The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
විශේෂාංග

බංග්ලාදේශයේ සිදුවූයේ කුමක්ද ? - (Leftwin විග්‍රහයක්)

T

The Leader Desk

August 15, 2024 • 11:32 AM

බංග්ලාදේශයේ සිදුවූයේ කුමක්ද ? -  (Leftwin විග්‍රහයක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උද්ඝෝෂණය ‘මහජන නැගිටීමක්‘ බවට පත් වී එරට මර්දනීය පාලිකා හසීනා බලයෙන් පමණක් නොව, රටින්ද පළවා හැරියාය. උද්ඝෝෂණවලින් 300 කට වැඩි තම සටන් සගයන් පිරිසක් ජීවිත දුන්හ.
  • විරෝධතාකරුවන් ඇගේ 15 වසරක බලයේ අවසානය සමරද්දී, ඩකාහි හසීනාගේ පියා, නිදහස් නායක යැයි කියන ‘ෂෙයික් මුජිබර් රහ්මාන්‘ ගේ ප්‍රතිමාවක් ටැංකි මතට නැග, පොරවකින් හිසට පහර දෙමින් විරෝධතාකරුවන් සමරද්දී වීදිවල ප්‍රීති ඝෝෂාකාරී දර්ශන පුපුරා ගියේය.
  • උද්ඝෝෂණ ආරම්භ වී පැය 24 ක් ඇතුළත හසීනාගේ මර්දනකාරී පොලිස් ජුන්ටාව එරට පක්ෂ කිහිපයක් තහනම් කරමින් එහි නායකත්වය අත් අඩංගුවට ගෙන එහි ශිෂ්‍ය අංශ සාමාජිකයින්ට වෙඩි තබා තුවක්කුවෙන් මෙල්ල කිරීමට උත්සාහ ගත්තේය.
  • පාලක මර්දනයට හවුල් වූ එරට හමුදාව පසුව හමුදා ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වූයේ අසල්වැසි පාකිස්තානයේ සුලභ ආදර්ශය ද ඇතිවය.
අකුරු ප්‍රමාණය (Font Size):

උද්ඝෝෂණය ‘මහජන නැගිටීමක්‘ බවට පත් වී එරට මර්දනීය පාලිකා හසීනා බලයෙන් පමණක් නොව, රටින්ද පළවා හැරියාය. 

 

බංගලාදේශ රජය මේතරම් දරුණු විරෝධයකට මුහුණ දෙමින් සිටින්නේ ඇයි?

 

උද්ඝෝෂණවලින් 300 කට වැඩි තම සටන් සගයන් පිරිසක් ජීවිත දුන්හ. මිලියන 170 ක බංගලි ජනයා වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ මෙහෙයවීමේ වගකීම පහළොස් දෙනෙකුගෙන් සමන්විත උපදේශක කවුන්සිලය හෙවත් අන්තර්වාර ආණ්ඩුවක් වෙත පැවරුණේ ඉන් අනතුරුවය. 

ඕනෑම සටනක ජයග්‍රහණය තීන්දු වන්නේ එම සටනේ ප්‍රතිවාදියාගේ මර්දනයට එරෙහිව තම ජීවිත නොතකා සටන්වදින්නට තරම් නිර්භීත මිනිසුන් ඉදිරිපත්වීම නිසාය. බංග්ලාදේශයේ මහජන විරෝධී හසීනා ජුන්ටාව පළවා හරින්නට මැරෙන තුරු සටන් කරන්නට එරට ජනයා තීන්දු කළේය.

 

බංග්ලාදේශ අගමැතිනි රටින් පලා යයි
බංගලිදේශයේ ජන ඝාතක අගමැතිනි ෂීක් හසීනා ඉල්ලා අස්වී අසල්වැසි ඉන්දියාවට පලා ගියේ මාරාන්තික රාජ්‍ය විරෝධී පෙළපාලිවලින් පසු විරෝධතාකරුවන් ඇගේ නිල නිවසට කඩා වැදීමෙන් පසුවය.

