The Leader News
BREAKING
Top Ad
Opinion

තවමත් රනිල්.... | Mahesh Hapugoda

T

The Leader Desk

March 7, 2025 • 4:14 PM

තවමත් රනිල්.... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒක දිනන්න පුළුවන් මට්ටමේ සාකච්චාවක් නෙවෙයි.
  • හැබැයි රනිල් 2022 අරගලයෙන් පස්සේ ජනාධිපති උනාට පස්සේ ඔහුට අර කලින් නඩත්තුකරපු ලිබරල් දුර මෙතැනදී නඩත්තුකරන්න බැරි වෙනවා.
  • අපි ඇත්ත කතාකළොත් ඇත්තටම ලංකා රාජ්‍ය කියන්නේ එහෙම අඳුරු අහුමුළුවල ඇටසැකිළි නැති රාජ්‍යයක් නෙවෙයි.
  • ගෝලීය ප්‍රජාව නොදන්නවත් නෙවෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

රනිල් දිනුම් කියල. ඒක දිනන්න පුළුවන් මට්ටමේ සාකච්චාවක් නෙවෙයි. ඒ වගේම එහෙම දිනන්න හිතාන රනිල් වාඩිවුනා කියල මම හිතන්නෙත් නැහැ.

රනිල් නියෝජනය කළේ ලිබරල් අදහස් දරන, විකල්ප, ගෝලීය, මානුෂික, රැඩිකල් පාර්ශවය නෙවෙයි. ලංකා රාජ්‍යයේ පාර්ශවය. මේ තැන් දෙක මාරුවෙලා තිබ්බනම් මේකේ ප්‍රතිපලය මීට වෙනස් වෙන්න ඉඩතිබ්බ.

හැබැයි රනිල් 2022 අරගලයෙන් පස්සේ ජනාධිපති උනාට පස්සේ ඔහුට අර කලින් නඩත්තුකරපු ලිබරල් දුර මෙතැනදී නඩත්තුකරන්න බැරි වෙනවා. ඔහුට සම්පුර්ණයෙන් රාජ්‍යයේ පැත්ත ගන්න සිද්දවෙනවා.

එසේ ගැනීමේදී ලංකා රාජ්‍යයේ සියල්ල ඔහුට ගන්න වෙනවා.

අපි ඇත්ත කතාකළොත් ඇත්තටම ලංකා රාජ්‍ය කියන්නේ එහෙම අඳුරු අහුමුළුවල ඇටසැකිළි නැති රාජ්‍යයක් නෙවෙයි. කැරළිකරුවන් වගේම රාජ්‍ය හමුදා කියන මේ පාර්ශව දෙකම විසින් මේ අඳුරු අහුමුළුවල සෙවනැලි දිගු කළා. මේක රනිල් නොදන්නවා නෙවෙයි. අපිත් නොදන්නවා නෙවෙයි. ගෝලීය ප්‍රජාව නොදන්නවත් නෙවෙයි.

නමුත් ඔහු රටේ හිටපු ජනාධිපති හැටියට (රනිල් හැටියට නෙවෙයි) ලංකාව වෙනුවෙන් කතාකලා. ඒක අමාරු පෙනීසිටීමක්. ඒ පෙනීසිටීම ඇතුලේ ඔහුට කලින් සහ ඔහු එක්ක හිටපු සියලු ජනාධිපතිවරු, නිලධාරීන් සහ හමුදා ලොක්කෝ ඇතුළු සියල්ල වෙනුවෙන් ඔහුට පෙනීසිටින්න උනා.

දෙමළ ඩයස්පරාව, රැඩිකල් මාධ්‍ය, මෙහිදී  හසන් වගේ ලෝක දේශපාලනයේ අඳුරු අහුමුලු අතගාන මාධ්‍යකරුවෙක් එක්ක රනිල් ලංකාව වෙනුවෙන් පෙනීසිටියා. ඇතැම් තැනක ඔහු මේ සිදුවෙච්චි දේවල් එසේ සිදුවුණා කියලත් පිළිගත්තා.

මේ සම්මුඛ සාකච්චාව රනිල් පැත්තෙන් පරිපූර්ණ එකක් නෙවෙයි. ලංකාව පැත්තෙන් පරිපූර්ණ එකකුත් නෙවෙයි. හැබැයි මේ වෙලාවේ ලංකාවේ ඉන්න ප්‍රධාන ධාරාවේ කිසිම දේශපාලඥයෙක්ට මේ ටිකවත් කරන්න බැහැ  

ඒක නිසයි මුළු ලාංකික බුකියක් පැය ගණනක් පුරා විවේචක ස්වරයෙන් හෝ පක්ෂ ස්වරයෙන් රනිල් වෙනුවෙන් ඝනීභවනය උනේ (frozen).

තවමත් අපි දන්නා දේශපාලන ක්ෂිතිජයේ මේ තලයේ ඉන්නේ රනිල් විතරයි. හොඳට හෝ නරකට.

යුද්දේ අවසන් වෙලා ජිනීවා ගිය වෙලාවක මහාචාර්ය රජීව විජේසිංහ BBC Hardtalk එකට දුන්න ඉන්ටවීව් එකත් බලන්න. රාජ්‍යයක් ආරක්ෂා කරන වැඩේ අමාරුකම එතකොට තේරෙයි.

Mahesh Hapugoda(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


සබැඳි ලිපි :

අනුර වෙනුවෙන් රනිල් මුහුණ දුන් අල් ජසීරා ප්‍රහාරය | අජිත් පැරකුම් ජයසිංහ

වෙල් ඩන් වික්‍රමසිංහ | එරන්ද ගිනිගේ  

රනිල් එක්වූ අල් ජසීරා සම්මුඛ සාකච්ඡාව උණුසුම් වෙයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...