The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

කෆ්කාගේ දොරටුවෙන් ඇතුල් වූ රංවල...| Mahesh Hapugoda

T

The Leader Desk

March 14, 2025 • 4:30 PM

කෆ්කාගේ දොරටුවෙන් ඇතුල් වූ රංවල...| Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ෆ්‍රාන්ස් කෆ්කා අද්විතීය නවකතාවක් ලියනවා 1914 අවුරුද්දේ. පොතේ නම විනිශ්චය. නැත්නම් නඩු විභාගය. ඉංග්‍රීසි පරිවර්තනයේ නම The Trial.
  • දොරටුපාලයා කියනවා දැන් මේ උඹට ඇතුලට යන්න වෙලාව නෙවෙයි.
  • දැන් මේ ගමේ මිනිහගේ ජීවිත කාලෙත් ඉවර වෙලා මැරෙන්න ඔන්න මෙන්න තියනකොට ආයෙත් ගිහිල්ල අහනවා ඇතුලට යන්න දෙන්න පුළුවන්ද කියල.
  • එතකොට දොරටුපාලයා කියනවා ''මේ දොර ඇත්තටම තිබ්බේ උඹ වෙනුවෙන්ම තමයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ කතාවේ සුවිශේෂ බව රැඳෙන්නේ සමස්ත කතාව ඇතුලේ තියන කුඩා කතාවක් එක්ක. ඒ කතාවේ නම 'නීතිය ඉදිරිපිට' (Before the Law).

මේ කතාවේ ඉන්නවා දොරටුපාලයෙක්. පොර ඉන්නේ නීතිය නම් දොරටුව ඉදිරියේ. ඉතිං නීතිය ඉදිරියට එන හැමෝම මේ දොරටුපාලයාගෙන් අවසර ගන්න ඕනි නීතිය ඉදිරියට යන්න අවශ්‍ය නම්.

දවසක් ගමේ ඉඳන් මනුස්සයෙක් එනවා නීතියේ පිළිසරණ හොයාගෙන. දොරටුපාලයා කියනවා දැන් මේ උඹට ඇතුලට යන්න වෙලාව නෙවෙයි. පොඩ්ඩක් ඔහොම හිටපන් කියල. ගැමියා බලාගෙන ඉන්නවා පැත්තකට වෙලා. දින සති මාස අවුරුදු ගණන් ගතවෙනවා. තවමත් අර දොරටුපාලයා යන්න දෙන පාටක් නැහැ. දැන් මේ ගමේ මිනිහගේ ජීවිත කාලෙත් ඉවර වෙලා මැරෙන්න ඔන්න මෙන්න තියනකොට ආයෙත් ගිහිල්ල අහනවා ඇතුලට යන්න දෙන්න පුළුවන්ද කියල. එතකොට දොරටුපාලයා කියනවා ''මේ දොර ඇත්තටම තිබ්බේ උඹ වෙනුවෙන්ම තමයි. ඒත් දැන් උඹට ඇතුළට යන්න කාලයක් නැහැ. දැන් උඹ මැරෙන්න යන්නේ. මම දොර වහනවා'' කියල.

DV චානක කියනවා අගමැතිණි හරිණි පාසැල් වලට දේශපාලඥයින්ට යන්න එපා කියල තිබ්බ නිසා අපි දැන් මාස හයක් එහෙම ගියේ නැහැ . දැන් කොහොමද මාලිමාවේ රංවල එහෙම ඉස්කෝලේ යන්නේ කියල.

එතකොට හරිණි කියනවා එහෙම නීතියක් තිබ්බේ නැහැ කියල. ඒ කියන්නේ ඒ දොරටුපාලය කියන දේ ඇත්ත නෙවෙයි කියන එක. බාධාව තිබිල තියෙන්නේ අපි ඇතුලේ විතරයි.

මම DV චානක මන්ත්‍රීවරයට කියන්නේ උඹල එහෙම හිටියොත් ජීවිත කාලෙම හරිණි කියන එක අහගෙන ඉන්න වෙයි. හරිණිම කියනවා එහෙම නීතියක් නැහැ කියල. ආයේ තවත් මොනවද?

මේ කිව්ව දේ මේ නැහැ කියන ගල් පැලෙන බොරු කියන්න දක්ෂ මෙයාල තව මොනවා නොකියයි ද?

රංවල ඒ කතා ගණන් ගන්නේ නැතුව තමන්ගේ වැඩේ කළා.

උඹලත් කරපල්ලා. යන්නේ කොහේද ඇහුවොත් දොරටුපාලයගේ හොම්බට දමල ඇනපල්ල....

අපරාදේ අර මාස හය..


Mahesh Hapugoda(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


සබැඳි ලිපි :
'දේශපාලනඥයින් පාසල් උත්සවවලට ගෙන්වීම වහා ම නතර කරන' ලෙස අගමැතිනිය කළ නිවේදනය කඩ කරලා ද?


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...