The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රීකන්ඩිෂන් කන්‍යා සිවි හොයන නූල කැඩුනේ නැති පිරිමි....- (මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

October 27, 2022 • 7:56 AM

රීකන්ඩිෂන් කන්‍යා සිවි හොයන නූල කැඩුනේ නැති පිරිමි....- (මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගොපළු කොල්ලෙකුට උණත් ඔහුගේම වූ ශෝක ගීතයක් ඇතුවා සේම හැම ජිවිතයකය ම එයට ආවේණික අඳුරක් ඇත...කියල ලෝක ප්‍රසිද්ධ රොක් ගායක කණ්ඩායමක් වන පොයිසන් (Poision) ගායනා කරනවා.
  • පරිණත බව ලබන්න නම් ඔය අපි කියන පැවැත්මේ අඳුරු, අශ්ලීල, අපැහැදිලි, උමං දිගේ යන්න වෙනවා. Blonde (2022) ෆිල්ම් එක බැලුවනම් තේරෙයි මැරලින් මොන්රෝ තමන්ගේ ජීවිතේ ඇතුලේ කරපු අඳුරු අරගලය.
  • ඒ ජීවිත ගමන ඇතුලේ ''කන්‍යාභාවය''' නැත්නම් ''කන්‍යා සිවිය'' හොයන්න ගියානම්? හැබැයි මැරලින් මොන්රෝ හිටිය සමාජයේ පිරිමි එයාව ''පාවිච්චි'' කළා තමයි.
  • තමන් වගේම තවත් අවස්ථාවාදී අශිෂ්ඨ පිරිමි මේ සමාජ ක්‍රමය ඇතුලේ ඉන්නවා කියල පිළිගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):

ගොපළු කොල්ලෙකුට උණත් ඔහුගේම වූ ශෝක ගීතයක් ඇතුවා සේම හැම ජිවිතයකය ම එයට ආවේණික අඳුරක් ඇත...කියල ලෝක ප්‍රසිද්ධ රොක් ගායක කණ්ඩායමක් වන පොයිසන්  (Poision) ගායනා කරනවා.


මිනිහෙක් වගේම ගැහැණියත් යම් ජීවිත අත්දැකීමක් ලබාගෙන තමයි පරිණත වෙන්නේ. අපි ඔක්කොම ඉන්නේ එකම ලෝකෙක. ජීවිත අත්දැකීම කියන්නේ සුදු සහ කළු දෙකම අන්තර්ගත සමස්ථයක්. සුදු විතරක් කිසිම පැවැත්මක දකින්න පුළුවන් කමක් නැහැ. කළු අර්ධයක් තියනවා ම තමයි.


ඔය කළු කෑල්ලට අපි කැමති නැති වෙන්න පුළුවන්. ඒත් ඒක තමයි ඇත්ත. මේ පැවැත්මේ කළු අර්ධය දකින්න ඕනි අපේ ආශාව නිසා තමයි ගොසිප් ලෝකේ හැම රටකම හිට් වෙන්නේ. දියුණු නොදියුණු බේදයක් නැතුව.


ඒ නිසා ජීවිතේ සමත් සහ අසමත් කියන අවස්ථා දෙකම එක විදියට තියෙන්න ඕනි කියල මට හිතෙනවා. අසමත් වන අවස්තා ඔස්සේ ගිහිල්ල තමයි විප්ලවයක් උණත් සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ.

 

පරිණත බව ලබන්න නම් ඔය අපි කියන පැවැත්මේ අඳුරු, අශ්ලීල, අපැහැදිලි, උමං දිගේ යන්න වෙනවා.  Blonde (2022) ෆිල්ම් එක බැලුවනම් තේරෙයි මැරලින් මොන්රෝ තමන්ගේ ජීවිතේ ඇතුලේ කරපු අඳුරු අරගලය. ඒ ජීවිත ගමන ඇතුලේ ''කන්‍යාභාවය''' නැත්නම් ''කන්‍යා සිවිය'' හොයන්න ගියානම්? 

