The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මුනිවර පිටුව : මෙවර මාතෘකාව - පෘථිවිය කියන්නේ එක ම මිනිස් යායක්!

T

The Leader Desk

October 21, 2022 • 8:46 AM

මුනිවර පිටුව : මෙවර මාතෘකාව - පෘථිවිය කියන්නේ එක ම මිනිස් යායක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විරුද්ධව නඩු දාන්නත් ඉල්ලල තියෙනව.
  • මට මගේ කියල රටක් ඇත්තෙත් නැහැ.
  • ඇයි මම මාව හින්දුවරයෙක් විදිහට ප්‍රකාශ කරගන්නේ නැත්තේ?
  • එහෙම ගොඩ එන්න විදිහක් ඇත්තේ ම නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

විරුද්ධව නඩු දාන්නත් ඉල්ලල තියෙනව.


එයා හරි! ආණ්ඩුව එයා කියන දේ ගැන අවධානය යොමු කළ යුතුයි.


මාව මේ රටේ ද්‍රෝහියෙක් විදිහට හඳුන්වන්න පුළුවන්.


මොකද මම කොහෙත් ම රටක් විශ්වාස කරන්නේ නැහැ.


මට මගේ කියල රටක් ඇත්තෙත් නැහැ.


ඒ හින්ද කිසි ම රටක් මගේ විදේශ රටක් නෙවෙයි.


මට දැනෙන්නේ මේ මුළු පෘථිවිය ම මගේ කියල.


මේක කියපු සන්‍යාසියා හින්දු ආන්තිකයෙක්. එයා හිත කරදර කරගෙන ඉන්නව වෙන්න ඕනි.


ඇයි මම මාව හින්දුවරයෙක් විදිහට ප්‍රකාශ කරගන්නේ නැත්තේ?


ඒ මම කිසි ම සීමා මායිමක් ඔළුවට දාගෙන නැති නිසා.


පන්සල් මගේ, පල්ලිත් මගේ, ගුරුද්වරාස් ස්ථාන පවා මගේ .....

 

මම ජාතිකවාදී-දේශයන් පිළිගන්නේ නැහැ. මගේ විශ්වාසය අනුව නම් මානවීයත්වය කඹුරන්නේ ජාතිකවාදී-දේශයන් හින්ද කියල යි. ජාතිකවාදී-දේශයන් අතුරුදහන් වී යා යුතුයි. ඕනවටත් වඩා ජාතික ගීයන් ගැයුනා. ඕවටත් වඩා ජාතික කොඩි ලෙළ දුන්නා. මේ පෘථිවි තලය මත ඕනවටත් වඩා මුග්ධකම් සිද්ධවෙලා තියෙනව.

 

මේ හොැඳට ම ඇති.


මනුෂ්‍යායාගේ ඒකීයභාවය පිළිගන්න!


දැන් තියෙන්නේ එක පෘථිවියක් විතරයි.


ඉන්නේ එක මනුස්ස වර්ගයක් විතරයි.


මේ ජාතික ආණ්ඩු පිටමංවෙලා යා යුතුයි. මෙයාලා පිටමංවෙලා යනකම් ම මනුස්සයාගේ ගැටළු නිරාකරණය කරගන්න වෙන්නේ නැහැ. මොකද දැන් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න, ජාතිකත්වයට වඩා ලොකුයි. දැන් මනුස්සයින්ට තියෙන ප්‍රශ්න පවතින්නේ ජාතික දේශ සීමා ඉක්මවා ගිහින්.

 

 111412131 82125857 37b2 4c5d 8659 d3c855972317


උදාහරණයකක් ගත්තොත්, බලන්න දැන් ඉන්දියාව හරි ම දුප්පත්. තමංගේ ම වෑයම් කිරීම් වලින් විතරක් ඉන්දියාවට ගොඩ එන්නට බැහැ. එහෙම ගොඩ එන්න විදිහක් ඇත්තේ ම නැහැ. ඉන්දියාවට දුප්පත්කමෙන් ගොඩ එන්නට පුළුවන් වෙන්නේ, ඉන්දියාවට මානවීයත්වය සමගින් අන්‍යෝන්‍ය සහයෝගීතාවක් ඇතිකර ගත්තොතින් විතරයි. මොකද, මේ වෙනකොට මනුස්ස වර්ගයා ඒ දුගීකම විනාශ කර දමන්නට හැකි තරමේ තාක්ෂණයක් සහ විද්‍යාවක් අත්කරගෙන ඉවරයි.


“අපි අපි ම අපේ දුප්පත්කම කොහොමහරි නැතිකරගන්නං”ය කියමින් ඉන්දියානුවන් මුරණ්ඩු ගතියෙන් ම හිටියොත්, ....

 

ඒත් බලන්න ඔහෙලාම තමයි දුප්පත් කමේ නිර්මාණකරුවන්. ඉතිං ඔහෙලා කොහොම නම් දුප්පත්කම තුරන් කරල දාන්නද? ඔහෙලාගේ තේරුම්ගැනීම පවතින්නේ ම දුප්පත්කම ඇතිකිරීම කියන පදනේම ම යි. ඉතිං ඔහෙලා කොහොම නම් ඒක විනාශ කරලා දමන්නද?

 

බලන්න,


ඔයාලට ඔයාලගේ දොරවල් සියල්ල හැරදමන්නට සිදුවෙනවා ම යි. ඔයාලට ඔයාලගේ මනසවල් ඔයිට වඩා ටිකක් හෝ පුළුල් කරගන්නට වෙනවා ම යි. අනික, මානව වර්ගයාගෙන් උදව් ලබාගන්න වෙනවා ම යි.


