The Leader News
BREAKING
විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●
Top Ad
විශේෂාංග

නීරෝ ගේ නිදහසේ වීණාව වයමුද? - (මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

April 13, 2023 • 6:19 PM

නීරෝ ගේ නිදහසේ වීණාව වයමුද? - (මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔබට පෙනෙන දෙය කියා ඔබ සිතුවද ඔබ ඇත්තටම දකින්නේ මායා පටලයකි.
  • ඒ කඩතුරාව පිටුපස ඔබ දැකිය යුතුම දෙය එම කඩතුරාවෙන් වැසී ඇත.'' - සෙනෙකා නිකමටවත් 'සෙනෙකා' ගේ කියමන ගැන අප සිතා බලා විමසා තිබේද?
  • සැබැවින්ම 'නැත' කියා අපගේ හෘදය සාක‍ෂිය අපිට කියා දෙනු ඇත.
  • එහෙත් ඇත්තටම අප ගිනිකන්දක් මුදුනේ සිට අයිස්ක්‍රීම් කන්නන් බවට පත්ව ඇති බව යමෙකු කිවහොත් ''අනේ පලයං බං යන්න'' යැයි කීමට ඔබට අයිතියක් ඇතත් ඒ අයිතියට අපේ හෘද සාක්ෂියෙන්ම බැට දෙන හඬ අපට නිරතුරුවම ඇසෙන වග නොකියා නොහැක්කේමය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔබට පෙනෙන දෙය කියා ඔබ සිතුවද ඔබ ඇත්තටම දකින්නේ මායා පටලයකි. ඒ මායා පටලය කඩතුරාවකි. ඒ කඩතුරාව පිටුපස ඔබ දැකිය යුතුම දෙය එම කඩතුරාවෙන් වැසී ඇත.'' - සෙනෙකා

නිකමටවත් 'සෙනෙකා' ගේ කියමන ගැන අප සිතා බලා විමසා තිබේද? සැබැවින්ම 'නැත' කියා අපගේ හෘදය සාක‍ෂිය අපිට කියා දෙනු ඇත.

'නැම්බියාව' ට පමණක් දෙවැනි වූ බංකොලොත් රටක අප නිදහසේ වීණාව වාදනය කරමින් සතුටු වෙමු. එහෙත් ඇත්තටම අප ගිනිකන්දක් මුදුනේ සිට අයිස්ක්‍රීම් කන්නන් බවට පත්ව ඇති බව යමෙකු කිවහොත් ''අනේ පලයං බං යන්න'' යැයි කීමට ඔබට අයිතියක් ඇතත් ඒ අයිතියට අපේ හෘද සාක්ෂියෙන්ම බැට දෙන හඬ අපට නිරතුරුවම ඇසෙන වග නොකියා නොහැක්කේමය.

නිතර දෙවේලේ අපට රූප පෙට්ටියෙන් පෙනෙන පුවත් ආවරණයක් තුළ අප දකින්නේ බිත්තර මිල ගැන සහ ගොවියන්ගේ පොහොර අර්බුදයෙන් නැගෙන අදොනාවයි.

එහෙමත් නැතිනම් වන අලියන් ගම්වැදී අසරණ ගම්මුන්ගේ වගා පාලූ කරන වින්නැහියයි.

ඊටත් අමතරව දේශපාලනඥයින්ග් වොයිස් කට්ය.

එහෙමත් නැතිනම් බාලගිරි දෝෂය ලෙස හෙට දවසට කල්යන IMF ණය කන්දරාවය.

IMF ණය ලැබුණු විට අප රට සුඛිත මුදිත වේයැයි හැඟවෙන අන්දමේ කැරට් අල වැස්සකට තෙමෙමින් අප සාගින්දර දෝරේ ගලා යාම වළක්වන්නට උපේක්ෂාවේ ඇබය ගසමින් සැනසෙන්නන් බවට පත්වෙමින් සිටිමු.



බංකොලොත් රටක නිදහසේ ප්‍රීතිය භුක්ති විදින්නට පෙළගැසී පස්වනක් ප්‍රීතියෙන් ඔදවැඩී ගිය දේශාභිමානී දේශප්‍රේමී ගීත ගායනා කරමින් ජාතියේ මර ගී හඬ යටපත් කරමින් සිටින අපට සිදුවෙමින් පවතින නස්පැත්තියේ තරම තවමත් දැනී නැත්තේය.



මැතිසබයේ 225 ම දඬු කඳේ ගහන තරමට ආඩපාලි කියන ජනතාවගේ වොයිස් කට් නිතර දෙවේලේ රූප පෙට්ටියෙන් පිරී ඉතිරී දෝරේ ගලා යන විටදී මේ රටේ සියළු දේශපාලනඥයින් දිය රත්වෙමින් තිඛෙන කකුළු හැලියේ බාල් නටන කකුළුවන් ලෙස රඟමින් බාලගිරි දෝෂය අද නෙමේ හෙට යැයි කියති.

පිරිසක් මුනුත් එකයි උනුත් එකයි කියන විට තවත් පිරිසක් මුනුත් එකයි උනුත් එකයි, කියන උනුත් එකයි කියති.

