පසු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් සංචාරය අතරතුර නැවත පෙරළා ශ්‍රී ලංකාවට පැමිණීමට කටයුතු කරන බවට තොරතුරු සැලවීමෙන් මේ රට ක්‍රිකට් බලධාරීන් මෙන්ම පාකිස්ථාන රජය ද දැඩි ලෙස අපහසුතාවයට පත් විය.
එසේ පැමිණියහොත් එවැනි ක්‍රීඩකයන්ට ක්‍රිකට් තහනමක් පැනවීමට පවා සලකා බලන බව මාධ්‍ය මඟින් ප්‍රචාරය විය. කෙසේ නමුත් එවැනි තීරණයකට එළඹීමට අපේ ක්‍රීඩකයන්ටද සාධාරණ හේතු තිබිණි.

2009 මාර්තු 9 වන දින ටෙස්ට් ක්‍රිකට් තරඟයකට සහභාගි වීම සඳහා හෝටලයේ සිට ගඩාෆි ක්‍රීඩාංගණයට ගමන් කරමින් සිටි අපේ කණ්ඩායමට දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. මින් පාකිස්ථාන පොලිස් නිලධාරීන් හය දෙනෙකු සහ ක්‍රිකට් බලධාරීන් රැගෙන යමින් සිටි එක් බස් රථයක රියදුරෙක් ඝාතනයට ලක්විය.
ඒකේ 47 රයිෆල්, ග්‍රෙණේඩ් ලෝන්චර්, රොකට් ලෝන්චර් උපයෝගී කරගත් මෙම ප්‍රහාරයෙන් අපේ ක්‍රීඩකයන් හත් දෙනෙකු තුවාල ලැබීය. තිලාන් සමරවීර, නායක කුමාර සංගක්කාර ,තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස් ,චමින්ද වාස්, මහේල ජයවර්ධන සහ සුරංග ලක්මාල් ඒ අතර විය. ක්‍රීඩක බස් රථය ලෙයින් නැහැවී තිබූ අතර ඇතැම් ක්‍රීඩකයන්ගේ තුවාල බරපතල ගණයේ විය. ඒ අතර අවසන් ටෙස්ට් තරඟයේ ලකුණු දෙසීයක් ලබාගත් තිලාන් සමරවීරට සහ තරංග පරණවිතානට වැඩි හානි සිදුවී තිබිණි.

පසුව ඉන්දියාවේ මුම්බායි හෝටලයටද ප්‍රහාර සිදු කරන ලද Laskar e Jhangvi කණ්ඩායම ප්‍රහාරයට සම්බන්ධ බව පසුව සොයා ගැනිනි.
මෙම සිදුවීමෙන් පසු වසර හත අටක් යනතුරු කිසිදු ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්ථානයේ තරග වලට සහභාගී නොවීය. එසේම ඔවුන්ගේ සංචාරක ව්‍යාපාරයට සහ ප්‍රතිරූපයට සිදුවූ හානියද අතිවිශාලය. කෙසේ නමුත් 1996 ලෝක කුසලානය අවස්ථාවේ ඕස්ට්‍රේලියානු සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරන ලද අවස්ථාවේ පාකිස්ථානය සුහද ක්‍රිකට් තරගයකට සහභාගී වෙමින් අපට දක්වන ලද සහාය අමතක කළ නොහැකිය.
නමුත් පසුගිය කාලය තුළ ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වයද ඉන්දියාවේ ipl කණ්ඩායම් වලට ක්‍රීඩා කරන අපේ ක්‍රීඩකයන්ට සංචාරය අතරතුර නැවත එන ලෙස බලපෑම් සිදුවූයේද යන්න දන්නේ නැත.
එම සිදුවීමෙන් මසක් ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ලේක් හවුස් ආයතනය එක්ව එම බස් රථයේ රියැදුරු මොහොමඩ් කලිල් සහ ඔහුගේ බිරිඳ ලංකාවට ගෙන්වා උපහාරයක් පැවැත්වීය. ඔහුගේ නිර්භීත භාවය සහ ක්ෂණිකව ක්‍රියාකරන ලද ආකාරය නොවන්නට අපේ ක්‍රීඩකයන්ට මීට වඩා විශාල හානියක් සිදුවන්නට ඉඩ තිබිණ. මොහොමඩ් කලිල්ල ලංකාවට පැමිණ තිබුණේ පාකිස්ථාන රස කැවිලිද සමගය. මා මෙම ඡායාරූපයේ සිටින්නේ ඔහු ලබා දුන්නෙම රස කැවිලි පාර්සලය ද සමගය.

(සටහන | නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)
prasadrharischandra@gmail.com