විරෝධතාකරුවන් ඇගේ 15 වසරක බලයේ අවසානය සමරද්දී, ඩකාහි හසීනාගේ පියා, නිදහස් නායක යැයි කියන ‘ෂෙයික් මුජිබර් රහ්මාන්‘ ගේ ප්‍රතිමාවක් ටැංකි මතට නැග, පොරවකින් හිසට පහර දෙමින් විරෝධතාකරුවන් සමරද්දී වීදිවල ප්‍රීති ඝෝෂාකාරී දර්ශන පුපුරා ගියේය.

උද්ඝෝෂණ ආරම්භ වී පැය 24 ක් ඇතුළත හසීනාගේ මර්දනකාරී පොලිස් ජුන්ටාව එරට පක්ෂ කිහිපයක් තහනම් කරමින් එහි නායකත්වය අත් අඩංගුවට ගෙන එහි ශිෂ්‍ය අංශ සාමාජිකයින්ට වෙඩි තබා තුවක්කුවෙන් මෙල්ල කිරීමට උත්සාහ ගත්තේය. පාලක මර්දනයට හවුල් වූ එරට හමුදාව පසුව හමුදා ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වූයේ අසල්වැසි පාකිස්තානයේ සුලභ ආදර්ශය ද ඇතිවය.

 

බංගලාදේශ රජය මේතරම් දරුණු විරෝධයකට මුහුණ දෙමින් සිටින්නේ ඇයි?
නමුත්, මහජනයා දහස් ගණනින් උද්ඝෝෂණවලට එක්වීමත් සමග හමුදා පසුබැස්සාහ. හමුදා ප්‍රධානී ජෙනරාල් වකර් උස් සාමාන්, හසීනා ඉල්ලා අස් වූ බව තහවුරු කළ අතර හමුදාව අන්තර්වාර රජයක් පිහිටුවන බව ප්‍රකාශ කළේ ඉන් පසුවය. විරෝධතාකරුවන් වූ එරට තරුණ බංග්ලාදේශ ජාතිකයන් සහ සිසුන් අමතමින් ඔහු මෙසේ පැවසීම දක්වා විරෝධය දුරදිග ගියේය.

“ඔබේ ඉල්ලීම් කුමක් වුවත් අපි ඉටුකර ජාතියට සාමය නැවත ගෙන එන්නෙමු, කරුණාකර අපට මේ සඳහා උදව් කරන්න, ප්‍රචණ්ඩත්වයෙන් ඈත් වන්න. හමුදාව කාටවත් වෙඩි තියන්නේ නැහැ, පොලිසිය කාටවත් වෙඩි තියන්නේ නැහැ, මම නියෝග දීලා තියෙනවා,” යනුවෙන් ඔහුට පැවසීමට සිදුවිය. 

Ban 6
නොබල් සාම ත්‍යාගලාභී ආචාර්ය මහමුද් යූනුස් අන්තර්වාර පාලනයේ නායකත්වයට තෝරා තෝරාගත් අතර, අලුතින් පිහිටුවන ලද අන්තර්වාර පාලනයට මන්ත්‍රීවරුන් 17 දෙනෙකු ඇතුළත් කර ඇත. උද්ඝෝෂණයට නායකත්වය දුන් එරට ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රධානීන් දෙදෙනෙක් වන නහිඩ් ඉස්ලාම් හා අසිෆ් මුවහ්මද්, හිටපු නීතිපතිවරුන් දෙදෙනෙක්, තානාපතිවරුන් දෙදෙනෙක්, බංග්ලාදේශ මහ බැංකුවේ හිටපු අධිපතිවරයෙකු, අරගලයට සහය දැක්වූ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු, හිටපු විදේශ අමාත්‍යංශ ලේකම්වරයෙකු හා හිටපු මැතිවරණ කොමසාරිස්වරයෙකු ඇතුළු කණ්ඩායමක් ඇතුළත් වෙති. 

මෙම අන්තර්වාර නායකත්වයට පත්කර ගත් ශිෂ්‍ය නායකයින් දෙදෙනාම උද්ඝෝෂණ අතර කාලයේදී පැරා මිලිටරි කල්ලි දෙකක පැහැර ගැනීමට ලක්ව හසීනා පොලිස් ජුන්ටාවේ වද බන්ධනයන්ට ලක්ව සිහිසුන් කර මහමග දමා ගොස් සිටියදී සොයා ගත්තවුන්ය.

