The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කොරනේෂන් එක මට ෆැන්ටසි එකක් -(Mahesh Hapugoda)

T

The Leader Desk

May 9, 2023 • 7:12 AM

කොරනේෂන් එක මට ෆැන්ටසි එකක් -(Mahesh Hapugoda)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එයාලට තේරෙන්නේ නැහැ ඕකුන් නාවානම් අපි තාම ශ්‍රී වික්‍රම හරි මොකෙක් හරි රජෙක්ට ඕනි විදියට මේකේ දෙකට නැමිලා ඉන්නවා කියන එක.
  • හැබැයි උන් යම් වියුක්ත ක්‍රමයක් ඇතිකළා.
  • සමහර තැන් වලදී ලාංකිකයෝ, ඉන්දියන් කාරයෝ, අප්‍රිකානුවෝ ඌත් පහුකරලා ගිහිල්ල තියනවා.
  • අධ්‍යාපනයෙන්, ධනයෙන්, හැකියාවෙන්, ක්‍රීඩාවෙන්...නිකම් හිතන්න ක්‍රිකට්. උගේ පට්ට අගතීන් ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):



එයාලට තේරෙන්නේ නැහැ ඕකුන් නාවානම් අපි තාම ශ්‍රී වික්‍රම හරි මොකෙක් හරි රජෙක්ට ඕනි විදියට මේකේ දෙකට නැමිලා ඉන්නවා කියන එක. ඒ රජා හිතුවොත් මේ ගැත්තන්ට ජීවිත දානය දෙන්න ඕනි කියල ඔන්න ජීවිතේ බේරෙයි. නැත්නම් මැරෙන්න වෙයි. එච්චරයි.

රජාගේ නිළමේ කෙනෙක් හිතුවොත් මුගේ ගෑනිත් එක්ක අද බුදියන්න ඕනි කියල පුකට පයින් දෙකකුත් ගහල බුදියලත් යයි. අපිට බෙලහීන සැමියා පෝන් වල (cuckold porn) වගේ පිහින්නත් වෙයි.

අධ්‍යාපනය කෙසේ වෙතත් පරම්පරාවෙන් කුලේ අනුව හිමිවෙන දෙයක් කරගෙන ඉන්න වෙයි. රදළ කුලේ එකා රට පාලනය කරයි. ගොවි කුලේ එකා කුඹුරු කොටයි. ගල්අද්ද ගල්අදු වැඩේ කරයි. ඒ විදියට අනික් එවුනුත් කරගෙන යයි. සමාජ ප්‍රගමනය වගේ ඒවා නිකම් දවල් හීන වෙයි.

රජා හිතුවොත් මේ ගල උඩ මාළිගාවක් හදන්න ඕනි කියල මුළු රටම උගේ මාළිගාව හදන්න පෝලිම් වෙන්න වෙයි. ආයේ ප්‍රශ්න ඇහිලි නැහැ.

රජා මොන මාළිගාව හැදුවත්, ඒකට කොච්චර දරදිය ඇද්දත් අපිට හැමදාම කටුමැටි පැල්කොටේක ජීවත් වෙන්න වෙයි.

 

British Ceylon history sri lanka steuart holidays

prasanna weerakkody paintings

 

අධිරාජ්‍යවාදීන් කරපු හැම එකම මාරයි කියන්න ඕනි නැහැ. ඌ ගැහුවේ උගේ ගේම් එක තමයි. හැබැයි උන් යම් වියුක්ත ක්‍රමයක් ඇතිකළා. නිතීය උගේ වාසියට තිබ්බ උනාට අමාරුවෙන් හරි මැරෙන්න කළින් අපිටත් යමක් කියන්න ඒකෙන් අයිතියක් ලැබුණ.

 

අපේ පංතියට තවම බලය ගන්න බැරි උණත් උසස් අධ්‍යාපනයේ උසස්ම තැන් වලට වෙනත් කුලවල එවුන් ගිහිල්ල තියනවා. රාජ්‍ය බලය වගේ එකක් පහළ පංති වලට ගන්න බැරි වුණේ ඒ ඒ පංති වල බෙදුණු විසිරුණු ස්වභාවය නිසා මිසක් සුද්ද නිසා නෙවෙයි.

