(Ministry of External Affairs- MEA) පිළිබඳ අමාත්‍යාංශය ලෙසිනි.
මෑතක් වනතුරුම ඒ අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ ද හැඳින්වුණේ එලෙසිනි.
එහෙත් මහ මැතිවරණයෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශයට පත් කළ කැබිනට් මණ්ඩලයේ විදේශ කටයුතු අමාත්‍යාංශයක් නැත. ඇමතිවරයෙක් ද නැත.
ඒ වෙනුවට ශ්‍රී ලංකා ඉතිහාසයේ සහ ඇතැම්විට ලෝක ඉතිහාසයේත් ප්‍රථම වතාවට ‘ආගන්තුක’ අමාත්‍යාංශයක් (Ministry of Foreign) පිහිටුවා තිබේ.
ඇමතිවරයා ද ‘ආගන්තුකයෙකි.’ (Minister of Foreign’)
සිංහලෙන් පළ වූ අමාත්‍යාංශ ලැයිස්තුවේ පමණක් ‘විදේශ’ ඇමතිවරයෙක් සහ ‘විදේශ’ අමාත්‍යාංශයක් තිබේ.
ජනාධිපති ගේ ගෝඨාභය ගේ ‘විදේශ’ අමාත්‍යාංශය පිහිටා තිබෙන්නේ විදේශයක ද?
ඇමෙරිකා එක්සත් ජනපදයේ විදේශ කටයුතු අමාත්‍යාංශය හැඳින්වෙන්නේ ‘රාජ්‍ය දෙපාර්තමේන්තුව’ (Department of State) ලෙසිනි.
අසල්වැසි ඉන්දියාවේ තිබෙන්නේ බාහිර කටයුතු (Ministry of External Affairs- MEA) පිළිබඳ අමාත්‍යාංශයකි.
බ්‍රිතාන්‍යයේ එය ‘විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කාර්යාලය’ (Foreign and Commonwealth Office) බවට පත්වෙයි.
පාකිස්තානයේ තිබෙන්නේ විදේශ කටයුතු (Ministry of Foreign Affairs - MOFA) පිළිබඳ අමාත්‍යාංශයකි.
Foreign Affairs වෙනුවට Foreign පමණක් යෙදූ විටය එහි අර්ථය ‘අමුතු’ ‘නොහඳුනන’ ‘ආගන්තුක’ ‘නොදන්නා’ යනාදී ලෙසින් වෙනස් වේ.
ඒ අනුව ගෝඨාභය ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ යටතේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතුරුදහන් වී ශ්‍රී ලංකාවේ පළමු වතාවට ‘ආගන්තුක’ අමාත්‍යාංශයක් කරලියට පැමිණ තිබේ.
(උකුස්සා)
ලෝකයේ පළමු වරට ශ්‍රී ලංකාවේ ‘ආගන්තුක’ අමාත්‍යාංශයක් - Ministry of Foreign
T
The Leader Desk
September 3, 2020 • 5:20 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- විදේශ සම්බන්ධතා සහ රාජ්‍යතාන්ත්‍රික කටයුතු ගැන ක්‍රියා කරන අමාත්‍යාංශය ලෝකයේ ඕනෑම රටක හැඳින්වෙන්නේ විදේශ කටයුතු (Ministry of Foreign Affairs - MFA) හෝ බාහිර කටයුතු
- මෑතක් වනතුරුම ඒ අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ ද හැඳින්වුණේ එලෙසිනි.
- එහෙත් මහ මැතිවරණයෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශයට පත් කළ කැබිනට් මණ්ඩලයේ විදේශ කටයුතු අමාත්‍යාංශයක් නැත.
- පාකිස්තානයේ තිබෙන්නේ විදේශ කටයුතු (Ministry of Foreign Affairs - MOFA) පිළිබඳ අමාත්‍යාංශයකි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


