The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
විශේෂාංග

MIS-C: කොවිඩ් ආසාදනයෙන් පසු දරුවන්ට ඇතිවිය හැකි 'භයානක' රෝගය ?

T

The Leader Desk

September 27, 2021 • 2:56 PM

MIS-C: කොවිඩ් ආසාදනයෙන් පසු දරුවන්ට ඇතිවිය හැකි 'භයානක' රෝගය ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බහුපද්ධති ප්‍රතිදාහ සහලක්ෂණය (Multisystem inflammatory syndrome - MIS-C ) නමින් හඳුන්වන මෙම රෝගය කුඩා දරුවන් අතර බරපතළ සංකූලතා ඇති කළ හැකි අතර සමහර අයට දැඩි සත්කාර අවශ්‍ය වේ. මෙම රෝගය ප්‍රථමයෙන් වාර්තා වූයේ එක්සත් රාජධානියෙන් සහ එක්සත් ජනපදයෙනි.
  •   නමුත් මෙය කවසාකි රෝගය නොවන අතර, කොරෝනා වෛරසය වැළඳීමෙන් කලකට පසු හටගන්නා තත්ත්වයක් බව මේ වන විට හඳුනාගෙන තිබේ.
  • විවිධ වයස්වල පසුවන දරුවන් මෙයින් බරපතළ ලෙස රෝගාතුර වී තිබේ.
  •    ශ්‍රී ලංකාවේ රෝහල්වලින් මේ වන විට රෝගී දරුවන් 100ක් පමණ වාර්තා වන අතර මරණ කීපයක් ද සිදුව තිබෙන බව නව ජන්ම ළදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලීන් ගමඇතිගේ බීබීසී සිංහල සේවයට පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
මෙය 'කවාසාකි රෝගය' ලෙස මුලින්ම හැඳින්වීය.
 
නමුත් මෙය කවසාකි රෝගය නොවන අතර, කොරෝනා වෛරසය වැළඳීමෙන් කලකට පසු හටගන්නා තත්ත්වයක් බව මේ වන විට හඳුනාගෙන තිබේ. විවිධ වයස්වල පසුවන දරුවන් මෙයින් බරපතළ ලෙස රෝගාතුර වී තිබේ.
  
ශ්‍රී ලංකාවේ රෝහල්වලින් මේ වන විට රෝගී දරුවන් 100ක් පමණ වාර්තා වන අතර මරණ කීපයක් ද සිදුව තිබෙන බව නව ජන්ම ළදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලීන් ගමඇතිගේ බීබීසී සිංහල සේවයට පැවසීය. මේ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ නිල දත්ත වාර්තා වී නොමැත.
 
කෙසේවෙතත්, මෙම රෝගය සහිත දරුවන් වාර්තා වීම තවදුරටත් වැඩි වී ඇතැයි වෛද්‍යවරයා පැවසුවේය.
 
 
 
බහුපද්ධති ප්‍රතිදාහ සහලක්ෂණය යනු කුමක් ද?
 
"සරලව කියනවනම්, මේ රෝගය හැදෙන්නේ කොවිඩ් හැදිලා තියෙන, අළුත උපන් බිළිඳුන්ට, දරුවන්ට සහ නව යොවුන් අයට," වෛද්‍ය නලීන් ගමඇතිගේ පැවසීය.
 
කොරෝනා වෛරසය වැළඳීමෙන් පසු එම වෛරසයට විරුද්ධව ශරීරය තුළ ප්‍රතිදේහ නිර්මාණය වේ. එම ප්‍රතිදේහවලට විරුද්ධව ශරීරය තුළින් නැඟෙන අසාමාන්‍ය ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් සහ එයින් දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළ ඇතිවන සංකූලතා හේතුවෙන් මෙම රෝග තත්ත්වය හට ගනී.
 
 120674928 111261429 gettyimages 959834494 594x594
GETTY IMAGES
 
"මේ අසාමාන්‍යය ප්‍රතික්‍රියාව නිසා මේ රෝග තත්ත්වය හට ගන්නවා. කොවිඩ් හැදිලා සති 2-6ත් අතර ළමයින්ට නැවත තද උණක් හටගන්න පුළුවන්. උණ දින තුනක් පමණ තියෙන්න පුළුවන්. මෙහි දී ශරීරයේ අනෙක් පද්ධතිවලට බලපෑම් එල්ල වෙනවා. ඒ වගේම ලංකාවේ මේ රෝග තත්ත්වය හටගන්නා දරුවන්ගෙන් 80%-90%ත් අතර ප්‍රමාණයක් තුළ දකින්න හැකි වන්නේ වමනය, පාචනය සහ බඩේ අමාරුවක් වැනි රෝග ලක්ෂණ," වෛද්‍යවරයා පැහැදිලි කළේය.
 
