The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මුනිවර පිටුව (05): ප්‍රීතියෙන් පිරී මරණය හමුවෙන්න!

T

The Leader Desk

November 8, 2022 • 5:58 AM

මුනිවර පිටුව (05): ප්‍රීතියෙන් පිරී මරණය හමුවෙන්න!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නැත්තං අනාගතය ගැන හිත-කරදර-කරගන්න.
  • ඉතින් ඊට පස්සේ හිමින් හිමින් අනාගතය ගැන හිත කරදර කරගන්න එක ඔයාගේ දෙවෙනි ස්වභාවය බවට පත්වෙනව.
  • දැඩි ලෙස ම “දැන්” ජීවත් වෙන්න!
  • ඔයා මේ ගෙවෙන මොහොත පූර්ණ ලෙස සහ ප්‍රීති ප්‍රමෝදෙන් ගත කළහොත්, ඊළඟට එන මොහොතින් මීට වඩා ආශීර්වාදයක්, මීට වඩා ප්‍රීතියක් අරන් එන බව නියත යි.
අකුරු ප්‍රමාණය (Font Size):

නැත්තං අනාගතය ගැන හිත-කරදර-කරගන්න.


ඕෂෝ -
නිතින්,

 

ඔයා දැනං හිටියත් නැතත් ඔයාට හැමවෙලේ ම ඉන්න පුළුවන් දැන් මෙතන විතර ම යි. ඔයා කොහි හිටියත් ඒ ඉන්න තැන පවතින “දැන් මෙතන”ක තමයි ඔයා ඉන්නේ. ඔයාට එකවරකට ලැබෙන්නේ එක දී තිබෙන කාල-අවස්ථාවක් විතරයි. හැම කාලයකට ම තියෙන්නේ එක අවස්ථාවක් විතරයි. අනාගතය ගැන හිත කරදර කරගන්න ගිහිං ඔයා ඒ අවස්ථාව හෙවත් මොහොත අහිමි කරගන්නව. අනාගතය කවදාවත් එන්නේ නැහැ. හැම විටම එන්නේ දැන්-මෙතැනක්. පවතින්නේ එක “දැන්” එකකින් තව “දැන්” එකක් කරා යන ශ්‍රේණියක් විතරයි. අනික් ඔයා හැම වෙලාවෙ ම ජීවත් වෙන්නේ දැන්. අනාගතයක් කියල දෙයක් නැහැ. ඉතිං ඔයා කොහොම නම් අනාගතය ගැන හිත කරදර කරගන්නද?

 

නැති දෙයක් ගැන හිත කරදර කරගෙන වැඩක් නැහැ නේ.


අනාගය ගැන මෙච්චර ම සැලසුම් කරන්නේ සහ හිත කරදර කරගන්නේ ලෝකයේ එහෙම කරගත යුතුයි කියා උපදෙස් දෙන හිතෝපදේශයන් පවතින නිසා. ඉතිං මිනිසා අනාගතය ගැන ආශාවෙමින්, සැලලසුම් කරමින්, හිත කරදර කරගනිමින් ජීවත් වෙනව.


දෙවියන් විසිනුත් දිගින් දිගට ම ඔහුගේ බලාපොරොත්තු සුන් කරමින් පවතිනව.


ඔයාගේ බලාපොරොත්තු සුන්කර දමන්න බලාගෙන ඉන්න දෙවිකෙනෙකු නැහැ.

 

dreaming advantages

 

ඔයාගෙ සැලසුම් කිරීම තුළින් ම ඔයා ඔයාගෙ බලොපොරොත්තු සුන්වීමේ බීජ ද වපුරගන්නවා. ඔයා අනාගතය ගැන හිතකරදර කර ගැනීමෙන් ම වර්තමානය අපතේ යවා ගන්නව.

 

ඉතින් ඊට පස්සේ හිමින් හිමින් අනාගතය ගැන හිත කරදර කරගන්න එක ඔයාගේ දෙවෙනි ස්වභාවය බවට පත්වෙනව. ඉතිං අනාගතය එනකොට, ඒකතච් ඔයා වෙතට එන්නේ වර්තමානය විදිහට ම යි. ඉතිං අනාගතය ගැන හිතකරදර කරගැනීමේ පුරුද්ද නිසා ඔයා ඒ මොහොතත් හිතකරදර කරගනිමින් ම අපතේ යවා ගන්නවා.


