චිත්‍රපටයේ කතාව තමයි ප්‍රංශ හමුදාවෙන් වෙන්වුණු අන්ත දක්ෂිනාංසික සන්නද්ධ කණ්ඩයමක් වෙච්ච OAS ඒක එයාලගේ සතුරා විදියට නම් කරගත්ත චාල්ස් ඩිගෝල් මරාදාන්න ඝාතන කොන්ත්‍රාත්තුවක් දෙනවා දක්ෂ බ්‍රිතාන්‍ය වෙඩික්කාරයෙක් වෙච්ච චාල්ස් හැරල්ඩ් කැල්ත්‍රොප් නැත්නම් 'ජැකෝල්' ට. ජැකෝල් කියන්නේ නරියා කියන එක. නරියා කියන එක මෙතන අර්ථ ගැන්වෙන්නේ සූක්ෂම කියන පෞරුෂ ලක්ෂණය විදහාපාන්න.
මේ ෆිල්ම් එකේ මම නැවත නැවත බලන කෑල්ල තමයි OAS එක මේ ඝාතන කොන්ත්‍රාත්තුව පිරිනමන තැන කෙරෙන කතාබහ. නරියාගෙන් OAS එක අහනවා 'මේ වැඩේ කරන්න පුළුවන්ද' කියල. නරියා පොඩි වෙලාවක් අරන් කියනවා, 'පුළුවන්. මම මේ වැඩේ ගන්නවා. හැබැයි ලොකුම ප්‍රශ්නේ වැඩේ කරලා මෙතැනින් වහන්වෙලා යන එක' කියල. වෘත්තීය මිණීමරුවෙක් හැටියට වැඩේ කරලා එතනින් සීරු මාරුවෙන් යන එක තමයි ලොකුම අභියෝගය කියල. එහෙම කියල ලොකු මුදලක් ඉල්ලනවා ඒ වෙලාවේ හැටියට. ඇමෙරිකන් ඩොලර් මිළියන් භාගයක්.
නමුත් ප්‍රංශ රහස් ඔත්තු සේවයේ ඉහල වෘත්තීය බව එක්ක ජැකෝල්ට ටාගට් එක ළඟටම ගියත් ටාගට් එක ගන්න වෙන්නේ නැහැ.
ඔය පාස්කු ප්‍රහාර, පාතාලේ ඝාතන වගේ ඒවා ගැන ඉන්ටරෙස්ට් අය මේ ෆිල්ම් එක බලන්න. එතකොට තේරෙයි යම් ටාගට් එකක් ඝාතනය කරනවා වගේම ඝාතකයා එතැනින් පැනල යන එකත් ලොකුවටම ප්ලෑන් කරනවා කියන එක. සමහර විට වැඩේ අවුල් උනත් අර එතැනින් පැනල යන එක ටිප් ටොප් එකට ප්ලෑන් කරනවා. අහුවුනොත් ඔක්කොම හබක් වෙන නිසා.
දැන් බලන්න මාසයක් තිස්සේ තොරතුරක් නැති ගණේමුල්ල සංජිව ඝාතනයේ සෙව්වන්දි. එයාල අර දෙවැනි කොටස හොඳට ප්ලෑන් කරලා තියනවා. ඒ කියන්නේ සමස්ත අපරාධයම හොඳට ප්ලෑන් කළා කියන එක. නැත්නම් හැංගෙන්න ඔච්චර දඟලන්න ඕනි නැහැනේ.
දවස් විස්සක් සමස්ත පොලිසියෙන්ම හැංගිලා ඉන්න දේශබන්දුට පුළුවන් වෙන්නෙත් ඒ වගේම අර ප්ලෑන් එකේ දෙවෙනි කොටස හොඳටම කරලා තිබ්බ නිසා. බාර උනා වගේ එකක් නොවෙන්න තවමත් ඔහු බිම්ගතව ඉන්න තිබ්බ. ඒ කියන්නේ කවර් එක හොඳටම හොඳයි කියන එක.
ඒ කියන්නේ ලොකු ප්ලෑන් එකක් තිබ්බ කියන එක සහ ප්ලෑන් එකේ පළමු කොටසේ මොනවා හරි ලොකු දෙයක් තිබ්බ කියන එක. දෙවැනි කොටස හොඳ වෙන්න නම් 'හොඳම හොඳ දෙයක්' පළමු කොටසේ තිබිල තියනවා කියන එක. හරියට ඩිගෝල් ඝාතන තැත වගේ.
යම් කෙනෙක් ලොකුවට ශූක්ෂම වෙනවා කියන්නේ එයා ලොකුවට පරිස්සම් වෙන්න තරම් ලොකු ගේම් එකක ඉන්නවා කියන එක. යම් කෙනෙක් සාර්ථකව හැංගෙනවා කියනේන්ම අඳුරු යමක් ඔහුගේ පැත්තෙන් වෙලා තියනවා කියන එක.
(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
යමෙක් සාර්ථකව සැඟවෙන්නේ ඇයි? | Mahesh Hapugoda
T
The Leader Desk
March 20, 2025 • 2:08 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- 1973 ආපු ලස්සන ත්‍රිලර් එකක් තමයි The Day of the Jackal. එඩ්වර්ඩ් ෆොක්ස් ඉන්නේ ප්‍රධාන නළුවා විදියට.
- නමුත් ප්‍රංශ රහස් ඔත්තු සේවයේ ඉහල වෘත්තීය බව එක්ක ජැකෝල්ට ටාගට් එක ළඟටම ගියත් ටාගට් එක ගන්න වෙන්නේ නැහැ.
- අහුවුනොත් ඔක්කොම හබක් වෙන නිසා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


