The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඇස් ඉදිරිපිටම සිදුවන මේ ජන සංහාරය නරඹමින් ඉන්න නොහැකි යි - ග්‍රේටා තුන්බර්ග් | Mahesh Munasinghe

T

The Leader Desk

June 5, 2025 • 8:01 AM

ඇස් ඉදිරිපිටම සිදුවන මේ ජන සංහාරය නරඹමින් ඉන්න නොහැකි යි - ග්‍රේටා තුන්බර්ග් | Mahesh Munasinghe

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ සාකච්ඡාව කියවා බලන්න - ඇස්පනාපිට සිදුවන මේ ජනසංහාරය හමුවේ තමන් පයතබා සිටිනා තැන හෝ තමන්ගේ නිහඬතාවය ගැන හෝ අවංකව තේරුම් ගැනීමට උත්සහ කරන්න.
  • ග්‍රේටා, ඔබව දැන් මේ නෞකාවේදී දකින්න ලැබීම ඇත්තටම සතුටක්.
  • අපි දකින පරිදි දැන් සිදුවන ජන සංහාරය සහ අවහිර කිරීම්, ඊශ්‍රායලය විසින් මේ සිදු කරන ලද කුරිරුකම් සහ යුද අපරාධ අවසන් කරන ලෙස ඉල්ලා සිටීමට අපට හැකි සෑම දෙයක්ම කළ යුතුයි.
  • උදාහරණයක් ලෙස, ගාසා තීරයේ ජන සංහාරය අප දකින විට, ඇත්ත වශයෙන්ම, ඉතා පැහැදිලි සම්බන්ධතා කිහිපයක් තියෙනවා, පරිසර සංහාරය, පාරිසරික විනාශය යනු යුද්ධයේදී සහ මිනිසුන් පීඩාවට පත් කිරීමට භාවිතා කරන ඉතා පොදු ක්‍රමයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ සාකච්ඡාව කියවා බලන්න - ඇස්පනාපිට සිදුවන මේ ජනසංහාරය හමුවේ තමන් පයතබා සිටිනා තැන හෝ තමන්ගේ නිහඬතාවය ගැන හෝ අවංකව තේරුම් ගැනීමට උත්සහ කරන්න.

පහතින් දැක්වෙන්නේ, දැනට අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර, ආහාර සහ ළදරු සැපයුම් ද රැගෙන ග•සා තීරය වෙත ළඟා වීමේ අරමුණින් මධ්‍යධරණී මුහුදේ තුනවන දිනයේ යාත්‍රා කරමින් මැඩ්ලීන් නෞකාවේ හිඳින 22 හැවිරිදි ග්‍රේටා තුන්බර්ග් (GretaThunberg) සමඟ Democracy Now මාධ්‍ය ආයතනය සිදුකළ සාකච්ඡාවක දළ අනුවර්තනයකි.



ග්‍රේටා, ඔබව දැන් මේ නෞකාවේදී දකින්න ලැබීම ඇත්තටම සතුටක්. ඔබ මේ අතිශයින්ම භයානක ගමන යන්නේ ඇයි?

 

ඔව්, ඔබ කිව්වා වගේ, අපි මේ මෙහෙයුම කරන්නේ අපේ අවසාන උත්සාහයෙන් මාසයකට පස්සේ. අපේ යාත්‍රාව දෙවරක් බෝම්බ හෙලා අක්‍රිය කළා. ඉතින්, අපි නැවත උත්සාහ කරන්නේ ඒ නිසා, අපිට මෙය අත්හැර දැමීම දරාගන් පුළුවන් දෙයක් නොවෙයි.

අපි දකින පරිදි දැන් සිදුවන ජන සංහාරය සහ අවහිර කිරීම්, ඊශ්‍රායලය විසින් මේ සිදු කරන ලද කුරිරුකම් සහ යුද අපරාධ අවසන් කරන ලෙස ඉල්ලා සිටීමට අපට හැකි සෑම දෙයක්ම කළ යුතුයි. මට පෞද්ගලිකව, මට යම් හේතුවක් නිසා යාන්‍ත්‍රණයක් තියෙනවා, ඒ වේදිකාව භාවිතා කිරීම මගේ සදාචාරාත්මක බැඳීමයි. මේ බෝට්ටුවේ මගේ පැමිණීම නිසාවෙන් වෙනසක් ඇති කළ හැකි නම්, ලෝකය පලස්තීනය අමතක කර නැති බව කෙසේ හෝ පෙන්නුම් කළ හැකි නම්, ඊශ්‍රායලයේ අවහිර කිරීම් බිඳ දමා මානුෂීය කොරිඩෝවක් විවෘත කර අතිශයින්ම අත්‍යවශ්‍ය මානුෂීය ආධාර ලබා දීමට නැවත වරක් උත්සාහ කිරීමට මට පුළුවන් නම්, එය මම ගැනීමට කැමති අවදානමක්.

greta234

ඒ වගේම එය අප කළ යුතු දෙයක්.

