The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අපේ පොළොවේ ඉංග්‍රීසි පැළ කරමු! - (මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

October 13, 2022 • 7:41 AM

අපේ පොළොවේ ඉංග්‍රීසි පැළ කරමු!  - (මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ තමයි ඉගැන්වීමේ ක්‍රම (teaching methods) ගැන ලංකාවේ තියන අවුල.
  • ඒවා ඇතුලේ වැඩවසම් කෑලි, සම්ප්‍රදායික අගතීන්, ලිංග භේද අගතීන් වැහි වරුසාවට තියනවා ඇති.
  • උත්සාහ කරලා තියනවා විතරක් නෙවෙයි එයාලගේ ෆෑන් බේස් (fan base) එක ගත්තම එයාල ඒ වැඩේ ඇතුලේ විශාල ප්‍රමාණයකට සාර්ථක වෙලත් තියනවා.
  • ඒ නිසාම ගවේෂකයින් (discoverers) වෙනුවට අසන්නන් (followers) පිරිසක් ඇතිවෙලා තියනවා වෙන්නත් පුළුවන්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඒ තමයි ඉගැන්වීමේ ක්‍රම (teaching methods) ගැන ලංකාවේ තියන අවුල. විශේෂයෙන් විදෙස් භාෂා ඉගැන්වීමේදී 'ඉගැන්වීමේ ක්‍රම' සහ ඒවායේ තියන ගුණාගුණ ගැන දැන් සෑහෙන කාලෙක ඉඳන් ඇකඩමික් කතා බහක් තියනවා. ඉනුත් විශේෂයෙන් ඉංග්‍රීසි දෙවන භාෂාවක් හැටියට ඉගැන්වීමේ (Teaching English as a Second Language-TESL) සාර්ථක ක්‍රම ගැන අනවරත කතා බහක් තියනවා.  

මම කියන්නේ ඉගැන්වීමේ විද්‍යාවට (pedagogy) හරි ගියත් නැතත් ලංකාවේ එක් ප්‍රවර්ගයක ටියුෂන් ගුරුවරු එයාලගේ විදියට එයාලගේ විෂය අන්තර්ගතය තමාගේ ශිෂ්‍ය ප්‍රජාවට අරන් යන්න එයාලගෙම කියල ක්‍රමවේද (methods) හොයාගනිමින් ඉන්නවා කියන එක. ඒවා ඇතුලේ වැඩවසම් කෑලි, සම්ප්‍රදායික අගතීන්, ලිංග භේද අගතීන් වැහි වරුසාවට තියනවා ඇති. හැබැයි සිංහල උගන්වපු උපුල් ශාන්ත සන්නස්ගලගේ ඉඳල වයිරල් තිස්ස ජනනායක දක්වා පිරිසක් උත්සාහ කරලා තියනවා තමන් උගන්වන විෂය තමන්ගේ ග්‍රාහකයින් වෙත ගෙනියන්න.

උත්සාහ කරලා තියනවා විතරක් නෙවෙයි එයාලගේ ෆෑන් බේස් (fan base) එක ගත්තම එයාල ඒ වැඩේ ඇතුලේ විශාල ප්‍රමාණයකට සාර්ථක වෙලත් තියනවා. මම කියන්නේ ඉංග්‍රීස් දෙවන භාෂාවක් හැටියට උගන්වන ගුරුවරු මේ ගැන සැළකිලිමත් වෙන්න ඕනි කියල.
 
 sanna
 
සිංහල උගන්වපු උපුල් ශාන්ත සන්නස්ගලගේ ඉඳල වයිරල් තිස්ස ජනනායක දක්වා පිරිසක් උත්සාහ කරලා තියනවා තමන් උගන්වන විෂය තමන්ගේ ග්‍රාහකයින් වෙත ගෙනියන්න.
 
 
මේ ඉගැන්වීම නිසා ම ඒ ගුරුවරු යම් කල්ට් (cult) එකක් හදාගෙන තියනවා වෙන්නත් පුළුවන්. ඒ නිසාම ගවේෂකයින් (discoverers) වෙනුවට අසන්නන් (followers) පිරිසක් ඇතිවෙලා තියනවා වෙන්නත් පුළුවන්. හැබැයි අර විභාග වලට ඕනි විදියට සහ ඒවා සමත් වෙන විදියට එයාල විෂය අන්තර්ගතය (subject content) එයාලගේ ශිෂ්‍ය ප්‍රජාවට උගන්වල තියනව කියන එකත් අපි පිළිගන්න ඕනි. ඒ වගේම විශාල සිසුන් පිරිසක් තවමත් ඉංග්‍රීසි අසමත් වෙන බවත් අපි පිළිගන්න ඕනි.

