The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

Netflixහි හැරී සහ මේගන්: 'මම මගේ බිරිඳ එක්ක එකතුවෙන්න හැමදේම කැප කළා'

T

The Leader Desk

December 12, 2022 • 4:41 PM

Netflixහි හැරී සහ මේගන්: 'මම මගේ බිරිඳ එක්ක එකතුවෙන්න හැමදේම කැප කළා'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාධ්‍යවල අයහපත් සැලකිල්ලට භාජනයවීම "පවුලට එක්වීමේ චාරිත්‍රයක්" වැනියැ යි පවුලේ ඇතැම් සාමාජිකයින් සිතූබව හැරී පැවසීය - නමුත්, "වෙනස තියෙන්නේ ජාතිය කියන කාරණාවෙ," ඔහු කියා සිටියේ ය.
  • වාර්තා චිත්‍රපටයේ අඩංගු ප්‍රකාශයන්ට බකිංහැම් මාලිගය තවමත් ප්‍රතිචාර දක්වා නැති අතර, පළමු කථාංගය ආරම්භයේ දී Netflix පවසන්නේ රාජකීය පවුලේ සාමාජිකයින් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළබව ය.
  • යුවළ සහ ඔවුන්ගේ මිතුරන් සමග සිදුකළ සම්මුඛ සාකච්ඡා මෙන්ම වීඩියෝ දිනපොතක් ද ඇතුළත් බ්‍රහස්පතින්දා නිකුත් කරන ලද කථාංගයන්, යුවළ හා ටැබ්ලොයිඩ් පුවත්පත් අතර වූ අයහපත් සම්බන්ධය සහ මේගන් අළලා ලියැවුණු ජාතිවාදී ප්‍රවෘත්තිවලට රාජකීය පවුල දැක්වූ ප්‍රතිචාරය ඇතුළු මාතෘකා ගණනාවක් ආවරණය කරයි.
  • "මාලිගාවෙන් දුන් මඟපෙන්වීම වුණේ කිසිම දෙයක් කියන්න එපා කියන එක," හැරී පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

netfix


මාධ්‍යවල අයහපත් සැලකිල්ලට භාජනයවීම "පවුලට එක්වීමේ චාරිත්‍රයක්" වැනියැ යි පවුලේ ඇතැම් සාමාජිකයින් සිතූබව හැරී පැවසීය - නමුත්, "වෙනස තියෙන්නේ ජාතිය කියන කාරණාවෙ," ඔහු කියා සිටියේ ය.

"Harry & Meghan" නම් කොටස් හයකින් යුත් කතා මාලාවේ පළමු කථාංගයන් තුන ඉකුත් බ්‍රහස්පතින්දා නිකුත් කෙරිණි.

ඒ හරහා යුවළ රාජකීය පවුලේ ජීවිතය, මාධ්‍යවල අතපෙවීම් සහ ජාතිවාදය ගැන කතා කරති.

zcs


වාර්තා චිත්‍රපටයේ අඩංගු ප්‍රකාශයන්ට බකිංහැම් මාලිගය තවමත් ප්‍රතිචාර දක්වා නැති අතර, පළමු කථාංගය ආරම්භයේ දී Netflix පවසන්නේ රාජකීය පවුලේ සාමාජිකයින් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළබව ය.

යුවළ සහ ඔවුන්ගේ මිතුරන් සමග සිදුකළ සම්මුඛ සාකච්ඡා මෙන්ම වීඩියෝ දිනපොතක් ද ඇතුළත් බ්‍රහස්පතින්දා නිකුත් කරන ලද කථාංගයන්, යුවළ හා ටැබ්ලොයිඩ් පුවත්පත් අතර වූ අයහපත් සම්බන්ධය සහ මේගන් අළලා ලියැවුණු ජාතිවාදී ප්‍රවෘත්තිවලට රාජකීය පවුල දැක්වූ ප්‍රතිචාරය ඇතුළු මාතෘකා ගණනාවක් ආවරණය කරයි.

"මාලිගාවෙන් දුන් මඟපෙන්වීම වුණේ කිසිම දෙයක් කියන්න එපා කියන එක," හැරී පවසයි. "නමුත් මිනිස්සු තේරුම්ගන්න ඕන කාරණාව තමයි, පවුලේ වැඩිදෙනා සම්බන්ධයෙන් ගත්තොත්, ඇයට [මේගන්ට] විඳවන්න සිද්ධවුණු හැම දෙයක්ම ඒ අයටත් විඳවන්න සිද්ධවෙලා තිබුණා."

