The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : Ladies First

T

The Leader Desk

July 27, 2025 • 10:32 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : Ladies First

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිරි ලංකාවේ ජගහනයේ පිරිමි ප්‍රතිශතය අභිබවා කාන්තාවන් ඉදිරියට යමින් සිටින බව වාර්තා වෙයි.
  • මීට බලපා ඇති හේතු අතර කාන්තාවන්ගේ ආයුෂ වැඩිවීම, කාන්තා උපත් වැඩිවීම හා පිරිමින් විශාල වශයෙන් විදෙස් ගතවීමද දක්නට වෙයි.
  • ලෝකයේ කාන්තා ජනගහනය වැඩිම රටවල් අතර, අපේ රටට 17 වැනි ස්ථානය ලැබී තිබීමද, පිරිමින්ගේ අවධානයට ලක්විය යුතු කාරණයකි.
  • කෙසේ වෙතත් අවසානයේ මා නියෝජනය කරන්නේ බහුතර මතය බැවින්, මේ කොලම වැඩි දෙනාගේ මනාපය දිනාගන්නා බවද දනිමි.
අකුරු ප්‍රමාණය (Font Size):


සිරි ලංකාවේ ජගහනයේ පිරිමි ප්‍රතිශතය අභිබවා කාන්තාවන් ඉදිරියට යමින් සිටින බව වාර්තා වෙයි. මීට බලපා ඇති හේතු අතර කාන්තාවන්ගේ ආයුෂ වැඩිවීම, කාන්තා උපත් වැඩිවීම හා පිරිමින් විශාල වශයෙන් විදෙස් ගතවීමද දක්නට වෙයි.

ලෝකයේ කාන්තා ජනගහනය වැඩිම රටවල් අතර, අපේ රටට 17 වැනි ස්ථානය ලැබී තිබීමද, පිරිමින්ගේ අවධානයට ලක්විය යුතු කාරණයකි.

 

කපිල කුමාර කාලිංගගේ හීසරය : රස කතා නංවන 'ලිෆ්ට්' දෙන වාහන

ලොව කාන්තා ජනගහනය වැඩිම රට ලැට්වියාවය. දෙවැනි තැන ආර්මේනියාවද තෙවැනි තැන ලිතුවේනියාවද දිනා සිටී. ඉන්පසු යුක්රේනය හා රුසියාවය. සිරි ලංකාව තුළ මේ තත්ත්වයෙහි හොඳ නරක පැති ගැන අදාළ විද්වත්හු දැන් පෙන්වා දෙති.

Women Population

 

මගේ දැක්ම වෙනස්ය. මා හැමදාමත් සිටියේ සිම්පල් සයිමන්ලාගේ පැත්තෙහිය. කෙසේ වෙතත් අවසානයේ මා නියෝජනය කරන්නේ බහුතර මතය බැවින්, මේ කොලම වැඩි දෙනාගේ මනාපය දිනාගන්නා බවද දනිමි.

මා බොහෝ දේවල් බරපතළ ලෙස බාර නොගන්නා, සැහැල්ලු ඇවතුම් පැවතුම් ඇත්තෙකි. එහෙත්, බවලත් උදවියගේ කාරණා නම්, බරපතළ ලෙස සලකමි.

මගේ මිතුරු කිවිඳියක නිතර පවසන අන්දමට, සිරි ලංකාවේ පිරිමි (කවියන්, ගත්කතුවරුන්ද ඇතුළුව), කාන්තාව දෙස බලන්නේ, පිරිමි දෘෂ්ටියෙනි. එනිසාම ඔවුනට බොහෝ විට වරදී.

මගේ මිතුරිය ද පිළිගන්නා පරිදි, මා නම් කාන්තාව දෙස, කාන්තා දෘෂ්ටියෙන්ම බැලීමට කැමති පිරිමියෙකි. මට, Ladies First ය. පිරිමියා ගැහැනුන්ට සෙකන්ඩ් වන බවක්ද ඉන් අදහස් නොවේ.

close up women hands with feminism symbol scaled

මම ගැහැනුන් සෙකන්ඩ් කොට සලකා ඔවුන් හා සෙල්ලමට නොගියෙමි. එසේ ගිය හැමතැනම, හැමවිටම මට වැරදුණේය. මට කෙළ වුණේය. මා පැරදුණේය. දුර්වල කොට්ටපොර ක්‍රීඩකයකු මෙන් බිම ඇදවැටුණෙමි.

ශිෂ්ට සම්පන්න ලෙස කියනවා නම්, මා කාන්තාවන්ට නිසි තැන ලබා දෙන, සැබෑ පිරිමියෙක්මි.

වර්තමානයේ සිරි ලංකාවේ පිරිමි ප්‍රතිශතය අඩුවීම ගැන මා තුළ සතුටක්ද උපදී. මක් නිසාද යත්, ඉන් පිරිමින්ගේ ‘ඩිමාන්ඩ්’ එක වැඩිවන නිසාය. මේ නිසා අනාගතයේදී එක ගෙයි කෑමේ පුරාණ චාරිත්‍රය යළි ඇරැඹීමටද ඉඩ තිබේ. සංස්කෘතිය සකස් වන්නේත්, වෙනස් වන්නේත්, මිනිසාගේ ඕනෑ එපාකම් මත බව අමුතුවෙන් කිව යුතු නොවේ.

