The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රනිල්ලාගේ පවුලේ ඉඩම වැලිකඩ ගැන වජිර නොකී කතාව... | Mihiri Fonseka

T

The Leader Desk

August 28, 2025 • 1:09 PM

රනිල්ලාගේ පවුලේ ඉඩම වැලිකඩ ගැන වජිර නොකී කතාව... | Mihiri Fonseka

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මොකද හිරගෙදර ගිය රනිල්ලාගේ පවුලේ මුල්ම කෙනා ඔහු නොවන නිසා.
  • වැලිකඩ ඇතුළු කොළඔ නගරයේ අලුතෙන් ඉදි වු ගොඩනැගිලි සඳහා ගල් වැලි, ගඩොල්, දැව සපයා සරුසාර ව්‍යාපාරිකයෙක් වුණේ රනිල්ගේ මුත්තා දොන් පිලිප් තුඩුගල විජයවර්ධන.
  • වජිර කියන හැටියට වැලිකඩ හිරගේ ඉඩමේ මුල් අයිතිය ඇත්තේ හේලේනාට.
  • ඔහු තමයි සර් ෆ්‍රැන්සිස් මොලමුරේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මොකද හිරගෙදර ගිය රනිල්ලාගේ පවුලේ මුල්ම කෙනා ඔහු නොවන නිසා.

මොනවා වුණත් රනිල් තවම සැකකරුවෙක් විතරයි.

වැලිකඩ ඇතුළු කොළඔ නගරයේ අලුතෙන් ඉදි වු ගොඩනැගිලි සඳහා ගල් වැලි, ගඩොල්, දැව සපයා සරුසාර ව්‍යාපාරිකයෙක් වුණේ රනිල්ගේ මුත්තා දොන් පිලිප් තුඩුගල විජයවර්ධන.


කොළඔ වරායේ දියකඩනය අවැසි අමු දුව්‍ය කැලිණි ගඟ දිගේ සැපයුවෙත් ඔහුමයි. ඔහුගේ බිරිද තමයි කැලණි පන්සලේ නූතන දියුණුවට සල්ලි විය පැහැදම් කළ හෙලේනා විජයවර්ධන.

මේ යුවළගේ පුතෙකුගේ දුවගේ පුතෙක් තමයි රනිල් කියන්නේ .

වජිර කියන හැටියට වැලිකඩ හිරගේ ඉඩමේ මුල් අයිතිය ඇත්තේ හේලේනාට. ඈ රනිල්ගේ අම්මාගේ තාත්තාගේ අම්මා.

රනිල්ලාගේ පරම්පරාවේ මීට පෙර රක්ෂිත බන්ධනාගාරයට ගියේ නෑකමින් රනිල්ගේ ආච්චි කෙනෙක් වන විමලා විජයවර්ධන කියලා මම දෙතුන් දවසකට පෙර ලීවා. ඒ අගමැති බණ්ඩාරනායක ඝාතනයට සැකපිට.

ඇයට පෙර නෑකමට රනිල්ගේ මුත්තණුවෙකු වන ජෝන් කොතලාවලත් වැලිකඩ ගියා. මේ කොතලාවල අගමැති කොතලාවලගේ පියා. මස්සිනා මරා දැමීමේ චෝදනාව⁣ට රිමාන්ඩ් කළ ඔහු වැලිකඩදී මී පාසානම් කා දිවි නසා ගත්තා..

 

ජේ.ආර්. මග ගියානම් ලංකාව අද සංවර්ධිත රාජ්‍යයක් - ජනාධිපති

රනිල්ගේ සියාගේ සහෝදරියක තමයි ජේ, ආර්ගේ අම්මා. ජේ,ආර්ගේ තාත්තාගේ මල්ලිත් කොතලාවලත් බැන්දේ එකම පවුලේ අක්ක නඟාලා. ඒ පවුලේ අනෙක් නංගී බැන්දේ ඩී.ඇස් .සේනානායකගේ අයියා එෆ්.ආර්..සේනානායකලා තව පැත්තකින් රනිල්ට නැයෝ.

රනිල්ගේ අම්මාගේ මල්ලී ඒ කියන්නේ රංජිත් විජයවර්ධන බැන්දේ සේනානායක පවුලෙන් රංජිත් විජයවර්ධන කියන්නේ ලංකාදීප පත්තරේ අයිතිකරු. එජප නියෝජ්‍ය නායක, රනිල්⁣ගේ මස්සිනා රුවන් විජයවර්ධන ගේ තාත්තා .