"ඉතින් ඒක හරියට [රජ] පවුලට එක්වීමේ චාරිත්‍රයක් වගේ, ඉතින් පවුලේ සමහරු ඇහුවා 'මගේ වයිෆ්ටත් ඔය දේවල්ම විඳින්න සිද්ධවුණා, ඉතින් ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට විතරක් වෙනස් විදියකට සලකන්න ඕන මොක ද? ඔයාට විශේෂ සැලකිලි ලැබෙන්න ඕනෙ ඇයි? ඇයි ඇයව ආරක්ෂා කරන්න ඕනෙ?' වගේ දේවල්."

"මම කිව්වා 'වෙනස තියෙන්නේ ජාතිය කියන කාරණාවෙ' කියලා."

zdfe

රාජකීය පවුල තුළ "මහා පරිමාණයේ අවිඥානික පක්ෂග්‍රාහීත්වයක්" පවතිනබව පවසන ඔහු, "ඇත්ත වශයෙන්ම ඒක කාගෙවත් වරදක් නෙවෙයි. නමුත් [කවුරුන් හෝ] ඒක පෙන්වා දුන්නට පස්සේ හරි, ඒක තමන් තුළ තියෙනවා කියලා හඳුනාගත්තට පස්සේ හරි ඔබ එය නිවැරදි කරන්න ඕන," යි ද පැවසීය.

සිංහාසනයට උරුමකම් කියන පිළිවෙලේ පස්වන ස්ථානයේ පසුවන කුමරා පවසන්නේ තම දරුවන් මිශ්‍ර ජාතියකවීම ගැන තමා සැබවින්ම ආඩම්බර වනබවත්, එනිසා "ලෝකය ඔවුන්ට වඩාත් යහපත් තැනක්බවට පත්කරන්න" ඔහුට අවශ්‍යබවත් ය.

"නමුත්, අපි දෙන්නට ඒ හා සමානවම වැදගත්ම දේ තමයි, ඇතැම්විට අපේ දෙමාපියන් සිද්ධකළ වැරදි නැවත නොකරන්න වග බලාගන්න එක."

මෙම යුවළ අනෙකුත් රාජකීයයන් හමුවීම ගැන ද කතා කළ අතර, ප්‍රසිද්ධියේ පෙනී නොසිටින අවස්ථාවන්හි පවා රාජකීයයන් සිය චාරිත්‍රානුකූලභාවය "පවත්වා ගැනීම" තම පුදුමයට පත්කළ කරුණක්බව මේගන් ප්‍රකාශ කළා ය.

"විල් සහ කේට් අපේ ගෙදර පැමිණි අවස්ථාවේ - මට ඈව පළමු වතාවට මුණගැහුණේ එදා. ඔවුන් රාත්‍රී ආහාරය සඳහා යි පැමිණියේ. මට මතකයි මම එදා ඉරුණා වගේ පේන්න හදපු ඩෙනිමක් ඇඳලා, පාවහන් නැතුව හිටියේ. මම සාමාන්‍යයෙන් හැමෝවම වැළඳගන්න කෙනෙක්. මම හැමදාමත් එහෙම යි. මම එදා එහෙම කළේ නෑ.බොහෝ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ඇත්තෙන්ම ඒක කරදරයක්බව මම දැනගෙන හිටියෙ නැහැ."

"මම හිතන්නේ මම ඉතාම ඉක්මනින් තේරුම්ගන්න පටන්ගත්තා ඔවුන් පිටතින් පෙන්වන චාරිත්‍රානුකූල විධිමත්භාවය ඔවුන්ගේ ඇතුළාන්තය හරහාත් යනබව."
ආදිපාදවරිය සහ ආදිපාදවරිය, පළමු කථාංගයේ වේලාවෙන් වැඩි කොටසක් සිය සබඳතාව ගැන කතාකිරීමට යොදාගත්හ - ඔවුන් Instagramහි මිතුරෙකු හරහා මුණගැසුණු ආකාරය සහ ඔවුන්ගේ පළමු පෙම් හමුව සඳහා ලන්ඩන්හි සෝහෝ ප්‍රදේශයේ දී මත්පැන් පානය සඳහා මුණගැසුණු ආකාරය ආදී සිදුවීම් ඊට ඇතුළත්විය.

හැරී එය විස්තර කරන්නේ "විශිෂ්ට ආදර කතාවක්" ලෙස ය. "මම හිතන්නේ පවුලේ ගොඩදෙනෙකුට, විශේෂයෙන්ම පිරිමින්ට, ඔවුන් එක්ක විවාහවෙන්න නියමිත කෙනා නොව, අච්චුවට ගැලපෙන කෙනෙක් එක්ක විවාහවෙන්න පෙළඹවීමක් හෝ තදබල උනන්දුවක් ඇතිවෙන්න පුළුවන්," ඔහු වැඩිදුරටත් පැවසීය.

