The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වෛද්‍ය සභාවේ සභාපති පදවිය හරහා ‘රජකමට සෙට් වෙන’ පාදෙණිය -උකුස්සා

T

The Leader Desk

September 16, 2020 • 5:33 PM

වෛද්‍ය සභාවේ සභාපති පදවිය හරහා ‘රජකමට සෙට් වෙන’ පාදෙණිය  -උකුස්සා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘රාජ යෝග’ නිසා රජකම ලැබූවන් මෙන්ම රාජ උදහසට ලක්වූවන් බොහෝ දෙනෙක් ද ශ්‍රී ලංකාවේ සිටිති.
  • ඒ අතර නාථ දෙවියන්ගේ ආශීර්වාදයෙන් පාදෙණිය කෝවිඩ් රෝගය වනසන කොවිඩ් කුඩු පැකට් ජාවාරමක් ද ආරම්භ කළේය.
  • වෛද්‍ය සභාව ගැන පරීක්ෂණයක් නොපවත්වන්නේ නම් 21 වෙනිදා වැඩ වර්ජනයක නිරතවන බවට ආණ්ඩුවට අනතුරු ඇඟවීය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

නක්ෂත්‍රකරුවන්ට අනුව මහින්ද සහ ගෝඨාභය දෙබෑයන් ලංකාවේ රජ වූයේ ඔවුන්ගේ දක්ෂතාවක් නිසා නොවේ. ඔවුන්ට රාජ යෝග තිබුන බැවිනි.

එවැනි රාජ යෝග තිබුණු තවත් සමහරු රජකමට තැත් කොට රාජපක්ෂවරුන්ගේ උදහසට ලක් වූහ.

ජනපති ගෝඨා ගෙන් පසු එසේ රජකමට සැරසෙන අලුත්ම අමුත්තා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණියයි.

යහපාලන සමයේ ආණ්ඩුවට අධෝ වාතයක් ගියත් වැඩ වර්ජන දියත් කළ පාදෙණිය, ජනපතිවරණයේ සහ මහ මැතිවරණයේ රාජපක්ෂ වේදිකාවට නැග මුලින්ම උත්සහ කළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් පදවියට පත්වීමටය.

මොකක්දෝ කරුමයක් නිසා ඔහුට එය නොලැබිණ.

මුරුත්තෙට්ටුවේ හිමියනුත් ඔහුට එරෙහිව අවි අමෝරා ගත්තේය.

ඒ නිසා ලේකම් පදවියෙන් සෞඛ්‍ය ඇමති පදවියට පැනීමේ කුරුමානම වැරදින.

ඒ අතර නාථ දෙවියන්ගේ ආශීර්වාදයෙන් පාදෙණිය කෝවිඩ් රෝගය වනසන කොවිඩ් කුඩු පැකට් ජාවාරමක් ද ආරම්භ කළේය.

එතනින් නොනැවතුණු පාදෙනියගේ අලුත්ම ඉලක්කය වී තිබෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවයි.

එහි බලය ඇල්ලීමට නම් මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා එහි සභාපති පදවියෙන් පන්නා දැමිය යුතුය. පාදෙනියට පොටක් පෑදිණ.

රුසියාවේ විශ්ව විද්‍යාල අනුමත ලැයිස්තුවෙන් ඉවත් කිරීමට වෛද්‍ය සභාව ගත් තීරණයට එරෙහිව මතුවූ විරෝධයේ එල්ලුණ පාදෙණිය වහාම තීන්දුවක් ගත්තේය.

වෛද්‍ය සභාව ගැන පරීක්ෂණයක් නොපවත්වන්නේ නම් 21 වෙනිදා වැඩ වර්ජනයක නිරතවන බවට ආණ්ඩුවට අනතුරු ඇඟවීය.

දැන් ඇමතිනී පවිත්‍රා කමිටුවක් පත්කොට තිබේ.

ඒ කමිටුවේ තුන් දෙනෙක්ම පාදෙනියගේ ගොලයෝය.

බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ.

ජනපතිතුමනි, ප්‍රවේශමෙන් !  

(උකුස්සා)

 GMOA Letter

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...