මේ පොළොවේ තත්වයන් එක්ක මේ පොළොවේ උදාහරණ එක්ක මේ ටියුෂන් ගුරුවරු එයාලගේ විෂය එයාලගේ විදියට පැළ කරන්න හදල තියනවා. හැබැයි ඉංග්‍රීසි වල එහෙම සිත්ගන්නා සුළු උදාහරණ ඇත්තෙම නැති තරම්. එක්කෝ ඉන්නවා ඇති මම දන්නේ නැතුව.

එක කාලයක් ඉංග්‍රීසි ගුරුවරු උඩ පැන්න සෘජු ක්‍රමවේදය (Direct Method) හරි කියල. ඊට පස්සේ ඒක හරි නැහැ කියල ව්‍යාකරණ පරිවර්තන ක්‍රමයට (Grammar Translation Method) ගියා. ඒකත් හරි නැහැ කියල ශ්‍රවන රසනක ක්‍රමය (Audio Lingual Method) හොයාගත්ත. ඊට පස්සේ ව්‍යුහවාදී ක්‍රමය (Structural Method). ඊටත් පස්සේ සන්නිවේදන ක්‍රමවේදය (Communicative Approach). පසුව නිහඬ ක්‍රමය (Silent Way). දැන් ටවුමේ තියන අලුත්ම එක තමයි මිශ්‍ර ක්‍රමය (ඒ කියන්නේ මූණට මූන සහ ඔන්ලයින් දෙක පූට්ටු කරපු ක්‍රමය - Blended Learning).

තව ටිකක් කල් ගියාම සුද්දෝ තවත් මොකක් හරි ක්‍රමයක් උන්ගේ ලෝකයට හරියන විදියට හොයගනී. එතකොට මෙහෙන් ආචාර්ය උපාධි ගන්න එහෙට යන අය ඒවා දිව්‍ය වාක්‍ය වගේ අදහගෙන ඇවිල්ලා මෙහෙ අතඅරියි. අපේ උන් කට අයාගෙන ඒවා අහගෙන ඉඳියි. ඉංග්‍රීසි එතනම තියෙයි.

මම කියන්නේ අපේ ලෝකය ඇතුලේ අපේ අත්දැකීම් නොබියව සිත්ගන්නාසුළු විදියට කියන්න ඕනි ඉංග්‍රීසියක් අපිට ඕනි නැද්ද? රැජිණගේ එකම අපිත් කියවන්න ඕනිද? නැත්නම් බ්‍රිතාන්‍ය කවුන්සිලේ කියන විදියටමද අපි ඒක කරන්න ඕනි?
 
 
 
ඉංග්‍රීසි ගෝලීය වෙන්න හේතුව ලෙස ස්ලාවෝ ජිජැක් (Slavoj Zizek) දකින්නේ එය මුල් ප්‍රභවයෙන් ඛණ්ඩනය වෙමින් වෙනස් වෙනස් භූමි වල වෙනස් වෙනස් අයුරින් පැළ වීම. මුල් ඇදීම. ඒ පැළවීම් ඇතුලේ ඒ භුමියේ අලුත් එකක් හටගැනීම. උදාහරණ වශයෙන් ඇමෙරිකන් ඉංග්‍රීසි ඇමෙරිකාව ඇතුලේ පැළ වෙලා අලුත් අත්දැකීම් ප්‍රමාණයක් ලෝකයට එකතු කළා. ඉන්දියාව උණත් එහෙමයි. තව උදාහරණ බොහොමයි.
 
 
 
අර ටියුෂන් සෙට් එක මොන අගතීන් යටතේ උණත් එයාලගේ විෂය එයාලගේ ශ්‍රාවකයෝ ළඟට අරන් ගියා. අපේ හාමුදුරු ටික උණත් යම් යම් විදියට සාර්ථක වෙලා තියනවා ඒ අතින්. ඒත් ඉංග්‍රීසි? ඒක එතැනමයි. පැළ වෙන්නේ නැහැ. පැළ කරන්න විදියක් හොයාගෙන නැහැ. ඒක තවමත් අපේ නෙවෙයි. ඒක අඟහරු ලෝකේ කුරුමිට්ටන්ගේ. ඒලියන් භාෂාවක්. An alien language.

අපේ දෙයක් අපේම විදියට ගොඩ නොනගන තාක් කල් කිසිම දෙයක් අපේ නෙවෙයි.


මෙලන්කොලියාව -මහේෂ් හපුගොඩ(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...