 
දරුවන් තුළ සාමාන්‍යයෙන් දැකිය හැකි රෝග ලක්ෂණ මොනවා ද?
 
# උණ
 
# ශරීරයේ දද
 
# ඇස් රතු වීම
 
# වමනය
 
# පාචනය
 
# උදරයේ වේදනා
 
# මාංශපේශී ඉදිමීම් සහ වේදනා
 
# හුස්ම ගැනීමේ අපහසුතා
 
 
"සමහර දරුවන් පැමිණියා, වෙනත් ලක්ෂණ නැති නමුත් ඇස් පමණක් රතු වී තිබුණු අය. මේ අය හැමෝටම වගේ දැඩි මහන්සියක් නැත්නම් අප්‍රාණික බවක් තිබෙන බව නිරීක්ෂණය වෙලා තියෙනවා. මෙතන භයානකම තත්ත්වය තමයි සමහර දරුවන්ගේ රුධිර පීඩනය අඩු වීම. එහෙම වෙලා කම්පන තත්ත්වයට පත් වුණ දරුවන් පවා රෝහලට ඇතුළත් කර තිබෙනවා," වෛද්‍ය නලීන් ගමඇතිගේ පැවසීය.
 
 
 
ප්‍රතිකාර මොනවා ද?
 
බහුපද්ධති ප්‍රතිදාහ සහලක්ෂණය (MIS-C ) රෝගය මුල් අවස්ථාවේ දී හඳුනාගැනීම තුළින් ඉක්මන් ප්‍රතිකාර ලබා දිය හැකිය. කෙටි කාලයකට පෙර කොවිඩ් වෛරසය වැළඳුණු දරුවෙක් ඉහත සඳහන් රෝග ලක්ෂණ සමඟ රෝහලට පැමිණි විට විශේෂ පරීක්ෂණ මඟින් මෙම රෝගය දැයි තහවුරු කරගැනීමට වෛද්‍යවරු කටයුතු කරති.
 
"MIS-C රෝගය කියලා තහවුරු වුණාම අපි ඒ ළමයින්ව විශේෂ ප්‍රතිකාර ඒකකයකට නැත්නම් ICU එකට අරගෙන සමීපව නිරීක්ෂණය කරනවා. තද උණ අඩු කරන්න සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අසාමාන්‍යය ප්‍රතික්‍රියාව පාලනය කරන්න අපි ඖෂධයක් රෝහල්වල භාවිත කරනවා."
 
"එය ඉතා මිල අධික බෙහෙතක්. නමුත් එලදායිතාව බොහොම වැඩියි. මීට අමතරව තවත් බෙහෙත් අප ලබා දෙනවා. නමුත් මේ අසනීපය තියෙන හැමෝටම මේ බෙහෙත් වර්ග දෙක අවශ්‍යය වන්නේ නැහැ. මෙහිදී රෝගීන්ට තියෙන්නේ උග්‍ර, මධ්‍යම සහ මෘදු ලක්ෂණ ද කියලා හඳුනා ගන්නවා."
 
"උග්‍ර ලක්ෂණ තිබෙන දරුවන් තමයි බොහෝ විට මිය යන්න ඉඩ තියෙන්නේ. එහෙම නැතුව, සාමාන්‍යය ලක්ෂණ තියෙන දරුවන්ගේ අපි ලේ පරීක්ෂා කර බලා, ඒවායේ තිබෙන වෙනස්කම් මත ප්‍රතිකාර කරන්න පටන් ගන්නවා," වෛද්‍ය නලීන් ගමඇතිගේ පැවසුවේය.
 
මෙම රෝගය විනිශ්චය කර ගැනීමේ දී ගැටළු මතුවිය හැකිය.
 
"බඩේ අමාරුව වගේ රෝග ලක්ෂණයක් මතු වුණාම, සමහර විට ඇපෙන්ඩිසයිට්ස් වගේ රෝගයක් කියලා හිතලා වෙනත් වාට්ටුවකට දමනවා. නැත්නම් ඩෙංගු කියලා හිතනවා. මේ වගේ වෙනත් ලෙඩ ඔස්සේ යනවා. ඒක නිසා දරුවාගේ රෝග ඉතිහාසය දැනගැනීම මෙහි දී ඉතා වැදගත්."
 
 120674930 111718916 12956656 2af3 4a44 a7be 2b8e5676b690
GETTY IMAGES
 
 
 
දරුවන්ට මේ රෝගය ඇත්දැයි හඳුනාගන්නේ කෙසේ ද?
 