අපට වාඩි වී, කිසිවක් නොකර, අපගේ ඇස් ඉදිරිපිටම සිදුවන මේ ජන සංහාරය සජීවී නරඹමින් සිටීමට නොහැකිය. ඉතින් අපි මෙය කරන්නේ අප යුක්තිය ගැන සැලකිලිමත් වන මිනිසුන් වන බැවින්. මේ අපරාධයට හවුල්කාර අපගේ ආණ්ඩු ඒ සඳහා පියවර ගැනීමට අපොහොසත් වූ විට, අවාසනාවකට මෙන්, එසේ කිරීම අප මත පැටවෙලා තියෙනවා.

greta47545

 

ග්‍රේටා, ඔබ වඩාත් ප්‍රසිද්ධ පාරිසරික විනාශ වලට එරෙහිව එයට මැදිහත්වන කෙනෙකු හැටියට. පලස්තීන නිදහස පිළිබඳ ගැටලුව එයට සම්බන්ධ වන ආකාරය ගැන ඔබට කතා කළ හැකිද?
 
ඔව්. මට නම්, දෙක වෙන්කර හඳුනා ගැනීමට ක්‍රමයක් නැහැ. සමාජ යුක්තිය නොමැතිව අපට දේශගුණික යුක්තිය ලබා ගන්න බැහැ. මම පාරිසරික ක්‍රියාකාරිනියක් වීමට හේතුව මට ගස් ආරක්ෂා කිරීමට අවශ්‍ය නිසා නොවේ. මම පාරිසරික ක්‍රියාකාරිනියක් වන්නේ මම මානව සහ පෘතුවියේ යහපැවැත්ම ගැන සැලකිලිමත් වන නිසා සහ ඒවා අතිශයින් අන්තර් සම්බන්ධිත බැවින්. උදාහරණයක් ලෙස, ගාසා තීරයේ ජන සංහාරය අප දකින විට, ඇත්ත වශයෙන්ම, ඉතා පැහැදිලි සම්බන්ධතා කිහිපයක් තියෙනවා, පරිසර සංහාරය, පාරිසරික විනාශය යනු යුද්ධයේදී සහ මිනිසුන් පීඩාවට පත් කිරීමට භාවිතා කරන ඉතා පොදු ක්‍රමයක්.

නමුත්, එය ඊටත් වඩා බොහෝ සරලයි. පීඩා විඳීමට හේතුව කුමක් වුවත්, එය CO2 වේවා, එය බෝම්බ වේවා, එය රාජ්‍ය මර්දනය වේවා හෝ වෙනත් ආකාරයේ ප්‍රචණ්ඩත්වයක් වේවා, අපි එම දුක් විඳීමේ ප්‍රභවයට එරෙහිව නැගී සිටිය යුතුය. අපි පරිසරය ගැන සැලකිලිමත් වන බව පෙන්වනවා නම්, දේශගුණය සහ අපේ දරුවන්ගේ අනාගතය ගැන සැලකිලිමත් වන බව පෙන්වනවා නම්, අද සියලු ආන්තික ජනයාගේ දුක් වේදනා දැක, ඒවා පිළිගෙන ඒවාට එරෙහිව සටන් නොකර ඉන්නවාන ම්, එය ලෝක ජනගහනයෙන් බහුතරයක් බැහැර කර දමමින් යුක්තිය ඉල්ලීම සඳහා ගන්නාවූ අතිශයින්ම ජාතිවාදී ප්‍රවේශයක්.

Climate activist Greta Thunberg stands near a Palestinian flag after boarding the Madleen boat and before setting sail for Gaza along with activists of the Freedom Flotilla Coalition, departing from the Sicilian port of Catania, Italy, Sunday, June 1, 2025. (AP Photo/Salvatore Cavalli)
ග්‍රේටා, ඔබ ළදරු කිරිපිටි, වෛද්‍ය කට්ටල, ළමුන් සඳහා කෘතිම අවයව ගෙන ඒමට උත්සාහ කරන විට, ඊශ්‍රායල හමුදාව නිදහස් ෆ්ලෝටිලා අවහිර කරන බවට තර්ජනය කර තියෙනවා. ඊශ්‍රායල හමුදාව පවසන්නේ ඔබේ නෞකාව වැටලීමට සූදානම් බවයි. ඊශ්‍රායල වැටලීම සහ එහි සිටි ක්‍රියාකාරීන් නව දෙනෙකු ඝාතනය කිරීමත් සමඟ පසුගිය කාලයේ 2010 දී මෙවැනිම නෞකාවක් වූ “මාවි මාමාරා” (Mavi Marmara) ට සිදු වූ දේ අපි දනිමු. ඔබලා ඒ සඳහා කටයුතු කිරීමට සූදානම් වන්නේ කෙසේද?
 
