කවිරත්න පැවසුවා ය.
ඇය මෙලෙස පැවසුවේ එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා විසින් සංවිධානය කරතිබූ කොලොන්නාවේ පැවති ජන හමුවක් අමතමිනි.
මතු දැක්වෙන්නේ මන්ත්‍රිණී රෝහිණි කවිරත්න කළ සම්පූර්ණ අදහස් දැක්වීම ය.
ප්‍රායෝගික දැනුම බිංදුවයි
‘‘ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අලුතෙන් ආයතන පහළවක් හදන්න යෝජනා කරනවා. අනෙක් පැත්තෙන් කියනවා, රාජ්‍ය සේවය පුළුල් කිරීම නවත්වනවා කියලා. අලුත් බදවා ගැනීම් අඩු කිරීමට කටයුතු කරනවා කියලා. මේක හරියට ජේවීපී සහ එන්.පී.පී. වගේ. වම් අත කියන්නේ කරන්නේ මොකක්ද කියලා දකුණු අත දන්නේ නෑ. එයාල කියනවා: ජාතික ඉඩම් කවුන්සිලය, ක්වාසි අධිකරණ කවුන්සිලය, ආයෝජන භාරය, ජාතික කර්මාන්ත බුද්ධි මණ්ඩලය, ආනයන අපනයන බැංකුම (එක්සිම් බැංකුව) ක් පවා හදනවා කියලා. රටේ විදේශ විනිමය තියෙන්නේ ඩොලර් බිලියන පහයි. ආයෝජනය කරන්න නෙවෙයි, ණය, පොලිය ගෙවන්න මුදල් හොයාගන්න එක තමයි තියෙන අභියෝගය.
සිංගප්පුරුව, කටාර්, සෞදිය, ඩුබායි වගේ රටවල්වල අතිරික්ත ධනය විදේශයන්හි ආයෝජනය කරන්න හදලා තියෙන ව්‍යුහය ලංකාවට ගේනවා. අපිට ණය දෙන චීනයේ, කොරියාවේ ආනයන අපනයන බැංකුව වගේ (එක්සිම් බැංකුවක්) හදනවා ලූ. මේක තමයි නියම කෑල්ල. අපි චීනයේ, ජපානයේ, ඉන්දියාවේ බැංකුවලට යනවා ණය ගන්න. මූල ධනයක් නැතුව බැංකු හදන්න පුළුවන්ද? ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඔවුන් රාජ්‍ය පාලනය ගැන පොතේ දැනුම මිසක් කිසිම ප්‍රායෝගික දැනුමක් නැති බව ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියෙනවා. පෙන්නලා දීලා තියෙනවා.
තඹුත්තේගම දෙවන ගෝඨාභයටත් රැවටෙනවා ද?
හැම කිලෝ මීටර් දෙකකට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් හදන්න ලංකාවේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන කීයක් හදන්න ඕනි ද? දැනටමත් ලංකාවේ තිබුණ දිවා සුරැකුම් මධ්‍යස්ථාන දරුවෝ නැතිව වැසෙමින් පවතිනවා. හැම කිලෝ මීටර් තුනකට පාසලක් හදන්න නම් ලංකාවේ අලුතෙන් පාසල් කීයක් හදන්න අවශ්‍ය ද? ලංකාවේ ජනගහනය අඩු වෙමින් යනවා. මිය යන සහ විදේශගතවන ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් තමයි අලුත් දරු උපත් සිදු වෙන්නේ. ජා ජ බ කියන විදියට මේ හදන පාසල්වලට අලුතෙන් දරුවෝ හදන ව්‍යාපෘතියකුත් හදන්න වෙනවා. මේ ලැයිස්තුව හදලා තියෙන්නේ සමස්තයක් විදිහට රට ගැන කිසිම අවබෝධයක් නැතිව, රාජ්‍යකරණය ගැන කිසිම අවබෝධයක් නැති හුදෙකලා ආචාර්ය මහාචාර්ය සෙට් එකක්.