පැරණි සිරිත වූයේ, පිරිමින් දෙදෙනකු හා එක ගැහැනියක එක්ව විසීමය. මෙවර, එක පිරිමියකුට ගැහැනුන් හතර පස් දෙනකු වුව ගත හැකිවනු ඇත. (සමාජයෙහි ගැහැනු අතිරික්තයක් ඇති බැවින්, මෙය සදාචාර සම්පන්න ක්‍රියාවක් වනු ඇත.) දැනටමත් ඇතැම් සමාජයන්හි (ආගමානුකූලවම) බහු භාර්යා සේවනය නීත්‍යානුකූල වෙයි.

marriage
ඒ අනුව, අනාගතයේදී සිරි ලංකාවේ නිල නාමය (ව්‍යවස්ථානුකූලව) ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී බහු භාර්යා රාජ්‍යය ලෙස වෙනස් වීමටද ඉඩ ඇත. මෙය වක්‍රව සංචාරක ව්‍යාපාරයෙහි ප්‍රවර්ධනයටද හේතු වනු ඇත. ඕනෑම විදේශිකයකුට අපේ අතිරික්ත කාන්තාවන්ගෙන් කිහිප දෙනකු හා විවාහ විය හැකිය. එහෙත් සිය රට ගෙන යාම තහනම්ය. පිරිමි ප්‍රතිශතය සමබර කරගත යුතු බැවිනි.

කාන්තාවන් වැඩි රටකට, වනිතා කටයුතු සඳහා එක ඇමැතිනියක ප්‍රමාණවත් නොවනු ඇත. එහෙයින් ඇමැති ධුර දෙකක් හෝ තුනකට අවස්ථාව ලබා දිය යුතුය.

දැනටමත් කාන්තාවන් නියෝජනය සඳහා අගමැතිනියක සිටී. අනාගතයේදී මෙය ජනපති පදවිය දක්වාම ගෙන යා යුතුය. ස්ත්‍රී කතිර වැඩිවන හෙයින්, පාර්ලිමේන්තුවද “මහිලා සමිතියක”ගේ තත්ත්වයට පත්වනු ඇතැයි උපකල්පනය කළ හැකිය.

කපිල කුමාර කාලිංගගේ හීසරය : පොහොසත් රටක් සහ ලස්සන ගැහැනියක්

 

කාන්තා නායකත්වය ගැන කියැවෙන උපහාසාත්මක කියුම් රැසකි.

• කාන්තාවකට නායකත්වය දැරීමේ බැරිකමක් නැත. එහෙත් ඒ සඳහා පිරිමින් කිහිප දෙනකුගේ සහාය අවශ්‍යය.

• පිරිමින්ට නායකත්වය ලබාදීමට මූලික වන්නේ කාන්තාවන්ය. ඒ, පිරිමින් ගෘහ පාලනයට අසමත් නිසාය.

• අනාගත ලෝකයේ “කාන්තා නායකත්වය’ යන විශේෂණය අවශ්‍ය නොවනු ඇත. සියලුම නායකයන්, කාන්තාවන් වන බැවිනි.

 

459e211155ab2c7b7fb85482bfcb0874
• දේශපාලන රැස්වීම්වල කාන්තාවන්ගේ කතා සීමා කිරීමට හේතුවක් ඇත. අවසර ලබාගත් වේලාව තුළ රැස්වීම අවසාන කළ යුතු බැවිනි.

• කාන්තාවන් කිහිප දෙනකු එකතු වූ විට, වැඩපළ පාළු වන බවට චෝදනාවක් ඇත. ඒ ඉවරයක් නැති කතාව නිසාය. එහෙත්, ඒ සියලු කතාවල නිමිත්ත පිරිමියා බව පිරිමි නොදනිති.

මේ තීරුව ලියා අවසානයේ මගේ මිතුරකු අමතා, ගැහැනු ප්‍රතිශතය ඉහළ ගොස් තිබීම ගැන කීවෙමි.

ඔහු මෙසේ පැවසීය.

කපිල කුමාර කාලිංගගේ හීසරය : සැමියන්ටත් දිනයක්

“අද කිව්වා කියල මතක තියාගන්න. අපේ රටේ ඊළඟ සිවිල් යුද්ධය හටගන්නෙ ගැහැනු-පිරිමි අතර.”

තත්ත්වය භයානකය. පිරිමින් පරාජය කළ හැකි සියලු අවි හා උපක්‍රම ගැහැනුන් සතු බැවිනි.

කපිල කුමාර කාලිංගගේ හීසරය : ප්‍රජාතන්ත්‍රවාදී විහිළු තහළු(සටහන | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

 
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya)


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...