විජයවර්ධනලා කියන්නේ රනිල් වික්‍රමසිංහගේ මව් පාර්ශවය. රනිල්ගේ මව් පාර්ශවයෙන් නෑකමක් තියන අයෙක් මින් පෙර හිරේ ගිහින් තියනවා චෝදනාව උසාවියට අපහාස කිරීම. ඒ මතු නොවේ අනාචාරයේ හැසිරීමට ඔහු උසාවියෙන් වරදකරු වුණා. ඔහු තමයි සර් ෆ්‍රැන්සිස් මොලමුරේ. නෑකමින් ඔහු රනිල්ගේ සීයා කෙනෙක්.

DR 800x400
රනිල්ගේ අම්මාගේ තාත්තා ලේක්හවුස් නිර්මාතෘ ඩී ආර් විජයවර්ධන. ඔහු විවාහ වුණේ රුවන්වැල්ලේ මිදෙණිය වලව්වේ ජේ.එච්.මීදෙණිය අධිකාරම්ගේ දෙවැනි දුව ඇලිස් ගර්ට්රූඩ් සමග. ඒ පවුලේ ලොකු දුව ඇඩ්ලින්. ඇ තමයි ව්‍යවස්ථාවදායකයට ගිය මුල්ම කත. රුවන්වැල්ල මන්ත්‍රීනි. ඇගේ සැමියා තමයි මුල්ම කථානායක  සර් ෆ්‍රැන්සිස් මොලමුරේ..

ඔහු තමයි මඩුවන්වල වලව්වේ හිමිකරුගේ අන්තිම කැමැති පත්‍රයේ පොල්මක්කාරයා.. මඩුවන්වල රටේ මහත්තයාගේ සල්ලි වල අයිතිය ඔහුට තිබුණත් එක ගන්න උසාවියේ අවසර ඕනේ. 1931දි ඔහු රුපියල් 22,000ගන්න ඉල්ලුවාම උසාවියෙන් අවසර ලැබුණා. නමුත් ඔහු 52,000ගත්තා. උසාවියට නොකියා සල්ලී ගැනිම නිසා ඔහු උසාවියට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී අවුරුද්දක් හිරේ ගියා.

ඒ විතරක් නෙවේ කොළඹ නගර සභාවේ දොස්තර සී.වී. අසරප්පාගේ බිරිඳ සමග අනාචාරයේ හැසිරීමේ වරදට වරදකරු වු සර් ෆ්‍රැන්සිස්ට රුපියල් 25,000ක වන්දියක් දොස්තර අසරප්පාට ගෙවන්න වූණා.

සර් ෆ්‍රැන්සිස් මළේ කථානායක ආසනය මතයි. හේතුව හෘදයාබාධක්. පනාමුරේ ඇත්ගාල අයිති ඔහුට පනාමුරේ ඇතාට වෙඩ් තියන්න අණ කළේ ඔහු. ඇතා වගේ දණින් වැටිලා තමයි සර් මොලමුරේ මළේ. ඔහුගෙන් පස්සේ පාර්ලිමේන්තුවේ දී මිය ගියේ මහින්දගේ ලොකු තාත්තා ඩී.එම් රාජපක්ෂ. එවා අතුරු කතා.



රනිල්ගේ නෑයෙක් වන සර් මොලමුරේගේ බිරිද වු ඇඩ්ලින්ගේ ⁣එකම සහෝදරයා වූ හර්කියුලර්ස් මීදෙණියගේ දුව තමයි අයිරාංගනී මීදෙණිය. විවාහයෙන් පස්සේ ඇ අයිරාංගනී සේරසිංහ. 

ඈ සමග රනිල් නටන වීඩියෝවක් වයිරල් වුණාම රනිල්ට සමහරු බැන්නා මේ මිනිහා අර වයසක නිළියටත් පාඩුවේ ඉන්න දෙන්නේ නෑ. කියලා ඉතිං ඒ අය⁣ට තියන රුදාව මොකක්ද රනිල් නැටුවේ එයාගේ නැන්දා එක්කනේ. අයිරාංගනිගේ සොයුරිය කාමිණි බැන්දේ සම සමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ සමග. එහෙම බලන කොට ඔක්කෝම නෑයෝ....


bq3twt890(සටහන | මිහිරි ෆොන්සේකා )
අරුණ ඉරිදා පුවත්පතේ විශේෂාංග කර්තෘ
mmmfonseka@gmail.com

(උපුටා ගැනීම - Mihiri Fonseka ෆේස්බුක් පිටුවෙන්..)

සබැඳි පුවත :

දෛවෝපගත අවස්ථාවක් ! - රනිල් රිමාන්ඩ් කළ බන්ධනාගාරයේ අක්කර 43ක භුමිය, රනිල්ගේ පවුලේ අයිතියක්


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...