මේ කියන දේවල් කළොත් රට ආය බංකොලොත් වෙන එක වළක්වන්නට බෑ. මේ යෝජනා දෙකට විතරක් අවම වශයෙන් රුපියල් බිලියන තුනක් අලුතෙන් අවශ්‍යයි. මේ මුදල් හොයා ගන්නේ කොතැනින් ද? කියලා අහන අහන වතාවට ඒ අය කියන්නේ ඡන්දේ දීලා බලන්න. අපි කරලා පෙන්නනම් කියලා. ඔහොම කියපු හාදයෙක් දෙදහස් දහනමයෙත් හිටියා; ගෝඨාභය රාජපක්ෂ කියලා. එයාගෙන් ආර්ථිකය ගැන ප්‍රශ්න අහනකොට කිව්වේ ‘මගෙන් විතරක් නෙවෙයි, අනික් අයගෙනුත් ප්‍රශ්න අහන්නකෝ...’ කියලා. ආණ්ඩු කරන්න දක්ෂයෝ නැති තැනක සම්පූර්ණයෙන් රට බිඳෙනවා. මතකනේ ගෝඨාභය නිසා වෙච්ච දේ? එක සැරයක් මැදමුලනේ ගෝඨාබයට රැවටුණා. ආයෙත් සැරයක් තඹුත්තේගම දෙවන ගෝඨාභය ට රැවටෙනවා ද?
‘කපුටාස් හිට් ද ප්ලේන්’ අංක දෙක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ‘ණය ප්‍රතිව්‍යහගතකරණය කරන්න කරන සාකච්ඡා’ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. භාරකාර ආණ්ඩුව මොකක්ද, ඒක කරන්න කොහොමද කියලා නොදන්න සුනිල් හඳුන්නෙත්ති තමයි එයලගේ මුදල් ඇමති. මන්ත්‍රී විජිත හේරත්ලා ගිහිල්ලා කරන සාකච්ඡා ගැන හිතන කොටත් හිනා යනවා. ‘කපුටාස් හිට් ද ප්ලේන් දෙක’ තමයි. අනික් කතාව- මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොලී අනුපාත ආණ්ඩුව මැදිහත්වෙලා වෙනස් කරන්න කතා කරනවා. වෙන වචනවලින් කිව්වොත් සල්ලි අච්චු ගහන්න යෝජනා කරනවා.
මහ බැංකුව පටන් ගත්ත දවසේ ඉඳන් දෙදහස් දහනමය දක්වා සල්ලි අච්චු ගහපු ප්‍රමාණය වගේ අසූ ගුණයක් ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල් අච්චු ගැහුවා. ඒ නිසා තමයි බඩු මිල රොකට් වගේ උඩ ගියේ. මතකනේ මාස දෙකට සන්ලයිට් කෑල්ල දෙගුණයකින් වැඩි වුණා. කිරිපිටි පැකට් එක තුන් ගණයකින් වැඩි වුණා. ආයෙත් ඒ තැනට යන්න බෑ. එක සැරයක් මැදමුලනේ ගෝඨාභයට රැවටිලා පාඩමක් ඉගෙන ගත්තා. ආය සැරයක් තඹුත්තේගම දෛවන ගෝඨාභයට රැවටෙන්නේ නැතුව වැඩ කරන්න පුළුවන් පිරිසක් පාලකයින් බවට පත් කර ගත යුතුයි.’’
වම් අත කරන දේ දකුණු අත නොදන්නා NPPය - රෝහිණී කවිරත්න
T
The Leader Desk
September 1, 2024 • 2:32 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ජාතික ජන බලවේගය කටයුතු කරන්නේ වම් අත කරන කියන දෑ දකුණු අත නොදන්නා පිළිවෙළට බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝහිණී
- ප්‍රායෝගික දැනුම බිංදුවයි ‘‘ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අලුතෙන් ආයතන පහළවක් හදන්න යෝජනා කරනවා.
- මේ කියන දේවල් කළොත් රට ආය බංකොලොත් වෙන එක වළක්වන්නට බෑ.
- අනික් කතාව- මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොලී අනුපාත ආණ්ඩුව මැදිහත්වෙලා වෙනස් කරන්න කතා කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


