The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ලංකාගම - නලුවන් අපෙන් පිටපත චීනයෙන්.. - පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම්

T

The Leader Desk

September 1, 2020 • 3:27 AM

ලංකාගම - නලුවන් අපෙන් පිටපත චීනයෙන්.. - පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිංහරාජ ලෝක උරැමය වනසමින් ලංකාගම හරහා දෙණියායට මාර්ගයක් ඉදිකිරීමට මේ හැටි වෙහෙසෙන්නෙ ඇත්තෙන්ම ලංකාගම මිනිසුන්ගේ සුබ සිද්ධිය උදෙසා ද ?
  • ඒ 2013 වසරේ නවතා දමන ලද සංචාරක  හොටල් ව්‍යාපෘතිය සදහාය.
  • අනෙක් අවශ්‍යතාවය හම්බන්තොට චීන වරායට ජලය දිමට සකස් කරන ගිං -නිල්වලා ජලාශය ඉදිකිරිමට (Gin -Nilwala Diversion Project) අවශ්‍ය භාණ්ඩ  ප්‍රවාහනයට යොදාගන්නා මාර්ගයක් ලෙස මෙය භාවිතා කිරීමටය.
  •  ගිං නිල්වලා ව්‍යාපෘතිය සදහා මේ වන  විට අවශ්‍ය මැනුම් කටයුතු යම් තාක් දුරකට අවසන් කරමින් ඇති අතර ඒ සදහා වන ගිවිසුම චීනයේ CAMC ඉන්ජිනේරැ සමාගමේ යන් හයිලු (Yan Hailu) මහතා හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අත්සන් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

අප හට පෙනෙන කාරණා දෙකක් මෙහි පිටු පස ඇත.

ඒ 2013 වසරේ නවතා දමන ලද සංචාරක  හොටල් ව්‍යාපෘතිය සදහාය.

අනෙක් අවශ්‍යතාවය හම්බන්තොට චීන වරායට ජලය දිමට සකස් කරන ගිං -නිල්වලා ජලාශය ඉදිකිරිමට (Gin -Nilwala Diversion Project) අවශ්‍ය භාණ්ඩ  ප්‍රවාහනයට යොදාගන්නා මාර්ගයක් ලෙස මෙය භාවිතා කිරීමටය.

''අනෙක් අවශ්‍යතාවය හම්බන්තොට චීන වරායට ජලය දිමට සකස් කරන ගිං -නිල්වලා ජලාශය ඉදිකිරිමට (Gin -Nilwala Diversion Project) අවශ්‍ය භාණ්ඩ  ප්‍රවාහනයට යොදාගන්නා මාර්ගයක් ලෙස මෙය භාවිතා කිරීමටය.''

එක  පාරේන් වැඩ දෙකක් සිදු කරන මෙම මාර්ගය ඉදිරි අයොජන වලදි ඉතාමත් අත්‍යවශ්‍ය මාර්ගයක් ලෙස රජය  හදුනාගන ඇත.

 ගිං නිල්වලා ව්‍යාපෘතිය සදහා මේ වන  විට අවශ්‍ය මැනුම් කටයුතු යම් තාක් දුරකට අවසන් කරමින් ඇති අතර ඒ සදහා වන ගිවිසුම චීනයේ CAMC ඉන්ජිනේරැ සමාගමේ යන් හයිලු (Yan Hailu) මහතා හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අත්සන් කර ඇත.

එමෙන්ම  මෙම ව්‍යාපෘතිය ඉදිවන කලාපය තුල දෙණියායා, දියදාව, කොටපොල, කටුවන යන ගාල්ල හා මාතර දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ කිහිපයක් අයත්ය.  

Sinharaja lankagama Road

2014 වසරේ මෙම ජල  ව්‍යාපෘතිය දියත් කිරීමට ගත් උත්සහයේදි අප හා දෙණියාය ප්‍රදේශයෙ පිරිස් එක්ව එයට දැක්වු විරෝධය නිසා මෙම ව්‍යාපෘතිය යට ගිය අතර සිංහරාජය අවට අවශේෂ කැලෑ හා ගම්මාන ආරක්ෂා  කරගැනීමට එයින් හැකි විය.

ව්‍යාපෘතියට අදාලව රැපියල් මිලියන 3.012 ක් හිටපු වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් ඉවන්ද සිල්වා මහතා (K.W. Ivan de Silva) විසින්  නිසි ක්‍රමවේදයකින් තොරව ගිං නිල්වලා ව්‍යාපෘතිය දියත් කරන චීනයේ CAMC ඉංජිනේරු සමාගමට ගෙවා ඇත.

එම ගෙවා ඇති මුදල මුලු ව්‍යාපෘති වටිනාකමින් 5% කි.          

ඉහත සදහන් කල හොටල් ව්‍යාපෘතිය හා ගිං නිල්වලා ව්‍යාපෘතිය යන දෙකම සලකා බැලුවහොත් ඉදිරි සංවර්ධන  ව්‍යාපෘති දියත් කිරීමට මෙම මාර්ගය රජය විසින් ඉදිර්යේදි යොදා ගනු ඇත.

එමෙන්ම එම ප්‍රදේශයේ දැවැන්ත ඉඩම්  මංකොල්ලයක් නොකර හා සිංහරාජ රක්ෂිතයට හානි නොකර මෙම ව්‍යාපෘති දියත් කිරීමට නොහැකිය.

ලංකාගම මිනිසුන් මේ ඉඩ දී තිබෙන්නේ සිංහරාජය ලෝක උරැමය පමණක් නොව තම වරිගයාට අයිති ඉඩම් මංකොල්ලයට අවැසි එම මාර්ග තැනීමටය.

''ලංකාගම මිනිසුන් මේ ඉඩ දී තිබෙන්නේ සිංහරාජය ලෝක උරැමය පමණක් නොව තම වරිගයාට අයිති ඉඩම් මංකොල්ලයට අවැසි එම මාර්ග තැනීමටය.''

තමා කපා ගත් වලේ තමාම වැටෙන දිනය වැඩි ඈතක නොවන බව ලංකාගම හා දෙණියයා අවට ගම්මානවල මිනිසුන්ට දැනීම සදහා තවත් වසර දෙකක්වත් ගත වනු ඇත.

එම නිසා අපගේ විරෝධය ගොනු විය යුත්තේ මේ සමස්ථ සංවර්ධන මාදිලියටම එරෙහිවයි.

පාර නවතා හොටල් හා ජලාශ ඉදිකරත් සිංහරාජය හා දෙල්ලව රක්ෂතිය, දියදා ආදී ආශ්‍රිතවන භූමි සැලකිය යුතු මටිටමින් විනාශ වනු ඇත.

එමනිසා අප මේ සමස්ථ ක්‍රියාවලියටම විරෝධය ගොනු කල යුතු අතර අපගේ රටට හා පරිසරයට අවශ්‍ය සංවර්ධනයක් ඉල්ලා සිටින්නට ඔබට අයිතියක් ඇත.

ඒ සදහා ඔබගේ ඔබගේ මැදිහත් වීම  අත්‍යවශ්‍ය ම මොහොත මෙයයි.

මේ සම්බන්ද වැඩි විස්තර පසුව ලියමි.

Ravindra Kariyawasam(රවින්ද්‍ර කාරියවසම්)

පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...