ඉතිං මේ විදිහට ඔයා ඔයාගේ මුළු ජීවිත කාලය ම අනාගතය ගැන හිතකරදර කරගනිමින් ඉදිරියට යාවි. ඔයා මේ වැඩේ නවත්තල දාන්නේ මරණය ඇවිත් අනාගතය ගැන තියෙන සියළු සම්භාවිතාවන් ඔයාගෙන් ඩැහැගෙන ගියාට පස්සේ. මේ විදිහට ඔයාට ඔයාගෙ මුළු ජීවිතය ම අතහැරී අහිමිවී යනව. ඔයාට තිබුණෙ ජීවත් වෙන්න! ඒත් ඔයා කළේ ප්ලෑන් ගහ ගහ ඉන්න එක.

 

දැඩි ලෙස ම “දැන්” ජීවත් වෙන්න! මොකද ඊළඟ මොහොත උපදින්නනේ මේ ගෙවෙන මොහොත ම තුළින්ම යි. ඔයා මේ ගෙවෙන මොහොත පූර්ණ ලෙස සහ ප්‍රීති ප්‍රමෝදෙන් ගත කළහොත්, ඊළඟට එන මොහොතින් මීට වඩා ආශීර්වාදයක්, මීට වඩා ප්‍රීතියක් අරන් එන බව නියත යි.

 

දර්ශනවාදය හා සම්බන්ධ මහාචාර්යවරුන් තුන්නෙක් දුම්රියපොළක දී හමුවුණ කතාවක් මං අහල තියෙනව. කෝච්චිය වේදිකාවේ නවත්තලයි තියෙන්නේ. කෝච්චියට යන්න තියෙන්නේ තව මිනිත්තු කිහිපයක් විතරයි. ඒත් මේ මහාචාර්යවරු තුන්දෙනා එතරම්ම වූ සංවාදෙක පැටලිලා හිටපු හින්ද කෝච්චිය ඔවුන් හැරදමා යන්න ගියා. ඊට පස්සෙ කෝච්චිය අද්දපු බව තෙරුම්ගත්තු මේ තුන්දෙන්නා දුවන්න පටන් ගත්තා.


ඉතිං මේ මහාචාර්යවරුන් දෙන්නකුටට ඇතුළ් වෙන්න පුළුවනක් වුණේ අවසන් මැදිරියට. තුන්වෙනි මහාචාර්යවරයාට දුම්රියපළ වේදිකාව උඩ නතර වෙන්න සිද්ධ වුනා. කෝච්චිය යන්න ගියා. එයාගෙ ඇස්වල කඳුළු පිරුණා. මේ සිදුවීම බලන් හිටිය පෝටර් කෙනෙක්. ඔහු මහාචාර්යවරයාගෙන් ඇහුව, “ඇයි ඔයා අඬන්නේ?” කියල. අඩුම ගාණෙ ඔයාගෙ යාළුවන් දෙන්නටවත් කෝච්චියට නැගගන්න පුළුවන් උනානේ. මහාචාර්යවරයා පිළීපිතුරු දෙමින් කිවේ, “ඒක තමයි අවුල, එයාල ආවෙ මාව බලන්න!” දැන් එයාලත් කෝච්චිය ඇතුළට වෙලා අඬනව ඇති.


සමහර වෙලාවල් වලදී පැවැත්ම විසින් මිනිස්සුංවත් විහිළුවට අරගන්නවා. නිතින්, සැලසුම් කරන පුරුද්ද අතහරින්න! අනාගතය ගැන හිතකරදර කරගන්න එක අතාරින්න! හෙටක් ආවොත් ඔයා එහි හිඳීවි. ඔයා ජීවත් වෙන්න ඕනි කොහොමද කියල හරි හැටි දන්නව නම්, ප්‍රීතිප්‍රමොදයෙන්, නැටුමින් ජීවත් වෙන්න. ඔයා දැන් ජීවත් වෙන්න ඕනි කොහොමද කියල ඔයා හරි හැටි දන්නව නම්, ඔයාගෙ හෙට දවසත් නැටුමින් ප්‍රීති ප්‍රමොදෙන් ම පවතීවි.
අනාගතය සැලසුම් කරන්නේ කාළකණ්ණි මිනිස්සු.


එයා එහෙම කරන්නේ එයාලගේ වර්තමානය කාලකණ්ණි නිසා. ඉතිං එයාලට ඒක මගහැරල යන්න ඕනි. ඉතිං එයාට වර්තමානය දකින්නට උවමනාවක් නැහැ. එයා හිතන්නෙ හෙට දවසවල් ගැන. ඉතිං හොඳ දවසක් ඒන්නේ ම නැහැ. එයාට මේ ගෙවෙන මොහොත ලස්සන මොහොතක් කරන්න හැකියාවක් ඇත්තේ නැහැ. හැම දෙයක් ම අනාගයට මාරුකර යවල සහ අනාගතයට බාරදීල, කල්දාල. ඒ කිය්න්නෙ, ඔයා අනාගතය වෙනුවෙන් ජීවත් වෙලා,  ඒක දිගු පුරුද්දක් වුනහම ඒකෙන් ඔයාගේ මුළු ජීවිතයම ඔයා අතින් ගිලිහී යාවි.


