The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පශ්චාත් අර්ජුන ක්‍රිකට් ගැන ගොඩේ සටහනක් - (මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

November 7, 2022 • 5:01 AM

පශ්චාත් අර්ජුන ක්‍රිකට් ගැන ගොඩේ සටහනක් - (මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමයි බොර්දිලා ගේ Seduction.
  • අර්ජුන යම් පාලනයක් ක්‍රිකට් ඇතුලේ පවත්වා ගත්ත කියල කියන්න.
  • ගොඩේ වගේ පෙනුනට වැඩේ දුන්න 96.
  • දැන් කතා බහට ලක්වෙන දනුෂ්ක ගුණතිලක එන්නේ කෑගල්ල කිට්ටුව ගමකින්.
අකුරු ප්‍රමාණය (Font Size):

තමයි බොර්දිලා ගේ Seduction.


ඒ පොතේ කියන දෙයක් තමයි අධිතාත්වික රැවටීම හැර මේ යුගයේ කිසිවක් නැහැ කියන එක.

 

5f634943b2f3431fadfbc22710b73a2f

බොර්දිලා ගේ Seduction : අනිවාර්ය කරන්න ඕනි පොතක් ...

 

අර්ජුනගෙන් පස්සේ (post-Arjuna cricket) කියල කිව්වේ ඊට ඉස්සර ඕව තිබ්බේ නැහැ දැන් විතරයි අවුල් කියන්න නෙවෙයි. අර්ජුන යම් පාලනයක් ක්‍රිකට් ඇතුලේ පවත්වා ගත්ත කියල කියන්න. අර්ජුන වෙළඳ දැන්වීමකටවත් හිටියේ නැහැ මම දන්න විදියට. ඒ නිසා එයට පුළුවන්කම තිබ්බ කණ්ඩායමේ අනික් අයට යමක් කියන්න. ඒ වගේම අනික් අය ඇහුව ඒ කියන දේ.


තමන් නොදන්නා දේසෙක ගිහිල්ල නොදන්නා සංස්කෘතියක් එක්ක ගනුදෙනු කරලා නොදන්නා භාෂාවක් එක්ක ගැටිලා එයාල ජාම බේරාගෙන ආව. රටේ නම්බුවත් බේරුවා. තමන්හේ කාඩ් කුඩුකර ගත්තෙත් නැහැ.


එයා කණ්ඩායමේ වගකීම ගත්ත. රූපකයකින් කිව්වොත් තාත්ත කෙනෙක් වගේ. එයා වගකීම අරගෙන අනික් අයට කිව්වා මෙහෙමයි වැඩ කටයුතු සිද්ද වෙන්නේ. මම කියන විදියට වැඩ කරපල්ලා කියල. එහෙම ඉන්න බැරි එවුන් එක්කෝ හැලුව. නැත්නම් උන් ගැන නිරන්තර සෙවිල්ලෙන් හිටිය.  


දැන් නිකම් අපිට හිතෙනවා නේද එයා සියල්ල පාලනය කරන ගොඩේ තාත්ත කෙනෙක් වගේ නේද කියල? ඔව්. ගොඩේ වගේ පෙනුනට වැඩේ දුන්න 96.


ඔය මේ දවස්වල් අරවින්ද ගැන බුකියේ වයිරල් වෙන ටැටූ නැහැ, දිව එළියේ නැහැ, කොන්ඩේ පාට කරලා නැහැ කතාව එන්නේ මෙතැනින්. කට්ටියට ටැටූ ඕනි උනේ නැහැ නෙවෙයි. මේ 'ගොඩේ තාත්ත' එහෙම කරන්න දුන්නේ නැහැ.

 

දැන් කතා බහට ලක්වෙන දනුෂ්ක ගුණතිලක එන්නේ කෑගල්ල කිට්ටුව ගමකින්. තරමක හැලහැප්පිලි සහිත පසු-ඊඩිපස් පවුල් පසුබිමකින්. අම්ම අමාරුවෙන් එයාලට ඉගැන්නුවේ. අමාරුවෙන් තමයි ඔය තැනට ගියේ. ඒ ගැන අපි සතුටු වෙන්න ඕනි. රන්ජන් මඩුගල්ලේ, සිදත් වෙත්තිමුණි, රොෂාන් මහානාම වගේ පසුබිමකින් නෙවෙයි. ඒවා වෙනම ප්‍රශ්න. දැන් තියන ගෝලීය වසඟය ඇතුලේ කවුරු උනත් මේකට අහුවෙන්න පුළුවන්.

 

ඉතිං එයාට පාසලෙන්වත් වෙනත් තැනකින්වත් එන්නේ නැහැ ලෝක ගෝලයේ පසු ධනවාදයේ වෙළඳපොළ ඇතුලේ අද්‍යතන ස්ත්‍රිය වැඩ කරන හැටි ගැන. ජොනී ඩෙෆ්ල ගොඩ ගියාට හැමෝටම ඒ චාන්ස් එක එන්නේ නැහැ. මේ කියන්නේ ස්ත්‍රී විරෝධයක් ගැන නෙවෙයි.


ඒ සංකීර්ණ අවබෝධය නැති නිසා සහ මේ යුගයේ තියෙන්න ඕනි ස්වයං විනය ගැන පොදු තක්සේරුවක් නැති නිසා තමයි අර අර්ජුන පියාගේ භූමිකාව තමන්ගේ අතට ගත්තේ. එයා දැනගෙන හිටිය අන්තිමට වගකීම එන්නේ මුළු කණ්ඩායමටම නිසා තමාගේ වගකීම අනෙක් කෙනෙකුට දෙන්නේ නැතුව තමන් ම ගන්න.


මේ නිසා කියන දෙයක් කියන්න ඕනි අර්ජුනට. බනිනවා නම් ඒකටත් අර්ජුන. හොඳක් නම් ඒකත් අර්ජුනට. ක්‍රියාවේ වරදකාරී බව එයා එයාගේ කරට ගත්ත. වෙන කෙනෙකුට පැවරුවේ නැහැ. ඒ නිසා වැඩේ නූතන උනා. අරමුණට ගියා.


තාත්ත කියන්නේ අපේ විනෝදය මුදුන් පමුණුවා ගන්න නොදෙන කෙනෙක් නිසා තාත්ත එක්ක මල පනිනවා තමයි. වැඩේ ඇතුලේ පොඩි ගොඩේ ගතියක් තියනවා තමයි. හැබැයි ගොඩේ වගේ උනාට අර්ජුන ඒ වෙලාවේ වැඩේ කළා.


එයා ඔය IPL වලටත් විරුද්ධ උණා. මේ අතිශය ආතතිගත T20 ඇතුලේ ඕනි දෙයක් වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ වගේ දේවල්. එතකොට?



මෙලන්කොලියාව -මහේෂ් හපුගොඩ(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...