ඔයාලටත් පෙරලා දෙන්නට කිසිවක් නැහැ කියනව නෙවෙයි මේ ....  

 
ඔයාලට ලෝකයට දෙන්න මොනව හරි දෙයක් තියෙනව.

 

p021xf3f


ඔයාලට පුළුවනි භාවනාව ලෝකයට දෙන්න.


ඇමෙරිකාවට භාවනාව හොයාගන්න උවමනා වුණොත්, ඇමරිකාවට තමන්ගේ ස්ව-ශක්තියෙන් ඒක හොයාගන්නට බැහැ. ඒක කරගන්න ඇමෙරිකාවට ඔවුන්ගේ ඇස් ඉන්දියාව දිහාවට හරවන්න වෙනව ම යි. අනික එයාලත් දැනුම් තේරුම් ඇති උදවියනේ. දැනටමත් එයාල භාවනාව ඉගෙන ගන්නට නැගෙනහිර දිසාව වෙතට චලනය වෙමිනුයි ඉන්නේ. ඒක එයාලට අසීරු දෙයක් වෙලා නැහැ. එයාලට ඒහෙම කරන එක ගැටළුවක් නෙවෙයි.


යමෙක් බුද්ධිමත්ය කියන එක් සඥාවක් තමයි, එයාට අවශ්‍ය දේ තියෙන තැනකින් ගන්නට පුළුවන් වීමේ විවෘතභාවය තිබීම.


මේ මුළු පෘථිවිය ම අපගේ යි!


ඒ පෘථිවිය කොටස්වලට කඩල අපි බාධාවන් ඇති කරගෙන තියෙනව.

 

ජාතිකත්වයන් අහෝසි කළොත්, අද වෙනකොට මිනිසුන්ට අවශ්‍ය තරම්වන උපකරණ නිර්මාණය වෙලයි පවතින්නේ, ගැටළු විසඳගන්න. ජාතීන් අහෝසිවෙලා ගිහින් මිනිසුන් හැමෝට ම මේ සියළු උපකරණ භාවිතා කරගන්න පුළුවන් උණොත්, ඒකෙන් හැම ගැටළුවක් ම වාගේ තුරන් කරලා දාගන්න පුළුවන්. මුළු මිනිස් වර්ගයා ම එකට එකතු වී වෑයමින් යුතුව පරිශ්‍රමයක් දැරුවොත්, අන්න එතකොට පෘථිවිය මත කිසිදු ගැටළුවක් පවතින්න කිසිදු හේතුවක් ඇතිවන්නේ නැහැ.

 

ඒත් පරණ පුරුදු තවමත් පවතිනවා.


“අපේ රට” සහ “හින්දුස්ථානය ලෝකයටම වඩා හොඳයි” වගේ ආකල්ප පවතිනව.


මේ වගේ තකතීරුකම් අනික් රටවලත් පවතිනව. එයාලට තියෙන්නෙත් මීට සමාන ම අදහසක්.


අර්බුද හටගන්නේ මෙන්න මේ වගේ මමත්වයන් හින්ද යි.


ඉතින් මේ වගේ අර්බුද නැතිනම් හින්දා, ජාතික සීමාවන් හින්දා මිනිස්සු යුද්ධ කරන්නට තම ජනක-ශක්තිය වැයකරන්නට පෙළඹිලා තියෙනව.


ලෝකය පුරා යුද්ධයට අවශ්‍ය කලමණා සහ අඩුම-කුඩුම අතිමහත් ප්‍රමාණයක් මේ වෙනකොටත් එකතුකරගෙන හමාරයි, කියල ඔයාලට කිව්වොත්, සමහරවිට ඔයාලට පුදුමත් හිතේවි. විශේයෙන් රුසියාව සහ ඇමෙරිකාව මේ විදිහට එකතු කරගනෙයි ඉන්නේ.  මේ තියෙන යුධ උපකරණ සහ ආම්පන්න හැම එක් එක් මිනිසෙකුව වෙන වෙන ම දහස්වාරයක් මරන්න තරම් සෑහෙනව.


දන්නවද, අපිට තියෙන යුධ උපකරණ පෘථිවි දාහක් විනාශකරන්න තරම් සෑහෙනව.


ඒත් තියෙන්නේ එක පෘථිවියක් විතරයි!


ඒත් තවමත් යුධ ආම්පන්න ගොඩගැහීම එලෙස ම කෙරෙමින් පවතිනව.

 

84e5a50d29add4ef8a08e23e0c043308a06efef1


අදින් ඉදිරියට එන මොනයම් හෝ දවසක, එක දේශපාලකයෙකුගේ මෝඩකමක් ඉස්මතු වුණොතින්, මුළු පෘථිවිය ම දූවිලි ගොඩක් බවට පත්වෙන්නට ඉඩ තියෙනව.


එහෙම වුණොත් මුළු පෘථිවිය ම අළු ගොඩක් බවට පත්වේවි!


(භගවාන් ශ්‍රී රාජිනීෂ්)


පරිවර්තනය - අරවින්ද
indikaaravinda@gmail.com

 

මුනිවර පිටුව වෙනත් ලිපි

 

මුනිවර පිටුව : 'නායකයෙක් නොවන නායකයා'

මුනිවර පිටුව : පරණකම්, අලුත්කම් සහ ගොංකම්

මුනිවර පිටුව : ශරීරයට ඉඩදෙනව ද, නැත්තං හිතට වහල් වෙනවද?

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...