The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මුනිවර පිටුව : 'නායකයෙක් නොවන නායකයා'

T

The Leader Desk

October 12, 2022 • 8:06 AM

මුනිවර පිටුව : 'නායකයෙක් නොවන නායකයා'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උත්තරය - ඔයාට පිස්සු මයෙ හිතේ.
  • හැම දේශපාලකයෙක් ම කිසිදු සුවිශේෂකත්වයක් නැතුව ම යම් කිසි ”පහත්-බවකින්” හෙවත් ”හීනමානී සංකීර්ණතාවකින්” පෙළෙනව.
  • අනික පහත්-බවකින් හෙවත් හීනමානෙකින් පෙළෙන උදවිය දේශපාලනයට සම්බන්ධවීමට බැඳී සිටිනව.
  • එයාල පහත්-බවක නෙවෙයි ඉන්නේ කියල, එයාල උසස්-බවක තමයි ඉන්නේ කියල ඔප්පුකරන්න පුළුවන් එතකොට.
අකුරු ප්‍රමාණය (Font Size):



උත්තරය -
ඔයාට පිස්සු මයෙ හිතේ. මම නායකයෙක් නෙවෙයි.

 

ආදරයට කවදාවත් නායකයෙක් වෙන්න බෑ. නායකයෙක් වෙන්න හදන හෝ වුන හැම කෙනෙක් ම ආදරයෙන් තොරයි. එයාලගෙ මුළු ”සීටීම” ම හෙවත් ”භවයම” යොමුවෙලා තියෙන්නේ එක ම ඉලක්කයක් වෙතට යි. ඒ ඉලක්කය නම් උඩින්ම හිඳීමේ ඉලක්කය යි. මුදුනා වීමේ ඉලක්කය යි. ඉතින් උවමනා මොන දේ ඒක මේ ඉලක්කය අත්පත් කරගන්නකම් ම පාවිච්චියට ගැනෙනව. එයාල දේවල්  හොඳ ද නරකද කියන එක තකන්නේ නැහැ. ඒගොල්ලෝ සැලකිලිමත් වෙන්නේ අවසාන ප්‍රතිඵලය ගැන විතරයි.

 

නායකයා කියන්නේ දේශපාලන ප්‍රපංචයක්. හැම දේශපාලකයෙක් ම කිසිදු සුවිශේෂකත්වයක් නැතුව  ම යම් කිසි ”පහත්-බවකින්” හෙවත් ”හීනමානී සංකීර්ණතාවකින්” පෙළෙනව. අනික පහත්-බවකින් හෙවත් හීනමානෙකින් පෙළෙන උදවිය දේශපාලනයට සම්බන්ධවීමට බැඳී සිටිනව. නායකන් වීමටත් බැඳී සිටිනව.  මොකද දේහපාලකයින් හෝ නායකයින් වුනහම එයාලට පුළුවනි ලෝකයට ඒත්තුගන්වන්න සහ ඔප්පු කර පෙන්වන්න එයාලට හීනමානයක් නැහැ කියල. එයාල පහත්-බවක නෙවෙයි ඉන්නේ කියල, එයාල උසස්-බවක තමයි ඉන්නේ කියල ඔප්පුකරන්න පුළුවන් එතකොට.

ඒත් ඉතිං ඔයා මොන බලයක් අත්පත් කරගත්තත් ඔයාගේ හීනමානය නැති කරන්නට ඒ බලයට බැහැ. ඔයා අත්පත් කරගන්නා බලයට හීනමානයත් එක්ක කරන්න ඇති දෙයක් නැහැ. බලය කයන්නේ ඔයාගේ හීනමානය වසා ගන්නට තිබෙන ප්‍රක්ෂේපකයක් විතරයි.

 

හීනමානය අතුරුදහන්ව යන්නේ ගැඹුරු භාවනාත්මක නිහඬතාවක් තුළ විතරයි. අන්න එතකොට ඔයා ඔයාගෙ තියෙන අසහායත්වය දැනගන්නව. ඉතිං එතනින් එහාට ඔයාට වෙන කවුරුහරි කෙනෙකු වෙන්න උවමනා නැහැ. භාවනාවේදී ඔයාට ඕන වෙන්නේ ඔයා ම බවට පත් වෙන්න. නිකමට තමන් ම බවට පත්වීම එතරම්ම වූ ආශීර්වාදයක්.

 

ඉතිං කාටද නායකයෙක් වෙන්න  ඕනවෙලා තියෙන්නේ?

ඔයා මගෙන් අහන්නේ නායකයෙකුගේ වගකීම් මොනවද කියල?

ඉතිං ඒක ගිහිං නායකයෙකුගෙන් ම අහල බලන්න. මොකද මම නායකයෙක් නෙවෙයි. ඇත්තවශයනේ ම කියනව නම් මට නායකයෙකුගේ වගකීම් පිළබඳ කිසි ම අත්දැකීමක් නැහැ.

මම ආදරය දන්නව. ඉතිං මම ආදරයේ ප්‍රතිඋත්තරයත් දන්නව.

photo 1544027993 37dbfe43562a

ඔයා මෙතන ඉන්නේ පාලනයකට නතු කරගන්නට නෙවෙයි.