 

හැබැයි මැරලින් මොන්රෝ හිටිය සමාජයේ පිරිමි එයාව ''පාවිච්චි'' කළා තමයි. ඒක ස්ත්‍රීවාදී කෝණයකින් ගත්තම විශාල අවමානුෂික කරණයක් තමයි. හැබැයි ඒ පිරිමි ආයේ මැරලින්ගේ කන්‍යා සිවිය හොයන්නේ නැතුව ඉන්න තරම් දුරට ඒ යථාව පිළිගත්තා. ඒ කියන්නේ පිරිමි සමාජයේ අශ්ලීල අඳුර පිළිගත්තා. තමන් වගේම තවත් අවස්ථාවාදී අශිෂ්ඨ පිරිමි මේ සමාජ ක්‍රමය ඇතුලේ ඉන්නවා කියල පිළිගත්තා. එහෙම පිළිගෙන කන්‍යා සිවිය ලොවෙත් නැති මැරලින් මැරලින් විදියට පිළිගත්තා.


හැබැයි මෙහෙ පිරිමි වෙනුවෙන් ''කන්‍යා සිවි රීකන්ඩිෂන් කරන්න'' තිලිණි ප්‍රියමාලිට සිදුවුණා.


ඒ කියන්නේ මෙහෙ පිරිමියාට මේ ක්‍රමය ඇතුලේ ගමන් කරන ස්ත්‍රී පෞරුෂයකට වෙන්න පුළුවන් - මුහුණ දෙන්න පුළුවන් - අර පිරිමි යථාව පිළිගන්න පිරිමි හැටියට කැමති නැති කම යතාර්ථයක් විදියට පැවතිලා තියනවා. යථාව පිළිගන්න කැමති නැති කම නිසා මෙහෙ ගැහැණියකට දෙවරක් දුෂණය වෙන්න සිදුවෙනවා.


ඒ තමයි ක්‍රමය ඇතුලේ ගමන් කරන්න ගිහිල්ල මුහුණ දෙන්න සිදුවන ඇත්ත බල දුෂණය. අනික ෆැන්ටසි දූෂණය. ඒ කියන්නේ අර විදියේ පිරිමි හදපු ක්‍රමයක් ඇතුලේ ගමන් කරලත් තවත් උන් වෙනුවෙන් ආරක්ෂා කරගත යුතු කන්‍යාභාවයක් ගැනත් උන් ෆැන්ටසි සිහින දකිනවා. ඒ වෙනුවෙන් කන්‍යා පටල නිෂ්පාදනාගාර වුවමනා වෙනවා.

 

මෙහෙම ''නැතිවූ කන්‍යාභාවයක්'' වෙනුවට ''සිහින කන්‍යාභාවයක්'' (තවත් කොහේදෝ තියෙන්නේ පුළුවන් කන්‍යාභාවයක්) ගැන හිතන්නේ ලෙඩ්ඩු. නැතිවූ දෙය වෙනුවට තවත් දෙයක් පවතී කියල ෆැන්ටසිකරණය කරන එක රෝග ලක්ෂණයක්. 

 

මෙහෙම පරිණත වෙච්ච නැති පිරිමින්ට අපේ ඉස්කෝලේ යන කාලේ කිව්වේ ''නූල කැඩිච්ච නැති පිරිමි'' කියල. ඒ කියන්නේ ලිංගික අත්දැකීමක් එක්ක වැඩිවිය පැමිනුණ නැති පිරිමි කියන එක. ඒක පුරුෂ කියමනක් වෙන්න පුළුවන්. මම මෙහෙම කියන්නේ දේශපාලන නිරවද්‍ය බව ගැන හිතන්නේ නැතුව.


ගැහැණිය සමාජ ජීවිතේ අසීරු දේවල් එක්ක ගණුදෙණු කරලා ශුද්ධ නොවුණු පිරිමි එක්ක අශුද්ධ පැවැත්මක් ලබා ගන්න කොට මේ ලෝකේ මානසික නූල කැඩුණ නැති පිරිමි ටිකක් කන්‍යා පටල හොයන එක නම් හිතාගන්න බැරි එකක්.


මේ පිරිමි ලෝකේ ඉස්සරහට යන්නත් ඕනි. කන්‍යා සිවි පෙන්නන්නත් ඕනි. වෙන වැඩ නැත්නම් හොඳයි.


කොයි එකටත් Blonde බලන්න...





මෙලන්කොලියාව -මහේෂ් හපුගොඩ(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...