"ඔබේ මොළයෙන් තීරණ ගැනීම සහ හදවතින් තීරණ ගැනීම අතර වෙනස මේ. මගේ අම්මා නිසැකවම ඇගේ සියලු තීරණ නෙවෙයි නම්, බොහෝ තීරණ ගත්තේ ඇගේ හදවතින්. මම මගේ අම්මාගේ පුතා."

ඔහු තවදුරටත් මෙසේ ද කියයි: "ඇය (මේගන්) ඇය දන්නා සෑම දෙයක්ම, ඇයට තිබූ නිදහස, මා එක්ක මගේ ලෝකෙට එකතුවෙන්න කැප කළා. ඉන්පසු ඉතා ඉක්මනින්ම මම ඇගේ ලෝකෙ ඇය හා එක්වෙන්න මා දන්නා සියල්ල කැප කළා."

හැරී කුමරු කතා මාලාවේ දී මෙසේ ද කියයි: "මට තියෙන වැඩේ තමයි මගේ පවුල සුරක්ෂිතව තබාගන්න එක. නමුත් මේ වගේ තත්ත්වයකට උපදින එකේ ස්වභාවය ... ඒ වගේම, පසුගිය වසර තුන තුළ විශේෂයෙන් මගේ බිරිඳට සහ මගේ පුතාට එරෙහිව ඇවිළුණු වෛරයේ මට්ටම නිසා මම සාමාන්‍යයෙන් මගේ පවුලේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා."

රාජකීයයෙකු ලෙස, "අපගේ මාධ්‍ය තුළ සිදුවන මෙම සූරාකෑම සහ අල්ලස් ගැනීම හෙළිදරව් කිරීම [තමාගේ] යුතුකම" බව ආදිපාදවරයා වැඩිදුරටත් පවසයි.


vjh

කතා මාලාවේ වෙනත් අවස්ථාවල දී:

# හැරී රාජකීය වාර්තාකරුවන්ගෙන් සැදුම්ලත් මාධ්‍ය කණ්ඩායම හඳුන්වන්නේ, "ඇත්තෙන්ම රාජකීය පවුලේ මහජන සබඳතා අංශයේ දිගුවක්. [එය] වසර 30කට වැඩි කලක් තිස්සේ පවතින ගිවිසුමක්" යනුවෙනි. තමා විඳි කම්පනය, මාධ්‍ය විසින් සිය "පාලනය සඳහාවූ ආඛ්‍යානය" ලෙසය දකිතැ යි තමා විශ්වාස කරනබව ඔහු පවසයි.

# තුන්වන කථාංගයේ දී, මේගන් ඔවුන්ගේ විවාහ ගිවිසගැනීමේ සමය "සංවිධානය කළ රියැලිටි වැඩසටහනක්" ලෙස හඳුන්වන අතර, මිෂාල් හුසේන් සමග ඇය පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව "පුහුණු කළ එකක්යැ"යි පවසයි.

# තම පවුල මේගන් මුලින්ම හමුවූ විට ඇය ගැන "ඇදහිය නොහැකි තරම් පැහැදීමක්" ඇතිකර ගත්බව හැරී පවසයි. "නමුත්, මුල දී අන් සියල්ලට වඩා ඔවුන්ගේ විනිශ්චයට බලපෑම් කළේ මම ඇමරිකානු නිළියක් සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වමින් සිටිනවා කියන එක යි".

# ආදිපාදවරයා මේගන් සහ ඩයනා කුමරිය සංසන්දනය කරමින් මෙසේ පවසයි: "මේගන් කවුද කියන එක, කොහොමද හැසිරෙන්නේ කියන එක බොහෝදුරට මගේ අම්මාට සමාන යි. මේගන් අම්මා වගේම අනුකම්පාසහගත යි, ඒ වගේම සානුකම්පිත යි, ආත්ම විශ්වාසයෙන් යුතු යි. ඇය වටා උණුසුමක් තියෙනවා".
ඩයනා කුමරියගේ පැනොරාමා සම්මුඛ සාකච්ඡාව වෙන්කර ගැනුනේ රැවටීමක් හරහා වුව ද, ඔහුගේ මව "ඇගේ අත්දැකීම පිළිබඳ සත්‍යය කතාකළ"බව හැරී පවසයි.

# ආදිපාදවරියගේ මව ඩෝරියා රග්ලන්ඩ් ද ඇතැම් ටැබ්ලොයිඩ් ප්‍රවෘත්ති ආවරණයන් ගැන කතා කරයි: "ඔවුන් ස්කිඩ් රෝවල [එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස්හි දිළිඳු ප්‍රදේශයක්] එක එක පැතිවල පින්තූර අරගෙන, මම ජීවත්වුණේ එහෙ, ඇය පැමිණෙන්නේ ඒ ප්‍රදේශයෙන් කියලා කිව්වා".