අප් මේ ප්‍රජා-සංඝය ඇතුළෙ කිසි පාලකයෙක් නැහැ. ඒ වගේ ම කිසිවෙකුව පාලනයට ලක් වෙන්නෙත් නැහැ. මේ ප්‍රජා-සංගයත් ලොව පුරා තියෙන අනික් ප්‍රජා-සංගයක් පිහිටවනු ලැබූ සමස්ත කෙන්ද්‍රීය යොමුව ම ඒකයි. මේ ප්‍රජා-සංගය ඇතුළේ තනි පුද්ගලයන්ට පාලකයන් සහ පාලනයට ලක්වූවන් ලෙස පංතිවලට නොබෙදී ජීවත් වෙන්න පුළුවන්.

මේක සෝවියට් සමූහාණ්ඩුව නෙවෙයිනේ.

සෝවියට් සමූහාණ්ඩුව ඇතුළෙ එයාල උත්සහ කළේ පංති විරහිත සමාජයක් ගොඩනගන්න. ඒත් එයාල එක සරල කාරණාවක් ගැන සාවධාන වෙලා හිටියෙ නැහැ.  පංති විරහිත වී ඉන්න කියල සමාජයට බලකරන්නට යාමේදී එයාලට පාලකයා සහ පාලනයට ලක්වන්නා විදිහට පංති නිර්මාණය කරගන්න වෙනව කියන එක ගැන එයාල සාවධාන වෙලා හිටියෙ නැහැ.

ඔව්, ධනපතියා සහ නිර්ධනයා අතුරුදහන්ව ගියා තමයි.

 

sjka

මං කියන්නේ ධනපතියන් අතුරුදහන්වෙලා දුගීකම පොදුවේ බෙදාහැරුණා කියන එකයි. දැන් කිසි කෙනෙකුට තමන් අනෙකාට වඩා දුප්පත් කියල දැනෙන්නෙ නැහැ. සෝවියට් සමූහාණ්ඩුව තවමත් දුප්පත් රටක්. ඇමරිකාවෙ ඉන්න මධ්‍යම පංතිකයන් පවා එයාලට වැඩියෙන් පෝසත්.  
ඉතිං නාමකරණයන් විතරක් වෙනස් වෙලා.

බූෂුවා පංතිය සහ නිර්ධන පංතිය විතරක් තවදුරටත් එතන නැහැ, එච්චරයි!

ඊටත් වඩා භයානක දෙයක් සිද්ධ වුණා.

බලන්න, ධනවාදියෙකුගෙ බැංකු ගණුම හිස්වෙලා එයා දුප්පතෙක් වෙන්න පුළුවන්.
දුප්පත් මිනිහා බුද්ධිමත් කෙනෙක් නම්, එයාට පෝසත් ම මිනිසා බවට පත්වෙන්න පුළුවන්.

 

ධනේෂ්වර සමාජය තුළ චලනයවීමේ සම්භාවිතාවයක් සහ චලනයක් පවතිනව. ඉතිං මිනිස්සු නොනවත්වා වෙනස් වෙනව. මධ්‍යම පංතියේ ඉඳන් සුපිරි පොස්තුන් බවටත්, සුපිරි පෝසත් බවේ ඉඳන් මධය්‍යම පංතික බවටත් වෙනස් වෙනව. මධ්‍යම පංතියේ ඉඳං පහළ පංතිය වෙතටත්, පහළ පංතායේ ඉඳන් මද්‍යම පංතිය වෙතටත් චලනය වෙනව. බලන්න, නම් විතරයි වෙනස් වෙන්නේ. හැම තැනක ම වෙනස්වීම සිද්ධ වෙමින් පවතිනව.

 

ඒත් රුසියාවෙ මේක සිද්ධ වෙන්න බැරි දෙයක්.

රුසියාවෙ කිසිම චලනයක් සිද්ධ වෙන්නේ නැහැ.

පාලකයෝ පාලකයො ම යි. පාලනයට ලක් වෙන්නෝ පාලනයට ලක් වෙන්නෝ ම යි.
අවුරුදු 60ක් තිස්සේ රට පාලනය කරන්නේ එකම කල්ලියක්.
ඉතිං මුළු රට ම පාලනයට ලක්වීමේ සහ ඒකාධිපතීත්තවයට ලක්වීමේ තත්වයේ ම යි පවතින්නේ.

හොඳට මතක තියාගන්න, මගේ  ප්‍රජා-සංඝය ඇතුළෙ නායකයෙක් නැහැ. නායකත්වයක් දී මෙහෙයවනු ලබන්නෙත් නැහැ, පාලනයට ලක් කරන්නෙත් නැහැ කියල.


- ඕෂෝ (භගවාන් ශ්‍රී රාජිනීෂ්)



පරිවර්තනය :
(අරවින්ද හෙට්ටිආරච්චි)
නිදහස් මාධ්‍යවේදී හා සමාජ විශ්ලේෂක

indikaaravinda@gmail.com




මුනිවර පිටුව වෙනත් ලිපි

මුනිවර පිටුව : පරණකම්, අලුත්කම් සහ ගොංකම්

මුනිවර පිටුව : ශරීරයට ඉඩදෙනව ද, නැත්තං හිතට වහල් වෙනවද?


 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...