The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ශ්‍රමය (LABOUR) කම්කරුවා ලෙස පටලවා ගත් ලංකාවේ කම්කරු දිනය - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

May 1, 2023 • 10:30 AM

ශ්‍රමය (LABOUR) කම්කරුවා ලෙස පටලවා ගත් ලංකාවේ කම්කරු දිනය - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රමය සම්බන්ධ කාරණාවලදි වැඩිපුර ගැටලු තියෙන්නෙ කායික ශ්‍රමිකයාට වුණාට බුද්ධිමය ශ්‍රමිකයන්ට ගැටලු නැත්තෙ නැහැ.
  • ඒ නිසා තමයි, මාත් ඇතුළුවන බොහෝ ශ්‍රමිකයන් අදත් වැඩකරන්නෙ.
  • ඔවුන් තමයි වැඩියෙන්ම සූරාකෑමට ලක්වෙන්නෙත්.
  • ඇත්තම කියනවා නම් කම්කරුවො මේ විකාරවලට සම්බන්ධ වෙන්නෙත් නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):



ශ්‍රමය සම්බන්ධ කාරණාවලදි වැඩිපුර ගැටලු තියෙන්නෙ කායික ශ්‍රමිකයාට වුණාට බුද්ධිමය ශ්‍රමිකයන්ට ගැටලු නැත්තෙ නැහැ. ඒ ගැන සංවිධානවලට හරි අවබෝධයක් නැහැ. නූතන ශ්‍රම ප්‍රවණතා ගැන තවම කාටවත් හරිහමන් විග්‍රහයක් නැහැ. ඒවා අධ්‍යයනය කර තිබෙන ප්‍රමාණය ඉතා අඩුයි.

ලංකාවෙ පිළිගත් ශ්‍රම ප්‍රමිති සම්පාදනය කර තිබෙන්නෙ රාජ්‍ය සේවය සමග සන්සන්දනය කරමින්. ඒ වුණාට, රාජ්‍ය සේවයෙන් පිටතට ඒ ශ්‍රම ප්‍රමිතිවල බලපෑම අවමයි. ඒ නිසා තමයි, මාත් ඇතුළුවන බොහෝ ශ්‍රමිකයන් අදත් වැඩකරන්නෙ.

 

මැයි දිනයේ ඉතිහාසය අනුව, එය ලෝක කම්කරු දිනය වීම සාධාරණයි. එහිදී කායික ශ්‍රමය අලෙවි කරන කම්කරුවන් ගැන අවධානය යොමුවීම සාධාරණයි. ඔවුන්ට තමයි වැඩියෙන්ම ගැටලු තියෙන්නෙ. ඔවුන් තමයි වැඩියෙන්ම සූරාකෑමට ලක්වෙන්නෙත්. උදාහරණයක් තමයි, දේශපාලකයන් ඇවිත් හැඩි කරලා යන කොළඹ පිරිසිදු කරන්නට අදත් වැඩකරන සනීපාරක්ෂක කම්කරුවන්. ඒ වගේම කායික ශ්‍රමිකයන් සෙසු අයව සූරාකන එකත් කරනවා. උදාහරණයක් තමයි ලංකාවේ බහුතරයක් බාස්උන්නැහේලා.

 

හැබැයි, අද තියෙන මැයි දින පෙළපාලි, සැමරුම්, රැස්වීම් ආදියට කම්කරුවන් කීදෙනෙකු සහභාගි වෙනවාද? මේවායෙදි මං නම් හිතන්නෙ එක කම්කරුවෙකුටවත් කතාවක් පවත්වන්නට අවස්ථාව ලැබෙන්නෙ නැහැ. ඒවා කරන්නෙ දේශපාලන හා වෘත්තීය සමිති නායකයෝ.

ඇත්තම කියනවා නම් කම්කරුවො මේ විකාරවලට සම්බන්ධ වෙන්නෙත් නැහැ.



AJITH PARAKUM(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)



JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...