ඌ අපිට බලෙන් හරි ඌ දන්න දෙයක් උගන්වන්න පාරක් හැදුව. අපි ජීවත්වෙන ලෝකෙට වඩා පළල් ලෝකයක් තියනවා කියල පෙන්නුවා. උගේ භාෂාව දුන්න. හැකියාවන් ඉගැන්නුවා. සමහර තැන් වලදී ලාංකිකයෝ, ඉන්දියන් කාරයෝ, අප්‍රිකානුවෝ ඌත් පහුකරලා ගිහිල්ල තියනවා. අධ්‍යාපනයෙන්, ධනයෙන්, හැකියාවෙන්, ක්‍රීඩාවෙන්...නිකම් හිතන්න ක්‍රිකට්. 

 

උගේ පට්ට අගතීන් ඇති. හැබැයි ඌ හොයාගත්ත ලෝකේ අපිටත් පෙන්නුවා. අපි ඒ පාරේ යනකොට ඌ අපිට වල කැපුවේ නැහැ. අවම වශයෙන් අපේ එවුන් අපිට වළ කැපුව තරම් ඌ වළ කැපුවේ නැහැ. ඒකයි අපි තාම මෙතැන.

gandhi spiritual leader leading the salt march in protest against the government monopoly on salt production photo by central pressgetty images

 

අධිරාජ්‍යවාදය එක්ක ආව පුළුල් බව නිසා වෙන්න ඕනි ගාන්ධි ෆිල්ම් එකේ ගාන්ධි ''ගොඩ් සේව් ද කිං'' (God Save the King) කියල කට ඇරලා ගායනා කරන්නේ.

 

සුද්දට විරුද්ධව අපි දන්නා ලෝකයේ ලොකුම අරගලය කරපු ගාන්ධි දැනගෙන හිටිය උගේ මොන අවුල් තිබ්බත් ඌත් එක්ක විශ්ව අනන්‍යතාවක් අපිට ලැබිල තියනවා කියල. දැන් තියෙන්නේ මෙතනින් එහාට උගේ උරුමයත් අරගෙන අපේ දේකුත් හදාන ඉස්සරහට යන එක කියල.

 

ඒ නිසා චාල්ස්ගේ කොරනේෂන් (coronation) එක ගැන මගේ අවුලක් නැහැ. රනිල් ලොක්ක ගිය එක ගැනත් ලොකු අරෝවක් නැහැ. නිකම් අනවශ්‍ය පෝස්ට්කොලෝනියල් කොකු දාගන්න ඕනි නැහැ මේ වෙලාවේ.

 

ජනාධිපති වික්‍රමසිංහට තුන්වෙනි චාල්ස් රජු හමුවීම - (චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

රාජාභිෂේකය වෙනුවෙන් ලයනල් රිචී (Lionel Richie) සහ ස්ටීව් වයින්වුඩ් (Steve Winwood) දෙන්න කියපු සිංදු ඔක්කොම එන්ජෝයි කලා. Katy Perry අමතක කළා නෙවෙයි. ඒ සංස්කෘතික අංග ඔක්කොම අධිකාරික බවේ සංඥා නෙවෙයි මානව බහුවිධ බව සහ නිදහස පළිබඳ සංඥා. චාල්ස් කියන්නේ ටේස්ට් එකක් නැති මිනිහෙක් නම් නෙවෙයි.

අවම වශයෙන් චාල්ස් කියන්නේ අපේ රජ්ජුරුවෝ නෙවෙයි (Not My King) කියල ප්ලැකාඩ් උස්සන් ඉන්නත් නිදහස ඒ රාජාභිෂේකයේ තිබ්බ. ඕනිනම් කියන්න පුළුවන් ඒවා දුන්න දේවල් නෙවෙයි දිනාගත්ත දේවල් කියලත්.

කොහොම උනත් මේ සටහනෙන් මට කියන්න ඕනි උණේ මට තියෙන්නේ විජිතකරණය වෙච්චි මනසක් කියන එක. සහ ඒ නිසා කොරනේෂන් එක මට ෆැන්ටසි එකක් කියන එක.

එයින් අදහස් කරන්නේ නැහැ මට ෆැනොන් කියන දේ තේරෙන්නේ නැති බවක්. ❤️





Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...