේ සද්භාවී අරමුණට යන්න උවමනා කරන දේවල් ටිකක් විතරයි..

තව තියනවා
හදවත පස්සට දාලා...
මොළය ඉස්සර කරන් හිතපං

උබට ජය !

-පමුදි අනුත්තරා වීරසූරිය)
(සමාජ මාධ්‍යයෙන් උපුටා ගැනින)


සබැඳි ලිපි :


ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිකොට පුරවැසි විරෝධය කෙලසන කූට සැලසුම් පරදමු !- රැඩිකල් මැද සාමූහිකය

අප්‍රේල් 03 : 'අරාබි වසන්තයේ අනපේක්ෂිත ප්‍රතිවිපාකවලින් අප ඉගෙන ගත යුතුයි' - ගාමිණී වියන්ගොඩ

අප්‍රේල් 03 : අයාලේ යන ජනතා විරෝධය භයානකයි !

 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අරාජිකත්වයට ඉඩ තියන්න එපා - කුම්බියෝ ටෙලියේ ප්‍රියන්ත මහඋල්පතගමට ලිපියක් | The Leader