# සාදයකට නාසි නිල ඇඳුමක් ඇඳීම ඔහුගේ ජීවිතයේ සිදුකළ "ලොකුම වැරැද්දක්" බව හැරී පවසයි.


බොහෝදෙනා උනන්දුවෙන් අපේක්ෂා කළ කතා මාලාව දෙසැම්බර් 15 වන දා ග්‍රිනිච් මධ්‍යයන වේලාවෙන් 08:00ට එහි අවසාන කථාංග ත්‍රිත්වයෙන් අවසන්වනු ඇත. ඒ අළලා මෙම සතිය මුල දී නිකුත්වූ පූර්ව ප්‍රචාරක පට දෙකක් නොමඟ යවන අන්දමට දර්ශන සහ ඡායාරූප භාවිතා කරතැ යි මතභේදයට ලක්විය.

පූර්ව ප්‍රචාරක පටවල දී, හැරී කුමරු සහ මේගන් රාජකීය පවුල විසින් කොන්වීම සහ මාධ්‍ය විසින් දඩයමට ලක්වීම ගැන කතාබහ කරන විට සංරක්ෂිත දර්ශන සහ පින්තූර පෙන්නුම් කරන ලදී - නමුත් අවම වශයෙන් එවැනි පින්තූර තුනක්වත් යුවළට කිසිදු සම්බන්ධයක් නැති සිදුවීම්වලින් ලබාගෙන ඇතැ යි විශ්වාස කෙරේ. Netflix, සහ සසෙක්ස්වරුන්ගේ නිෂ්පාදන සමාගම වන Archewell මේ ගැන අදහස් දක්වා නැත.

අඟහරුවාදා හැරී කුමරු සහ මේගන් වාර්තාකරුවන්ගේ අපහසුව දනවන ප්‍රශ්නවලට මුහුණදුන්හ: ඔවුන් මානව හිමිකම් සම්මානයක් ලබාගැනීම සඳහා නිව්යෝර්ක්හි උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ දී "ඔබ පවුලට වඩා මුදලට තැන දෙනවා ද?" සහ "ඔබ ඔබේ පවුලට හානි කරනවා ද, හැරී?" වැනි ප්‍රශ්න ඉදිරිපත්විය.

රාජකීය යුවළ 2020 මාර්තු මාසයේ දී ජ්‍යෙෂ්ඨ රාජකීයයන්ගේ රාජකාරිවලින් ඉවත්ව, දැන් ඔවුන්ගේ කුඩා දරුවන් දෙදෙනා වන ආචී සහ ලිලිබට් සමග කැලිෆෝනියාවේ ජීවත්වෙති.

ඔවුන් රාජකීය කටයුතුවලින් ඉවත්වූ දා සිට, රාජකීය පවුලේ ජීවිතය පිළිබඳ සම්මුඛ සාකච්ඡා කිහිපයක් ලබාදී තිබේ - ඔවුන් පවුලේ නම් නොකළ සාමාජිකයෙකුට වර්ගවාදය පිළිබඳ චෝදනා එල්ලකළ, සියදිවි නසාගැනීමේ සිතුවිලි තමාට පැමිණ ඇතැ යි මේගන් ප්‍රකාශ කළ පසුගිය වසරේ ඕප්රා සමග සිදුකළ සුප්‍රසිද්ධ සම්මුඛ සාකච්ඡාව ද මීට අයත් ය.

මෙම යුවළ මාධ්‍ය සමග ඔවුන්ට ඇති සම්බන්ධතාව ගැන ද කතාකර තිබේ - තමා ජ්‍යෙෂ්ඨ රාජකීය තනතුරුවලින් ඉවත්වීමට තීරණය කිරීමට හේතුව ලෙස ඔවුන් දොස් පවරන්නේ ටැබ්ලොයිඩ් පුවත්පත්වල වර්ගවාදී ආවරණයන්ට ය.

ඔවුන් සම්මුඛ පරීක්ෂණ වෙන්කර ගැනීම, පොඩ්කාස්ට් නිෂ්පාදනය කිරීම සහ ප්‍රචාරක කටයුතු සිදුකිරීමේ යෙදෙයි. ජනවාරි මාසයේ දී හැරී කුමරුගේ මතක සටහන් Spare නමින් ප්‍රකාශයට පත්කෙරේ.

(උපුටා ගැනීම - BBC සිංහල සේවය)




සබැඳි පුවත් :

NETFLIX කතා දුරදිග යයි ! - හැරීට-මේගන්ට පියාගේ රාජාභිෂේක උලෙළ අහිමි වේ ද ?

 


 The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...