ඉතිං ඔයා මගෙන් අහනව හැම වෙලාවෙම “දැන්-මෙතන” ජීවත්වෙන එක කරන්න පුළුවන් දෙයක් ද? කියල.වෙන්න පුළුවන් එකම දේත් ඒක විතරයි.


ඔයාට වෙන කිසි ම තැනක ඉන්නට බැහැ. උත්සහ කරල බලන්න. හෙට දවස තුළ ජීවත් වෙන්න උත්සහ කරල බලන්න. මේ දක්වා කුවුරුත් ඒ වැඩේ ඉටුකරගෙන නැහැ. ඔයාට එන්න තියෙන ඊලඟ මිනිත්තුව තුළටවත් යන්න බැහැ. ඔයා හිතනවද අනාගතය වෙතට පැනල අනාගතය කරා ලඟා වෙන්න පුළුවන් කියල. ඔයා හෙට දවස සැලසුම් කළත්, ඔයා ඒක කරන්නෙත් දැන්-මෙතන සිටිමින් නේ? ඔයා අනාගතය ගැන හිතදර කරගත්තත්, ඔයා ඒක කරන්නේත් දැන්-මෙතන හිඳිමින් නේ? ඔයාට වෙන කිසිම තැනක ඉන්නට බැහැ. ඔයා මොනව කළත් පැවැත්ම විසින් ඔයාට ඉඩ දෙන්නේ මේ ගෙවෙන දැන්-මෙතන ජීවත් වෙන්නට විතරයි.


මට ඔයාට කියන්න පුළුවන් “මම ජීවත් වෙන්නේ දැන්-මෙතන”යි කියල. මමත් උත්සහ කළා මොන විදිහෙන් හරි අනාගයට යන්න. ඒත් එහෙම යන්න විදිහක් ඇත්තේ ම නැහැ. ඔයාට අතීතයට ආපුහු යන්නටත් බැහැ. ඔයාට කාලයේ අනාගතය දිහාවට ඉදිරියට යන්නත් බැහැ. හැමවෙලාවෙම ඔයාගෙ දෑතට හිමිව තියෙන්නේ වර්තමානය විතරයි. ඇත්ත වශයෙන් ම ඔයාට ලැබී තියෙන එක ම කාලය වර්තමානය විතරයි.
“දැන්” කියල කියන්නෙ එතරම්ම වූ අරුත්බර වූ වචනයක්.


fa68db8ffb95053c09bad58c377b51c6 circle of life the circleමොකද ඒ තමයි ඔයාගේ මුළු ජීවිතය ම . ඔයාගේ උපතේ ඉඳන් මරණය දක්වා ඉදිරියට ඇදෙන්නේ “දැන්” යන්න විතරයි. ඉතිං හැමදේකම කාලය වෙන්නේ “දැන්”. වෙන්නට තියෙන එකම අවකාශය වන්නේ “මෙතන” විතරයි. ඔයාට මෙතන හැරෙන්න වෙන කිසි තැනක ඉන්නට බැහැ. ඔයා ඉන්නේ කොතනද ඒ ස්ථානය ඔයාගේ “මෙතන” බවට පත් වෙනව.


මේ දේ පැහැදිලිතාවක් ඇතිකරගන්න!


එහෙම නොවුණොත් ඔයාගේ අතවලින් වතුර ලිස්සා යනව වගේ ජීවිතය ඉවත්වී යන්න යාවි. ඉතිං ඉක්මනින් ම ඔයා හිස් අතින් ජීවත් වෙන්න වේවි. හිස් අතින් මරණය හමුවන්නට වීම අන්ත  අසාර්ථකත්වයක්. ප්‍රීතියෙන්, නිහඬතාවෙන් සහ සන්සුන්බවෙන්  පිරී මරණය හමුවෙන්න! ඔයාගේ දෑත් පිරී පවතින ප්‍රහර්ශයෙන් යුතුව මරණය හමුවෙන්න! එවිට මරණයත් මියැදි යාවි. ඔයා කිසිදා මැරෙන්නේ නැහැ. ඔයාගේ දැන්-මෙතන දිගින් දිගට ම ඉදිරියට යනව.
ඒක සදහට ම ඉදිරියට යනවා.


(ඕෂෝගේ කරලිකාර ආත්මය නම් පොතෙනි.)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...