ඔව්, ඔව්, අපි ඩ්‍රෝන යානා දකිනවා. ඊයේ රාත්‍රියේ, අපට ඉහළින් ඩ්‍රෝන යානා සංසරණය වූ වෙනස් අවස්ථා දෙකක් තිබුණා. අපි භාවිතා කරන ආරක්ෂක ක්‍රියා පටිපාටි අප සතුව තියෙනවා, අවිහිංසාවාදී ආකාරයකින් අපගේ ආරක්ෂාව උපරිම කිරීමට උත්සාහ කිරීමට අප සූදානම්. එබැවින්, අපි අපගේ උපරිමය කිරීමට උත්සාහ කරනවා. දිවි ගලවා ගැනීම සඳහා අවශ්‍ය මානුෂීය ආධාර රැගෙන යන සාමකාමී ස්වේච්ඡා සේවකයින් වැටලීමට, බාධා කිරීමට හෝ පහර දීමට තර්ජනය කරනවා නම් එයින් බොහෝ දේවල් පෙන්නුම් කරනවා. එය දැන් ඊශ්‍රායලයේ ප්‍රමුඛතාවයි.

නමුත් මෙම මෙහෙයුම අප ගැන නොවන බව අප මතක තබා ගත යුතුය. මෙය මේ ගමන ගැන හෝ නැවේ සිටින ජනතාව ගැන නොවේ. මෙම මෙහෙයුම පලස්තීනය ගැන. එය ඊශ්‍රායලය විසින් පලස්තීනුවන්ට එරෙහිව භාවිතා කරන ජන සංහාරය, බලහත්කාර අත්කරගැනීම්, වාර්ගික සමූලඝාතන සහ අනෙකුත් යුද සහ මර්දන ක්‍රම ගැන යි. ගාසා තීරයට මානුෂීය ආධාර ලබා දීම පමණක් අපට අවශ්‍ය නොවේ. අපට සටන් විරාමයක් පමණක් අවශ්‍ය නොවේ. ඊශ්‍රයලය විසින් පලස්තීනය බලහත්කාරයෙන් අතපත් කර ගැනීම අවසන් කිරීම අපට අවශ්‍ය වෙලා තියෙන්නෙ.

greta4567
ලොව පුරා සිටින ජනතාවට, විශේෂයෙන් තරුණයින්ට ඔබේ පණිවිඩය කුමක්ද?
 
මගේ පණිවිඩය නම්, මේ මොහොතේ ජාත්‍යන්තර නීතිය අපව අසමත් කරමින් සිටින බවයි. ජාත්‍යන්තර ආයතන, අපේ ආණ්ඩු අපව අසමත් කරමින් සිටිනවා. මාධ්‍ය, අපේ සමාගම් සියල්ලම අපව අසමත් කරමින් සිටිනවා. ඇත්තටම "අපව අසමත් කිරීම" යනු මේ ක්‍රමය මිනිසුන් සූරාකෑම සහ පීඩනය මත ගොඩනගා ඇති ආකාරයකින් නිර්මාණය කර ඇති බව පැවසීමේ රාජ්‍ය තාන්ත්‍රික විදියක්. කිසිවෙක් එය ආපසු හැරවීමට සූදානම් නැහැ. මෙම තත්වයෙන් බේරා ගැනීම සඳහා අපට වෙනස් කළ හැකි එවැනි කිසිවෙකු නැහැ. ඉදිරියටම යාම, වීදි බැසීම, සංවිධානය වීම, වර්ජනය කිරීම, සියලු වේදිකාවලට කතා කිරීම අප මත පැටවෙලා තියෙන්නෙ. දැන් මේ මොහොතේ පලස්තීනයේ සිදුවෙමින් පවතින දේ වෙනුවෙන් අපි පෙනී නොසිටින බවට පැහැදිලි පණිවිඩයක් යැවීමට උත්සාහ කරනවා.
 
අවසාන වශයෙන්, ඔබේ ගමන ගැන කියවා හෝ අසා ඇති, ඔබේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින පලස්තීනුවන්ට ඔබේ පණිවිඩය කුමක්ද?
 
ඔවුන්ට මගේ පණිවිඩය වනුයේ අපි සෑම පියවරකදීම ඔබ වෙනුවෙන් පෙනී සිටින බවයි. අපි ඔබ සමඟ සහයෝගයෙන් සිටිනවා. අපිට ඔබව දකිනවා. අපිට ඔබව පෙනනෙනවා. ඔබ ගැන අවධානයෙන් සිටිනවා. ඒ වගේම මම - බාහිර ලෝකය වෙනුවෙන්, විශේෂයෙන් බටහිර ලෝකය වෙනුවෙන් මගේ තදබල කණගාටුව ප්‍රකාශ කරනවා, ඒ සැවොම ඔබව දිගටම පාවා දෙමින් සිටින නමුත්, තවත් කිසිවෙක් ඔබ වෙනුවෙන් ඉදිරියට නොපැමිණෙන නමුත් අවම වශයෙන් අපි මෙහි ඔබ වෙනුවෙන් පෙනී සිටීමට අපගේ උපරිමය කරන බවටත්, ඔබේ අරගලයේදී ඔබට සහාය වන බවටත් පොරොන්දු වෙනවා.
 
සටහන උපුටා ගැනීම මහේෂ් මුණසිංහ ගේ මුහුණු පොතෙනි
 
 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඇස් ඉදිරිපිටම සිදුවන මේ ජන සංහාරය නරඹමින් ඉන්න නොහැකි යි - ග්‍රේටා තුන්බර්ග් | Mahesh Munasinghe | The Leader