The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දෙවියන් ගොඩනැගූ සියල්ල ගැහැණිය විනාශකර දමනු ඇත - (මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

October 10, 2022 • 12:09 PM

දෙවියන් ගොඩනැගූ සියල්ල ගැහැණිය විනාශකර දමනු ඇත - (මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගොඩක් අය සතුටු වෙන්නේ සුදු (දේශපාලනය) සහ කහ (ආගම) රෙදි ඇඳගත්ත උන් ටිකක් ඒක නිසා රෙදි ගලවා ගත්ත එක ගැන.
  • දැන් පුළුවන් අඳුරු ගුහා ඇතුලේ තියන ''නැති සල්ලි'' වලට ලංවෙන්න.
  • හැබැයි ඒවා තියෙන්නේ අඳුරු ගුහාවල.
  • ප්‍රියමාලි කියන්නේ මිනිස් පැවැත්ම ඇතුලේ බුජු බුජු ගාන මුදල් ආශාව, තණ්හාව, ලාභය උලුප්පල අරන් ඒක එක්ක සෙල්ලම් කරලා තමන්ගේ කොටස සාක්කුවේ දාගන්න පුළුවන් ද්‍රවශීල ප්‍රාග්ධන චරිතයක්. මිනිස්සුන්ට ගුටි දීල රැකගන්න හදන දේශපාලනයේ සහ ආගමේ අශ්ලීල පැත්ත ඕක තමයි.
අකුරු ප්‍රමාණය (Font Size):



ගොඩක් අය සතුටු වෙන්නේ සුදු (දේශපාලනය) සහ කහ (ආගම) රෙදි ඇඳගත්ත උන් ටිකක් ඒක නිසා රෙදි ගලවා ගත්ත එක ගැන.

රහත්, අර්හත්, සෝවාන්, සකෘදාගාමී සෙට් එකේ සුදු පැවැත්ම යට තියන කළු අඳුර ස්ත්‍රී ශරීරයක් හරහා නිරුවත් වීම එතරම් අලුත් දෙයක් නම් නෙවෙයි.

ලෝකේ කොහෙත් ගැහැණිය සහ සල්ලි එකට ගමන් කරනවා. ඒ ගමන ගොඩක් වෙලාවට අශ්ලීල එකක්.

 

අපි මේ කතා කරන්නේ සල්ලි නැතුව හොම්බ බිම ඇනුන රටක් ගැන. හිඟාකන රටක් ගැන. ලෝකේ පීචන් වෙන රටක් ගැන. එහෙම රටක ගැහැණියක් සහ ද්‍රවශීල ව්‍යාපාරයක් ගැන.

 

පිරිමි එකතු වෙලා සුදු රෙදි ඇඳගෙන හප කරපු රටක ප්‍රියමාලි මෙහෙම කරන එක විශ්වාස කරන්න බැරි දෙයකුත් නෙවෙයි.

සල්ලි හොයන්න ශ්‍රමයවත්, නිෂ්පාදනවත්, බුද්ධියවත් ඕනි වෙන්නේ නැහැ. ඕනි වෙන්නේ වසඟය. ඒ සඳහා වන සංඥා මැසිම (sign-machine) තමයි ප්‍රියමාලි මේ හදල තිබිල තියෙන්නේ.

294626469 10225560344409982 631326116435337769 n

ටෙලියක රඟපෑව, ප්‍රසිද්ධ උනා, දේශපාලකයෝ ටිකක් දැනහඳුනා ගත්ත, ලෝක වෙළඳ සංකීරණයේ ඔෆිස් එකක් දා ගත්ත, ලස්සනට ඇඳ පැළඳ ගත්ත, බිස්නස් ලෝකේ වචන ටිකක් අහුලා ගත්ත, හොලිවුඩ් ෆිල්ම් වල වගේ කළු ඇඳ ගත්ත බොඩි ගාඩ්ල ටිකක් ගත්ත. ගිණිකනා වට්ටන්න දැන් සියල්ල සුදානම්. මැෂින් එක රෙඩි. දැන් පුළුවන් අඳුරු ගුහා ඇතුලේ තියන ''නැති සල්ලි'' වලට ලංවෙන්න.

සල්ලි නැහැ කියල කිව්වට සල්ලි තියනවා. හැබැයි ඒවා තියෙන්නේ අඳුරු ගුහාවල. ඒ ගුහාවලට යන්න පුළුවන් නිශාචර වවුලන්ට විතරයි. මට අනුව ඔය කියන ප්‍රියමාලි එහෙම නිශාචර පැවැත්මක්. ප්‍රියමාලි එහෙම කරන්නේ සුදු රෙදි කච්චි ගණන් ඇඳලා, පන්සල් වටේ ගිහිල්ල. නිකම් පන්සල් නෙවෙයි. පෝස්ට් මොඩන් පන්සල්. සල්ලි දෙයියන්ගේ මල්ලි වෙච්ච පන්සල්.

 

ප්‍රියමාලි කියන්නේ මිනිස් පැවැත්ම ඇතුලේ බුජු බුජු ගාන මුදල් ආශාව, තණ්හාව, ලාභය  උලුප්පල අරන් ඒක එක්ක සෙල්ලම් කරලා තමන්ගේ කොටස සාක්කුවේ දාගන්න පුළුවන් ද්‍රවශීල ප්‍රාග්ධන චරිතයක්. 

 

මිනිස්සුන්ට ගුටි දීල රැකගන්න හදන දේශපාලනයේ සහ ආගමේ අශ්ලීල පැත්ත ඕක තමයි.

දෙවියන් ගොඩනැගූ සියල්ල ගැහැණිය විනාශ කරල දානවා. මම කියන්නේ එක අතකට එහෙම වෙන්න ඕනි කියල.

එයා ඉස්සරහ දියවුණ පිරිමි කියන්නේ හයිය පිරිමි නම් නෙවෙයි.

මොකද බුදුන් තණ්හා මර දූතිය ඉස්සරහා කෙළින් හිටියා. මුං වසඟ මැෂිම ඉස්සරහ දිය වෙලා යනවා.

මම හිතන්නේ ගොඩක් අය මේ සිද්දිය නිසා සතුටු වෙන්නේ ඒ මහා පොරවල් කියල කියන මාධ්‍ය චරිත දියවෙලා යන හැටි දැකල. මරු...



මෙලන්කොලියාව -මහේෂ් හපුගොඩ(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දෙවියන් ගොඩනැගූ සියල්ල ගැහැණිය විනාශකර දමනු ඇත - (මහේෂ් හපුගොඩ) | The Leader