කොවිඩ් 19 රෝගීන්ගේ දත්තවලට අනුව, පොදුවේ ගත් කල දරුවන්ට වෛරසයේ බලපෑම සාපේක්ෂව අවම මට්ටමක ඇති බව පෙනේ.
 
මෙයට හේතුව ආසාදනය ශරීරයෙන් බැහැර කිරීමේ හැකියාව හෝ රෝග ලක්ෂණ මතු නොවීම හෝ සෙම්ප්‍රතිශ්‍යාවට සමාන සාමාන්‍ය රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කිරීමය.
 
රෝග ලක්ෂණ මතු නොවීමත් සමඟ, සමහර දරුවන්ට කොවිඩ් ආසාදනය වී තිබුණි දැයි දෙමාපියන් නොදන්නා විට, පසුව ඇතිවන MIS-C රෝග ලක්ෂණ හඳුනාගැනීම අපහසු වී තිබේ.
 
"මේ රෝගයෙන් සම්පූර්ණයෙන් ආරක්ෂා වීමක් සිදු කරන්න බැහැ. එකම දේ දරුවාට කොවිඩ් හැදුනට පස්සේ, ඊළඟ මාස එකාමාර හොඳ සැලකිල්ලෙන් ඉන්න ඕනේ. විශේෂයෙන් තද උණක් එක්ක බඩේ අමාරුවක්, පාචනය, ඇස් රතු වෙලා තියෙනවානම්, දරුවා අපහසුතාවෙන් ඉන්නවනම්, හුස්ම ගන්න අමාරුයි කියනවනම් වහාම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවීම ඉතා වැදගත්.
 
 120674932 112012759 whatsubject GETTY IMAGES
 
"මේ වන විට මේ රෝගය ගැන අපි විශේෂඥ වෛද්‍යවරු දැනුවත් කරලා තියෙනවා. ඔවුන් මේ රෝගය ගැන දන්නවා. ඒක නිසා දෙමාපියන්ට බිය විය යුතු නැහැ. මේ හා සමාන ලක්ෂණ තියෙන වෙනත් රෝගත් තියෙනවා. නමුත් දක්ෂ වෛද්‍යවරයෙකුට පුළුවන් MIS-C රෝගය විනිශ්චය කරන්න," වෛද්‍ය නලීන් ගමඇතිගේ පැවසීය.
 
රෝගය වැළඳුණු දරුවෙකුගේ දෙමාපියන් යුවළක් පැවසුවේ ඔවුන්ගේ වයස අවුරුදු හතරක දරුවාට කොවිඩ් අසාදනය වී සුව වී තිබුණ ද, සති කීපයකට පසු නැවතත් තද උණ සහ පාචනය යන රෝග ලක්ෂණ ඇති වූ බවය. ඔවුන් ඉක්මණින් ළමා රෝග විශේෂඥයෙකු හමුවීමත් සමඟ දරුවාට ඇත්තේ MIS-C රෝග තත්ත්වය බව දැන ගැනීමට හැකි වී තිබේ.
 
"ඉක්මන් ප්‍රතිකාර ලැබුණු නිසා දැන් මගේ දරුවා හොඳින් ඉන්නවා. හැබැයි අපි තව දුරටත් එයා ගැන බොහොම අවදානයෙන් ඉන්නවා," ඔවුහු පැවසූහ.
 
දැනට තිබෙන දත්ත අනුව කොවිඩ් 19 වැළඳුණු දරුවන් 5,000කින් එක් කෙනෙකුගේ පමණ MIS-C රෝග ලක්ෂණ වාර්තා වී තිබේ.
 
"මෙහිදී මූලිකම කාරණය තමයි තමන්ගේ දරුවාට කොවිඩ් තිබුණාද නැද්ද කියන එක දැන ගැනීම. මේ දවස්වල දරුවන්ට උණක් වැළඳෙනවානම් වහාම පරීක්ෂණයක් කරගන්න. ගොඩක් දෙනෙක් පරීක්ෂා කරගන්නේ නැහැ. එහෙම හරියටම දැනගෙන හිටියාම අපට පුළුවන් MIS-C රෝග ලක්ෂණ තිබේදැයි ඉතිරි මාස එකාමාර දරුවාව සමීපව නිරීක්ෂණය කරන්න," වෛද්‍යවරයා තවදුරටත් පැවසීය.
 
 
(දැහැමි රණවීර - බීබීසී සිංහල සේවය)
 

 

 

 


 

 
THE LEADER TV 
 
 
විමල්ලා පන්නා ජාතික ආණ්ඩුවකට සුදානම් ! 
 
 
 
 
කෙරවලපිටියෙන් කීයක් ලැබුන ද ?
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...