 

බංගලාදේශ සිසු අරගල අගමැතිනිය ගෙදර යවන තැනටම ළං වෙයි
පසුගිය කාලයේ හසීනාගේ පාලනයේ පුරාජේරුව දෝරෙ ගලා ගියේය. බංග්ලාදේශය දකුණු ආසියාතික කලාපයේ සීඝ්‍ර සංවර්ධනයක් අත්පත් කරගනිමින් සිටින බවත්, එහි ආර්ථික වර්ධන වේගය 8% ක් දක්වා ගෙන ඒමට හසීනාගේ පාලනය සමත්වූ බවත්, එරට මහබැංකු වාර්තාගෙන එමින් බොහෝ දෙනා පැවසූයේ හරියටම මෙරට හොරු රැළක ආධාරයෙන් බලයට ආ රනිල් සන්සන්දනය කරමින්ය.

 

බංගලාදේශ රජය මේතරම් දරුණු විරෝධයකට මුහුණ දෙමින් සිටින්නේ ඇයි?
දැන් සියල්ල හෙළිදරව් වෙමින් තිබේ. එරට හසීනා පාලනය ජනයාගේ සිවිල් අයිතියට අත දමමින් බරපතළ ආකාරයේ මර්දනකාරී පොලිස් පාලනයක් ගෙන ගියාය. එරට කෙරී ඇති සංවර්ධනයේ හා එරට ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ මහජනයා වෙත ගලා ආවේ නැත. එරට මහජනයා තුළ පාලකයින් වෙත කැකෑරෙමින් තිබූ වෛරයට ශිෂ්‍ය උද්ඝෝෂණය තෝතැන්නක් විය. මහජනයා රැස් කකා මහ පාරවල් වෙත ඇදී ආහ. අතුරු සිදුරු නැතිව එකතු වූ මහජනයා අවට පොලීසිවලට පැන හසීනාවාදී පොලිස් වදකයන් පන්නා පොලීසිද අත්පත් කර ගත්හ. මේ අතර ලංකාවේ ඥාණසාර පන්නයේ ජාතිවාදී හා ආගම්වාදී උන්මත්තකයෝ එරට මුස්ලිම් හා ස්ලාම් නොවන දෙමළ හා හින්දූන් ඇතුළු එරට අවම ජනගහනයක් සහිත ජනයා වෙසෙන නගර 20 කට වැඩි ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ජාතිවාදී හා ආගම්වාදී ගිණි දැල් අවිලූහ.

 

බංග්ලාදේශය යළිත් උණුසුම් වෙයි


එසේ අවුලුවාලන ජාතිවාදී හා ආගම්වාදී ගිණි දැල් නිවීම නව අන්තර්වාර පාලනයේ පළමු කටයුත්ත බවට පත්කර ගැනීමට ඔවුන් සාමූහික තීන්දුවකට පැමිණ ඇත.

 

බංගලාදේශ රජය මේතරම් දරුණු විරෝධයකට මුහුණ දෙමින් සිටින්නේ ඇයි?
අවසන් වශයෙන් සඳහන් කළයුතු වන්නේ, 2022 දී තාර්කික අවසානයකට ගෙන ඒමට නොහැකි වූ අප රටේ සිදු කෙරුණු මහජන නැගිටීමෙන් නියම පාඩම් ඉගෙන ගෙන එහි තිබූ අසාර්ථකකම් ගැන වැටහීමක්‍ ඇතිව කළ එවැනිම වූවත් ඉන් අඩියක් එහාට ගෙන යාමට බංගලි ජනයා සමත් වී ඇති බවයි. එසේම මහජනයා දේශපාලන කුණු කූඩයට විසිකර සිටි රනිල් වැනි විගඩමකට කුමන්ත්‍රණකාරී ලෙස උද්ඝෝෂණය අස්සේ බලය ගන්නට අපේ රටේ මෙන් ඉඩ හැර බලාසිටින්නට තරම් එරට මහජනයා මෙන්ම එරට ශිෂ්‍යයා දිහීන නොවූ බවය.

(උපුටා ගැනීම - leftwin.com)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බංග්ලාදේශයේ සිදුවූයේ කුමක්ද ? - (Leftwin විග්‍රහයක්) | The Leader