සියල්ලෝම එකිනෙකාට වහසි බස් දොඩවමින් කටේ හිරි ඇරගන්නා අතරේ රටේ මිනිසුන් වහකන තත්ත්වයකට ඇද වැටී ඇත්තේය.

අපේ රටේ සිද්ධ වූ නස්පැත්තිය වෙනත් ශිෂ්ට රටක සිද්ධ වුනි නම් වළෙන් ගොඩ ඒමට සියල්ලෝම අත්වැල් බැඳගනු ඇත. එහෙත් අපේ රටේ සිද්ධ වෙන්නේ එය නොවේ. වළෙන් ගොඩ ඒමට තියා ඒ ගැන නොසිතාම එකිනෙකාට මඩ ගසා ගනිති. සියල්ලෝ අර අඳින්නේ ගොඩ ලොකු කර ගැනීමට මිස ගොඩ ඒමට නොවේ.

දේශපාලනය රටේ ජනතාවට අජුත විෂයයක් බවට පත්ව ඇතත් ඔවුන්ද හරි විසඳුම් සොයන නායකයන් සොයායමින් නායකයින් පසුපස යති.

ජීවත්වීමට හැකියාවක් නැති අම්මලා දරුවන් වඩාගෙන ගංගාවලට, මුහුදට පනින කාලයක අප නිදහස උත්සව ශ්‍රීයෙන් සැමරීමට සූදානම් වෙමු. ඇත්තටම අපි නිදහස් රටක්ද නිදහස් ජාතියක්ද කියාවත් ඊට අර අදින නායකයෝ නොදන්නේය.



විටින් විට වේදිකා මතට ගෙනැවිත් ලීක්වාන් යූ ලා මහතීර් මහමුද්ලා බෞතිස්ම කරන ලද දේශපාලනඥයින් දැන් විවිධ වේදිකා අටවාගෙන එකිනෙකාට එරෙහිව පක්ෂ කල්ලි කණ්ඩායම් වලට ඛෙදී ලෝකයේ ඇති සියළුම ඡන්ද සලකුණු වලින් සන්නද්ධව ගහන බේගල් වලට සවන් දීමට ජනතාව පොළඹවා ගැනීම සඳහා දේශප්‍රේමී ගොඛෙල්ස්ලා නටවන ආකාරය හාස්‍යජනකය.



සියළුම පක්ෂ ඒකරාශි කර සමුළු පැවැත්වීමට ආරාධනා කරන විටදී ප්‍රතිපක්ෂ මර උගුල්වලට නොවැටී සිටීමට තරම් බුද්ධිමත් භාවයක් පෙන්නුම් කළද ඡන්දය පැවැත්වීම වැළැක්වීම සඳහා විවිධ උප්පරවැට්ටි, අටවමින් කරනු ලබන දේශපාලන සූදුවෙන් ගොඩයාමට නාටකීය ලෙස වේදිකා ගතවේ.

පිරිසක් බලය අත් නොහැරීම සඳහා විවිධ උපාය උපක්‍රම භාවිතා කරමින් සිටියදී තවත් පිරිසක් බලය ලබාගැනීම තකාම එකිනෙකාට මඩ ගසමින් බලය අත් නොහරින්නන්ට වක්‍රව සහාය වෙන බව දක්නට ඇත්තේය.

පුන් සඳ අහසට බරක් වී ඇතැයිද එය කුමන මොහොතක හෝ අහසින් බිමට වැටේවියැයි යන සිතින් කංකෙදිරිගාමින් පුන්සද අටවක සඳ වූයේ නම් අහසට බරක් නොවී සඳ නොවැටී තිඛෙනු ඇතැයි කියා සිතන්නන්ද එමට සිටින බැවින් අපට සිදුවී ඇත්තේ ෂඵත‍ ණය කුමන මොහොතක හෝ එනතුරු කටබලියාගෙන සිටීම පමණෙකි.



කොළ, නිල්, රතු , කහ මොන පාටින් ආවත් ජනතාවට සෙතක් නැත. අපි හම්බුකරගත්තොත් අපි කනවා යැයි සිතන ජන කොටසක් ද ඇති බැවින් උන්ගේ බුද්ධියට අංකුසයෙන් ඇන්නත් ඵලක් නැති වග වැටහෙන නිසාම උකටලීව සිටින බුද්ධිමතුන්, විද්වතුන් කොට්ඨාශයක්ද ඇත්තේය.



''සාමා එන්න මල් පිපීදැයි බලන්න'' කියා ආරාධනා කරන්න තවමත් කල් වැඩි වී ඇත්තේ IMF ණය කන්දරාවෙන් අපේ රට තවමත් සුඛිත මුදිත වී නැති නිසාය.

එහෙත් ජනතාව මේ සියළුම පක්ෂ දඬුකඳේ ගසන එක දවසක් උදාවනතුරු බලා සිටින්නේ එම පක්ෂ කිසිදාක හරි හමන් පාඩමක් ඉගෙන ගන්නේ නැති නිසා බවද නොකියා නොහැක්කේමය.

mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...